Skip to main content

විද්‍යා කවි මඩුව

රෑට නිදහසේ සිටින විට කවියක් දෙකක් ආශාවට ලිවීමට මිතුරන් කිහිප දෙනෙකු සමඟ වට්ස්ඇප් කවි ග්රූප් එකක් සාදා එහි කවි ලියන පුරුද්දක් මෑතක සිට ඇත. බොහෝවිට ශ්රුංගාරාත්මක කවි වැඩිපුර එහි ලියැ වේ. සමහරවිට ශ්රුංගාරය දොරෙ ගලා අතිශය සංවේදී හෝ ග්‍රාම්‍ය මට්ටමටද එය වැටේ. එය වැලැක්විය නොහැකි හොඳ කුනුහරුපයකි.

අද රාත්‍රියේද සුපුරුදු ලෙසම කවි සංවාදයක් ඇරඹී පැයක් දෙකක් පමන පෙලට කවි ලීම සිදු විය.  මිතුරෙකු පාසල් කාලය ගැන මතක් කර ලියූ කවියකින් එම කවි ගැටුම ආරම්භ විය. ඇත්තටම එය ගැටුමකටත් වඩා ගනිත විද්‍යා පාඩමක් විය. සරල ගනිත ගැටලු කිහිපයකින් පටන් ගත් එය අවසානයේ පරමඅංශු භෞතිකයෙන් අවසන් විය.  එය අධ්‍යාපනික කරුනු ගැප්ව ඇති කවි ඇතුලත් නිසා මෙලෙස බ්ලොග් එකෙහි පල කිරීමට සිත් විය.

මා
උඹ ගනන් හපනෙක් නම්
හදහං මං ගානක් කියන්නම්
එක්ස් වර්ගය සමානයි වයි නම්
එය වයි විශයෙන් අවකලන කරහං

එය සරල වැඩි ගානකි
ටිකක් සැර වැඩි කරන්නෙමි
දැන් ලඝු පයි පාදයකට පහකි
එය ටී ගෙන් අවකලන කර සකි

අපි යං වෙන පැත්තකට
සංකීර්න සංඛ්‍යාවකට
ඒ ධන අයි බී ට
කියනු ඔයිලර් ක්‍රමයට

දී ඇති යම් ශ්‍රිතයකි
එය සුමට වක් නැති
එක් තැනක සිඳුරකි
අවකල ගැන කිම කී හැකි

තවත් එක් ශ්‍රිතයකි
වමින් ර්ජු රේඛාවකි
දකුනින්ද එවැන්නකි
මුහුට්ටුව ගැන කුමක් කිව හැකි

තවත් ශ්‍රිතයක් ගනිමු
එහි මැද පිම්මක් ඇතිලු
එය අවකල කල හැකිලු
පිම්ම ඇති තැන කිමද වෙයිලු

යමු දැන් විද්දෑ දෙසට
පරම අංශු භව්තිකේට
ක්වාක උඩු දෙක යට එකට
කියන නම මතකද තෝට

කිව ඕන විශයක්
හෝ අනුවිශයක්
ලියමි මං කවියක්
නැතිව කිසි සැකයක්

ගන්නවද චැලෙන්ජ් එක
කියම් මං එකින් එක
අසනු කවියෙන්ම පැන
පිලිතුරු කවියෙන්ම සැන

මංම පිලිතුරු දෙමි
අප් දෙකට ඩවුන් එකකි
ප්‍රෝටෝන යැයි කියති
ධන ආරෝපන එකකි

අප් එකයි ඩවුන් දෙකට
තනි නියුට්‍රෝනයක් බවට
නැත ආරෝපන ඊට
පවතී නපුංසක ලෙසට

සුරඟ මා මිතුර
අසන්නද මේ අතර
ප්‍රෝටෝනයක බර
කියහං වෙන්න කොර

මා මිත්‍ර සුරංග
ප්‍රෝටෝනයක බර
සැකෙවින් කිව හැක වෙද
පරමානුක ස්කන්ධ
එකක් හා තව ටිකක් වැඩි බර

මා
ඔබ ඇත්තකි කීවේ
සාපේක්ශවයි කීවේ
එයද නිවැරදි වේ
නිරපේකශය කිම වේ

කෙටියෙන් නම් එය amu එකකි
කාබන් දොලහෙ දොලහෙන් එකකි
හොඳ සාපේක්ශක මිනුමකි
ඉන් ගත හැකි වැඩ ගොඩකි

සුරංග
atomic mass unit

මා
ඔව් එය එසේ වේ
සම්මත මිනුමක්ද වේ
ඉතා සුලු අගයක් වේ
අනු පරමානු මිමි වේ

මුලින්ම ගත්තේ හයිඩ්‍රජන්
දෙවනුව ආවේ ඔක්සිජන්
කාබන් ඉන්පසු අද වෙනකන්
නැත කිසි වෙනසක් ඒ අගයන්

සුරංග
අංශු විද්‍යාවේ
ශක්තියද ස්කන්ධ වේ
එබැවින් ප්‍රෝටෝනයේ
ශක්තිය ev ලෙස ගත හැක්කේ

මා
අපෙ ආවර්තික වගුවේ
මූලද්‍රව්‍යම බොහො වේ
ඒවාට නම්ද එක එක වේ
ලෝහ නම් ium ව අවර වේ

එයද නිවැරදි බහකි
ඊ සම එම් සී වර්ගෙකි
තවද ඊට කිව් වී ට සමකි
ඉලෙක්ට්‍රන් වෝල්ට් හරි සකි

තනි තනි ක්වාකය
වෙන වෙන ශක්ති ඇත
එක තනි බැරියනය
ඊටත් වැඩි ශක්ති ඇත

ඊට හේතුව සරලයි
අතථ්‍ය අංශූ පවතියි
ඊටද ශක්ති හිමියි
ඒවා බරට පෙරලෙයි

ප්‍රෝටෝනයක නිසි බර අනේ
දහයේ ර්න විසි හතක්නේ
එහි මුල සාර්ථාංකනේ
හරි හැටි මතක නැහැනේ

සුරංග
1.6726219 x 10^(-27)

මා
ඔබ හරියි මිතුර
මතක් වූවා එය
එකයි දශම හය
නැත ඇවැසි ඉතිර

එලෙස බලාපන්නේ
බර අපේ එරොනේ
රින තිස් එකක්නේ
දහය පාදයේනේ

සුරංග
එය එසේ වන්නේ
strong force නිසානේ
එලෙසයි මතක ඇත්තේ
හරිද බලලා කියනු මිතුරේ

මා
එය යම් දුරකට හරියි
වැරද්දද හරි මිහිරියි
පදරුත් හා ශක්තියි
යනු අයිය මල්ලියි

ස්ට්‍රොං වුවද නැතද
ඊඑම් වුවද නැතද
වීක් වුවද නැතද
ෆෝස් සෑම එක ලෙද

සුරංග
ක්වාක්වල බර
බලපෑම් අල්පයකි       (ප්‍රෝටෝනයක 1%)
ඉතිරි සියලු බර
ග්ලූවොන හා ආලෝක වේග චාලක ශක්තියෙනි

මා
සත්තටම සත්තක් වේ ඒක
බැරියනක ග්ලූවොන ඇත නේක
පදරුත් ශක්තිය දෙක වේ ඒක
ඇත අතථ්‍ය අංශුද නහුතයක

ග්ලූවොන ගනන අටකි
ෆෝටෝන ඇත්තේ එකකි
සීz තනි බෝසෝනයකි
ඩබ්ලිව් ධන රින දෙකකි

ඔක්කොම බෝසෝන දොලොසයි
ඉහත මා කීවේ එකලොසයි
එකක් අභිරහසකුද වෙයි
නමින් ග්‍රැවිටෝන එය වෙයි

ග්ලූවොනය මාරයි
විදුලි ආරෝපන වෙයි
වර්න ආරෝපිත වෙයි
වර්න ඔක්කොම තෙයි

සුරංග
උඩු ක්වාකයක ආරෝපන ධන තුනෙන් දෙකකි
එහෙයින් දෙකම තුනෙන් හතරෙකි
යටි එක ර්න තුනෙන් එකකි
එවිට ආරෝපනය එක වෙයි

මා
චුම්භක ආරෝපන දෙකකි
විදුලි ආරෝපනද දෙකකි
වර්න ආරෝපන තුනකි
රතු කොල නිල් ලෙසය සකි

මීසෝනය කදිමයි
අංශු ප්‍රතිඅංශු යුගලයි
එකිනෙකට කැරකෙයි
එකට වැදුනොත් ඉවරයි

අංශු සැරිසරන්නේ හැමවිට එකට
ඇන්ටි සරන්නෙත් හැමවිට එකට
ඇන්ටියි අංකලුයි ඉන්නෙම දෙකට
සෙට් වුනු දාට විධ්වංශනයයි යසට

සුරංග
ලෙප්ටෝන සයකි
ඉන් තුනක ආරෝපන ඇති
අනෙක් තුන එලෙසට නැති
නියුට්‍රිනෝ යැයි කියති

මා
ලෙප්ටෝන තුන ආරෝපිත
පවුල් තුනකින් එන පැවත
ඉලෙක්ට්‍රන් මියු ටව් ව ඇත
නියුට්‍රිනෝ නම් අනාරෝපිත

නියුට්‍රිනෝ වදකරුවෙකි
මහා වෙට්ටු කාරයෙකි
නිති අල්ලනු නොහැකි
ලොකු ලොකු කතා ගොන්නකි

අඳුරු ශක්තිය වන්නේ
නියුට්‍රිනෝ ය පවසන්නේ
පර්යේශන තව වෙන්නේ
පසුවටයි දැන ගන්නේ

හැම අංශුවකම
එහිම ඇන්ටිය ඇත
නියුට්‍රිනෝවකටම
ඇන්ටිය එයම වෙත

සුරංග
මේ ලගඳි අපෙ කොල්ලා
නියුට්‍රිනෝ හන්ටර් පෙන්වා
මේ මොකක්දැයි ඇසුවා
මම නොදත් හින්දා කරබාන උන්නා

මා
හා හා මරුය කොල්ලා
ඇසිය යුත්තම අහලා
වහා කරුනුද සොයලා
කියා දීපං රසට අනලා

අඩි දහසින් යටට
පැරනි පතල් අඩියට
තනා පොකුනු ලොකුවට
සොයයි ඒවා දිගට

එහි වැඩි ලබ්බක් නැත
අයනික ජලයම ඇත
සෙන්සර් නම් අනවරත
ඉවසීම ඇවසිව ඇත

සුරංග
ඒක තිබුනේ ඇන්ටාටිකාවේ
දක්ශින ධ්රුවයේ
කිලෝමීටර් දෙකක විතර
පොලව යට ගැඹුරේ

මා
ඔව් එය නම් එසේය
බාධා අඩුවම ඕනෑය
අල්ලනු බැරි වන් කුඩාය
සති මස් වස් කල් යාය

දැන් නම් මා මිතුරේ
එක දිගට කවි වතුරේ
ගමනේ යෙදී පහුරේ
වෙහෙසයි මසිත කෙරේ

පසුව යලි හමුවෙමු
කවියෙහිම යෙදෙමු
ටීසී ජීඑන් කියමු
සුවෙන් අපි පසු වෙමු

සුරංග
රසවත් මාත්රුකාවකි
කතා කරනු හැක අනන්තෙකි
රෑ බේ වී ඇති සෙයකි
සුභ දවසක් මා ප්‍රිය සකි

මේ වන විට පාන්දර 1 යි 26යි. සංවාදය නිමි. සුබ රාත්‍රියක්...

Comments

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

රූපයක් තුල රහසිගතව ෆයිල් සැඟවීම

බොහොම කාලයකින් බ්ලොග් එකේ කිසිවක් ලිවීමට බැරි විය. පරණ ෆයිල් අවුස්සමින් සිටින විට පොඩි ටියුටෝරියල් එකක් හමු විය (මා වසර ගණනකට පෙර සේව් කර ගත්). එහි තිබුණේ gif format එකේ රූපයක් තුල කොහොමද zip file එකක් රහසිගතව ගබඩා කරගන්නේ කියා. මෙවිට අන් අයට එම ෆයිල් එක පෙනෙනු ඇත්තේ සාමාන්‍ය රූපයක් ලෙස වුවත්, එය winzip, winrar, 7z වැනි සොෆ්ට්වෙයාර් එකකින් ඕපන් කළ විට, ඒ තුල රහසිගතව ඇති ෆයිල් එක extract කරගෙන කියවිය හැකිය. මෙය සිදු කරන හැටි ඉතාම පහසු අතර, අමතර කිසිම සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය නොවේ. පළමුව ඔබගේ gif ෆයිල් එක හා zip ෆයිල් එක (හෝ කිහිපයක් වුවද) එකම ෆෝල්ඩර් එකක් තුල සේව් කර ගන්න. ඉන්පසු DOS/command prompt එක ඕපන් කර ගන්න (මේ සඳහා වින්ඩෝස් ස්ටාර්ට් බට්න් එකේ යටින්ම ඇති සර්ච් බොක්ස් එකේ cmd.exe කියා ටයිප් කර එන්ටර් කළ හැකිය). මෙවිට පහත ආකාරයේ ටර්මිනල් වින්ඩෝ එකක් ඕපන් වේ.   ඉන්පසු cd යන කමාන්ඩ් එක භාවිතා කරමින් තමන් ඉහත සාදා ගත් ෆෝල්ඩර් එකට යා යුතුය. එම ෆෝල්ඩර් එක තුල abc.gif හා  cde.zip ලෙස ෆයිල් දෙකක් තිබේ යැයි සිතමු. මෙවිට ඉහත රූපයේ පෙනෙන පරිදි copy /B abc.gif+cde.zip secret.gif...