Skip to main content

ජනමාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හා දෙරණ ටීවී විගඩම

මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට එකවරම දෙරණ මාධ්‍යය ජාලය ඉදිරිපත් වී ඇත. ඇත්තටම ලංකාවේ ජනමාධ්‍යයට එවැනි දෙයක් අවශ්‍ය වේ.

අද සියළුම එ‍ෆ් එම් නාලිකාවල නිවේදක නිවේදිකාවන් කතා කරන්නේ උන් ර‍හසේ බුදියන පුරුෂයා හෝ ගැහැණියට කතා කරන අයුරින්ය. ඉස්සර "ඔබ" කියා අමතපු ආකාරය වෙනුවට අද කියන්නේ "ඔයා" කියාය. සෑම වචන දහයකට සැරයක් නිවේදිකාව "සෙක්සි" ‍කොක් හඬලා සිනහවක් දමයි. සිනහ වීම හොඳ දෙයකි. එහෙත් මෙය එවැනි අව්‍යාජ සිනහවක් නොව "මෝල් සිනහවකි". අපේ කො‍ල්ලෝ එම සිනහවට "මෝල්" වී පැණි හැලියට ඇලවුණු ඇඹලයන් සේ එම ‍මාධ්‍ය වෛශ්‍යාවන්ට සවන් යොමුකරගෙන සිටී. මේවාට ආචාර ධර්ම අවශ්‍ය කෙරේ.

රූපවාහිනියේ බොහෝ නිවේදිකාවන්ට තමන්ගේ "දිලෙසන ෂේව් කරපු කලවා" හා "එල්ලා වැටෙන ලොට තන්ද" පෙන්වීමට පුදුම මේනියාවක්ද ඇත. මුන්ට මෙච්චර අමාරුවක් ඇති නම්, රූපවාහිනි නිවේදනය අත් හැර නිල් චිත්‍රපටිවල රඟපාන ලෙස අප ඉල්ලා සිටිය යුතුයි. මෙම ප්‍රවණතාව වැඩි වීමට තවත් හේතුවක් නම්, වැඩසටහන් ඉදිරිපත් කිරීමට දැන් දමා ඇත්තේ නළු නිළියන් වීමය. අපට වෘත්තීමය නිවේදක නිවේදිකාවන්ගේ අඩුවක් තිබේද? මේ ගැනත් ආචාර ධර්ම අවශ්‍ය කෙරේ.

අප පොඩි කාලේ බලපු කාටුන් අදටත් ආදරයෙන් සිහිපත් වේ. ඒවායේ ළමා මනස පෝෂණය කරන බොහෝ දේවල් තිබුණි. අද කාටුන් වැඩි හිටියන්ට සාදපු animations වේ. ඒවායේ ගැබ්ව ඇති දේ, හා ඒවායේ දෙබස් කිසිසේත් ළමුන්ට උචිත නොවේ. මෙම කාටුන් විකෘති කිරීමේ වගකීම සිරස ටීවි එක විසින් භාරගත යුතුය. මේවාටද ආචාර ධර්ම අවශ්‍ය වේ.‍

ෂැම්පු ගාන්නේ හිසේය. එහෙත් ෂැම්පූ ඇඩ් පටන් ගන්නේම මොඩෙල්ගේ කකුල් දෙක පෙන්වාය. ඉන්පසු බාගෙට විවිර කරපු ළැම හා වෙනත් ලිංගික උත්තේජනයන් ඇති කරන සුළු දේවල් පෙන්වයි. ෂැම්පු ගාන විට අර ‍ඇඩ් එකේ සිටි මොඩෙල්ගේ කකුල්ද සිහිපත් වේ. ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් ඇඩ් එකේ පෙන්වන්නේ බුරිය වටේ පච්ච කොටපු ගැහැණුන්ය. සමහර විට ඒ නූඩ්ල්ස් ජාතිය කෑවාම ගැහැණුන්ගේ බුරිය වගේ ටැටූ වදිනවාද දන්නෙ නැහැ. මෙලෙස ටීවී එකේ යන බොහෝ ඇඩ්වල ලිංගිකත්වය අමු අමුවේ විකුණනවා. මෙය ඇඩ් සාදන උන් දැනුවත්ව කරන දෙයකි. (මෙය මනෝ විද්‍යාත්මක උපක්‍රමයකි) මෙවැනි බාල වැඩ නතර කිරීමට ආචාර ධර්ම අවශ්‍ය වේ.‍

විද්‍යුත් චුම්භක සංඛ්‍යාත ඔස්සේ සිදු කරන ජන සන්නිවේදනය යනු අනෙක් ජනමාධ්‍ය මෙන් නොව. එය ජාතික සම්පතක් භාවිතා කිරීමකි. යම් සංඛ්‍යාතයක් යම් මාධ්‍ය ආයතනයකට ලබා දුන් විට, එම සංඛ්‍යාතය රට තුළ වෙනත් කිසිම අයෙකුට භාවිතා කළ නොහැකියි. එමනිසයි සංඛ්‍යාත ජාතික සම්පතක් ලෙස සැලකෙන්නේ. මෙවැනි මාධ්‍ය එමනිසා අනිවාර්යෙන්ම පොදු ජනයාට වගකිව යුතුයි. මහජනයාට යහපත් දේ ලබා දිය යුතුයි. අධ්‍යාපනයට මුල් තැන දිය යුතුයි. එහෙත් ඒ වෙනුවට සිදු වන්නේ මවගේ තනෙන් කිරිබොන පොඩි එකාගේ සිට ඔන්න මෙන්න වල කජ්ජ ගාන්නට ඉන්න එකා දක්වා වනචරයන් බවට පත් කරන ලිංගිකත්වය හෝල්සේල් කරන ව්‍යාපාරයකි. මීට වහම ආචාර ධර්ම අවශ්‍ය වේ.

පෞද්ගලික සිදුවීම් කිසි වගක් නැතිව වීඩියෝ ගත කර මුලු ලොවටම විසුරුවා හැරීමට කිසිදු වග විභාගයක් තොරව මේ කොහි මාධ්‍යයත් විසින් සිදු කරනු පෙනේ. සිර ගෙදර සිට නිදහස් වී එන සිවිල් මිනිසුන්ගේ මුහුණු පෙන්වයි. යම් සිවිල් හබයකදී ඒ පාර්ශ්ව පෙන්වයි. සිවිල් වැසියන්ගේ රහස්‍යබව (privacy) ගැන මුන් තඹ දොයිතුවකට ගනන් ගන්නේ නැත. දේශපාලුවන් හා රාජ්‍ය මට්ටමේ අයගේ ඒවා එසේ පළ කළ හැකි වුවත්, සිවිල් වැසියන් සම්බන්ද දේවල් එසේ කිරීමට බැහැ එම අයගේ අවසරයකින් තොරව. මේ සඳහාද ආචාර ධර්ම අවශ්‍ය වේ.

මේ ආදී බොහෝ කාරණා තිබෙනවා ආචාර ධර්ම හඳුන්වාදිය යුතු. එහෙත් හිටි හැටියේ දෙරණට ඇති වී ඇති කුලප්පුව කුමක්ද? දෙරණ යනුද සදාචාර විරෝධිව දේශපාලය අරමුණු වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් බව මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු එළිවෙමින් පවතිනවා. මහින්දට කඩේ යන බව කාටත් පේනවා. සිරසත්, ස්වර්ණවාහිනියත් එලෙසම බොහෝ සදාචාර විරෝධි ව්‍යාපර පමණක් වේ. හිරු ගැනද එසේමයි. කුඩු චොදනා ලැබූ දේශපාලුවෙක් ප්‍රමෝට් කරන්නට බොහෝ උත්සහයක් දරන බව පේනවා. මේවා දැන් සුදු පිරුවට අඳින්නට හැදුවත් උන්ගේ සායම ලෙහෙසියෙන් හැරිය නොහැකියි. දැන් දෙරණ කරන්නට උත්සහ කරන්නේ සිරසට ගේමක් දීමටයි. ඒ සඳහා සාමාන්‍ය මිනිසුන් ඉදිරියට දමා ආචාර ධර්ම යන නමට මුවා වී ඒ දේ සිදු කිරීමට යයි. දිලිත් ජයවීර කියන කොටස් වෙළඳපොලේ ලොකු ලොකු කෙරුම් කරපු, මහින්ද ආණ්ඩුවේ සමහර දූෂන ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙන දෙරණ නාලිකාවේද අයිතිකාරයෙක් වන එකෙක්ව ආරක්ෂා කිරීමට මේ ආකාරයෙන් දෙරණ ඉදිරිපත් වීම පිළිකුල් සහගත වේ.

පෙර සඳහන් කළ ආකාරයට අපට ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි. එහෙත් එය දෙරණින් හෝ සිරසින් හෝ වෙනත් දූෂිත ආයතනයකින් නොව, නමගිය වැදගත් උගත් බුද්ධිමතුන් විසින් සාදන ලද්දක් විය යුතුය.

Comments

  1. ඔබත් සමග එකගයි එත් අපේ බුදධිමත් දේශපාලුවෝ ඒ වගේ ගොන් වැඩ කරයිද
    මුන් කවද්ද ඒ වගේ කෙලින් තිරන ගත්තේ

    ReplyDelete
  2. "පෙර සඳහන් කළ ආකාරයට අපට ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයි. එහෙත් එය දෙරණින් හෝ සිරසින් හෝ වෙනත් දූෂිත ආයතනයකින් නොව, නමගිය වැදගත් උගත් බුද්ධිමතුන් විසින් සාදන ලද්දක් විය යුතුය." ��

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...