Skip to main content

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත 1 ඩවුන්ලෝඩ් කර ගැනීම

මා මෙතෙක් කොටස් වශයෙන් බ්ලොග් පෝස්ට් ලෙස පළ කළ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් මාලාව සම්පූර්ණ පොතක් ලෙස PDF ෆෝමැට් එකෙන් සකස් කර නොමිලේ පහත ලින්ක් එකෙන් ඩවු‍න්ලෝඩ් කර ගැනීමට සලස්වා ඇත.

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත 1

මෙම පොත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ මාගේ අනුමැතිය තොරව මුදලකට හෝ නොමිලේ වෙන අයකු විසින් ලබා දීම නොකළ යුතුය. වෙනත් වෙබ් අඩවිවලද පළ කිරීම නොකළ යුතුය.

මා මෙතෙක් බ්ලොග් සටහන් ලෙස පළ කළ පාඩම්වල යම් යම් සුළු දෝෂ තිබුණු අතර, ඒවාද නිවැරදි කර ඇත. තවද, ‍බ්ලොග් පාඩම්වල නොතිබූ කරුණුද ඇතුළත් කර ඇත. (ඇත්තටම මා බ්ලොග් පෝස්ට් ලෙස පළ කළේ කිසිම පෘෆ්රීඩ් කිරීමක් නොකරයි.) තවද, අවසන් පාඩම ලෙස ඇති ගණිත අතිරේකය කිහිප වතාවක්ම බ්ලොග් පෝස්ට් එකක් ලෙස පළ කිරීමට උත්සහ කළත් ඒ සෑම අවස්ථාවකම මෙම බ්ලොග් සර්විස් ‍එකෙන් එය ප්‍රතික්ෂේප වූ නිසා, එම ගණිත අතිරේකය බ්ලොග් පාඩම්වල නැති අතර, එය මෙම පොතේ ඇතුළත්ය.

මී ළඟ පොතට ඇතුළත් වන කරුණුද පාඩම් වශයෙන් පළ කිරීම මින් පසු සිදු වේ.

Comments

  1. ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳව දැනුමක් ලබා ගැනීමට සර්ච් කරමින් යන විටයි මට ඔබතුමාගේ මේ බ්ලොගය හමු වුනේ. මෙම ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් මාලාවේ වටිනාකම කියා නිම කල නොහැකියි. ඒ වගේම ඔබතුමාගේ අනෙකුත් ලිපිද ඉතාමත් වතිනවාඅ. ඒ සියල්ලම කියවීමටද මා බලාපොරොත්තු වෙනවා.

    මෙයද කිව යුතුමයි. ඔබතුමාගේ ලිපි බලන විට සිතෙනවා ඔබතුමා මෙතරම් දැනුම් සම්භාරයක් ලබා ගත්තේ කොහොමද කියලා. ඔබතුමා මේ බ්ලොගය මගින් කරන්නේ ජාතික සේවයක්. දැනුම මුදලට සීමා නොකර ලබා දීම ඔබතුමාට මහත් පිනක්.

    මේ කර්තව්‍යය දිගටම කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා...

    ReplyDelete
  2. :) ස්තූතියි රජිත්. ඔබ කැමැති පාඩම් තිබේ නම් ඒවා කියවා හොඳින් ඉගෙන ගන්න. උනන්දුවක් දක්වය තව අය දන්නේ නම්, ඔවුන්ටද මේ ගැන කියන්න. ඉලෙක්ට්‍රොනික්ස් ගැනත් මා දන්නා තව විෂයන් ගණනාවක් ගැනත් ඉදිරියටත් ලිවීමට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  3. අද තමයි මට මේ සයිට් එක හම්බ වුනේ. බොහොම ස්තුතියි ඔබ කරන මේ සේවයට.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ගොඩක් වටින බ්ලොග් එකක් ගොඩක් දේවල් තියනවා ඉගනගන්න.
    ඔබ තුමාට ගොඩක් පිං.
    තවත් අලුත් දේවල් දිගටම ලියන්න.

    ReplyDelete
  6. ස්තූතියි දෙන්නටම :) මං ඉලෙක්ටොනික්ස් පොත් පෙළේ දෙවන පොතට අයත් පාඩම් ළගදිම ලියන්න පටන් ගන්නවා. කියවලා සාකච්ඡා කරලා ඉගෙන ගන්න.

    ReplyDelete
  7. ඉතාම සරලව පැහැදිලි කර දී තියනවා බොහොම ස්තුතියි
    මෙය කියවා ගෙන යාමේදී මට පොඩි ගැටලුවක් ඇතිවුනා
    මෙහි කියලා තියනවා ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ රින සිට ධන අග්‍රය දක්වා බව
    නමුත් වැරදි ලෙස මෙය + සිට - දක්වා ගලන බව මුලදී ප්‍රාකාශ කර එය දිගටම ඒ ලෙස පවත්වා ගෙන යන බව
    මට ඇති ගැටලුව නම් මේ ලෙස ඇති විට - ground කලවිට (උදා; වාහනයක) එම ground අග්‍රය නිතර අප හා ගැටෙන නිසා ඉලෙක්ට්‍රෝන (ධාරාව ) අපතේයාමක් සිදුනොවන්නේද ?
    ඔබගේ පහැදිලි කිරීම අගය කරමි

    ReplyDelete
  8. ස්තූතියි ලාල්. :) ඔව්... සත්‍ය ලෙසම විදුලියට හේතුව ආරෝපණය (charge) නමින් හැදින්වෙන භෞතික ගුණයයි. නවීන විද්‍යාව (ක්වන්ටම් හා පරම අංශු භෞතික විද්‍යාව) අනුව නම්, ක්වාර්ක්ස් පවුලේ හා ලෙප්ටන් පවුලේ ආරෝපිත අංශුවලටත් ඒවායේ ප්‍රතිඅංශු (anti-particles) වලටත් මෙම ආරෝපණය නම් ප්‍රමූලික (fundamental) ගුණය ඇත. එය සංකීර්ණ වැඩි නිසාත්, පොදුවේ ගත් කළ ප්‍රතිඅංශු හා ක්වාර්ක් සමග ඍජුව අපට වැඩ කිරීමට සාමාන්‍යයෙන් අවස්ථාවක් නැති නිසාත්, ලෙප්ටන් පවුලේ ආරෝපිත අංශුවලින් ඉලෙක්ට්‍රෝන හැර අනෙක් අංශු දෙවර්ගය (මෝ හා ටෝ අංශු) අපට සාමාන්‍යයෙන් හමු නොවන නිසාත්, ඉලෙක්ට්‍රොනික්ස්වල ආරෝපණය යන ගතිගුණය ගැන කතා කරන විට ඉලෙක්ට්‍රෝන ගැන පමණක් කතා කිරීමට සිදු වෙනවා. කෙටියෙන් කියනවා නම් ආරෝපණය යනු ඉලෙක්ට්‍රෝන නිසා ඇතිවන්නක් බව කිව හැකියි. ඉතිං විදුලිය යනු ආරෝපණ ගමන් කිරීම (හෝ රැස්ව තිබීම) ලෙස අර්ථ දක්වා තිබෙන නිසා, ඒ කියන්නේ විදුලිය යනු ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම (හෝ රැස්ව තිබීම) වේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව සත්‍ය ලෙසම විදුලිය ගමන් කරන දිශාව වේ. එහෙත් මෙම සත්‍ය සිද්ධිය අතීතයේ එලෙසම දැන සිටියේ නැත. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් නම් විද්‍යාඥයා එකල ප්‍රසිද්ධ කළ මතය වූයේ විදුලිය යනු යම් ධන අංශු වර්ගයක් ගමන් කිරීම නිසා ඇති වන්නක් කියාය. එම ධන අංශු ගමන් කිරීම විදුලිය ලෙසත්, එ්වා ගමන් කරන දිශාව විදුලියේ දිශාව ලෙසත් සැලකුවා. පසුකාලිනව ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනය මිස ධන ආරෝපිත අංශු වර්ගයක් ගමන් කරන්නේ නැති බව වටහ ගත්තා. ඉතිං මෙම ප්‍රශ්නය ගැටලුවක් ඇති නොවන සේ විසදගන්න "ඉලෙක්ට්‍රෝන විදුලි ධාරාව" හා "සම්මත විදුලි ධාරාව" යනුවෙන් සංකල්ප දෙකක් හදුන්වා දුන්නා. බෙන්ජමින්ගේ න්‍යාය මත පදනම්ව තමයි සම්මත විදුලි ධාරාව යන සංකල්පය ගොඩනගා තිබෙන්නේ (එනම් විදුලිය යනු ධන අංශු ගමන් කිරීමක් නිසා ඇති වන්නක් බව). නවීන විද්‍යාව අනුව සැබෑම විදුලි ධාරාව තමයි ඉලෙක්ට්‍රෝන විදුලි ධාරාව. ඇත්තෙන්ම මේ දෙකේ ගණිතමය වශයෙන් වෙනසක් නැත; දිශාව පිළිබද ප්‍රශ්නයක් පමණයි තිබෙන්නේ. වැඩිපුර පොතපතේ යොදා ගන්නේ සම්මත විදුලි ධාරාවයි. යම් වයර් එකක් තුළින් සම්මත විදුලි ධාරාව ගමන් කරන්නේ වමේ සිට දකුණට නම්, ඉලෙක්ට්‍රෝන විදුලි ධාරාව ගමන් කරන්නේ ඊට විරුද්ධ පැත්තට (එනම් දකුණේ සිට වමට) යනුවෙන් සිතීම පමණයි කළ යුත්තේ. මා සිතන්නේ මගේ පොතේ සදහන් කර තිබෙන්නේ එයයි.

    ධන ආරෝපන/අංශු වැඩිපුර තිබෙන අග්‍රය ධන අග්‍රය ලෙසද, එවිට ඉබේම අනෙක් අග්‍රය ඍණ අග්‍රය ලෙස සැලකිය හැකියි. එලෙසම, ඍණ ආරෝපන/අංශු වැඩිපුර තිබෙන අග්‍රය ඍණ අග්‍රය ලෙසද, එවිට ඉබේම අනෙක් අග්‍රය ධන අග්‍රය ලෙසද සැලකිය හැකියි. අන්න එහෙමයි විදුලියේදී ධණ හා ඍණ තේරුම් ගත යුත්තේ. ground/earth යනු ධන හෝ ඍණ හෝ නොවේ. එය නිකංම උදාසීන ලයින් එකක්. එහෙත් අපේ (වැරදි) පුරුද්දක් තිබෙනවා ධන අග්‍රයක් සමග තිබෙන විට ග්‍රවුන්ඩ් එක ඍණ ලෙස සලකන්නට (හා ඍණ අග්‍රයක් සමග තිබෙන විට ග්‍රවුන්ඩ් එක ධන ලෙස සලකන්නට). මොහොතකට පෙර මා ධන ඍණ තේරුම් කළෙත් ඇත්තෙන්ම මෙම වැරදි එහෙත් කාටත් පුරුදු ක්‍රමයෙනි.

    ReplyDelete
  9. විදුලිය සමග වැඩ කිරීමට විදුලි ශක්ති ප්‍රභවයක් (electric power source) එකක් අත්‍යවශ්‍යය බව දන්නවානේ. එය බැටරියක් හෝ ඩයිනමෝවක් හෝ සූර්යකෝෂයක් හෝ වෙනත් එවැනි දෙයක් විය හැකියි. මේ කුමක වුවත් සිදුවන්නේ (ප්‍රකාශවිද්‍යුත් ආචරණය, ජෙනරේටර් ක්‍රියාවලිය වැනි කිසියම් විද්‍යාත්මක සංසිද්ධියක් නිසාවෙන් හටගන්නා) අතිරික්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඉන් ඉවතට ලබා දීමයි. මෙහිදී එක් කොන්දේසියක් ඇත. එනම්, තමන් "යම් තැනකින්" ඉවත් කරන ඉලෙක්ට්‍රෝන එකක් නෑර අනිවාර්යෙන්ම "තවත් තැනකින්" එය තුළට නැවත ඇතුලු විය යුතුමය. මෙම තැන් දෙක තමයි අපි අග්‍ර (බැටරියේ අග්‍ර) ලෙස සලකන්නේ. ඉතිං මෙම අග්‍ර (තැන්) දෙක ඉලෙක්ට්‍රෝන ගමන් කළ හැකි සන්නායකයකින් (වයර් එකකින්) එකිනෙකට සම්බන්ධ කළ විට එක් අග්‍රයකින් පිටවන අතිරික්ත ඉලෙක්ට්‍රෝන අනෙක් අග්‍රයට එයි. නිකංම වයර් කැබැල්ලකින් එම අග්‍ර දෙක සම්බන්ධ නොකර, වයර් එක මැදින් බල්බයක් හෝ මෝටරයක් හෝ වෙනත් ඕනෑම විදුලි උපාංගයක් සම්බන්ධ කළ විට, එම උපකරණය ක්‍රියාත්මක වේ. විදුලියෙන් වැඩ ගන්නේ එහෙම නේද? ඉතිං බැටරියේ එක් අග්‍රයකින් පිටවන ඉලෙක්ට්‍රෝන පොලොවට හෝ වෙනත් තැනකට සම්බන්ධ කිරීමෙන් එම වැඩිපුර ඉලෙක්ට්‍රෝන පොලොවට ගමන් කරනවා යැයි සිතීමම වැරදියි. එවිට මා ඉහත කියූ කොන්දේසිය කැඩේ. මතකද කොන්දේසිය? ඉවත් වන සෑම ඉලෙක්ට්‍රෝනකයක්ම නැවත එය තුලට එනවා නම් පමණයි එය ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. හැබැයි මෙහෙම කළ හැකියි. බැටරියේ එක් අග්‍රයක් ශරීරය හරහා හෝ කම්බියක් හරහා පොලවට සම්බන්ධ කර, අනෙක් අග්‍රයද එලෙස පොලොවට සම්බන්ධ කළ හැකියි. දැන් කම්බි, ශරීරය, හා පොලව යන තුනම හරහා එක් අග්‍රයකින් පිටවන ඉලෙක්ට්‍රෝන (විදුලිය) අනෙක් අග්‍රයට ගමන් කරනවා. එහෙත් මෙහිදී ඕම් නියමය අනුව එලෙස ගමන් කරන ඉලෙක්ට්‍රෝනවල ප්‍රමාණය (හෙවත් ධාරාව) ඉතා කුඩා විය හැකියි.

    ReplyDelete
  10. niyamai. godak honda wadak. thuthiyi.

    ReplyDelete
  11. dennatama sthuthiy. :) mage dewani pothath dan thiyenawa publish karala. ekath kiyawanna.

    ReplyDelete
  12. ගොඩක් වටින ලිපි පෙළක්. බොහොම ස්තූතියි. දිගටම කරගෙන යන්න....

    ReplyDelete
  13. ගෙඩක් මහන්සි වෙලා කරපු නිර්මාණයක්. ඒ නිසා මම ඒක අගය කරනවා. මුදල් පසුපස හඹායන සමාජයක ඔබ කරන්නාවූ සේවාව මිල කල නොහැක.

    ReplyDelete
  14. Sir thanks mewa demmata...godaak watinawa...digatama karagena yanna..loku pinak..

    ReplyDelete
    Replies
    1. thank you :) ow... idiriyedi transistor, digital electronics genath liyanawa.

      Delete
  15. Good job.. really useful.. thankyou very much

    ReplyDelete
  16. නියම වැඩක්...
    තව තවත් ශක්තිය ධෛරිය ලැබ‍ේවා....

    ReplyDelete
  17. මේ පොත් බොහොම වටිනව ඔබට ස්තූතිය

    ReplyDelete
    Replies
    1. :)... ඉගෙන ගන්න කැමති අයටම සෑදුණු ලෝකයක් අද තියෙන්නේ... විශ්ව විද්‍යාල ගානෙ බඩ ගාන්නෙ නැතිව ගෙදර සිටම ඉගෙන ගන්න හැකියි... ඉන් ප්‍රයෝජන අරන් අන්තර්ජාලයේ ඇති වටිනා අතිවිශාල දැනුමෙන් ආලෝකයක් ලබා ගන්න.

      Delete
  18. Sir,mage jewetha kiywapu watinama blog eka nattnm potha kiuwoth niwaradi.saralawa hamdykma kiyala dila tiynwa.ea wagema oba thumage watina kaalaya mae wenuwa waya karata godak pin.

    ReplyDelete
    Replies
    1. thank you Nuwan. Igena ganna, thawa ayata uganwanna... lamain ha tharunain danum karunu gena nirantharayen sakachcha karana samajayak atthatama dakinna ha nirmanaya karanna sihinayak mata thiyenawa. :)

      Delete
  19. ඔබගේ බ්ලොග් එක ගැන මට කීමට ඇත්තේ පමාවී උදාවු වසන්තයක් (මට) වැනියැයි කියාය මටත් මේ බ්ලොග් අඩවිය හමුවුනේ අහම්බෙන්.ඇත්තටම මීට පෙරින් මේ අඩවිය හමුවෙලා තිබුනානම් ......එසේ නොවී දැන් වුවත් මේහි වටිනාකමේ කිසිදු අඩුවක් නොමැත්තේ වුවත් පෙරදී මෙකී අඩවියට ගොඩවැදුනානම් අද දවස වන විට සෑහෙන දැනුමක් ලබා ගන්න තිබුනා.ඒත් දැන් ඉතින් ලැබුනු දේ ඉක්මනින් උකහා ගන්න උත්සහ කරනවා ....කොහොමත් ඉතිං කලු ගල් බොරළු හම්බවෙන තරම් ඉක්මනින් මැණික් ගල් හම්බවෙන්නේ නැහැ නෙව.හැබැයි ඉතිං ප්‍රමාදවී ලැබුණත් මැණිකේ වටිනාකම එහෙමමයි.විශේෂයෙන් කියන්න ඕන දේ තමයි ඔබේ ලිවීමේ රටාව හරි පැහැදිලියි සරළයි අවබෝධ කරගන්න හරිම පහසුයි.ඔබේ කැපවීමට මහන්සියට මගේ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. :) ඉගෙන ගන්න... තව අයට කියා දෙන්න...

      Delete
    2. අනිවාර්යෙන්ම ඔව් ඔබ කරන විදිහටම තවත් කෙනෙකුට මේ දැනුම් දෙන්න උත්සහ කරන්නම්

      Delete
  20. ගොඩාක් ස්තුතියී සර්...දිගටම කරගෙන යන්න...sirge maths pdf tiken mta maga aruna maths tikath cover kragtta...good job 👏 👏👏

    ReplyDelete
    Replies
    1. :) හැඟීමකින් යුතුව ආසාවෙන් ඉගෙන ගන්න. අනෙක් අයටත් ඉගෙන ගන්නට උදව් කරන්න.

      Delete
  21. sir ta pin aytiwenawa me karana wadeta attatama godakma watinawa...sir computer science karanna enna kenek t kochchraka electronics egenaganna tiyenawada?

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...