c හා c++ ප්‍රෝග්‍රැමිං - 5

පහත දැක්වෙන දෙවන සී ප්‍රෝග්‍රෑම් එකත් ලියා කම්පයිල් කරන්න . මා මෙම සෝස්කෝඩ් එක num_display.c යන නමින් සේව් කර , gcc num_display.c -o num_display.exe මඟින් ටර්මිනලය මත කම්පයිල් කළා . ඉන්පසු ප්‍රෝග්‍රෑම් එක සේව් වී තිබෙන ෆෝල්ඩර් එක ටර්මිනලයේ ඕපන් කරගෙන , ./num_display.exe ලෙස ටයිප් කර එන්ටර් කළ විට , ප්‍රෝග්‍රෑම් එක රන් වේවි . මෙම කුඩා ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ ඔබ විසින් ඇතුලු කරන යම් සංඛ්‍යාවක වර්ග පදය ගණනය කර දර්ශනය කිරීමයි . පහත රූපය බලන්න . එහි Enter a number: ලෙස දක්වාවි ( ඒ කියන්නේ කුමක් හෝ සංඛ්‍යාවක් කීබෝඩ් එකෙන් ටයිප් කරන්න කියාය ). දැන් ඔබ 12 හෝ 142 හෝ කුමන හෝ සංඛ්‍යාවක් ඇතුලු කරන්න . එවිට , පහත රූපයේ ආකාරයට එහි වර්ගය ඔබට පෙන්වාවි . මෙම ප්‍රෝග්‍රෑම් එක පළමුවෙන් සාදපු එකට වඩා තරමක් දියුණුයි . ඔබෙන් යම් දත්තයක් ලබාගෙන යම් ගණනය කිරීමක්ද සිදු කර , එම ගණනය කරපු තොරතුරයි මින් දර්ශනය කරන්නේ . පරිගනක ප්‍රෝග්‍රෑම් එකක් යනු පියවරෙන් පියවර නිශ්චිත කාරණයක් බැගින් සිදු කරන්න යැයි දෙන ලද උපදෙස් (instructions) හෙවත් විධාන (commands) හෙවත් ප්‍රකාශ (statement