සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... // කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී... දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී... යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී... පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී... සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ... කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ... ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ... ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ... සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... https://youtu.be/bhQKelCn5yg
රෑට නිදහසේ සිටින විට කවියක් දෙකක් ආශාවට ලිවීමට මිතුරන් කිහිප දෙනෙකු සමඟ වට්ස්ඇප් කවි ග්රූප් එකක් සාදා එහි කවි ලියන පුරුද්දක් මෑතක සිට ඇත. බොහෝවිට ශ්රුංගාරාත්මක කවි වැඩිපුර එහි ලියැ වේ. සමහරවිට ශ්රුංගාරය දොරෙ ගලා අතිශය සංවේදී හෝ ග්‍රාම්‍ය මට්ටමටද එය වැටේ. එය වැලැක්විය නොහැකි හොඳ කුනුහරුපයකි. අද රාත්‍රියේද සුපුරුදු ලෙසම කවි සංවාදයක් ඇරඹී පැයක් දෙකක් පමන පෙලට කවි ලීම සිදු විය. මිතුරෙකු පාසල් කාලය ගැන මතක් කර ලියූ කවියකින් එම කවි ගැටුම ආරම්භ විය. ඇත්තටම එය ගැටුමකටත් වඩා ගනිත විද්‍යා පාඩමක් විය. සරල ගනිත ගැටලු කිහිපයකින් පටන් ගත් එය අවසානයේ පරමඅංශු භෞතිකයෙන් අවසන් විය. එය අධ්‍යාපනික කරුනු ගැප්ව ඇති කවි ඇතුලත් නිසා මෙලෙස බ්ලොග් එකෙහි පල කිරීමට සිත් විය. මා උඹ ගනන් හපනෙක් නම් හදහං මං ගානක් කියන්නම් එක්ස් වර්ගය සමානයි වයි නම් එය වයි විශයෙන් අවකලන කරහං එය සරල වැඩි ගානකි ටිකක් සැර වැඩි කරන්නෙමි දැන් ලඝු පයි පාදයකට පහකි එය ටී ගෙන් අවකලන කර සකි අපි යං වෙන පැත්තකට සංකීර්න සංඛ්‍යාවකට ඒ ධන අයි බී ට කියනු ඔයිලර් ක්‍රමයට දී ඇති යම් ශ්‍රිතයකි එය සුමට වක් නැති එක් තැනක සිඳුරකි අවකල ගැන කිම කී ...