සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... // කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී... දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී... යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී... පිලිගනු ඈ කොහි යන්නද නැවත ඉගිල්ලී... සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ... කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ... ඔබ තනිකඩ කුරැළු රජෙකි වෙසෙන නිදැල්ලේ... ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ... සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ... කෑළි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ... https://youtu.be/bhQKelCn5yg
සැඩ සුලං හා අහසට නැංග රල දැක පෙලනු සොඳුරු සුදුවන් වෙරල කම්පිතව වෙහෙසකර හද නව්කාව නැවතීමි රලු පාලු තනි මං සැරිය නොදනිමි ගෙවී ගියෙ පැය දවස් වස් සිටියෙමි අවුරා වෙරල උදේ සවස් බැඳුනෙමි වින්දෙමි රැඳුනෙමි එහෙත් නව්කාවකි මා ඈත සමුදුරේ ඈතින් විසල් නවුකාවක් ලෙස වුවද ලං වන තරමට එහි මලකඩ එමට දිරා යන බඳ සිල් වුනු රුවල් හා තව දිදුලන සුන්දර වෙරලට ඔච්චමක් විද සිල් වී ගිල් වන තරමට අබලන් වුවද රුදුරු ලවන පීඩා මලකඩත් බැඳ ගිලෙනු රිසිමි තනිවම සාගරය මැද නවුකාවකි මා ඈත සමුදුරේ, සඳ!