Skip to main content

Posts

Showing posts from July, 2022

ජනතා විමුක්ති පෙරමුන (මාලිමාව) හා සමලිංගිකත්වය

මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත.  එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත.  ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි

හැමි nation

 ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ දේශපාලනය තුල දක්නට ලැබුනු විශාලතම අප්‍රියජනක මජර දේශපාලන වෙනස්වීම් අපට අත්විඳීමට සිදු විය. සභ්‍ය වචනවලින් විස්තර කිරීමට බැරි තරම් ඒවා අවකල් සිදු වීම්ය. ඡන්දයකින් පත් නොවුනු වධකයෙකු රටේ ජනපති විය. දේශපාලනයේ පරම සතුරන් දෙදෙනෙකු එකට රට පාලනය කරන්නට විය; එය රටේ යහපත වෙනුවෙන් නොව උන්ගේ පැවැත්ම උදෙසා වේ. කාලයක් මුලුල්ලේ වීරයකු පමනක් නොව ජනශ්‍රැතික ගැලවුම්කරු ලෙස පිලිගැනීමට ලක් වූ පාදඩ රූකඩ ප්‍රතිරූපයේ සැබෑ ස්වරූපය විදහපාමින් නන්දසේන රටෙන් පැන ගොස් තිබේ. එකල මැතිවරණ සමයේ උගෙන් ආර්ථික ප්‍රශ්නයක් ඇසූ විට "හික් හික්" ගෑ විලසින්ම අවසානයේ රටත් හික් කොට ඌ පැනගොස් තිබේ. එක්තරා විදියකින්, කොටි ත්‍රස්තවාදී යුද්දයේදී ආරක්ෂක ලේකම් නන්දසේනගේ භූමිකාව ඉන් සිතා ගත හැකිය. මා හැමදාමත් පැවසුවේ නන්දසේන එකලත් නිකංම ක්ලාර්ක් කෙනෙකුගේ ජොබ් එක කල බවයි. සැබෑ වීර චරිතය සරත් ෆොන්සේකා විය. ඊට බැරි බැරි ගාතේ හෝ මහින්ද රාජපක්ෂගේ සහය ලැබුනි. එනිසා යුද්දයේ සැබෑ කීර්තිනාමය ඔවුන් දෙදෙනාට යා යුතුය. එහෙත් එය ලබා ගත්තේ කොහේවත් සිටි නපුංසක ලේකම් කෙනෙකි. ආටිෆිෂල් ඉන්ටලිජන්ස්වලින් රට කරන්න ආපු එක