Skip to main content

Posts

Showing posts from September, 2018

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

කොළඹ කොටස් වෙළඳපොල (CSE) - 3

ආයෝජනයේ විවිධත්වය කොටස් වෙළඳපොලක විවිධ සමාජ දේශපාලනික ආර්ථික හා පෞද්ගලික කාරණා මත එහි ලැයිස්තුගත සමාගම්වල කොටස්වල මිල නිරන්තරයෙන්ම ඉහල පහල යන බව ඔබ දැන් දන්නවා. එකම සමාගමක වුවද එහි කොටස් විකිනෙන්නේ එකම මිලට නොවේ. උදාහරණ ලෙස, ඔබ සතුව x නම් සමාගමේ කොටස් 1000ක් පවතී නම්, ඔබට ඉන් කොටස් 100ක් එක් මිලකටද, තවත් කොටස් 200ක් තවත් මිලකටද, ඉතිරි කොටස් 700 විකුනන්නේ නැතිවද තබා ගෙන සිටිය හැකිය.   කොටස් වෙළඳපොලක විවිධාකාරයේ ක්ෂේත්‍රවල සමාගම් පවතී. බැංකු, හෝටල්, වැවිලි වතු, විවිධ බඩු නිෂ්පාදනය කරන ආයතන ආදි වශයෙන් ඒවා විවිධ වේ. ඔබ සැලකිය යුතු මුදලක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නට සිතනවා නම්, සාමාන්‍යයෙන් දෙනු ලබන උපදෙස නම්, ඔබේ සියලු මුදල් එක් සමාගමක ආයෝජනය කරන්න එපා කියලයි. ඊට හේතුව ඉතා පැහැදිලියි - එනම්, යම්කිසි හේතුවක් නිසා එම සමාගම පාඩු ලබන්නට වූවොත් ඔබට කිසිදු ප්‍රතිලාභයක් නොලැබී යන්නට පුලුවන්.   ඇත්තටම, ඉහත සිද්ධාන්තය ඊටත් එහාට ගොස් මෙසේද කියයි. එනම්, ඔබේ මුදල් එකම ක්ෂේත්‍රයකට අයත් සමාගම්වල පමනක් යොදන්නට එපා කියාය. උදාහරණයක් වශයෙන්, ඔබේ සියලු මුදල් සංචාරක ක්ෂේත්‍රයට අදාල සමාගම්වල පමන

කොළඹ කොටස් වෙළඳපොල (CSE) - 2

තැන්පතු හා ආයෝජන ඔබ හෝ වෙනත් ඕනෑම කෙනෙකු හෝ හැමවිටම බලන්නේ තමන් සතු මුදල් (හා සම්පත්) වලින් උපරිම ප්‍රතිලාභ/ප්‍රයෝජන ලබන්නනෙ. ඉතිං, මුදල් තිබෙන කෙනෙකුට ඒ සඳහා ප්‍රධාන මාර්ග 2ක් ඇත - තැන්පතු හා ආයෝජන.   තැන්පතු (deposit) යනු තමන් සතු මුදල් යම්කිසි සුරක්ෂිත ආයතනයක දමා ඉන් යම් පොලියක් ලබා ගැනීමයි. ඒ සඳහා නීත්‍යානුකූලව ඇති පහසුතම හා සුරක්ෂිතම ක්‍රමය වන්නේ යම් බැංකුවක හෝ මුදල් තැන්පතු ලබා ගත හැකි නීත්‍යානුකූල මූල්‍ය සමාගමක එම මුදල් තැන්පත් කිරීමයි. ඉනුත් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක (savings account) නොදා, ස්ථිර තැන්පතුවක (fixed deposit) තැන්පත් කිරීම තමයි සාමාන්‍යයෙන් සිදු වන්නේ මොකද ස්ථිර තැන්පතු සඳහා ඉහල පොලියක් ලැබේ. මෙහිදී වැඩියෙන්ම පොලිය ලබා දෙන්නේ කවුද යන්න සේම, අදාල ආයතනයේ ස්ථාවරත්වය හා විශ්වාසදායි බව ගැනද සෙවිය යුතුය. තැන්පතුවක ඇති වාසිය වන්නේ මුදල තැන්පත් කළ පසු තමන්ට ඒ ගැන වද වෙවී ඉන්නට දෙයක් නොමැති වීමත්, කලට වෙලාවට නියමිත පොලිය ලැබීමත්, අවශ්‍ය වෙලාවට ඉක්මනින් තම මුදල ආපසු ලබා ගැනීමට (withdraw) ඇති හැකියාවයි.   එහෙත් තැන්පතුවලට වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය   හැකි