Skip to main content

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ඉතාම හොඳි

ජනතා විමුක්ති පෙරමුන (මාලිමාව) හා සමලිංගිකත්වය

මා දැන් වසර කිහිපයක සිට ජවිපෙ (මාලිමාව) දැඩි ලෙස විවේචනය කරමින් සිටී. එසේ තිබියදිත් පසුගිය කාලය තුල මාද ඔවුන්ගේ සමහර සාකච්ඡාවලට සහභාගී වී ඇත (ඒවා ඵල රහිත "බොල්" විය). මාලිමාව ජයග්‍රහනය කරන්නට යන පිරිසෙන් අතිශය බහුතරය එසේ කරන්නට සිතන්නේ දශක කිහිපයක සිට රට පාලනය කල දේශපාලු පක්ෂ විසින් සිදු කරන ලද විනාශකාරී මංකොල්ලකාරී දේශපාලනය නිසාය. උනුත් හොඳ නැහැ මුනුත් හොඳ නැහැ නිසා ජවිපෙට දීලවත් බලමු යන හැඟීමෙන් යුතුව ඔවුන් වැඩ කරනවා. වෙනත් විකල්ප නොමැති නිසා, සමහරවිට අසරනකමට ජවිපෙට ඡන්දය දීමට ඔවුන් ඉබේම පෙලඹීම අසාධාරනද නැත. 

එහෙත් අප විසින් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් තෝරා ගත යුත්තේ එසේ නොවේ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා, ප්‍රතිපත්තිවලට එකඟ නම් පමනයි අපගේ ඡන්දය ලබා දිය යුත්තේ. එහෙත්, ජවිපෙට සහය දක්වන පිරිස ජවිපෙ ප්‍රතිපත්ති දන්නේද? පැහැදිලිවම නැත. ට්‍රෙන්ඩ් එකට දේශපාලනය කිරීමට පුරුදුව සිටින ලාංකිකයන්ට ප්‍රතිපත්ති දේශපාලනය කොහෙත්ම හුරු නැත. 

ජවිපෙ පාක්ෂිකයා පොහොට්ටුවේ පාක්ෂිකයාට වඩා ගර්හිත තත්වයේ සිටී. ජවිපේ කෝර් එකට ඔවුන්ගේ නායකයාගේ වදන් පන්සිල් පද, කොරානය, භගවත් ගීතාව, දස පනත වැනි ශුද්ධ වූත්  භක්තිමත් වූත් ප්‍රශ්න මතු නොකළ යුතු දේව වාඛ්‍ය වේ. ජවිපෙ යනු ඔවුන්ට ආගමකි. විමතියට කරුන නම්, ඒ පිරිස ඊනියා "උගතුන්" (උපාධියක් කොහොම හරි සරිකරගත්තු) වීමයි.

වත්මන් ජවිපෙ යනු ඇත්තටම "විකෘති අදහස් ඇති" කිහිප දෙනෙකු විසින් හයිජැක් වී ඇති දේශපාලන ව්‍යුහයකි. එවිට, බැතිමත් මොල සේදුනු ජවිපෙ පාක්ෂිකයා යනු තමනුත් නොදැන අනුන්නේ විකෘති අදහස් මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් මෙහෙය වෙන මුග්ධ හෙන්චයියෝ ටිකක් පමනයි.

ජවිපෙ විසින් සමලිංගිකත්වය (ගබ්සාව, ගනිකාවෘත්තිය ඇතුලුව) ප්‍රතිපත්තිමය කාරනයක් වශයෙන් පිලිගැනීමකට ලක් කර තිබේ. ඒ කියන්නේ (ආශ්චර්යකින් හෝ) ඔවුන්ගේ ආණ්ඩුවක් පැමිනියොත්, ඊට තිබෙන අපරාධමය තත්වය දන්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කරනු ඇත. එවිට ඉබේම එය නීත්‍යානුකූල හා සමාජය තුල පිලිගත් තත්වයකට පත් වනු ඇත. එහෙත් ඔවුන් තර්ක කරන්නේ "නීත්‍යානුකූල කරනවා නොවේ, සමලිංගිකයන් සමාජය තුල ගර්හිත වීම වැලැක්වීමට එම වගන්ති සංශෝධනය කරනවා (ඉවත් කරනවා)" යනුවෙනි. නංගි පෙන්නලා අක්කා දෙනවා යනුවෙන් ජනවහරේ කියන්නේ මෙවැනි අවස්ථාවලටය. 

"මිනී මැරීම" අපරාධයක් බවට නීති විරෝධි වී තිබෙන්නේ එය දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් ලෙස සටහන් වී තිබෙන නිසාය. නිකමට හෝ එම වගන්තිය ඉවත් කලොත් මිනී මැරීම අපරාධමය හෝ නීති විරෝධි නොවේ. නීති විරෝධී බව ඉවත් කල විට එය ඉබේම නීත්‍යානුකූල වේ. නීතියට පටහැනි නොවී මට තණකොලයක් උදුරා දැමීමට හැකියාවක් තිබෙන්නේ එය නීති විරෝධි යැයි සම්මත නොකර සිටීම තුලය. එම කාරණය එතරම්ම සරලය.

සමලිංගිකත්වයට අප මෙතරම් විරුද්ධ ඇයි? සමහරුන් කියන පරිදි එය විද්‍යාත්මක සංසිද්ධියක්ද? ​ලෝකය පුරා එය වෛරසයක් මෙන් පැතිරී යන්නේ ඇයි? ලෝකයේ පිලිගත් බොහෝ "උසස්" හා "ජනප්‍රිය" අය හා "බලවත්" ආයතන ඊට අනුග්‍රහ දක්වන්නේ ඇයි? බැලූ බැල්මට මේ සියල්ලෙන්ම එකවර අපට පෙන්වා දෙන්නට හදන්නේ සමලිංගිකත්වය යනු අහිංසක මානවවාදී විද්‍යාත්මක සංසිද්ධියක් කියාය.

එහෙත් එය එසේ නොවේ යැයි පෙන්වා දීමට කරුණු එමට ඇත. කිසිසේත් එය විද්‍යාත්මක නොවේ. මේ කියන අමුතු "විද්‍යාව" හාඩ් සයන්ස් (නියම විද්‍යාව) නොවේ. එය හුදු සමීක්ෂන හා සම්මුඛ සාකච්ඡා ඔස්සේ ගොඩ නඟන "විද්‍යාව" කියා උන් කියන දෙයකි. උන් ඊට "මනෝවිද්‍යාව" කියා කියනවා (ජීව හා වෛද්‍ය විද්‍යාව ඔස්සේ ගොඩනඟන මනෝවිද්‍යාව නොවේ එය). නියම විද්‍යාවක් වීමට අඩුම ගානේ භෞතික/රසායනික/ජීව විද්‍යාවට අනුකූල විය යුතුය; නැතහොත් අඩුම ගානේ පරිනාමීය ජීව විද්‍යාවට (evolutionary biology) අනුවවත් ගොඩනැඟිය යුතුය.

බලවත් පුද්ගලයන් ඊට පක්ෂව සම්බන්ද වන්නේ social inclusion හා peer pressure නිසාය. ඒ සම්බන්ද වන බොහෝ අයට moral obligations/character නැත. ජීවිතේට සිගරට් අරක්කු කුඩු නොබොන කෙනෙකු ඒවා භාවිතාවට හුරු වන්නේද මෙම සංසිද්ධි කිහිපය නිසා බව අමතක කරන්න එපා. අවිඥානකව මෙම සංසිද්ධි මිනිස් මනස තුල ක්‍රියාත්මක වේ. තවත් සමහරෙක් විශාල මුදලක් (අල්ලසක්) නිසාද මෙවැනි දේකට අනුග්‍රහ දක්වනවා. 

මීට උදාහරන, ලංකාව තුලම පෙනෙන්නට තිබේ. අපේ ජනප්‍රිය කලාකරුවන් කුඩ්ඩන්, ගනිකාමඩම් හිමියන් හා පාහරයන් සමග මිත්‍රය. මාකඳු​රේ මධුෂ්, ක්ලබ් වසන්ත, දුමින්ද සිල්වා වැනි පඩත්තරයන්ගේ වටා සිටින කලා කරුවන් යැයි කියාගන්නා රොත්ත දෙස බලන්න. ලෝකයේ තත්වයක් එසේය. 

දැනට ඇමරිකාවේ (හා සමස්ථයක් ලෙස ලෝකය පුරාමත්), මල්ටිවිටමින් ඇත්තටම ඒ කියන ප්‍රමිතියෙන් තිබේදැයි සොයා බලන්නේ නැත (බෙහෙත් නම් සොයා බලනවා). මෑතක කරන ලද, පරීක්ෂන ගනනාවකින්ම හෙලි වී තිබෙන්නේ සුප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්වල පවා මල්ටිවිටමින්වල කිසිදු ප්‍රමිතියක් නැති බවයි. ඇගේ රෝම කෙලින් වන තරමේ අප්‍රසන්න ප්‍රෝඩාවත් එතැන තිබෙන්නේ (කිසිදු මල්ටිවිටමිනයක් කඩෙන් අරන් බොන්න එපා; තේරුමක් නැහැ). අතීතයේ මෙම තත්වය වැලැක්වීමට හිත හොඳ හා එඩිතර නිලධාරී කන්ඩායමක් (FDA එකේ එකල ලොක්කා) ඇමරිකාව තුල කටයුතු කර, බෙහෙත් මෙන්ම මල්ටිවිටමින්ද ලැබ් තුල පරීක්ෂා කර ප්‍රමිති ගත කිරීමට ඇමරිකාව තුල නව නීති ගෙන ඒමට සියල්ල තිබියදී එම සමාගම්වල සල්ලිවලට යටවුනු මෙල් ගිබ්සන් වැනි ජනප්‍රිය නලුවන් ඊට විරුද්ධව යොදාගෙන ඇමරිකන් ජනමාධ්‍ය තුල විශාල වෙලඳ දැන්වීම් පවා නිතර පල කර කෙසේ හෝ එම තත්වය වලක්වා ගත්තා. එහෙත් මෙල් ගිබ්සන් දැන් තරමක වීර චරිතයක් හොලිවුඩ්වලට විරුද්ධව පෙන්නුවත් උන්ගේ අතීතය සල්ලිවලට යටවුනු එකකි. දැනුත් සමලිංගිකත්වය වෙනුවෙන් සල්ලිවලට කඩේ යන ප්‍රසිද්ධ පුද්ගල පිරිසක් සිටී.


ෆේස්බුක් වැනි සමජයට බලපෑම් කල හැකි මෙවලම් සමලිංගිකත්වයට අනුග්‍රහ දක්වන්නේ මුදල් නිසාය. සමලිංගිකත්වය ගැන "දේශනා කරන" ෆේස්බුක් ගෘෘප් කිහිපයක මා ඊට විරුද්ධව විද්‍යාත්මක කරුනු පෙන්වා දෙමින් තර්ක කල විට මාගේ එෆ්බී ප්‍රොෆයිලයක් බෑන් විය. අඩුම ගානේ තර්ක කරන්නටවත් ඉඩක් නැත. එහෙත් එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය තුලිනුත් තහවුරු වූ මූලික හිමිකම් තුල (අඩුම ගානේ සභ්‍ය ලෙස) නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බව පිලිගනී. එම අයිතියද අහිමි කරමින් යන ගමන අතිශය කුමන්ත්‍රනකාරී වේ. 

ඔබට මතක නම්, මැසෙන්ජර් ඇප් එකේ මැසේජ් එකක් ලියා සෙන්ඩ් කරන බට්න් එකේ කාලයක් මුලුල්ලේ තිබ්බේ පාටපාට කොඩියක්. එම කොඩිය යනු සමලිංගිකයන්ගේ කොඩියයි. එතකොට එෆ්බී/මැසෙන්ජර් සමලිංගික හා නොවන සියලු දෙනාටම බලෙන් සමලිංගික බලහත්කාරය පෙන්වනවා. ඒ ඇයි? එසේ කිරීමට කුමන අයිතියක්ද තිබෙන්නේ? ඔබට අපට කල හැක්කක් නැති තරමට අසරන කර ඇත.

අද ඇමරිකාව, කැනඩාව, එංගලන්තය (තරමක් දුරට ඔස්ට්‍රෙලියාව) තුල ස්ත්‍රිය හා පුරුෂයා අර්ථ දක්වන්නට බැරි තරමට මෙම සමලිංගික පිස්සුව ඔඩු දුවා ඇත. උන් එය woke යන නමින් (තවත් සංකල්ප රිංගවමින්) කරලියට නංවා ඇත. මේ ගැන අන්තර්ජාලයෙන් හා youtube තුලින් ඕනෑ තරම් කරුනු දැන ගත හැකිය. ඇඟ කිලිපොලා යන තරමේ දේවල් එම රටවල මේ වන විට සිදු වෙමින් පවතී.

එම රටවලට ඕනෑම පිරිමියකුට "මං දැන් ඉඳන් ගැහැනියක්" හෝ ඕනෑම ගැහැනියකට "මං දැන් ඉඳන් පිරිමියෙක්" යැයි ප්‍රකාශ කිරීමට අයිතිය ඇත. 

එය සරල නැත. එහි ප්‍රතිපල ලෙස, ස්ත්‍රී ක්‍රීඩා ඉස්ව්වල "තමන් ගැහැනු යැයි කියා ගන්නා පිරිමි" ගැහැනු මෙන් තරග වැද එම ඉසව් ජයග්‍රහනය කරන්නේ ජාතික වාර්තා තබමින්. ඊට හොඳම උදාහරනය ඇමරිකාවේ පිහිනුම් තරග කරන ලියා තෝමස්ය. ඌ පිරිමියෙකි. එහෙත් කාන්තා පිහිනුම් තරගවල තරගවැද ඉතා විශාල "ලීඩ් එකකින්" ඌ වාර්තා බිඳ තබමින් ජය ගත්තා. කාන්තා ක්‍රීඩා කන්ඩායම් තුල, මෙවැනි විකෘති පිරිමින් තමුන් ගැහැනු යැයි කියාගෙන සිටීම තුල, එම ක්‍රීඩිකාවන්ට රෙස්ට් රූම් හා නාන කාමර තුල, ඇඳුම් මාරු කිරීමටවත් බැරි තත්වයක් උදා වී තිබේ. එහෙත් එම රටවල ක්‍රීඩා බලධාරින් මෙන්ම, ආන්ඩුද ඊට අනුග්‍රහ දක්වනවා. "දෙයියන්ගේ හාල් කැවිලා" වැනි තත්වයක් එම රටවල තිබෙන්නේ.


ලියා තෝමස් හෑල්ලුවට ලක් කරමින්.


 




තවද (කැනඩාවේ හෝ එංගලන්තයේ) ස්ත්‍රී දූෂකයෙක් සිරගත කිරීමට උසාවිය තීරණය කලා. කපටිකමට ඌ තමන් මේ මොහොතේ සිට ගැහැනියකු යැයි ප්‍රකාශ කලා. එවිට, ඌව සිරගත කලේ ගැහැනු සිරගෙදරකය. එවිටත් මෙම විකෘතියේ බරපතලකම මතු වුනා. ස්ත්‍රී දූෂකයාට ලොතරැයියක් ලැබුනා බදුය. අන්තිමේදී අධිකරණ ඇමතිවරියට ඉල්ලා අස්වෙන්නට පවා සිදු වූවා.

වයස හත අට දරුවාට සමලිංගික හා ලිංගික දැනුම එම ගුරුවරුන් විසින් දැන් ලබා දෙනවා. "ලිංගික දර්ශන" එම දරුවන්ට පෙන්වනවා. සිතන්න එම කුඩා දරුවා ඔබේ යැයි කියා. ස්වයං වින්දය කරන වීඩියෝ දර්ශන, ස්ට්‍රිපිං වීඩියෝ දර්ශන එම දරුවාට පෙන්වනවා නම් ඔබ කුමක් කරයිද? මා නම්, ඇත්තටම එම ගුරුන්ගේ ලිංගය කපා එල්ලනවා. දරුවන්ගේ දෙමව්පියන් ඒවාට විරුද්ධව වැඩ කරනවා. එහෙත් ඒවාට බලදාරින් කන් දෙන්නේ නැත. ඊට හේතුව එම රටවල ආණ්ඩු ප්‍රතිපත්තිමය වශයෙන් සමලිංගිකත්වයට අනුග්‍රහ දක්වනවා.  එම විස්තර හා දර්ශනද යූටියුබ් තුල ඔබට බැලිය හැකිය.






ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරනයට අලුතින් විනිසුරුවරියක් පත් කිරීමට පෙර සාමාන්‍යයෙන් ඇමරිකාවේ සෙන්ට් සභාවේ ප්‍රසිද්ධ සම්මුඛ පරීක්ෂනයකට ලක් කර එම පුද්ගලයාගේ පැටිකිරිය සොයා බලනවා. එවැනි සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රේෂ්ටාධිකරනයට පත්වීමට යන විනිසුරුවරියකගෙන් සෙනට් සභිකයෙක් ප්‍රශ්නයක් අහනවා "ගැහැනිය යනු කවරෙක්ද" කියා. එවිට එම ගැටලුවට පිලිතුරු දීමට ඇය ප්‍රතික්ෂේප කරනවා. සමලිංගික පිස්සුවේ උපරිමය එතනය. ගැහැනිය හා පිරිමිය යනු තවදුරටත් අපි කවුරුත් දන්නා ගැහැනු හා පිරිමි නොවේ උන්ට අනුව. එතකොට අහනවා ගැහැනිය හා පිරිමිය යනු කවරේද යනුවෙන් වෙන් කර හදුනාගන්න බැරිව කොහොමද ඔබ උසාවියේදී බරපතල ගැටලු විසදන්නේ කියා. ඊට ඇය පිලිතුරු නොදී සිටිනවා. ඇයව උසාවි විනිසුරු දුරයට ආන්ඩුව පත් කරනවා. අන්න ඒකයි විකෘතියකට ආන්ඩුවක් අනුග්‍රහ දක්වන විට සිදු වන දේ. ලංකවටත් එය වීමට ඉඩ තිබෙනවා. 



උන්ට අනුව, පිරිමින්ටත් ලමයි පිලිසිඳ ගනී. "අම්මා" හා "තාත්තා" යන වචනය ඉවත් කරන ලෙස උන් ඉල්ලා සිටී. ඒ වෙනුවට "ලමයි බිහි කල හැකි පුද්ගලයා" (breeding person) යනුවෙන් අලුත් වචනයක් භාවිතා කරයි. ඒ අනුව අපේ අම්මා අම්මා නොව "පැටව් හදන මිනිසා"ය. සාමාන්‍ය මරිමෝඩ ජනයා විතරක් නොව, ශ්‍රේෂ්ටාධිකරන විනිසුරුවන් පවා එම විකෘතිභාවයට පත්ව සිටීම විමතිය දනවයි. එය "දේව ශාපයක්ම" තමයි. ලංකාවටත් එම ශාපය අවශ්‍යද?

ඇමරිකාව තුල (විශේෂයෙන් අපි කවුරුත් ආදරය කල ඩිස්නි), හැම ලමා කතාවක්ම සමලිංගික කරයි. ඒ අනුව අපි පොඩි කාලේ කියවපු, හා නරඹපු ඇනිමේෂන් චිත්‍රපට හා කාටුන් සියල්ල ආයෙත් ප්‍රතිනිර්මානය කෙරෙනවා සමලිංගික වර්ෂන් ලෙස. එවිට, ලමුන් ආදරය කරන චරිත සමලිංගික හැසිරීම් ඇති අය වේ. මේ සියල්ලෙහිම අරමුන ලමුන් සමලිංගක කිරීමය. ඇයි? ඇයි? ඇයි?



ලංකාව තුලත් එම කතා දැනටත් පෙන්වයි. මට මතකයි හිරු ටීවී එකේ ඇට්ලැන්ටිස් (මට මතක විදියට ඒක තමයි නම) කතා මාලාවේ අප කවුරුත් දන්නා සුප්‍රසිද්ධ ගනිතඥයෙකු වන පෛතගරස් සමලිංගිකයෙක් ලෙස ඉදිරිපත් කලා. ස්වර්ණවාහිනියේ ගිය සුපර්වුමන් හි සුපර්වුමන් සමලිංගික වේ (ඇය සිපවැලද ගන්නේ ආදරය කරන්නේ තවත් ගැහැනියකි). එය බටහිර සමලිංගික කුමන්ත්‍රනයකි.

සමලිංගිකත්වය අහිංසක දෙයක් නම්, එවැනි කුමන්ත්‍රනකාරී ලෙස ආක්‍රමනශීලී ලෙස හැම පැතිකඩක්ම විකෘති කරමින් පතුරුවන්නේ ඇයි? 

ඔබ සමහරවිට නොදන්නවා ඇති ස්ත්‍රී හා පුරුෂ යන ජීව විද්‍යාත්මක ලිංග (gender) 2ට අමතරව තවත් genders 80ක් පමන පවතින බව ඔවුන් පිලිගන්නවා. පූසා, බල්ලා, ආදී සතුන්ද ලිංග ලෙස පිලි ගන්නවා. ඒ අනුව කෙනෙකු ස්ත්‍රී හෝ පුරුෂ හෝ පූසා හෝ බල්ලා හෝ විය හැකියි. ඔබට සිනහා යා හැකි වුවත්, ඇමරිකාව වැනි සමලිංගික පිස්සුව උපරිමයට ගිය රටවල එය අද යථාර්ථයකි.













මෛත්‍රී ජනපතිව සිටි කාලයේ විදෙස් ඇමති ලෙස කටයුතු කල මංගල සමරවීර එක්සත් ජාතින්ගේ LGBT (සමලිංගිකයන් හඳුන්වන අලුත් ලස්සන නම) ප්‍රතිපත්තියට අනුග්‍රහ දක්වමින් ලංකාටද ඊට කැමත්ත පල කරමින් අත්සන් කර පැමිනියා. එය ලංකා නීතිය අනුව කල නොහැකිය මොකද ඒ මොහොතේ හා දැනුත් සමලිංගිකත්වය ලංකාවේ අපරාධ ගනයේ වරදකි. එක්කෝ එම අත්සන ලංකා රජය විසින් නැවත ඉවත් කල යුතුව තිබුනි. විදෙස් ඇමති එම තනතුරින් ඉවත් කර දඩුවම් කල යුතුවද තිබුනි. ඒ කිසිවත් සිදු නොවුනි. 

රටේ නීතිය අනුවත්, ලංකාව තනි සමාජයක් ලෙසත් ගත් කල සමලිංගිකත්වයට විරුද්ධ වුවත්, දැන් ලෝකයා දකින්නේ අපිත් ඊට කැමති බවයි. මෙම තත්වයම තමයි ලෝකය පුරාම පවතින්නේ. මුදල් හා බලය තිබෙන ඉතා සුලු පිරිසක් ක්‍රියාත්මක වීම නිසා, සමලිංගික ව්‍යාපාරය ඉතා විශාල පිම්බීමක් පෙන්වනවා. එනිසා, ඔවුන් ඉතා විශාල පිරිසක් බවත්, අපත් උන් හා එකතු වීමට අවිඥානකව බල කෙරෙනවා.

ඊට අකමැති සුලු පිරිසක් හෝ අවදි වුවොත්, එම සුලු පිරිසත් ප්‍රමානවත් මෙම විකෘතිය පැතිරීම වැලැක්වීමට. ඇමරිකාව තුල දැන් දැන් මිනිසුන් ඊට එරෙහි වන බවක් පේනවා. ඩිස්නි ආයතනය ඉතා දැඩි පාඩු ලබමින් සිටිනවා මිනිසුන් ඒවා වර්ජනය කරන නිසා. 

එහෙත් ලංකාවේ නම් එය වන පාටක් පෙනෙන්නට නැත. මෙච්චර දරුනු මත්ද්‍රව්‍ය වලට නොනැගිට්ට ජනයා සමලිංගිකත්වයට නැගටීද? නැත. උන්ගේ පුත්තු රැවුල වවාගත්තු තවත් පිරිමියකු අරං අම්මේ මෙයා තමයි මගේ ආදරේ කරන කෙනා කියපු දවසට තේරේවි. සෑම දෙයක්ම තමන්ට සිදු වන තෙක් දාර්ශනිකය.

වාසනාවකට මෙන් අතිශය බහුතර ජනයා මීට අනුගත නැත. සාමාන්‍ය ජනයා ඕනෑම තත්වයක් තුල වුවද තමන්ට පෞද්ගලිකව අනර්ථයක් සිදු වන තෙක් සියල්ල කරබාගෙන සිටී. එය මානව දහමයි. ආත්මාර්ථයේ එක් පැතිකඩක් එය. ඒ නිසාම තමයි, රටක, ගමක වුවද සියලු කුඩු වැනි අනර්තයන් පැතිරෙන්නේ.

ජීව විද්‍යාව හා සාමාන්‍ය විද්‍යාව අනුව බැලුවත් සමලිංගිකත්වය විකෘතියකි. ලිංගිකත්වය පවතින්නේ ලිංගික ක්‍රමයට ජීවීත්වයේ අඛණ්ඩතාව පවත්වාගෙන යන ජීවින්ගේ පැවැත්මටය. ආදරය යනුද ඊට සපෝට් කරන්නට තිබෙන දෙයක් පමනි. ලිංගිකත්වය හා ආදරය යනු ටොපිය හා ටොපි කොලය බඳුය. 

කවදත් මිනී මරන හා මිනී මරන්නට හිතෙන විකෘති මානසිකත්වය තිබෙන මිනිසුන් සිටී. එවැනි මිනිසුන් කොන් කරන්න හොඳ නැහැ කියා මිනීමැරීම අප සාධාරණීකරණය කරනවාද? ස්ත්‍රී හෝ ලමා දූෂනය කරන විකෘති මානසිකත්වය කවදත් තිබේ. එයත් මානවයන් දන්නා කල සිටම සිදු වූවක් යැයි කියා නීත්‍යානුකූල කරමුද? එවිට සමහරෙක් තර්ක කරන්නේ ඒ දෙකෙන්ම අනිකා අකමැත්තෙන් වන දෙයක් නිසා, සමලිංගිකත්වය දෙන්නගෙ කැමත්තෙන් සිදු වන නිසා, ඒවා සැසඳිය නොහැකි බවයි. 

එසේ නම්, අම්මා හා පුතා, තාත්තා හා දුව, සහෝදරයන් හා සහෝදරියන් හෝ පවුලේ ලඟම ඥාතින් අතර ලිංගික ක්‍රියාකාරකම් (නීතියේදී මෙය ව්‍යාභිචාරය - incest  ලෙස හැඳින්වේ) එවුන්ගේ කැමැත්ත ඇතුව සිදු වේ නම්, ඉඩ දෙමුද? 

සල්ලිකාර පවුල්වල තාත්තලා හා දුවල අතර එය සුලබව සිදු වන බව ලංකාවේ ප්‍රසිද්ධ මනෝචික්තක වෛද්‍යවරයකු නිල්මින් තෙන්නකෝන් ඉදිරිපත් කල දෙරන රූපවාහිනි වැඩසටහනකදී පවසනු මා දැක තිබේ. ඔහු ගාවටත් එවැනි තාත්තලා එය නවත්වා ගැනීමට මානසික ප්‍රතිකාර ගැනීමට එන බව ඔහු පැවසුවා. තවත් අවස්ථාවක, උසස් පොලිස් නිලධාරියෙකුද එවැන්නක් ප්‍රකාශ කලා තමන්ගේ රාජකාරී ජීවිතයේ විදින්නට සිදු වූ අප්‍රසන්නම රාජකාරි ගැන කතා කරද්දි. ඉතිං, ඒවා අප්‍රසන්න බව නොකියා ප්‍රසන්න කරමුද ව්‍යාභිචාර අපරාධය ඉවත් කර හා සමාජයේ ඊට තිබෙන ගර්හිත තත්වය ඉවත් කර? එය අවශ්‍යම නම් කල හැකියි අපට පැරනි කතා ගොන්නක් කියමින්. සිංහබභාහු කතාවට අනුව අප පැවත එන්නෙත් අයියයි නංගියි එකතු වීමෙනි. බයිබල් කතාවලත් බැබිලෝනියාවේ අම්මව කසාද බැදපු රජකු ගැන පවසයි. රෝම ග්‍රික කතාවල ව්‍යාභිචාරය ඉතාම සාමාන්‍ය දෙයකි. රජ කාලයේ මෙවැනි සිද්ධි ඕනෑ තරම් තිබේ. ඉතිං ඊට අපි ඉඩ තබමුද?

මෙලෙස සමලිංගිකත්වය යනු විකෘති තත්වයකි. එහෙත් එය සමාජය තුල නිතර නිතර කියා එම වචනය හා සංකල්පය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. කුඩු යනුද අපට දැන් සාමාන්‍ය දෙයකි. අහල පහල ගෙවල් 10ක් ගතහොත් ඉන් දෙක තුනක වත් කුඩු ගසන අය සිටී. උන් අපේ හිතවත්තුද වේ. එය ගානක් නැත. එලෙසමයි, දේශපාලුවන් රට මංකොල්ල කන එකත්. එය අපට සාමාන්‍ය දෙයකි. රාජපක්කලාට කඩේ ගිය එවුන් එකල අප සමග පවසන්නේ කවුරු ආවත් ඉතිං හොර වැඩ කරන බවත්, ඒවා කරමින් රටටද සේවයක් කරනවා නම් ගැටලුවක් නැති බවයි. ඉතිං, අපට ඕන නම්, ඕනම කුනුහරුපයක් ක්‍රමක්‍රමයෙන් සමාජගත කල හැකිය. සමලිංගිකත්වයත් එසේමය.

මීට පෙන්විය හැකි හොඳම උදාහරනය ස්කොට්ලන්තයයි. සමලිංගිකත්වයට තදින්ම විරුද්ධ රටක් එය. ජනමත විචාරණයකින් 80%ක් පමන ඊට විරුද්ධ විය. එහෙත් සමලිංගික කුමන්ත්‍රනය එම රට තුල දැඩිව ක්‍රියාත්මක විය. අවුරුදු කිහිපයකට පසුව නැවත ජනමත විචාරනයක් පැවැත් වූ විට, එම රට තුල සමලිංගිකත්වයට බහුතරය කැමැත්ත පල කර ඇත. දැන් එම රට තුල සමලිංගිකත්වය නීත්‍යානුකූල වේ. මේවා කුමන්ත්‍රන බව නොපෙනේ නම් ඌ පිස්සෙකි.

සමලිංගිකත්වය දැන් ඇමරිකාව කැනඩාව වැනි රටවල පවතින විකෘති තත්වයට ගෙන යන ක්‍රමය හරි සරලය. ලංකාවේත් එය සිදු වේවි. මුලින්ම එය අහිංසක මානුසික දෙයක් සේ පෙන්වයි. එහි මුල් පියවර සමලිංගික ලිංගික ක්‍රියාකාරම්ය. ඉන්පසු සමලිංගික විවාහ මට්ටමට එය දියුනු වේ. එවිට, ලමුන් බිහි කිරීමට උන්ට බැරිය. ලමුන් පිටින් ලබා ගනී. එහෙමත් නැතිනම්, ස්ත්‍රීන් හෝමෝන ප්‍රතිකර්ම හා සැත්කම්වලින් පිරිමි පෙනුමක් ලබා ගනී (transgender). දැන් ඒ "පිරිමි පෙනුම ගත් ගැහැනිය" ලමයෙක් ජනිත කරයි (පෙනුම පිරිමි වුනාට තවමත් ගැහැනියක් නිසා). එහෙත් නීතිය හා සමාජය හමුවේ එයා පිරිමියකි (ජීව විද්‍යාවට #$ ගන්න කියලා). දැන් ලමයා හමු වී තිබෙන්නේ පිරිමියෙකුට බව අපි හැමෝටම පිලි ගන්න කියා බල කරයි. නීතිය එය පිලිගනී; එනිසා අපටත් පිලිගන්න යැයි බල කෙරේ. එවිට, පිරිමින්ටත් ලමයි හම්බ වෙනවා යැයි අලුත් විකෘති සංකල්පයක් බිහි කරයි. එවිට, අම්මා තාත්තා වැනි ස්ත්‍රිත්වය පුරුෂත්වය හඟවන සාම්ප්‍රදායික වචන තිබීම බාධාවකි. එනිසා, "ලමුන් බිහි කරන මිනිසා" යන විකාර වචන හදුන්වා දේ. මෙම විකෘතිය සාමාන්‍ය දෙයක් බවට පෙන්වීමට සංස්කෘතිය, විද්‍යාව, හා මිනිසුන්ගේ බුද්ධිය කලඹවන සංකල්ප හා තර්ක මතු කරයි මොකද උන් දන්නවා කොතරම් විකෘතියක් වුවත් කාලයක් එම සංකල්ප සමාජය තුල නිතර නිතර භාවිතා වන විට, ඒවා ඉබේම සාමාන්‍ය දෙයක් බවට පත් වනවා (උදාහරන ලෙස ඒකනෙ අද, මනාලියකට අන්දවන්න ලක්ෂ ගානක් පිරිමියෙකුට ගෙවන මට්ටමට මිනිසුන් පත්ව තිබෙන්නේ).













දැන් අපේ කරුමෙට ජවිපෙ සමලිංගකත්වය සමාජගත කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් සූදානම් වේ. එය ගර්හිතය. ලැජ්ජිතය. කුජීතය. මෙය විතරක් නොව, තවත් අප්‍රසන්න ප්‍රතිපත්ති ගනනාවක් පිලිගෙන ඇත. උන්ට රට භාර දුන් විට, අද ඇමරිකාවට, කැනඩාවට වෙච්ච දේ ඉක්මනින් අපටත් සිදු වේවි. ගැහැනිය පිරිමියා හදුනන්නෙ නැති පිරිසක් බිහි වේවි. අපට අවශ්‍ය එවැනි රටක්ද? 

ජවිපෙ ප්‍රසිද්ධියේ එම ප්‍රතිපත්ති හකුලා ගත යුතුය. 

ඊට සමාව ඉල්ලා සිටිය යුතුය. 

එවැනි දේට විරුද්ධව කටයුතු කරන බවට ප්‍රතිඥා දිය යුතුය. 

නැතිනම් වෙන්නේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි දේකි. සිංහල ගොං හැත්ත කවදත් කලේ ඒකය. පෘතුග්‍රීසින් එලවා ලංදේසින් ගෙන්වා ගත්තා. ලංදේසින් එලවා දමා ඉංග්‍රිසින් ගෙනවා ගත්තා. ඉන්පසුත් ස්වදේශික පාලකයන් වුවද රටට අවශ්‍ය විදියට පත් කර ගත්තේ නැත. මූසල දේශපාලුවන් දශක ගනන් පාර්ලිමේන්තුව තුල සිටින්නේ හාස්කමින් නොව, ගොං හැත්තගේ ඡන්දයෙනි. ලංකාවට මෙතෙක් නොතිබූ අමුතුම විකෘති ගනනාවක් ජවිපෙ හරහා රටට වැද්ද ගැනීමට දැන් මුං සැරසේ. ඉන්පසු මරු. අපිට රෙදි නැතිව විකෘතිකයන් සේ ජීවත් වීමට වටපිටාව හැදෙනු ඇති.