ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ දේශපාලනය තුල දක්නට ලැබුනු විශාලතම අප්‍රියජනක මජර දේශපාලන වෙනස්වීම් අපට අත්විඳීමට සිදු විය. සභ්‍ය වචනවලින් විස්තර කිරීමට බැරි තරම් ඒවා අවකල් සිදු වීම්ය. ඡන්දයකින් පත් නොවුනු වධකයෙකු රටේ ජනපති විය. දේශපාලනයේ පරම සතුරන් දෙදෙනෙකු එකට රට පාලනය කරන්නට විය; එය රටේ යහපත වෙනුවෙන් නොව උන්ගේ පැවැත්ම උදෙසා වේ.
කාලයක් මුලුල්ලේ වීරයකු පමනක් නොව ජනශ්‍රැතික ගැලවුම්කරු ලෙස පිලිගැනීමට ලක් වූ පාදඩ රූකඩ ප්‍රතිරූපයේ සැබෑ ස්වරූපය විදහපාමින් නන්දසේන රටෙන් පැන ගොස් තිබේ. එකල මැතිවරණ සමයේ උගෙන් ආර්ථික ප්‍රශ්නයක් ඇසූ විට "හික් හික්" ගෑ විලසින්ම අවසානයේ රටත් හික් කොට ඌ පැනගොස් තිබේ. එක්තරා විදියකින්, කොටි ත්‍රස්තවාදී යුද්දයේදී ආරක්ෂක ලේකම් නන්දසේනගේ භූමිකාව ඉන් සිතා ගත හැකිය. මා හැමදාමත් පැවසුවේ නන්දසේන එකලත් නිකංම ක්ලාර්ක් කෙනෙකුගේ ජොබ් එක කල බවයි. සැබෑ වීර චරිතය සරත් ෆොන්සේකා විය. ඊට බැරි බැරි ගාතේ හෝ මහින්ද රාජපක්ෂගේ සහය ලැබුනි. එනිසා යුද්දයේ සැබෑ කීර්තිනාමය ඔවුන් දෙදෙනාට යා යුතුය. එහෙත් එය ලබා ගත්තේ කොහේවත් සිටි නපුංසක ලේකම් කෙනෙකි.
ආටිෆිෂල් ඉන්ටලිජන්ස්වලින් රට කරන්න ආපු එකා අන්තිමට කන්න හාල් ඇටෙත් නැති කලේය. ඉන්ධන ලීටරයක් ගන්න ගෑස් සිලින්ඩරයක් ගන්න එකත් ජීවිතයේ එක් වීර ක්‍රියාවක් සේ මිනිසුන්ට හැඟෙන තරමට රට පත් කලේය. රට කාබාසිනියා කර ඌ දැන් වෙනත් රටක සැපෙන් සිටී. ඌ සමඟ සිටි කිසිවෙකුට තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, කෑම බීම ප්‍රශ්න නැති බව තවමත් සමහරක්ට නොතේරේ.
සිංහල ජාතිකවාදි සිංහ ලේ, බොදුබල සේනා, රාවනාගේ ලොල්ලො අද බෙහෙතකටවත් දකින්නට නැත. ගලබොඩ අත්තේ, මැදගොඩ, සද්දාතිස්ස, අභයාරාමෙ, සුදස්සන, ඇල්ලේ වැනි සිවුරු හොරු ටික මුඩ්ඩ පස්සේ ගාගත්තු වලසුන් මෙන් නිද්‍රාවේ පසු වේ. මේ සංඝදාස චරිත නැවත සමාජයේ මතු වෙන්නට කිසිදු ඉඩකඩක් නොදිය යුතුය. මේ වගේ අවජාතකයන් සාසනයටත් නිග්‍රහයකි. මාදුළුවාවේ සෝභිත හිමි, ගංගොඩවිල සෝම හිමි වැනි හිමිවරුන්ගේ අගය අද අපට අසීමිතව දැනේ.
ලංකාවේ කවුරුන්ද සිතුවේ රනිල්ගේ නායකත්වය යටතේ රාජපක්කයො, දිනේෂ් ගුනවර්ධන වැනි එවුන් දේශපාලනයේ නිරත වේවියි කියා. මීට වඩා දේශපාලන කුජීත බවක් තවත් තිබිය හැකිද? එහෙත් අප මතු කල යුතු ප්‍රශ්නය වන්නේ මෙතරම් කුජීත විදියට සිටින්නට හේතුවයි. අනිවාර්යෙන්ම රාජපක්කයන්ගේ දූෂන, මංකොල්ලකෑම් ආදිය හෙලි නොවීම පිනිස රනිල් යටතේ සිටීම වඩා යෝග්‍ය යැයි උන් සිතා ඇත.
තවමත් සමහර අවජාත පොහොට්ටු ඡන්ද දායකයන්ට එය වගක් නැත. උන් ඒකටත් බනින්නේ අරගලකරුවන්ටයි. අනුපාප්තික ජනපති තේරුවේ පාර්ලිමේන්තු ඡන්දයකින් බවත්, එහිදී රනිල්ට ඡන්දය දුන්නේ පොහොට්ටුවේ බල්ලො ටික යැයි උන්ට සිතන්නට තරම් මොලයක් නැත. බයියන් එසේ සිතීමෙන් පෙනී යන්නේ නැවත වටයකින් රාජපක්කයන්ට තවත් ඉනිමක් ඉදිරියේ සෙල්ලම් කිරීමට තවමත් අවකාශයක් තිබෙන බවයි.
දැඩි විරෝධතා හමුවේ රනිල් අගමැති කරන මොහොතේම අපට සිතුනා විරෝධතා දැඩි වූ විට රනිල් අනුප්‍රාප්තික ජනපති කරන අදහසින් එය කල බව. ඒ බැව් අප විසින් ලියා පල කරද තිබෙනවා. රාජපක්කයන්ගේ සියලු මැර හා වංචා දූෂන උඩට මතු නොවී ආරක්ෂා කිරීමට තරම් හැකියාවක් වුවමනාවක් හා ඩීල් ගැසීමක් කල හැක්කේ රනිල්ට මිස් අන් කවරෙකුටද? සිරිකොත පාරට තාර දමන කොට, මහ බැංකු සොරකම යට ගහන කොට මුංගේ අන්‍යොන්‍ය රැකගැනීම නොතේරේ නම් උන් බබ්බුම විය යුතුය. එහෙත් අභාග්‍යයකට මෙන් එවැනි ලොකු දේශපාලන ඔස්තාර් බබාලා බොහෝ අප අතර ඇත.
සමහරකු තවමත් පවසන්නේ ගෝටාට රට හැදීමට වුවමනාවක් තිබූ බවත්, පසුව බල තන්හාව වැඩි වීම හා අන් අයගේ බස්වලට රැවටීම නිසා අසාර්ථක වූ බවයි. මේ ජනපති පුටුවට කවුරු ආවත් එය සිදු වෙනවාලු. එය හරියට ලෝඩ් ඔෆ් ද රිං කතාවේ මුද්ද වගේලු. මේ ආදි වංචනිකයාව තවමත් සාධාරනීකරනය කරන අය සිටී.
කෘත්‍රිම බුද්ධිය ගැන දශමයක දැනුමක් නැති එකෙකු කෘත්‍රිම බුද්ධිය ගැන වචනයක් පවසන විට, අපේ මෝඩ තරුන පිරිස් ඊට චූන් වී රැවටුනේ එවුන්ටත් කෘත්‍රිම බුද්ධිය ගැන දැනුමක් නැති නිසාය; උන්ට සාමාන්‍ය බුද්ධියවත් නැති බව එවුන්ගේ සමාජ ජාලා කමෙන්ටු කියවන විට තේරේ. උන් නිකංම බුකියේ හැමනෙන තරුනයෝය, තරුනියෝය. උන්ව රැවටීම හරි පහසුය. අනිවාර්යෙන්ම හෙටත් එවුන් රැවටෙනු ඇත. එහි සැකයක් නැත.
ගෝටාගේ කෙරුවාවන් කවුරුත් අමතක කර තිබේ. රාජපක්ක සමයේ රාජ්‍ය ත්‍රස්තවාදය පැතිරුවේ ගෝටා වේ. සිරකරුවන් මැරුවේ ගෝටාය. රතුපස්වල එකම යුද පිටියක් කර, කැසිනෝ ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීමට සිවිල් ජනයාව බිය ගැන්වීමට ආමඩ් ට්‍රක් හා යුධ ටැංකි පවා එවා අවසානයේ මිනිස් ජීවිත කිහිපයක්ද බිල්ලට ගත්තේ ගෝටාය. මාධ්‍ය ආයතනවලට ක්ලේමෝ බෝම්බ ගැහුවේ ගොටාය. මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ ගෝටාය. ලසන්ත ආදි මාධ්‍යවේදින් මරා දැමුවේ ගෝටාය. ජනතා මුදලින් තම දෙමව්පියන්ගේ සොහොන් කොත් බඳින තරමට කාලකන්නියෙකු වූයේ ගෝටාය. යුද්ධය දිනූ ජනරාල්ගේ පට්ටම් ගලවා ඔහුව සිර බාරයට පත් කලේ ගෝටාය.
මේ සියල්ල කල අධමයකු පිරිසිදු චරිතයක් යැයි සිතා ජනපති කිරීමට සහය දුන් බව සමහරකු පවසයි (ඊයේ දවසේ පමනක් කැනඩාවේ හා ඉතාලියේ සිටින මිතුරන් දෙදෙනකු මා හට එසේ පැවසුවා). මේ තරම් පාදඩයකු රටක් හදාවි යැයි සිතීමම කොතරම් දේශපාලන අදබාල බවක්ද? කෙසේ හෝ රටම මිනී කනත්තට දක්වා ගොස් අවසානයේ නන්දසේන රටිනුත් පැන ගියේ උගේ සත්‍ය නපුංසක ලීලාව ලොවටම පෙන්වමින්ය. එය තරමක සතුටට කරුනකි.
තවත් සමහරකු පවසන්නේ රනිල් ඇවිත් ගේමක් දුන් බවයි. ඊට ගෝටා අහු වුනු බවයි. ලබන සති දෙක බැරෑරුම් ආදි ප්‍රකාශ එකල අගමැති රනිල් සිදු කලේ එනිසාලු. ධම්මික පෙරේරා වැනි අයට වැඩ කරන්නට දුන්නේ නැත්තේ එනිසාලු. ගෝටාට වැඩ කිරීමට නොහැකි තත්වයක් රනිල් විසින් ඇති කලාලු. නැවත වරක් රාජපක්ක පවුල සුද්ද කිරීමට ගෙන ආ තර්කයක් එය.
අප පිලිගත යුතුව තිබෙනවා දේශපාලනයේ ඉහල ස්ථානවල සිටින අය එකිනෙකා ආරක්ෂා කර ගන්නා බව. එවිටයි රට හප කරමින් දූෂනය කරමින් එවුන්ට වැජඹිය හැක්කේ. රනිල් එසේ ගේමක් ගසන බව බුලත් විට හපන ගමයාටත් තේරෙයි නම්, රාජපක්කයන්ට ඕවා නොතේරේවිද? එසේ නම් රනිල්ව ඉවත් නොකලේ මන්ද? රනිල් හෝ සජිත් හැර, තවත් අය කොතරම් සිටියාද අගමැති බවට පත් කර ගැනීමට... ඒ සියල්ල රනිල්ගේ ගේමක් නම්, පාර්ලිමේන්තුවේදී මුලු පොහොට්ටුවේම සහය රනිල්ට ලැබුනේ කෙසේද? අරගලකරුවන්ද පාර්ලිමේන්තුවේ රනිල්ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලේ?
එනිසා නැවත නැවතත් පැවසීමට සිදු වන්නේ මේ සිදු වෙමින් යන සියල්ල පෙර කල් තියා හොඳින් සැලසුම් කර සිදු කරන ඒවා බවයි. උන්ට ප්ලෑන් එකක් නොව දුසිමක් විතර ඇත. තත්කාලයේ සන්දර්භය අනුව ඉන් ගැලපෙන ප්ලෑන ක්‍රියාවට නංවයි. එසේ වුවත්, මේ කිසිදු ප්ලෑනක් රටට හෝ ජනයාට හිතකර නොවන බව නම් පැහැදිලිය.
ඩලස් ගැනත් වචනයක් කීමට ඇත. ඇත්තටම ඔහු වැදගත් පුද්ගලයෙකි. ඔහු සිටි පිල නිසා ඔහුගේ පෞරුෂයට විශාල කලු පැල්ලමක් ඇත. තම පිලේ එවුන්ගේ කිසිදු දූෂනය භීෂනයකට එරෙහිව තම හඬ අවදි නොකර මර නිද්‍රාවේ සිටියේය. එකල තම මුලු ඡන්ද කැම්පේන් එකටම රුපියල් 50,000කින් කල බව ඔහු පැවසුවේය. එදිරිවාදින් සමඟ එකම වේදිකාව මත කැම්පේන් කිරීමට ගත් උත්සහයන් මතකය. මල්බෙරි කන්ඩායමේ අදටත් තම නම කැත නොකරගෙන සිටින කෙනා ඔහුයි මෙතරම් දශක කිහිපයකට පසුව (ඊට සාපේක්ෂව ඩිලාන් දේශපාලන අමු ගනිකාවන් බවට පත් විය). ඒ ආදි ලෙස බලන කල, ඉදිරියටත් ඔහු දේශපාලනයේ සිටිය යුතුය. මීට වඩා ජනතාවගේ පැත්තේ සිට ඔහු ක්‍රියාත්මක විය යුතුය. එසේ කිරීමට කොන්දක් නැති නම්, ආයෙත් පත්තර රස්සාවට යා යුතුය. බූරුවා ගැහුවත් එකයි එතැන වාඩි වෙලා සිටියත් එකයි නම්, තමන් දූෂන භීෂන නොකලත් එවැනි පිරිසක් සමඟ සහවාසයේ සිටීමත් එවැනිම අපරාධයක් බව සිතිය යුතුය.
දේශපාලනය යනු රට වෙනුවෙන් වැඩ කිරීම මිසක් තම පිල වෙනුවෙන් වැඩ කිරීම නොවේ. රන්ජන් රාමනායක ඒ අතින් වඩා නිවැරදි තැනක සිටියේය.
අරගලය ගැනත් දෙයක් කීමට ඇත. මුල සිටම අරගලය විවේචනය කල කෙනෙකු වශයෙන් මා අදටත් අරගලකරුවන්ට දොස් පවරමි. ලංකාවට ආදර අරගල තවමත් ගැලපෙන්නේ නැත. මේවා විදේශ රටවල් සතුටු කිරීමට කල දේවල්ය. ලෝකයේ ලස්සනම ආදර අරගලය කල බව ඊයේ පෙරේදාත් සිරස වැඩසටහනකදී නීතිඥයකු පාරම්බාන හැටි මට ඇහුනි. අරගලය ලස්සන වුනාට මදිය; එහි අපේක්ෂිත අරමුනු ඉටු විය යුතුය. සිස්ටම් චේන්ජ් එක කල හැකි එකක් විය යුතුයි. දැන් සිස්ටම් චේන්ජ් එක අපට ලැබිලද තියෙන්නේ?
කිසිදු විදේශ රටක් ලංකාවේ ජනයාට සහයට ආවේ නැත. උන් ට්වීට් ගැහුවට වැඩක් නැත. රටට ආධාර ලබා දීම නැවතුවාම නැවතත් කෙලවෙන්නේ අපේ රටටමය. පාලකයා පොහොසත්ය. රට කොතරම් කුජීත වුවත්, උන්ට පෙට්‍රල් ගෑස් කෑම පෝලිම් නැත. ඩිප්ලොමැටික් පාස්පෝට් එකෙන් උදේට සිංගපූරුවෙන් බ්‍රෙක්ෆස්ට් එක අරං එන්නත් උන්ට හැකිය. එනිසා විදේශ රටවලට කල හැකි කෙං ගෙඩියක් නැත. උන්ට අපේ ජනතාවට යහපත කරන්නට තරම් රුදාවකුත් නැත. එහෙත් අපි ආදර අරගල සිදු කර උන් සතුටු කලෙමු.
සාමාන්‍ය ජනයා නොදන්නවා වූවාට ගෝල්ෆේස් අරගලය එකම වියවුලකි. එහි විවිධ සැඟවුනු අරමුනු සඳහා වැඩ කල සංවිධානගත කන්ඩායම් කිහිපයක් සිටියා. බුරිය හා කලව පෙන්වන්නට මහත් මහන්සියක් දැරූ රූමත් වෛශ්‍යාවන්ගේ ප්‍රදර්ශනත් ඒ අතර තිබුනු බව පෙනේ. එකම මජර උපසංස්කෘතියක් එහි පැවතුනි. ලිංගිකත්වය අමු අමුවේ ප්‍රදර්ශනය විය. එහෙත් එතැන තිබ්බේ රටේ සිස්ටම් එක චේන්ජ් කරන අරගලයක්ලු. අවසානයේ ඊනියා සමාජවාදියෝ (පෙරටුගාමින් හා ජවිපෙට සම්බන්ද) හා තුප්පහි සංස්කෘතිය සුසංයෝගයක් බවට අරගල භූමිය පත් විය.
කාඩිනල් හෝ ඔමල්පේ හිමි වැනි ආගමික නායකයන්ට මේවා නොපෙනුනාද? කිතුනු සභාව සමලිංගික අයිතය පිලිගත්තාද? හැමදේටම මාධ්‍ය සාකච්ඡා පවත්වන කාඩිනල් ඒ ගැනත් රටට පැවසුවා නම් අගෙයි.
ඇත්තටම ගෝල්ෆේස් අරගලකරුවන් නොවේ සත්‍ය අරගලකරුවන්. රට පුරා ස්වකීයව හැඟීමෙන් වැඩ කල ලක්ෂ ගනනක මිනිසුන් නියම අරගලකරුවන්ය. ගෝල්ෆේස් එකත් වරින් වර ඉතිරී යන්නේ එවැනි මිනිසුන්ගේ පැමිනීම නිසාය. ගෝල්ෆේස් පිටිය සංඛේතාත්මක වටිනකාමක හෙබ වූ තැනක් පමනක් විය. ගෝල්ෆේස් එකේ ගලක්වත් අතට ගන්නේ නැතැයි කියන අරගලකරුවන් ගුටි කෑ පිරිසකි. උන්ට ගුටි බැට දෙනකොට රිටර්න් එක දුන්නේ සැබෑ දේශප්‍රේමියෝය. බේරේ වැවට මදාවියන් උස්සන් දැමුවේ සැබෑ දේශප්‍රේමියෝය.
ගෝටා එලවීම හැර සිස්ටම් චේන්ජ් එකක් කිරීම සමනල අරගලකරුවන්ගේ සැබෑ අරමුන නොවීය. රටට මේ තිබෙන අමුතු දේශපාලන කුනුහරුපය සිදු වූයේ මෙම සමනල අරගලකරුවන් නිසාය. ඉඟුරු දී මිරිස් ගත්තේ උන්ය. 225 එපා කියා, සිටින ජනපති හා අගමැති ඉවත් කල පසු අනුප්‍රාප්තිකයන් පත් කර ගැනීම පොතට (ඒ කියන්නේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට) අනුව සිදු කරන්න යැයි අන්තරේ කැඳවුම්කරු වන මුදලිගේ පැවසුවේය. මේ මුදලිගේ පොඩි එකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අතින් අල්ලලා තියා දැකලවත් නැත. ඔවු නොමේරු පොඩි එකක් වුවත්, අරගලයේ මහා ලොකු වීරයකු නිසා උගේ ප්‍රකාශ බරපතල වේ. වරක් විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුලු විද්වත් සභාවක් ඉදිරියේද උන්ගේ මතය එලි දක්වන විට මෙම ප්‍රකාශය නැවත කලේය. එහෙත් එතැන සිටි එකදු ඊනියා විද්වතකු එහි ඇති ප්‍රතිවිපාක ගැන ප්‍රශ්න නැඟුවේ නැත. දැන් එම ප්‍රතිවිපාක අප අත් විඳිමින් සිටී.
නීතිය හා සාධාරනත්වය යන දෙකෙහි වෙනස වටහ ගත්තේ නැත. දූෂකයා හැමවිටම නීති පොත පෙන්වා අනීතිය රජකරවයි. ඊයේ පෙරේදා පාර්ලිමේන්තුව තුලත් කෙහෙලිය වැනි අධම දේශපාලුවන් කලේ එයමයි. නීතිය දේවත්වයට පත් වන්නේ එහි සාධාරනත්වයක් හා නීතියේ ආධිපත්‍යයක් තිබේ නම් පමනි. එහෙම නැති නම්, නීතිය බලු බෙට්ටක් තරම්වත් නොවටී. නීතිඥ ප්‍රජාවද යැපෙන්නේ නීතිය මත බැවින්, උන්ද නීතියේ ශුද්ධත්වය ගැන වැදි බණ කියයි. උන්ගේ සාක්කු යහමින් පිරෙන්නේද නීතිය වල්වැදී තිබෙන විටය.
ලංකාවේ සිස්ටම් වෙනස ඇති කල හැක්කේ විප්ලවයකිනි. එම විප්ලවය කිරීමට තිබුනු කදිම අවස්ථාව සමනල අරගලය විසින් ලොප් කර දැමුවේය. ජනතා විමුක්ති පෙරමුන පෙරටුගාමින්ට පරාද විය. එහෙත් මේ එකෙක්වත් රට වෙනුවෙන් වැඩ කලේ නැත. පෙරටුගාමින් බැලුවේ (අරගලකරුවන් හරහා), කොහොම හරි රාජ්‍ය පාලනයට ජනතා වරමක් නැතිව රිංග ගන්නය. ඒ සඳහා කිහිප වරක් විවිධ යෝජනා හරහා මුට්ටිය දමා බැලුවා. මේ වන විට, රනිල් රාජපක්ක ඒ සියලු මුට්ටු සුනු විසුනු කර ඇත.
සමනල අරගලකරුවන් හැංගෙමින් සිටී. සක්‍රිය අරගලයක් නැත. සිහින් කෙඳිරියක් පමනක් ඇත. රටට ගෙන ආ යුතු යැයි පැවසූ ප්‍රතිසංස්කරන ගැන කතාවක් නැත. කිසිදා ජනතා ඡන්දයකින් පත් විය නොහැකි රනිල් ජනපති වී ඇත. රාජපක්ෂවරු ආරක්ෂා වී ඇත. මූසල දේශපාලුවන් නැවත රඟ දක්වයි. ජනයා 2500ට පෙට්‍රල් ලීටරයක් බොහොම අමාරුවෙන් ගනී. පොලිම්වල දවස් ගනන් සිට ගෙන සිටී. ආහාර උද්ධමනය 90% පන්නා ඇත. මරු සිස්ටම් චේන්ජ් එක. ලංකාව කියන්නේ හැමදාම හැමිනේෂන් වන ජාතියකි. තොපි විප්ලව නම් කරන්න එපා.