රූපවාහිනියේ නොවැම්බර් 16 වැනිදා ගිය බ්‍රහස්පතින්දා විකාශය වූ යථාරූප වැඩසටහන තුල මෝහනය යනු මිථ්‍යාවකි කියා එහි සිටි වෛද්‍යවරුන් කියන ලදි. මාද මෝහනය ගැන පොතක් ලියා ඇති අතර, ඒ නිසාදෝ http://blog.tekcroach.top/2015/06/hypnosis-1.html?showComment=1511065849381#c6278351186215924679 හි කමෙන්ටුවක් දමා ඒ ගැන කවුරුන් හෝ මාගෙන් විමසාද ඇත. ඊට දිය යුතු පිලිතුර දිගු වන බැවින් එහි කමෙන්ට් නොකර මා මෙම ලිපිය ලියමි. පළමුව කිව යුත්තේ යථාරූප වැඩසටහන් මාලාව කාලීන හා වැදගත් බවයි. ඕනෑම හොඳ දෙයක නරක පොඩ්ඩක් හෝ තිබිය හැකියි යන්න සනාථ කරමින් යථාරූප වැඩසටහනේ දෝෂ ගණනාවක් තිබේ; මා මීට පෙරත් ඒ ගැන ලියා තිබේ. එනිසා සමස්ථ වැඩසටහන පෙල තුලම ඇති එම දෝෂ ගැන මා කතා කරන්නට යන්නේ නැත. එම දෝෂවලට වඩා වැඩි ප්‍රයෝජනවත්කමක් හා වැදගත්කමක් ඉන් ඉස්මතු වේ. තවද, උක්ත වැඩසටහනත් ඊට මාස දෙකකට පමණ ඉහතදී විකාශය වූ මොලය හා කුඩා ළමුන් හදා වඩා ගත යුත්තේ කෙසේද යන්න පිලිබඳ කියා දුන් වැඩසටහනත් ඉතාම වැදගත් (විශේෂයෙන් කුඩා ළමුන් සිටින හෝ ළමුන් හැදීමට සිතා සිටින දෙමාපියන්ට) බවද සිහිපත් කළ යුතුය. එම වැඩසටහන් මා සිතන්නේ රූපවාහිනි සංස්ථාවේ වෙබ් ...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025