මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත. එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත. ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි
නිදහස යනු අහිමි වූ විට පමනක් අන් කිසිවකටත් වඩා වටිනා ලෙස දැනෙන , ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි . ඊට අභියෝග නොවන විට එහි අගය නොදැනෙනවා පමනක් නොව , අසීමාන්තික ලෙස වගකීම් විරහිතව එය බුක්ති විඳින්නටත් පෙළඹේ ( මීට ශ්‍රීමත් අනගාරික ධම්මපාල තුමන් පැවසුවේ “වල්බූරු නිදහස” කියාය ). නිදහස යනු අයිතියකි ; නිදහස සමඟම වගකීමද ගැටගැසී ඇත . මිනිසුන්ට පමනක් නොව , සතා සිවුපාවාටත් ගස්වැල්වලටත් නිදහස අවශ්‍ය වේ ; නමුත් ඒ ඒ දේට එහි ස්වරූපය විවිධ විය හැකිය . ජීවියා හා බැඳුණු වටපිටාව තුල එහි යහපැවැත්මට බාධා ඇති නොවන පරිදි ඕනෑම අන්තර්ක්‍රියාවක් සිදු කිරීමට ඇති අයිතිය ලෙස නිදහස අර්ථ දැක්විය හැකිය . ඕනෑම අන්තර්ක්‍රියාවක් සිදු කිරීමට හැකියාව ලැබීම අයිතිය වන අතර , වටපිටාවට බාධා නොවන පරිදි ඒවා සිදු කිරීම තමයි ඒ හා බැඳුණු වගකීම වන්නේ . එහෙත් මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ළමුන්ගේ නිදහස පිළිබඳ කතා කිරීම පමනි . ළමුන්ගෙන් කිසිවෙකු සමාජ මෙහෙවරක් හෝ ආර්ථිකමය සහභාගිත්වයක් හෝ අපෙක්ෂා නොකරයි . තවද , විද්‍යාත්මකවත් සංස්කෘතික වශයෙනුත් ළමුන්ගෙන් ක්‍රියාවන්වල වැරදි තිබුණත් එහි බැරෑරුම්කම අඩුවෙන් තක්සේරු කෙරේ . එනිසයි ළමයකු අති