Skip to main content

ජනමාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හා දෙරණ ටීවී විගඩම

මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට එකවරම දෙරණ මාධ්‍යය ජාලය ඉදිරිපත් වී ඇත. ඇත්තටම ලංකාවේ ජනමාධ්‍යයට එවැනි දෙයක් අවශ්‍ය වේ.

අද සියළුම එ‍ෆ් එම් නාලිකාවල නිවේදක නිවේදිකාවන් කතා කරන්නේ උන් ර‍හසේ බුදියන පුරුෂයා හෝ ගැහැණියට කතා කරන අයුරින්ය. ඉස්සර "ඔබ" කියා අමතපු ආකාරය වෙනුවට අද කියන්නේ "ඔයා" කියාය. සෑම වචන දහයකට සැරයක් නිවේදිකාව "සෙක්සි" ‍කොක් හඬලා සිනහවක් දමයි. සිනහ වීම හොඳ දෙයකි. එහෙත් මෙය එවැනි අව්‍යාජ සිනහවක් නොව "මෝල් සිනහවකි". අපේ කො‍ල්ලෝ එම සිනහවට "මෝල්" වී පැණි හැලියට ඇලවුණු ඇඹලයන් සේ එම ‍මාධ්‍ය වෛශ්‍යාවන්ට සවන් යොමුකරගෙන සිටී. මේවාට ආචාර ධර්ම අවශ්‍ය කෙරේ.

රූපවාහිනියේ බොහෝ නිවේදිකාවන්ට තමන්ගේ "දිලෙසන ෂේව් කරපු කලවා" හා "එල්ලා වැටෙන ලොට තන්ද" පෙන්වීමට පුදුම මේනියාවක්ද ඇත. මුන්ට මෙච්චර අමාරුවක් ඇති නම්, රූපවාහිනි නිවේදනය අත් හැර නිල් චිත්‍රපටිවල රඟපාන ලෙස අප ඉල්ලා සිටිය යුතුයි. මෙම ප්‍රවණතාව වැඩි වීමට තවත් හේතුවක් නම්, වැඩසටහන් ඉදිරිපත් කිරීමට දැන් දමා ඇත්තේ නළු නිළියන් වීමය. අපට වෘත්තීමය නිවේදක නිවේදිකාවන්ගේ අඩුවක් තිබේද? මේ ගැනත් ආචාර ධර්ම අවශ්‍ය කෙරේ.

අප පොඩි කාලේ බලපු කාටුන් අදටත් ආදරයෙන් සිහිපත් වේ. ඒවායේ ළමා මනස පෝෂණය කරන බොහෝ දේවල් තිබුණි. අද කාටුන් වැඩි හිටියන්ට සාදපු animations වේ. ඒවායේ ගැබ්ව ඇති දේ, හා ඒවායේ දෙබස් කිසිසේත් ළමුන්ට උචිත නොවේ. මෙම කාටුන් විකෘති කිරීමේ වගකීම සිරස ටීවි එක විසින් භාරගත යුතුය. මේවාටද ආචාර ධර්ම අවශ්‍ය වේ.‍

ෂැම්පු ගාන්නේ හිසේය. එහෙත් ෂැම්පූ ඇඩ් පටන් ගන්නේම මොඩෙල්ගේ කකුල් දෙක පෙන්වාය. ඉන්පසු බාගෙට විවිර කරපු ළැම හා වෙනත් ලිංගික උත්තේජනයන් ඇති කරන සුළු දේවල් පෙන්වයි. ෂැම්පු ගාන විට අර ‍ඇඩ් එකේ සිටි මොඩෙල්ගේ කකුල්ද සිහිපත් වේ. ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් ඇඩ් එකේ පෙන්වන්නේ බුරිය වටේ පච්ච කොටපු ගැහැණුන්ය. සමහර විට ඒ නූඩ්ල්ස් ජාතිය කෑවාම ගැහැණුන්ගේ බුරිය වගේ ටැටූ වදිනවාද දන්නෙ නැහැ. මෙලෙස ටීවී එකේ යන බොහෝ ඇඩ්වල ලිංගිකත්වය අමු අමුවේ විකුණනවා. මෙය ඇඩ් සාදන උන් දැනුවත්ව කරන දෙයකි. (මෙය මනෝ විද්‍යාත්මක උපක්‍රමයකි) මෙවැනි බාල වැඩ නතර කිරීමට ආචාර ධර්ම අවශ්‍ය වේ.‍

විද්‍යුත් චුම්භක සංඛ්‍යාත ඔස්සේ සිදු කරන ජන සන්නිවේදනය යනු අනෙක් ජනමාධ්‍ය මෙන් නොව. එය ජාතික සම්පතක් භාවිතා කිරීමකි. යම් සංඛ්‍යාතයක් යම් මාධ්‍ය ආයතනයකට ලබා දුන් විට, එම සංඛ්‍යාතය රට තුළ වෙනත් කිසිම අයෙකුට භාවිතා කළ නොහැකියි. එමනිසයි සංඛ්‍යාත ජාතික සම්පතක් ලෙස සැලකෙන්නේ. මෙවැනි මාධ්‍ය එමනිසා අනිවාර්යෙන්ම පොදු ජනයාට වගකිව යුතුයි. මහජනයාට යහපත් දේ ලබා දිය යුතුයි. අධ්‍යාපනයට මුල් තැන දිය යුතුයි. එහෙත් ඒ වෙනුවට සිදු වන්නේ මවගේ තනෙන් කිරිබොන පොඩි එකාගේ සිට ඔන්න මෙන්න වල කජ්ජ ගාන්නට ඉන්න එකා දක්වා වනචරයන් බවට පත් කරන ලිංගිකත්වය හෝල්සේල් කරන ව්‍යාපාරයකි. මීට වහම ආචාර ධර්ම අවශ්‍ය වේ.

පෞද්ගලික සිදුවීම් කිසි වගක් නැතිව වීඩියෝ ගත කර මුලු ලොවටම විසුරුවා හැරීමට කිසිදු වග විභාගයක් තොරව මේ කොහි මාධ්‍යයත් විසින් සිදු කරනු පෙනේ. සිර ගෙදර සිට නිදහස් වී එන සිවිල් මිනිසුන්ගේ මුහුණු පෙන්වයි. යම් සිවිල් හබයකදී ඒ පාර්ශ්ව පෙන්වයි. සිවිල් වැසියන්ගේ රහස්‍යබව (privacy) ගැන මුන් තඹ දොයිතුවකට ගනන් ගන්නේ නැත. දේශපාලුවන් හා රාජ්‍ය මට්ටමේ අයගේ ඒවා එසේ පළ කළ හැකි වුවත්, සිවිල් වැසියන් සම්බන්ද දේවල් එසේ කිරීමට බැහැ එම අයගේ අවසරයකින් තොරව. මේ සඳහාද ආචාර ධර්ම අවශ්‍ය වේ.

මේ ආදී බොහෝ කාරණා තිබෙනවා ආචාර ධර්ම හඳුන්වාදිය යුතු. එහෙත් හිටි හැටියේ දෙරණට ඇති වී ඇති කුලප්පුව කුමක්ද? දෙරණ යනුද සදාචාර විරෝධිව දේශපාලය අරමුණු වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් බව මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු එළිවෙමින් පවතිනවා. මහින්දට කඩේ යන බව කාටත් පේනවා. සිරසත්, ස්වර්ණවාහිනියත් එලෙසම බොහෝ සදාචාර විරෝධි ව්‍යාපර පමණක් වේ. හිරු ගැනද එසේමයි. කුඩු චොදනා ලැබූ දේශපාලුවෙක් ප්‍රමෝට් කරන්නට බොහෝ උත්සහයක් දරන බව පේනවා. මේවා දැන් සුදු පිරුවට අඳින්නට හැදුවත් උන්ගේ සායම ලෙහෙසියෙන් හැරිය නොහැකියි. දැන් දෙරණ කරන්නට උත්සහ කරන්නේ සිරසට ගේමක් දීමටයි. ඒ සඳහා සාමාන්‍ය මිනිසුන් ඉදිරියට දමා ආචාර ධර්ම යන නමට මුවා වී ඒ දේ සිදු කිරීමට යයි. දිලිත් ජයවීර කියන කොටස් වෙළඳපොලේ ලොකු ලොකු කෙරුම් කරපු, මහින්ද ආණ්ඩුවේ සමහර දූෂන ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙන දෙරණ නාලිකාවේද අයිතිකාරයෙක් වන එකෙක්ව ආරක්ෂා කිරීමට මේ ආකාරයෙන් දෙරණ ඉදිරිපත් වීම පිළිකුල් සහගත වේ.

පෙර සඳහන් කළ ආකාරයට අපට ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි. එහෙත් එය දෙරණින් හෝ සිරසින් හෝ වෙනත් දූෂිත ආයතනයකින් නොව, නමගිය වැදගත් උගත් බුද්ධිමතුන් විසින් සාදන ලද්දක් විය යුතුය.

Comments

  1. ඔබත් සමග එකගයි එත් අපේ බුදධිමත් දේශපාලුවෝ ඒ වගේ ගොන් වැඩ කරයිද
    මුන් කවද්ද ඒ වගේ කෙලින් තිරන ගත්තේ

    ReplyDelete
  2. "පෙර සඳහන් කළ ආකාරයට අපට ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි. එහෙත් එය දෙරණින් හෝ සිරසින් හෝ වෙනත් දූෂිත ආයතනයකින් නොව, නමගිය වැදගත් උගත් බුද්ධිමතුන් විසින් සාදන ලද්දක් විය යුතුය." ��

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

Let's Learn Sinhalese in English 16

Let’s learn how to work with numbers now. First memorize the following Sinhala words/sounds for numbers. There are nice and easy patterns just like in English. Only “eka siyaya” is slightly different because instead of “ek-“, it has “eka” (but still “ek-“ in prefix form is as same as “eka” both having the meaning of “one”).   1 - eka 2 - dheka 3 - thuna 4 - hathara 5 - paha 6 - haya 7 - hatha 8 - ata 9 – navaya /namaya 10 - dhahaya 11 - ekolaha 12 - dholaha 13 - dhahathuna 14 - dhahahathara 15 - pahalava 16 - dhahasaya 17 - dhahahatha 18 – dhaha-ata 19 - dhahanavaya 20 – vissa         (“ visi -”) 21 – visi-eka 22 – visi-dheka 23 – visi-thuna 24 – visi-hathara 25 – visi-paha 26 – visi-haya 27 – visi-hatha 28 – visi-ata 29 – visi-navaya 30 – thiha    ...