Skip to main content

කොළඹ කොටස් වෙළඳපොල (CSE) - 1


වෙළඳපොල
වෙළඳපොලක් (market) යනු ගැනුම්කරු (buyer) හා විකුනුම්කරු (seller) එකිනෙකට මුන ගැසෙන ස්ථානය හෙවත් ගනුදෙනු සිදුවන ස්ථානයයි. ඉස්සර එය අවශ්‍යයෙන්ම යම් භූමි ප්‍රදේශයක පවතින්නක් විය (ඔබේ ප්‍රදේශයේ ඉරිද පොල වගේ). එහෙත් තාක්ෂණයේ දියුනුව නිසා (විශේෂයෙන් අන්තර්ජාල හා සන්නිවේදනයේ දියුනුව), අද වන විට භෞමික වෙළඳපොලට අමතරව විද්‍යුත් අවකාශ තුලද වෙළඳපොලවල් පවතී (ඊබේ, ඇලි එක්ස්ප්‍රෙස්, ඇමසන් වැනි). අප මේ කතා කරමින් සිටින කොටස් වෙළඳපොලද (stock market හෝ stock exchange) යනු එක්තරා විදියක වෙළඳ පොලක් තමයි. ඒ ගැන තරමක් විස්තරාත්මකව දැන් සොයා බලමු.

 
ප්‍රාග්ධනය, ණයහිමියන්, හා කොටස්
සාමාන්‍ය (ඉරිද) පොලේ වෙළඳාම් වන්නේ එලවලු පලතුරු වැනි ආහාරනෙ. එහෙත් කොටස් වෙළඳ පොලක මූලිකවම වෙළඳාම් වන්නේ කොටස් (shares) වේ.
 
කොටස් යනු ව්‍යාපාර සම්බන්ද සංකල්පයකි. එය කෙටියෙන් මෙලෙස තේරුම් ගත හැකියි. ඕනෑම ව්‍යාපාරයක් කිරීමේදී ඒ සඳහා සුලු හෝ අතිදැවැන්ත හෝ මූලික වියදමක්/යෙදවුමක් දැරිය යුතු වෙනවානෙ. එම මූලික යෙදවුම ප්‍රාග්ධනය (capital) කියා පවසනවා. එම ප්‍රාග්ධනය සපයන අය තමයි එම ව්‍යාපාරයේ අයිතිකරුවන් බවට පත් වන්නේ. එය ඉතා පැහැදිලි සරල දෙයක්නෙ. ඉතිං, ව්‍යාපාරයක සිදුවන ලාභ අලාභ සියල්ල භුක්ති විඳින්නේ අයිතිකරුවන් විසිනි.

ආයතනයකට මූලික යෙදවුම් සපයා ගත හැකි තවත් ක්‍රමයක් නම්, පිටස්තරයන්ගෙන් (හිතමිතුරන්ගෙන්, “පොලී මුදලාලිගෙන්”, බැංකුවලින්, ලීසිං ආයතනවලින්, ආදිය) ණය මුදල්/භාණ්ඩ සපයා ගැනීමයි. මෙවිට, එම ණයහිමියන් ව්‍යාපාරයේ අයිතිකරුවන් බවට පත් නොවේ. එනිසා ව්‍යාපාරයක පවතින ලාභ අලාභ ණයහිමියන්ට අදාල නැත. ඒ වෙනුවට ණයහිමියන්ට පොලියක් (interest) ලබා දිය යුතු වේ. කොටස් ගැන කතා කිරීමේදී අපට ණයහිමියන් (හා ඔවුන්ගෙන ගත්තු ණය) අදාල නැත.

ව්‍යාපාරයකට යෙද වූ මුලු ප්‍රාග්ධනය ගෙන, එය කුඩා කොටස්වලට සාමාන්‍යයෙන් බෙදනවා. උදාහරණයක් ලෙස, මා විසින් රුපියල් ලක්ෂ 5ක්ද, ඔබ විසින් තවත් ලක්ෂ 5ක්ද යොදා ව්‍යාපාරයක් පටන් ගත්තේ යැයි සිතමු. එවිට මුලු ප්‍රාග්ධනය වන්නේ ලක්ෂ 10කි. දැන් එම ලක්ෂ 10 කොටස් ලක්ෂයකට බෙදමු. එවිට එක කොටසක වටිනාකම රුපියල් 10කි. එලෙසම, අප එම ලක්ෂ 10ක ප්‍රාග්ධනය කොටස් 1000කට බෙදුවේ නම්, දැන් එක් කොටසක වටිනාකම වනුයේ රුපියල් 1000කි. අන්න ඒ විදියට ඔබට පහසුවෙන්ම කොටසක වටිනාකම සෙවිය හැකියි (ප්‍රාග්ධනය බෙදන කොටස් ගණන අනුව). කොටස් වෙළඳපොලක “කොටස්” ලෙස හඳුන්වන්නේ මෙලෙස ප්‍රාග්ධනය බෙදනු ලබන කොටස්ම තමයි.


ලාභාංශ
ව්‍යාපාරයක ප්‍රාග්ධනය එලෙස කොටස්වලට බෙදීමේ වාසි ඇත. එනම්, පහසුවෙන්ම දැන් එක් එක් අයිතිකරුවන් යෙදූ ප්‍රාග්ධන ප්‍රමාණයන් කොටස් වශයෙන් දැක්විය හැකිය. ඉහත උදාහරණයම ගතහොත්, මා හා ඔබ ලක්ෂ 5 බැඟින් යෙදවූ ව්‍යාපාරයේ කොටස් 1000 ක් පවතී නම්, මගේ හිමිකාරිත්වය කොටස් 500කි (එක් කොටසක වටිනාකම රුපියල් 1000ක් නිසා, මගේ අයිතියේ වටිනාකම රුපියල් ශතවලින් 500 x 1000 = රුපියල් 500,000 කි). ඔබගේ හිමිකාරිත්වයද කොටස් 500කි. 

ඉතිං, ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනවා යනු එම ව්‍යාපාරයේ කොටස් හිමි කර ගන්නවා යන්නයි. එනිසා, එම අයිතිකරුවන් කොටස්හිමියන් (shareholders) ලෙස හඳුන්වනවා. කොටස් 1000ක් තිබෙන ව්‍යාපාරයක, ඔබ සතු කොටස් ගණන 100ක් නම්, ඉන් කියන්නේ ඔබ සතු අයිතිය 100/1000 = 1/10 කි; එනම් 10%කි. එලෙස ඉතා පහසුවෙන්ම තමන්ගේ අයිතිය ගැන කොටස් ඔස්සේ ප්‍රකාශ කළ හැකිය.

එවිතරක්ද නොවේ, ව්‍යාපාරයේ ලාභ බෙදන විටද කොටස් පාදක කරගෙන එම ලාභය ප්‍රකාශ කළ හැකිය. සාමාන්‍යයෙන් අප පුරුදුව සිටින්නේ ලාභය ප්‍රතිශත ලෙස දක්වන්නනෙ. ඒ කියන්නේ මා හා ඔබ සම සමව ආයෝජනය කර ඇති බැවින්, ලාභය (හා අලාභය පවා) බෙදිය යුත්තේ 50% බැඟින්නෙ. ඒ අනුව ගිය මාස 12 තුල අපගේ ව්‍යාපාරය ලැබූ ලාභය ලක්ෂයක් නම්, මට ඉන් 50%ක් හෙවත් රුපියල් 50,000ක් ලැබිය යුතුය. 
මෙලස එක එක්කෙනාට ලැබෙන ලාභ ප්‍රමාණයන් ගණනය කිරීමට වඩා පහසු ක්‍රමයක් වන්නේ, කොටස් මත ලාභය ප්‍රකාශ කිරීමයි. උදාහරණයක් ලෙස, කොටසක වටිනාකම රුපියල් 100ක් වන යම් ව්‍යාපාරයක ලාභය බෙදීම ප්‍රකාශ කර ඇත්තේ කොටසකට රුපියල් 5 බැඟින් කියා නම්, ඉන් කියන්නේ ඔබ සතුව එක් කොටසක් තිබේ නම්, ඔබට ලාභය ලෙස රුපියල් 5ක් ලැබෙන බවයි. ඔබට කොටස් 1000ක් තිබේ නම්, ඔබට ලාභය ලෙස 5x1000 = රුපියල් 5000ක් ලැබේවි. මෙලෙස ලැබෙන ලාභ කොටස ලාභාංශය (dividend) ලෙස හඳුන්වනවා. ඒ අනුව, ඔබට රුපියල් 5000ක් ලෙස යම් ලාභ ප්‍රමාණයන් ලැබුණේ නම්, එය ඔබගේ ලාභාංශයයි.

ව්‍යාපාරවලදී හැමවිටම ලාභය/ලාභාංශය/ලාභ ප්‍රතිශතය පවසන්නේ මාස 12ක හෙවත් වසරක කාල පර්ච්ඡේදයක් සඳහාය. බැංකුවල පොලිය පවසන්නෙත් එලෙසය. එහෙත් ඔබේ ගමේ සිටින පොලී මුදලාලි පොලිය  පවසන්නේ මාසයකටයි. උදාහරණයක් ලෙස, බැංකුවකින් 12%ක පොලී අනුපාතයකට රුපියල් 100,000 ක ණයක් ගත්තේ නම්, එම ණය මුදල සඳහා වසරටම ඔබ පොලිය වශයෙන් ගෙවනු ඇත්තේ රුපියල් 12,000කි. එවිට මාසයකට පොලිය 12,000/12 = රුපියල් 1000කි. එහෙත් 6%ක පොලියට එම මුදලම ඔබ පොලී මුදලාලිගෙන් ගත් විට, ඔබ එක් මසකට පොලිය වශයෙන් රුපියල් 6000ක්ම ගෙවනු ඇත. එවිට වසරකට පොලිය 6000 x 12 = රුපියල් 72,000 කි. උපන්දා සිට පොලී මුදලාලිගෙන් ණයට ගන්නා බොහෝ දෙනෙකුට පුදුමෙට මෙන් මෙම වෙනස නොපෙනේ.


ව්‍යාපාර, සමාගම්, හා ලැයිස්තුගත සමාගම්
යම් රටක් තුල විවිධ ආකාරයේ ව්‍යාපාර තිබෙන අතර, එම රට තුල පවතින නීතිවලින් ඒවා පාලනය කෙරේ. ඒ අනුව ලංකාව තුල දැනට පවතින ව්‍යාපාර විවිධ ආකාරවලින් බෙදිය හැකිය. කේවල ස්වාමි ව්‍යාපාර හෙවත් තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදි ලෙස විවිධ නාමකරණයන් (ආයතනික ව්‍යුහයන්) යටතේ ඒවා ඔබ ඕනෑ තරම් අසා ඇති. මේ විවිධාකාර ආයතනික ව්‍යුහයන් අතරින් කොටස් වෙළඳපොල ගැන කතා කිරීමේදී වැදගත් වන්නේ සමාගම් (company) වේ.

සමාගම්ද රටේ නීතිය අනුව පෞද්ගලික සමාගම් (private companies), පොදු සමාගම් (public limited) ලෙස මූලික වර්ග දෙකකි. ඇත්තටම, ඉහත කතා කළ “කොටස්” යන සංකල්පය අදාල වන්නේ සමාගම් සඳහාය (හවුල් ව්‍යාපාර, තනි ව්‍යාපාර, ආදියට එම සංකල්පය අදාල නොවේ). මෙම ව්‍යාපාරික ව්‍යුහයන් ගැන ඉතා සවිස්තරාත්මකව කතා කිරීමට කරුණු ඇතත්, මෙම ලිපිය සඳහා එතරම් එම තොරතුරු වැදගත් නොවේ (නමුත් ව්‍යාපාර කරන හෝ ආරම්භ කරන අයට එම තොරතුරු වැදගත් වේවි). කොටස් වෙළඳපොල ගැන ඉගෙන ගැනීමේදී ඔබ දැන සිටිය යුත්තේ කොටස් වෙළඳපොල තුලට පිවිසිය හැක්කේ පොදු සමාගම්වලට පමණක් බවයි. 

එලෙස යම් පොදු සමාගමක් කොටස් වෙළඳපොලට පිවිසිය පසු එම සමාගම නිකංම පොදු සමාගමක් යන නමින් නොව “ලැයිස්තුගත පොදු සමාගම” (Public Listed Company) ලෙස නව නාමකරණයකට ලක් වේ. ඒ විතරක්ද නොවේ, මෙතෙක් කල් තමන් භාවිතා කළ ABC Limited වැනි නම වෙනුවට ABC PLC යනුවෙන් නම පවා වෙනස් වේ. ඔබ පාරේ යන විට හෝ පත්තර කියවන විට හොඳින් බලන්න බැංකුවල නම් දක්වා තිබෙන්නේ කෙලෙසද කියා. ඔබ යම් ආයතනයක නමක් PLC ලෙස ඉවර වෙනවා දකී නම්, ඒ කියන්නේ එම ආයතනය කොටස් වෙළඳපොල තුල තිබෙන ආයතනයක් බවයි.


සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
ඉහත විස්තර කළ ආකාරයට පොදු සමාගමක් කොටස් වෙළඳපොලට ඇතුලු වීමට අවසර ගත යුතුයි. ඒ සඳහා රටේ නීතියෙන් ඇති කර තිබෙන (ස්වාධීන) රාජ්‍ය ආයතනයක් වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් (Securities and Exchange Commission – SEC) අවසර ගත යුතුය. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන පොදු කොන්දේසි සමූහයක් අදාල පොදු සමාගම් විසින් සපුරාලිය යුතු වේ. එලෙස කොන්දේසි සපුරා මේ වන විට ලංකාවේ කොටස් වෙළඳපොලට සමාගම් හාරපන්සියක් පමණ ඇතුලු වී ඇත.

යම් යම් හේතු (කොන්දේසි කැඩීම වැනි) නිසා අවශ්‍ය නම් දැනට කොටස් වෙළඳපොල තුල සිටින සමාගම් ඉන් ඉවත් කිරීමටද බලය SEC එකට ඇත. මීට අමතරව, කොටස් වෙළඳපොල පිළිබඳ සියලුම නියාමනයන් (regulation) සිදු කරන්නේද SEC එක විසිනි. එය හරියට ලංකාවේ විශ්ව විද්‍යාල නියාමනය කිරීමට තිබෙන විශ්ව විද්‍යාප්‍රතිපාදන කොමිෂම වැනිය.


කොටස් වෙළදපොල
ඒ අනුව කොටස් වෙළඳපොලක් යනු ලැයිස්තුගත පොදු සමාගම්වල කොටස් විකුණන වෙළඳපොලකි. දැන් ගැටලුව වන්නේ සමාගම් තමන්ගේ කොටස් එලෙස විකුණන්නේ ඇයිද යන්නයි. ඔබ දන්නවා ඕනෑම ව්‍යාපාරයක් පුලුල් කිරීමට මුදල් අවශ්‍යයි. අලුතින් ශාකා ඇති කිරීමට, ව්‍යාපාරික ක්ෂේත්‍රය පුලුල් කිරීමට, නිෂ්පාදනය වැඩි කිරීමට ආදි ලෙස මේ සෑම කටයුත්තකටම මුදල් අවශ්‍ය වේ. ඉතිං, එම අවශ්‍ය මුදල් දැනට සිටින අයිතිකරුවන් (කොටස්හිමියන්) විසින්ම සපයනවා නම් ගැටලුවක් නැත. එහෙත් බොහෝවිට එය කළ නොහැකිය. එවිට ගත හැකි පියවරවල් දෙකක් ඇත.

එක් පියවරක් නම්, ණයට ගැනීමයි. ණයට ගත් විට ණය හා පොලී ගෙවීමටද සිදු වේ. එය වගකීමකි (liability). පොලිය එතරම් විශාල නොවේ නම්, ඇත්තටම ආයතන ඒ සඳහා පෙළඹේ. එහෙත් ඉතා අධික පොලී අනුපාත තිබෙන විට ව්‍යාපාර ඒ සඳහා මැලිකමක් දක්වයි. ලාභ වුවත් පාඩු වුවත් ව්‍යාපාරයට නිතිපතා එම වාරික හා පොලී ගෙවීමට සිදු වේ. ආයතනයට ඒවා ගෙවිය නොහැකි තත්වයක් ඇති වන විට, එම ව්‍යාපාරය වසා දමා (ඊට ඈවර කරනවා - wind up යැයි කියනවා), එම ව්‍යාපාරය සතු වත්කම් විකුණා හෝ එම ණය පියවිය යුතුය. එය විශාල අවදානමකි.

අනෙක් ක්‍රමය නම්, නව අයිතිකරුවන් (එනම්, ආයෝජකයන් - investors) ව්‍යාපාරය තුලට ගෙන ඒමයි. එවිට එම ආයෝජකයන් ලබා දෙන මුදල්වලින් ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගත හැකියි. අයිතිකරුවන් බවට පත් වීමේදී ඔවුන් සපයන අරමුදල්වලට පොලී ගෙවීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට පෙර අප දැනගත් ලාභාංශ ගෙවිය යුතුය. පාඩු වුවොත්, එම පාඩුද දරා ගැනීමට සිදු වේ. එනිසා ව්‍යාපාරය අවසන් කිරීමට (ඈවර කිරීමට - winding up) අවශ්‍ය නොවේ.

ඉතිං, කොටස් වෙළඳපොලෙන් සිදු කරන්නේ එලෙස ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් සපයා දීම තමයි (එනම් අලුත් ආයෝජකයන් මුන ගැස්සීමයි). යම් සමාගමකට ව්‍යාපාරය පුලුල් කිරීමට රුපියල් කෝටි 10ක් අවශ්‍ය වන්නේ නම්, SEC ගෙන් අවසරද ගෙන කොටස්වෙළඳ පොලට පිවිසේ. එවිට, පෙර කියූ ලෙසට, එම රුපියල් කෝටි 10ක වටිනාකම කොටස් කර, එම කොටස් “පොලේ” විකුණයි. උදාහරණයක් ලෙස, රුපියල් කෝටි 10, එක් කොටසක් රුපියල් 10 බැඟින් වන කොටස් (shares) කෝටියක් කොටස් වෙළඳපොලේ විකුණයි. එවිට, කොටස් (“බඩු”) ගැනීමට සිටින කොටස් වෙළඳපොලේ ආයෝජකයන් එම කොටස් මිලට ගනී. කොටස් වෙළඳපොල ගැන ඉතාම සරල චිත්‍රය එයයි. දැන් ඒ ගැන තවදුරටත් සොයා බලමු.

Comments

  1. ඉතාම වටිනවා , විශිශ්ඨ වැඩක්..ගොඩක් අපැහැදිලි තැන් විසදුනා..ලියලා තියන විදියත් ඉතාම ලස්සනයි..රසවත්..බොහොම ස්තුතී..දිගටම ලියන්න..

    තවද තාක්ශනික ලිපි බලාපොරොත්තු වෙනවා..ජයවේවා ඔබතුමාට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෂමින්ද... ඔව් ඉලෙක්ට්‍රොනික්ස් ලිපි ටිකත් ආයෙත් ලියන්න ඕන... මගේ ෆ්ලෝ එක කැඩුණා... ඒක හදා ගන්න බැරිව ඉන්නෙ දැන්... හාහාහා... කම්මැලියි වගේ... අනිවාර්යෙන්ම කොහොම හරි මං ඒව සම්පූර්න කරනවා...

      Delete
    2. මොන තරම් ප්‍රශ්න ගැටලු ආවත් කරන වැඩේ පිලිවලකට සම්පූර්නව අඩුපාඩු නැතිව ලස්සනට කරන බව දන්නවානේ ,,ඒ නිසා කොච්චර පරක්කු උනත් බයක් නෑ.. :) .. හැම ලිපියක්ම වගේ මන් දැන් මුලක ඉදන් බලන්න ඉන්නේ, කියවන්න ආසයි..නියමයි.. තව තව විවිද දේවල් ලියන්න... ප්‍රෝග්‍රෑමින්ග් ,විශේශයෙන් ම ගනිතය අර වෙක්ට,කලනය,ත්‍රිකෝනමිතිය..ගනිත අතිරේක වගේ තව කරන්න ඒ වගේ ගැබුරු වැදගත් දේවල්..පොඩි පොඩි ඒවානම් ඔනේ තරම් නෙට් එකේ තියනවා..ඒවා සම්පූනෑ ගොඩක් ඒවා...කොච්චර ලියලා තිබ්බත් මේතරම් නම් ලියලා තියනවා දැකලා නෑ තාම...ස්තුතී..

      Delete
    3. :) ඔව්... ලියන්න නම් බොහෝ දේවල් තියෙනවා... මගේ ජීවිතයේ හොඳට නරකට දෙකටම බලපාන්නේ විවිධ දේ ඉගෙනීම හා උනන්දුවක් තිබීමයි... ඉතිං මා දන්නා ඒ දේවල් ගැන ලියා තබනවා මා සිංහලෙන්...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...