Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දේශපාලන මිරිඟුව

අද මට තරමක විශේෂ දිනයක්. දූෂණය හා භීෂණය අසූචි ගොඩක් ලෙස ඉතාම පිලිකුලෙන් දකින්නට පුරුදුව සිටින මා දූෂණ හා භීෂණ ක්‍රියාන්විතවල කප්පිත්තන්ව සිටින එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව පක්ෂය යන දෙකට කිසිදු හේතුවක් නිසාවත් ඡන්දයක් නොදෙන බවට තීරණය කළා. එවිට ඉබේම ඊළඟ බලවේගය ලෙස තෝරා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. දූෂණය හා භීෂණයට එරෙහිව අවංකව වැඩ කරන පිරිසක් එම පෙරමුණේ සිටීම ගැන විශාල පැහැදීමක් තිබුණි. එහෙත් දැන් එම පක්ෂයක උගතුන් යැයි කියා ගන්නා සමහර කාලකන්නි අසමජ්ජාතික එන්ජීඕ කාරයන්ගේ කූට සැලසුම්වලට යටත් වෙලාදැයි සිතේ.

අනුර දිසානායකලා දැන් දැන් ඔවුන් වටා සිටින සිවිල් ජන කොටස් සතුටු කිරීමට ඕනම දෙයක් පිලිගැනීමට සූදානම් බවක් පෙනේ. ගබ්සා කිරීමේ අයිතිය හා සමලිංගිකත්වය වෙනුවෙන් ඔවුන් දැන් ඍජුවම පෙනී සිටී. එම කාරණා දෙකටම තදින් විරුද්ධව අදහස් දරන මා එනිසා ජවිපෙට ලබා දීමට සිටි ඡන්දය නොදීමට තීරණය කළෙමි.

කාන්තාවගේ ඇඟේ අයිතිය කාන්තාවට තිබිය යුතු බව දැන් උන් පවසයි. ඇයගේ ඇඟේ අයිතිය ඇයට කවදත් තිබේ. එහෙත් කලලයක් යනු ඇයගේ ඇඟම පමනක් නොවේ. පිරිමියාගේ ශුක්‍රාණුවද එහි ඇත. එය බැලූබැල්මට එක සෛලයක් වුවද, ශුක්‍රානුව නැතිව ඇයට කලලයක් නොපිහිටයි. එනිසා ඇයගේ කලලය යනු පිරිමියාගේ යම් වැදගත් කොටසක භාරයක්ද (trust ලෙස නීතියේදී හැඳින්වෙන සංකල්පය) වේ. තවද, ඒ දෙදෙනාටම අයත් නැති ස්වාධීන ජීවියකුගේ ඇරඹුමද එතැන වේ. එනිසා එය ඇගේ ශරීරය තුල තිබෙන විශ්වීය වස්තුවකි. එහි හිමිකාරිත්වය ගැන තීරණ ගැනීමට ඇයට විතරක් බලයක් ලැබෙන්නේ කෙසේද? සැබෑ ජීවිතයේදී කාම උන්මාදී ජීවිත ගත කරන සමහර සමාජ ක්‍රියාකාරින්ගේ හනසකට ජවිපෙ යටත් වීම ගැන අපට ඇත්තේ විශාල කනගාටුවකි.

සමලිංගිකත්වය ගැනද පැවසීමට ඇත්තේ එවැන්නකි. මනුෂ්‍යත්වයට එය නිගාවකි. ජීව විද්‍යාවට අනුව ව්‍යතිරේකයකි. කිසිදු විද්‍යාත්මක පදනමක් එහි නැත සමහරුන් ඒ ගැන විද්‍යාත්මකව සාධාරණීකරණය කිරීමට හැදුවත්. එය නීත්‍යානුකූල කළ හැකි නම් ව්‍යාභිචාරයද (incest) නීත්‍යානුකූල කළ හැකිය. ව්‍යාභිචාරය යනු පවුලේ අය අතර ඇතිවන ලිංගික සම්බන්දතා වේ. අද වන විට අසභ්‍ය චිත්‍රපටි ඕනෑ තරම් ව්‍යාභිචාරය පදනම් කර ගෙන ඇත. එනිසා මිනිස් මනස අභ්‍යන්තරයේ එය සාමාන්‍ය දෙයක් වෙමින් පවතී හොර රහසේම. තව දශකයකින් දෙකකින් එයද සාමන්‍ය දෙයක් යැයි මෙවුන් තර්ක කරාවි.

එනිසා මේ සියල්ල සලකා, මෙවන් ප්‍රවනතා ඉස්මතු වීමට ඉඩ නොදීමට අප වගබලා ගත යුතුය. ජවිපෙ එම ප්‍රතිපත්ති කරපින්නාගෙන යන තාක් කල් අපගේ කිසිදු සහයක් උන්ට නොලැබෙනු ඇත.