Skip to main content

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 12

ැපෑසිටර් මයික් පෙරවර්ධකයට සවි කිරීම

හත පරිපථය සඳහා ඩයිනමික් මයික් එකක් යොදා ගත යුතු බව මා අවධාරණය කළ හේතුවක් තිබේ. එවන් මයික් එකක් ක්‍රියා කිරීමට පිටතින් සැපයුම් විදුලියක් අවශ්‍ය කරන්නේ නැත. මයික් එකෙන්ම යම් කුඩා විදුලියක් අමුතුවෙන්ම නිපදවෙන අතර, එම විදුලිය තමයි කෙලින්ම අප වර්ධනය කරන්නේ. එහෙත් බහුලවම භාවිතා කෙරෙන මයික් වර්ගයක් වන්නේ කන්ඩෙන්සර් මයික් (condenser microphone) හෙවත් ධාරිත්‍රක මයික්‍රෆෝන් (capacitor microphone) වේ. ඒවා ක්‍රියාත්මක වීමට පිටතින් විදුලි සැපයුමක් අවශ්‍ය කෙරේ.

ඩයිනමික් මයික් වර්ගය යටතේ රිබන් මයික් තිබුණා සේ, කන්ඩෙන්සර් මයික් වර්ගය යටතේ electret microphone කියා උපවර්ගයක් ඇත. ඉලෙක්ට්‍රෙට් මයික් ඉතා කුඩාවට, ලාභෙට නිපදවිය හැකිය. ඊට පිටතින් ලබා දිය යුතු විදුලිය කුඩාය. කුඩා ශබ්දයකින් විශාල විදුලි සංඥාවක් ලබා ගත හැකිය (එනම් මයික් එකේ සංවේදිතාව ඉහලය). ෆෝන්, සාමාන්‍ය ඩිජිටල් වීඩියෝ කැමරා, හෙඩ්සෙට්, හා කුඩා විදුලියකින් ක්‍රියාත්මක වන ශබ්දය පටිගත කරන උපකරණ ආදි සියල්ලෙහිම පාහේ ඇති ඉතා කුඩා මයික් එක වන්නේ මෙම ඉලෙක්ට්‍රෙට් මයික් එකයි. මෙතැන් සිට කන්ඩෙන්සර් මයික් යන වචනයෙන් මා හඟවන්නේ ඉලෙක්ට්‍රෙට් මයික් එක වේ (ඉලෙක්ට්‍රෙට් නොවන කන්ඩෙන්සර් මයික්ද ඉබේම මෙම වචනයෙන් ආවරණය වන බවද සිහිතබා ගන්න).

කන්ඩෙන්සර් මයික් එකකට එසේ භාහිර විදුලියක් අවශ්‍ය කරන්නේ ඇයිදැයි පැහැදිලි වෙනවා කන්ඩෙන්සර් මයික් එකක් ක්‍රියාත්මක වන විදිය ඉගෙන ගන්නා විට. මෙම මයික් එකකදී ශබ්දය අනුව වෙනස් වන්නේ ඒ තුල ඇති විශේෂිත කැපෑසිටරයේ ධාරිතාවයි. එම ධාරිතා වෙනස වෝල්ටියතා වෙනසක් බවට පත් කර, ඉන්පසු එම ඉතා දුර්වල වෝල්ටියතා සංඥාව තරමක් ප්‍රබල කර පිටතට ලබා දේ. ඒනිසා සෑම කන්ඩෙන්සර් මයික් එකක් තුලම (තනි ෆෙට් ට්‍රාන්සිස්ටරයකින් සැදුම්ලත්) වර්ධක පරිපථයක් කුඩාවට ඇත. මෙන්න මෙම කාර්යන් දෙක සිදු කිරීමට තමයි පිටතින් ජව සැපයුමක් ලබා දීමට සිදු වන්නේ.

කන්ඩෙන්සර් මයික් එකකට සපයන මෙම ජවය සැපයුම DC Bias Voltage ලෙස හැඳින්වේ (phantom power ලෙස හැඳින්වෙන්නෙත් කන්ඩෙන්සර් මයික්වලට විදුලිය සපයන මෙහිම තවත් ආකාරයකි). බයස් එක සඳහා වෝල්ට් 1.5 හා 9 අතර වෝල්ටියතාවක් ලබා දිය හැකිය. මිලිඇම්පියර් 1ක පමණ ඩීසී ධාරාවක් කන්ඩෙන්සර් මයික් එකට අවශ්‍ය වේ. තුන්වෙනි අතිරේකයේ මයික් ගැන වැඩිදුර විස්තර ඇත. පහත දැක්වෙන්නේ ඉලෙක්ට්‍රෙට් මයික් එකක් වන අතර මෙම කුඩා ඒකකය microphone capsule කියා කියයි. මෙම කුඩා ආවරණය තුල පවතින උපකොටස් තමයි ඉහත රූපයේ කැඩි ඉරිවලින් ඇඳි කොටුව තුල දක්වා තිබෙන්නේ.


කන්ඩෙන්සර් මයික් එකක් යොදා ගන්නේ නම්, අප සැලසුම් කළ පරිපථය තරමක් වෙනස් කිරීමට සිදු වෙනවා මොකද දැන් මයික් එකටත් යම් විදුලියක් කනෙක්ට් කරන්නට වෙනවා. එම විදුලිය බැටරියකින් සපයන ලෙසද සකස් කළ හැකිය. නැතිනම්, මේන් විදුලියෙන් (පවර් පැක් එකකින්) ක්‍රියාත්මක වන පරිදිත් සැකසිය හැකියි. එහෙමත් නැතිනම්, මයික් එක කනෙක්ට් වන පරිපථයෙන් ලැබෙන පරිදිද සකස් කළ හැකිය. අවශ්‍ය නම් බැටරියෙන් හා පරිපථයෙන් යන දෙයාකාරයෙන්ම ක්‍රියාකාරි වන ලෙස සැකසිය හැකියි. අප කරන්නට යන්නේ පෙරවර්ධක පරිපථයෙන් විදුලිය සපයන ක්‍රමයයි (පහසු හා ප්‍රචලිතම ක්‍රමය). එනිසයි පරිපථය තරමක් වෙනස් කරන්නට සිදු වන්නේ.

කන්ඩෙන්සර් මයික් පහත රූපයේ ආකාරයට දෙයාකාරයකින් පවතී. එකක අග්‍ර දෙකක් ඇති අතර, අනෙකෙහි අග්‍ර 3ක් පවතී. අග්‍ර ගණන වෙනස් වුවත් ක්‍රියාකාරිත්වය එකමයි. මේ දෙවර්ගයේදීම එක් අග්‍රයක් භූගතය (ground – GND) ලෙස හැඳින්වෙන අතර එය සැපයුම් විදුලියේ භූගතයට සම්බන්ද කරනවා. අග්‍ර දෙකක් තිබෙන එකේදී සැපයුම් විභවයේ ධන අග්‍රය සම්බන්ද කරන්නේද, මයික් එකෙන් එන සංඥාව පිටතට ලබා දෙන්නේද අනෙක් අග්‍රයෙනි. අග්‍ර 3ක් තිබෙන එකේදී එම කාර්යන් දෙක සඳහා වෙන වෙනම අග්‍ර 2ක් තිබෙනවා.


ඒ අනුව පහත රූපයේ ආකාරයට අග්‍ර 3ක් සහිත කන්ඩෙන්සර් මයික් සඳහා පරිපථය වෙනස් කළ හැකියි. කන්ඩෙන්සර් මයික් යොදා ගන්නා විට අනිවාර්යෙන්ම කප්ලිං කැපෑසිටරයක් භාවිතා කළ යුතුම වෙනවා. නැතිනම් මයික් එකේ හා ට්‍රාන්සිස්ටරයේ ඩිසී විදුලි එකිනෙකට මිශ්‍ර වී අවුලක් ඇති වෙනවාමයි

 
මයික් එකට විදුලිය සපයන රෙසිස්ටරයේ අගය සෙව්වේ මෙසේය. මයික් එකට වෝල්ට් 5ක් හා මිලිඇම්පියර් 1ක් අවශ්‍ය යැයි සලකා ඇත. එවිට, රෙසිස්ටර් අගය වන්නේ (6 – 5)V/1mA = 1k වේ. මයික් එකට අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් වෝල්ටියතාව හා ධාරාව සැපයූ විට, මයික් එකෙන් පිටවන සංඥාව දුර්වල වේ. අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සැපයුවොත් මයික් එක විනාශ වී යා හැකිය. තවද කන්ඩෙන්සර් මයික් එකේ ඉම්පීඩන්ස් අගය ඩයිනමික් එකකට වඩා තරමක් විශාල විය හැකිය (කිලෝඕම් එකක් පමණ විය හැකිය). එනිසා මෙම සියලු පරාමිතින් ඔබ මයික් එක මිලදී ගන්නා විට දැන ගන්න.

අග්‍ර 2ක් සහිත කන්ඩෙන්සර් මයික් එකක් පහත ආකාරයට සෑදිය හැකිය. ධන විභවය ලබා දෙන්නෙත්, මයික් එකෙන් පිටවන විදුලි සංඥාව ලබා ගන්නෙත් එකම පින් එකෙනි. කැපෑසිටරය නිසා මයික් එකට ලබා දී තිබෙන වෝල්ටියතාව හා ට්‍රාන්සිස්ටරයේ බේස් වෝල්ටියතාව මිශ්‍ර නොවී එකිනෙකට වෙන්ව පවතී.

 

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...