අවුරුදු බර ගණනක් වින්ඩෝස් ඔපරේටිං සිස්ටම්වල හිරවී සිට ටික කලකට පෙර ලිනක්ස්වලට මාරු වීමට තීරණය කළා. අහම්බෙන් මා තෝරා ගත්තේ ලිනක්ස් මින්ට් (Linux Mint) යන ඩිස්ට්‍රෝ එකයි. කාලයත් සමග තරමක මන්දගාමී වීම හා වින්ඩෝස්වල කළ සමහර දේවල් කිරීමට කොලිටි සොෆ්ට්වෙයාර් නොතිබීම හැරෙන්නට මින්ට් යනු ඉතාම අනර්ඝ මෙහෙයුම් පද්ධතියක් බව ප්‍රත්‍යක්ෂයෙන්ම මා දැන් දන්නවා. එහෙත් මෙහා පැත්තේ තණ බිමට වඩා ගගේ එහා පැත්තේ තණ බිම් වඩා කොළ පැහැයෙන් දිස්වනවා යන මනුස්ස ගතිය සැබෑ කරමින් මේ ළගදි ඉතාම හොදින් වැඩ කළ මින්ට් සම්පූර්ණයෙන්ම ඉවත් කර උබුන්ටු 16.04 LTS වලට මාරු විය. ඇත්තටම එහිද වරදක් නැත. මා හැමදාම කියන්නා සේ ලිනක්ස් හැම ඩිස්ට්‍රො එකක්ම අඩු වැඩි වශයෙන් එක වගේය. යූසර් ඉන්ටර්ෆේස් එකයි වැඩ කිරීමට by default ලබා දීල තිබෙන ප්‍රෝග්‍රෑම්ස් කට්ටලයෙහි වෙනස පමණි තිබෙන්නේ.
එහෙත් එක එක්කෙනාගේ රුචි අරුචිකම් වෙනස්ය. මා සාමාන්‍යයෙන් ලස්සනට වඩා වේගය, සරලකම අගය කරන නිසා (කාන්තාවන් සම්බන්ධයෙන් නම් මෙම ප්‍රකාශය මා වලංගු කරගන්නේ නැත), මින්ට් සංස්කරණය උබුන්ටුවලට වඩා ඉදිරියෙන් සිටින බව මා දකිනවා. එකින් එක හේතු දක්වන්නට වෙලාවක් නැතත්, අනේ ආයෙත් මින්ට් තිබුණා නම් කියා දැන් සිතෙනවා. සමහරවිට කාලයත් සමග උබුන්ටු අවුලක් නැති ගානට සිතේවි.
කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...
විනිවද පෙනෙන සැකසුම් වගේ දේවල් මටත් අල්ලන්නෙ නෑ උබුන්‍ටු වල. ඕපන් සෝස් වලට ජයවේවා !
ReplyDeleteඕපන් සෝස් දැන් තිබෙන්නේ ඉතාම අනර්ඝතම තත්වයක. ප්‍රශ්නය තියෙන්නේ තාම සාමාන්‍ය මිනිසුන් ඒවා පාවිච්චි නොකිරීමයි. දැන් නම් මගේ උබුන්ටුත් ඉතා හොඳින් වැඩ. හාහාහා... ඕපන් සෝස් ජය වේවා!!!
Deleteමාත් උබුන්ටු වින්ඩෝස් 10 එක්ක dual boot වෙන්න install කළා . වැඩිපුරම පාවිච්චි කරන්නේ උබුන්ටු . හිමින් සැරේ වින්ඩෝස් අත ඇරලම දානවා .
ReplyDeleteඒක හොඳයි. ප්‍රායෝගික ප්‍රශ්න නැතිවමත් නෙමෙයි.
DeleteGoogle input tools වගේ දෙයක් උබුන්ටු වලට තියද? මම windows පාවිච්චි කරද්දී සිංහල ටයිප් කලේ Google input tools වලින්. දැන් උබුන්ටු පාවිච්චි කරන නිසා සිංහල type කරන්නේ Google input tools on-line page එකෙන්. එක ටිකක් අවුල් . අන්තර්ජාල සම්බන්දතාවය නැතී උනොත් ඉවරයි.
ReplyDeleteලිනක්ස්වල තියෙනවා සිංහලෙන් ටයිප් කරන්න ක්‍රම. මං ලින්ක්ස් පාඩම් මාලාවේ ඒවා දාගන්න හැටි ලියලා තියෙනවා. විජේසේකර සිංහල කීබෝඩ් ලේඅවුට් එකට හුරුවන්න.
ReplyDeleteමට නම් විඡේසේකර layout එක විකාරයක්. භාෂාව ටයිප් කිරීමට තිබිය යුත්තේ භාෂාව උච්චාරණය කරන ආකාරයට මිස අකුරු කට පාඩම් කර ටයිප් කරන ක්‍රම වලට නොවේ.
ReplyDeleteඔබට සාමාන්‍යයෙන් අප භාවිතා කරන ඉංග්‍රිසි ලේඅවුට් එකේ (QWERTY layout) පෙනෙන යම් රටාවක් පෙනේද? එවන් රටාවක් නැත. පරිගනක යතුරු පුවරු එන්නට ශතවර්ෂයකටත් වැඩි කාලයකයි ඉංග්‍රිසි ටයිප්රයිටරය නිපදවූයේ. එය නිර්මාණය කරපු කෙනාට සිතුණු විදියට එම ඉංග්‍රිසි අකුරු පෙලගස්වා ඇත. කාලයක් තිස්සේ ලෝකය පුරා එය භාවිතා කළ හෙයින් එය ස්වභාවිකවම සම්මතයක් බවට පත් විය. පසුකාලක පර්යේෂණ ඔස්සේ සොයා ගත්තා ඊට වඩා විද්‍යාත්මකව පෙලගස්වපු අක්ෂර සහිත (ඒ කියන්නේ දබරැඟිලි දෙකට වැඩියෙන්ම ලියවෙන අක්ෂර එන විදියට) DVORAK ලේඅවුට් එක. එහෙත් එය අදටත් කවුරුත් භාවිතා නොකරයි. කාලයා විසින් සාදන සම්මතයන් එතරම් පහසුවෙන් ඉවත්ව යන්නේ නැති බව ඉන් උගත යුතු පාඩමයි.
Deleteඑලෙසමයි සිංහල ලේඅවුට් එකටත් සිදුව ඇත්තේ. පරිගනක යතුරු පුවරු එන්නට පෙරයි විජේසේකර ටයිප්රයිටරය සාදා භාවිතා වූයේ. මාත් කුඩා කාලයේ (එතකොට පරිගනකයක් මා ඇස්වලින් දැකද තිබුණේ නැත) පාසලේදී විජේසේකර ටයිප් රයිටරය තමයි පුරුදු වූයේ. එය කුඩා කාලයේ සිටම පුරුදු වූ නිසා මට නම් විජේසේකර ලේඅවුට් එක හැර අන් ඒවා මල විකාර සේ දැනේ. කෙනා කෙන් පුරුදු වී තිබෙන අයුරු ඊට බලපාන බව ඉන් පෙනේ.
කෙසේ හෝ වේවා, සිංහල යතුරු පුවරුව ඉංග්‍රිසි ලේඅවුට් එක ඇසුරින් තීරණය කිරීම අවශ්‍ය නැත (ඔබ අනියමින් හඟවන්නේ ඉංග්‍රිසි අක්ෂරවලට ගැලපෙන සේ සිංහල අකුරු පිහිටුවිය යුතු බවනෙ). එවැනි අක්ෂරද ඇත. කැමැති නම් එම අක්ෂර වින්ඩෝස් මෙන්ම ලිනක්ස් පද්ධතිවල ස්ථාපනය කර ගත හැකිය. එහෙත් කාලය විසින් ඇති කර තිබෙන සම්මතය විජේසේකරය වේ.
ඔබ පවසන "භාෂාව ටයිප් කිරීමට තිබිය යුත්තේ භාෂාව උච්චාරණය කරන ආකාරයට..." යන වාක්‍ය කොටස ඇත්තටම තේරුමක් නැත. භාෂාව උච්ඡාරණය කිරීම හා යතුරු පුවරුවක් අතර කිසිදු සම්බන්දයක් නැත. ඔබ පටලවාගෙන තිබේ. ඔබ ඇත්තටම ඉන් කියන්නේ ඉංග්‍රිසි අක්ෂර තිබෙන ආකාරයට සිංහල අකුරු තැබිය යුතු බවයි. ඔබ අදහස් කළේ එය නොවේ නම් මා කැමැතියි ඇත්තටම ඔබ අදහස් කළ දේ විස්තරාත්මකව දැන ගන්න :)
මා අදහස් කළේ ඉංග්‍රීසියෙන් cat යන්න cat ලෙස ටයිප් කරන ලෙස මම යන වචනය mama ලෙස ටයිප් කිරීමේ leyout එක පහසු හා සමිප බවයි. එයයි මම පැවැසුවේ. මෙහිදී මම යන වචනය උච්චාරණය වන ආකාරයට mama යන්නෙන් අපට ඉංග්‍රීසි කී බෝඩ් එකෙන් ටයිප් කල හැක. එවිට සිංහල ටයිපින් නොදන්නා කෙනෙකුට වුවත් පහසුවෙන් හා ඉක්මනින් ටයිප් කළ හැක. උදාහරණයක් ලෙස "ප්‍ර" අකුර ටයිප් කිරීමට m + ~ ලෙස ටයිප් කිරීම කරදරයක්. කෙලින්ම pra ලෙස ටයිප් කළ හැකි නම් එය කෙතරම් පහසුද? එය විජේසේකර ලේඅවුට් එක කට පාඩම් කළ කෙනෙකුට ඇරෙන්න ටයිප් කළ නොහැකියි. නමුත් pra ලෙස ටයිප් කිරීම ඕනම කෙනෙකුට කළ හැක. ඒ අමුතුවෙන් කට පාඩම් කිරීමෙන් නොව භාෂාව උච්චාරණය කරන ආකාරයටය. අප කාලේක ප්‍රනාන්දු යැයි ඉංග්‍රීසියෙන් ලියන්නේ pranandu ලෙසය. එය අපට සමිපය. එය එසේ ටයිප් නොකර වෙනත් අමුතු ආකාරයෙන් ටයිප් කිරීම දැඩි වෙහෙසකරය. එය ඔබ වැනි පලපුරුදු අයට නම් ගාණක් නැතුව ඇති. එහෙත් අප වැනි ආධුනිකයින්ට එය අපහසුයි. අකුරෙන් අකුර ටයිප් කරන විදිහ මතක් කර කර හෝ අකුරෙන් අකුර කොලයක් බලාගෙන ටයිප් කිරීම පිස්සු හැදෙන වැඩකි.
Deleteඑහෙත් මා ඉහත දැක්වූ ක්‍රමයේද අඩුපාඩු ඇත. අකුරු 60 ක් අකුරු 26 කට කැටි කිරීම අපහසුයි තමා. ඒත් ඒ අඩුපාඩු සියල්ල විසඳා සෑදූ කී බෝඩ් ලේඅවුට් තිබෙනවා. උදාහරණයක් ලෙස දහම යන වචනය dahama ලෙසත් ධර්ම යන වචනය dharma ලෙසත් දැනුම යන වචනය dA(shifted)numa ලෙසත් ටයිප් කිරීමට හැකි කී බෝඩ් ලේඅවුට් සාදා ඇත. එයට අවශ්‍ය වන්නේ ඉතා සියුම් දැනුමකි. ආධුනිකයින්ට විනාඩි 5 ක් ඇතුළත එය ඉගෙන ගත හැකියි. පැය දෙකකට පමණ පසු එහි ප්‍රවිණයෙක් මෙන් වැඩ කළ හැකිය. මා ඔබට ආරාධනා කරනවා එවැනි මෘදුකාංගයක් download කර බලන ලෙස, වෙනස වටහා ගැනීමට.
ඔබ අදහස් කළ දේ මට මුලදිත් තේරුණා. මා ඉහත කමේන්ට් එකේ සටහන් කර තිබෙන්නෙත් ඔබ ඉංග්‍රිසි අක්ෂරවලට සාපේක්ෂව සිංහල අකුරු සංයෝජන කරන ආකාරය ගැන නේද? එහෙත් ඔබ බැලූ පැතිකඩ ඔස්සේ නොවෙයි සිංහල (හා ඉංග්‍රිසි) ලේඅවුට් බිහි වී තිබෙන්නේ; එය හුදු අහඹු ඓතිහාසික සිදුවීම් පෙලක ප්‍රතිපල වේ (මා කෙටියෙන් ඒ ගැන කියා තිබේ).
Deleteඔබ කියන දේ තුල සත්‍යයක් ඇත. ඉංග්‍රිසි පුවරුව/ලේඅවුට් එක දැනටමත් දන්නා කෙනෙකුට ඔබ කියන phonetic layout එක පහසු විය හැකියි. මාද ඒවා භාවිතා කර තිබෙනවා. ඔබ කියන ක්‍රමය transliteration ක්‍රමයට නෑකම් කියන්නකි. කෙසේ හෝ වැඩේ ඉක්මනින් හා පහසුවෙන් කිරීමනෙ වැදගත්. ඔබ කියූ ලෙසම මට විජේසේකර ක්‍රමය ඉතා පහසුය. එය පුරුද්ද නිසා ඇති වූවක්. ඉතිං අවසානයේ යුනිකෝඩ් අක්ෂර ටයිප් වන ඕනෑම තමන්ට පහසු ක්‍රමයක් භාවිතා කරන්න.
එහෙත් විජේසේකරය සම්මත ක්‍රමය නිසා ටික ටික ඊටද පුරුදු වීම යෝග්‍ය වේ. එයද සිතන තරම් අපහසු නැත. මට මතකයි ඒ කාලයේ මට රුසියානු අක්ෂර විනාඩියට වචන 30ක පමණ වේගයෙන් ටයිප් කිරීමට පුරුදු වීමට ගියේ එක් දිනයක් පමණයි.