කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා. ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක.
තවත් ඡන්දයක් අවසන් විය. සමහරෙකුට අනුව එය ලංකාවේ පැවති ඉතාම යහපත් ඡන්දයකි. පෝස්ටර් අඩුවෙන්, කලකෝලහල අඩුවෙන් තිබූ ඡන්දයකි. වේදිකාව මත අඩුවෙන්ම මඩ ගසාගත් ඡන්දයකි. ලංකාවේ බහුතරයක් ඉතා සතුටින් ඉපිලී ගිය ඡන්දයකි. එම ඡන්දයෙන් ජයගත් ගරු ගෝඨාබය රාජපක්ෂ ජනපතිතුමාට සුභ පැතුම්!!! එසේ වුවත් එවන් සාධනීය ලක්ෂණ සමඟම ඉතා අයහපත් ලක්ෂණද මා එහි දුටිමි. පිලිවෙලකට නැතත් ඒ ගැන අතරින් පතර කරුණු කිහිපයක් ගැන පමනක් කෙටි සටහනක් තබමි. ජනපති අපෙක්ෂකයකු නොව රජෙකුටත් එහා ගොස් මෙවර දෙවියකුද තරග බිමේ සටන් වැදිනි. වසර පන්දහකට පමන පෙර මිසරයෙන් අතුරුදහන් වූ රටේ පාලකයා දෙවියා වූ සම්ප්‍රදාය ලංකාවෙන් නැවත මතු වී ඇත. උසස් උගත් බුද්ධිමත් මානව සමාජයකට කොතරම් එය උචිතදැයි සිතා බැලීම වටී. තවත් සමහරෙකුට එම අපේක්ෂකයා ඉපැරනි ලංකාවේ විසූ ගෝඨාභය රජතුමාම විය; මෙය ඔහුගේ පුනුරුත්පත්තිතයයි. තවත් සමහරෙකුට අතීත ලංකාවේ රාජාවලියේම සිටි දුටුගැමුනු, පැරකුම් ආදි සියලු ශ්‍රේෂ්ට රජවරු සියල්ලගේම තනි පුනුරුත්පත්තියයි; බුදු දහම අනුවද එය කෙසේ විය හැකිදැයි මා දන්නේ නැත. පලමු කරුන නම් ගෝටා ජය ගත්තේ අවිවාදයෙන්ම ඉතාම ඉහල සිංහල බෞද්ධ බහුතරයෙනි. එ