Skip to main content

දේශපාලන මිරිඟුව

අද මට තරමක විශේෂ දිනයක්. දූෂණය හා භීෂණය අසූචි ගොඩක් ලෙස ඉතාම පිලිකුලෙන් දකින්නට පුරුදුව සිටින මා දූෂණ හා භීෂණ ක්‍රියාන්විතවල කප්පිත්තන්ව සිටින එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව පක්ෂය යන දෙකට කිසිදු හේතුවක් නිසාවත් ඡන්දයක් නොදෙන බවට තීරණය කළා. එවිට ඉබේම ඊළඟ බලවේගය ලෙස තෝරා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. දූෂණය හා භීෂණයට එරෙහිව අවංකව වැඩ කරන පිරිසක් එම පෙරමුණේ සිටීම ගැන විශාල පැහැදීමක් තිබුණි. එහෙත් දැන් එම පක්ෂයක උගතුන් යැයි කියා ගන්නා සමහර කාලකන්නි අසමජ්ජාතික එන්ජීඕ කාරයන්ගේ කූට සැලසුම්වලට යටත් වෙලාදැයි සිතේ.

අනුර දිසානායකලා දැන් දැන් ඔවුන් වටා සිටින සිවිල් ජන කොටස් සතුටු කිරීමට ඕනම දෙයක් පිලිගැනීමට සූදානම් බවක් පෙනේ. ගබ්සා කිරීමේ අයිතිය හා සමලිංගිකත්වය වෙනුවෙන් ඔවුන් දැන් ඍජුවම පෙනී සිටී. එම කාරණා දෙකටම තදින් විරුද්ධව අදහස් දරන මා එනිසා ජවිපෙට ලබා දීමට සිටි ඡන්දය නොදීමට තීරණය කළෙමි.

කාන්තාවගේ ඇඟේ අයිතිය කාන්තාවට තිබිය යුතු බව දැන් උන් පවසයි. ඇයගේ ඇඟේ අයිතිය ඇයට කවදත් තිබේ. එහෙත් කලලයක් යනු ඇයගේ ඇඟම පමනක් නොවේ. පිරිමියාගේ ශුක්‍රාණුවද එහි ඇත. එය බැලූබැල්මට එක සෛලයක් වුවද, ශුක්‍රානුව නැතිව ඇයට කලලයක් නොපිහිටයි. එනිසා ඇයගේ කලලය යනු පිරිමියාගේ යම් වැදගත් කොටසක භාරයක්ද (trust ලෙස නීතියේදී හැඳින්වෙන සංකල්පය) වේ. තවද, ඒ දෙදෙනාටම අයත් නැති ස්වාධීන ජීවියකුගේ ඇරඹුමද එතැන වේ. එනිසා එය ඇගේ ශරීරය තුල තිබෙන විශ්වීය වස්තුවකි. එහි හිමිකාරිත්වය ගැන තීරණ ගැනීමට ඇයට විතරක් බලයක් ලැබෙන්නේ කෙසේද? සැබෑ ජීවිතයේදී කාම උන්මාදී ජීවිත ගත කරන සමහර සමාජ ක්‍රියාකාරින්ගේ හනසකට ජවිපෙ යටත් වීම ගැන අපට ඇත්තේ විශාල කනගාටුවකි.

සමලිංගිකත්වය ගැනද පැවසීමට ඇත්තේ එවැන්නකි. මනුෂ්‍යත්වයට එය නිගාවකි. ජීව විද්‍යාවට අනුව ව්‍යතිරේකයකි. කිසිදු විද්‍යාත්මක පදනමක් එහි නැත සමහරුන් ඒ ගැන විද්‍යාත්මකව සාධාරණීකරණය කිරීමට හැදුවත්. එය නීත්‍යානුකූල කළ හැකි නම් ව්‍යාභිචාරයද (incest) නීත්‍යානුකූල කළ හැකිය. ව්‍යාභිචාරය යනු පවුලේ අය අතර ඇතිවන ලිංගික සම්බන්දතා වේ. අද වන විට අසභ්‍ය චිත්‍රපටි ඕනෑ තරම් ව්‍යාභිචාරය පදනම් කර ගෙන ඇත. එනිසා මිනිස් මනස අභ්‍යන්තරයේ එය සාමාන්‍ය දෙයක් වෙමින් පවතී හොර රහසේම. තව දශකයකින් දෙකකින් එයද සාමන්‍ය දෙයක් යැයි මෙවුන් තර්ක කරාවි.

එනිසා මේ සියල්ල සලකා, මෙවන් ප්‍රවනතා ඉස්මතු වීමට ඉඩ නොදීමට අප වගබලා ගත යුතුය. ජවිපෙ එම ප්‍රතිපත්ති කරපින්නාගෙන යන තාක් කල් අපගේ කිසිදු සහයක් උන්ට නොලැබෙනු ඇත.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Replies
    1. ඔබ මකා දමා ඇති කමෙන්ටුව මා කියෙව්වා. ඇත්තටම තමන් කැමති කෙනෙකුට ඡන්දය දීම තමන්ගේ අයිතියක් නිසා ඔබගේ තෝරා ගැනීම ඒකාධිපතියකු වුවත් මට ඊට කිසිදු බලපෑමක් කළ නොහැකියි.

      මා නම් මෙවර ඡන්දය කටු ගසා දමන්නටයි සිතාගෙන ඉන්නේ.

      Delete
    2. ehema kiwata man denneth na gotata..e nisai ewelawata ehema hitunath aye eka weradi kiyala hitala makala damme..matath denna taram kenek na... :)

      Delete
  3. https://www.vikalpa.org/?p=36105

    අපූරු ලිපියක් ලැබුනා
    සජිත්ට චන්දෙ දෙන්න හිතන කතෝලික සිංහලයෝ ඉන්නවානම්
    එයාව ජනාධිපති කරගෙන උඹලගේ ආදායම්මාර්ග විනාශවුනා කියලා අඬන්න එපා.

    ReplyDelete
    Replies
    1. කතෝලික සිංහල, සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමල ආදි වශයෙන් පවතින ජන වර්ග මකබෑ කරමින් යහපත් මානවයෙකු ගොඩ නැඟිය හැකි පාලකයකු තවමත් ලංකාව තුල බිහි නොවීම අභාග්‍යයකි.

      Delete
    2. මිනිසා යනු පරිගනකයක් පරිගනකයකට මෙහෙයුම් පද්ධතියක් අවශ්‍යයි.
      කතෝලික සිංහල, සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමල කියන්නේ මෙහෙයුම් පද්ධති තමයි

      මානවයා කියන්නේ BIOS විතරක්ි තියෙන පරිගනකයක්
      :D

      ලංකාව කියන්නේ සිංහලයන් බහුතරයක් සිටින ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
      මේ රටේ ප්‍රධාන බාශාව ඉංග්‍රීසි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය සම්බන්ධීකරන බාශාවයි.
      (සම්බන්ධීනොකරන බාශාවකින් ඇති වැඩේ මොකක්ද? ඔය බොරු වචන දාලා තියෙන්නේ සිංහලයන් රවට්ටන්න)
      සිංහලයන්ට ලංකාව වැදගත්වන එකම කරුණ සිංහලයන්ට වර්ගයා බෝකල හැක්කේ ලංකාව තුලදී පමනක් වීමයි.
      ඒ නිසා සිංහලයන්ට ලංකාව වැදගත්.
      මේ තත්වය යටතේ සිංහලයන් මහජාතික විඤ්ඤානයකින් වැඩකිරීම මාරාන්තික වරදක් අපි හිතන්න ඔ්නේ සුළු ජාතිකයෙක් හිතන විදියටයි.

      ඝෝඨාගේ හරි වැරැද්ද කොහොම වුනත් මේ වනවිට සිංහලයන් බහුතරයක් ඔහුට චන්දය දාන්න තීරනයකර තියෙනවා.
      ඔහු පැරදුනොත් එය පැහැදිලිවම සිංහල ජාතියේ පරාජයක්.
      තීරණය ඔයාගේ අතේ, මට හිතෙන්නේ ඝෝටාට චන්දයක් දානවා නම් හොඳයි.

      Delete
    3. මානවයාට සංස්කෘතියක් හා දැනුම් පද්ධතින් ඇති අතර ඔවුන් මෙහෙය වෙන්නේ ඒවා මඟින් බවයි මගේ අවබෝධය. මට නම් සිංහල, මුස්ලිම්, දෙමල ආදිය මෙහෙයුම් පද්ධති නොව පරිගනක වෛරස වේ.

      ලංකාව ඇංග්ලිකන්ද? එහෙනම් එය වහම නිරාගමික (secular) කළ යුතුයි නේද? හාහා...

      එහෙත් භාෂාව ගැන මටත් මතයක් තිබේ. එක්කෝ රටේ එකම ජාතික භාෂාව ලෙස සිංහල බස නීතිගත කළ යුතුය. නැතිනම් සිංහල හා දෙමල ජාතික භාෂා ලෙස තබා සම්බන්ධීකරණ බස සිංහල කළ යුතුය. ඇත්ත... අපි රටේ බොහෝ වැදගත් තීරණ අසාධාරණ ලෙස අරගෙන තිබෙන්නේ ඊනියා ජාතිවාදි කෝණයකින් හා සුලු ජාතික කොටස් යැයි කියා ගන්නා පිරිස්වලට බියෙනි.

      එහෙත් බෞද්ධ යැයි මොර දෙන සෑම වනචර දේශපාලුවෙකුම රට යහපත් තත්වයකට ගෙන ඒමට අවංක උත්සහයක් දරා නොමැත. එක්කෝ තම වාසිය වෙනුවෙන් රට සූරා කාපු එවුන්ය; නැතිනම් තම වාසියට මිනී මරපු හා පුච්චපු සොහොන් පල්ලන්ය.

      කවුරු පත් වුවත් ඒ පත් වන්නේ බහුතර සිංහලයන්ගේ කැමැත්තෙන් තමයි. ඒක ඉතිං සරල අංක ගණිතය (රටේ සියයට හැත්තෑ ගණනක් සිංහලයන් සිටිත් නම් එසේ විය යුතුයිනෙ).

      පිලිකාවත් ඉතිං මගේ ඇඟේම කොටසක්නෙ කියා පිලිකාවට වැඩෙන්නට ඉඩ නොදෙන්නා සේ, මිනීමරු දූෂකයකු රාජ්‍ය නායකයා බවට පත් නොකර ගැනීමට සිත් හදා ගත හැකි අය සිටිත් නම් එසේ කරත්වා!

      කරුමෙක මහත වන්නේ බොහෝ දෙනා පවසන්නේ මුං ඔක්කොම කාලකන්නි බව පිලිගනිමින්ම නමුත් ඉතිං ඡන්දය දෙන්නට වෙනත් අයෙකු නැති නිසා අහවලාට දෙනවා යැයි පැවසීමයි. එතකොට මේ අපි මහජන මුදල් ප්‍රකෝටි ගණන් වියදම් කරමින් තෝරන්නේ රටට හිතවත් සත්‍ය ලෙසම මහජන සේවකයකු නොව, ලොකු හොරාගෙන් පොඩි හොරාවය. එම පොඩි හොරාව තෝරා ගත් පසු විශාල වියදමක් දරා නඩත්තු කිරීමටද අප සූදානම්ය. රටක ජනතාව කොතරම් බංකොලොත්ද යන වගට ඊට වඩා තවත් සාක්ෂි කුමකටද?

      Delete
  4. ගබ්සාව ගැන කියනකොට මතක්වුනේ,
    පැලෝපීයනාලය තුල හෝ සීසර් කල ස්ත්‍රියකගේ එම සැත්කම් කැලලතුල වර්ධනයවන කලලයක් සැත්කමක් මගින් ඉවත්කිරීමයි සාමාන්‍ය ඇලෝපති ක්‍රමය.
    නමුත් කිසිම ඇලෝපති දොස්තරකෙනෙක් මේක හඳුන්වනකොට ගබ්සාව කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ. අඩුම වශයෙන් ස්ත්‍රියටවත් කියන් නෑ මේක ගබ්සාවක් කියලා.
    ඒකට හේතුව අධ්‍යාපනය තුලින් දොස්තරලාගේ මොළශෝධනය කරලා ගබ්සාවට කඩේයන්න යොමුකරවීමයි.

    ReplyDelete
    Replies
    1. සිංහලයන්ට වුවමනා නම් මෙරටේ නොව ඇමේසන් වනයේ පඳුරක් යට වුවද දරුවන් වැදිය හැකියි. නමුත් දරුවන්ට හෝ මොනයම් සත්වයකුට වුවත් තමන් හට උපන් බිමක උරුමයක් වුවමන කරයි. ඒ භූමිය එම සත්වයාගේ පරිබෝජනාත්මක අවශ්‍යතාවන් සඳහා ලබා දිය යුතු, නොබිඳිය හැකි සොබා දහමේ නියමයකි. සැබවින්ම රට ජාතිය සංකේතාත්මක හැඳින්වීමක් පමණි. උද: භූමියට මිලක් නියම කල පසු මුදල් නැත්තාට උපන් බිමේ අඟලක අයිතිය හිම නැති උනද ඔහු රටකට අයත් වීම.

      කවර හෝ සත්වයෙකු හෝ මෙලොව උපත් ලද සැනින් දේශපාලනික වන්නේ සොබා දහම මගින් උරුම කර ඇති පරිබෝජනවාදයේ නියමය අනුවය. කිසිවක් ගෙන නූපදින සත්වයා උපන් බිමින් තම පැවැත්ම සඳහා සියල්ල ලබා ගත යුතුය. නමුත් මරණයේදී සියල්ල දමා යා යුතුය. බලන්ගොඩ මානවයා
      කවර ජාතියකට අයත් වීද. ඇමරිකානු පුරවැසියෙකුගේ පරාජයෙන් සිංහලයා පැරදීම හීතලූවකි. අද ගෝටාභයගේ ගේ වේදිකාවේ සිටින මුසේල්මනුවන්
      ඉතා සිතින් පතන්නේ සිංහල ජාතියේ දිනුමද.

      අන්තෝනියෝ . . . අන්තෝජටා . . බහීජටා .

      Delete
    2. //සිංහලයන්ට වුවමනා නම් මෙරටේ නොව ඇමේසන් වනයේ පඳුරක් යට වුවද දරුවන් වැදිය හැකියි.

      නමුත් එම දරුවාට සිංහලයෙක් ලෙස පරම්පරාව ගෙනයාමට නම් අන්ත මූලධර්මවාදී ජාතිවාදියෙක් වියයුතුයි. නැතිනම් ඔහු ලතින් ඇමරිකා කතෝලික සංස්කෘතියට අවශෝෂනය වෙයි. එවිට ඔහු සිංහලයෙක් නොවෙයි.
      ලංකාව තුල සිංහලයාට අඩු ජාතිවාදයකින් යුතුව තම සංස්කෘතිය පවත්වාගත හැකියි.

      ඇමරිකානු පුරවැසියා කියන එක හිස් වචනයක්.
      ශ්‍රී ලාංකිකයා කියන දේ ඊටත් වඩා හිස් වචනයක්

      කවුරුහරි තමුන් ශ්‍රී ලාංකිකයෙක් කියනවා නම් මට,
      මුලින්ම හිතෙන්නේ මූ සිංහලයෙක් නෙමෙයි වගේ කියලා
      ඊලඟට හිතෙන්නේ මූ තම්බියෙක් වෙන්න ඇති කියලා.
      ඊළඟට හිතෙන්නේ මූ තමුන් ශ්‍රී ලාංකිකයෙක් කියලා කියාගන්නේ සිංහලයන්ව රවට්ටලා සිංහලයන්ට මොකක්හරි පාඩුවක් කරන්න කියලා.

      Delete
    3. මට නම් ඇත්තටම මේ කියන තරම් බරපතල සංකල්ප මෙවන් විෂයක් තුල දක්නට නැත. සංස්කෘතිය මූලිකවම තමන් කුඩා කල සිටම හුරුපුරුදු වූ හැසිරීම් පද්ධතියකි. අප ඊට කැමැත්තක් දක්වන්නේ එය හුරුපුරුදු නිසාමයි. අප මුස්ලිම් සංස්කෘතියට අකමැති එහි බොහෝ ලක්ෂන අපට නුහුරු නිසාය. එහෙත් අප "කතෝලික සිංහල" හෝ දෙමල සංස්කෘතික ලක්ෂනවලට එතරම් අකමැත්තක් නැත්තේ ඒවා අපගේ සංස්කෘතිය තුලද කිදා බැස ඇති නිසාය.

      ඉතිං ඇමසන් කැලේ හෝ හදේ හෝ සිංහලයකු හෝ "හිස්පැනිකයෙකු" හෝ යුදෙව්වෙකු හෝ බිහි කළ හැකි වුවද එතන සංස්කෘතිය දියාරුය මොකද අවශ්‍ය තරම් තම වර්ගයේම පිරිසක් එතැන නැති නිසා. එහෙත් සමහර ඩයස්පෝරා කණ්ඩායම් වෙනත් රටවල තම සංස්කෘතිය රැක ගන්නටද සමත්ව ඇත (යම් ප්‍රදේශයක් තුල තම වර්ගයා බොහෝ පදිංචි වීමෙන්). චයිනා ටවුන් ආදිය ඊට නිදසුන්ය. තවද සංස්කෘතිය හැමවිටම සාධක ගණනාවක් මත රඳන නිසා එකම ජන කොටසක් වුවද වෙනත් වෙනත් පරිසර/නෛතික/දේශගුනික ආදි පරිසර පද්ධති තුල සිටින විට වෙනස්කම්ද ඇති වේ.

      මට නම් යමෙකු තමන් ලාංකිකයෙකු කියා කියූ ගමන් සිතෙන්නේ ඌ ජාති කුලමල ආදි විෂබීජවලින් ඔලුව අවුල් නොකර ගත් එකෙක් කියා පමනි. බලං ගියහම තම තමන්ගේ නැණ හා ආකල්ප මත එකම දේ විවිධ ලෙස දකී. මා පෞද්ගලිකවත් කුඩා කල සිටම ලියන්නේ (ජාතිය අසන තැන්වල) ශ්‍රී ලාංකික කියාය. තවද, ඔච්චර අන්‍ය ජාති ගැන භීතිකා ඇති කර ගැනීමට අවශ්‍ය නැත මක්නිසාද යත් ලංකාවේ අප සැමටම කෙලවා තිබෙන්නේ අපේ සිංහල බෞද්ධ නායකයන් විසිනි. ප්‍රබාකරන්, සහරාන් වගේ පාහරයෙක් කරන වරද අපට එලිපිට පෙනේ. බොහෝවිට ඒවා වන්ටයිම් සිද්ධිද වේ. එහෙත් සිංහල නායකයන් යැයි කියා ගන්නා පාහරයන් දිනපතා අපට කෙලවයි. එහෙත් වහලුන් සේ උන්වම නායකයෝ ලෙස පත් කර ගන්නවා.

      ඉතිහාසයේ පටන්ම සිංහල සමාජය/සංස්කෘතිය යම් ප්‍රභූවරයකුගේ යටත් වැසියන් පිරිසක් ලෙස වැඩ කර තිබේ. නායකයකු නැතිනම් උන් නැගිටින්නේ නැත. අදටත් එය එසේමයි. ඊට වගකිව යුතු එක් පිරිසක් වන්නේ ලංකාවේ බණ කියන භික්ෂුන් වේ. කියන්න නම් බොහෝයි. එහෙත් කියල වැඩක්ද නැති සේ.

      Delete
  5. https://www.facebook.com/sudath2018unp/?__tn__=%2CdkC-R&eid=ARAnFONkOxt_yZJDgu3jmlmMjgn74Wr5UyhhvO0dRjP0g0T257MmqbctOFNzeHeaIAD7KV6hxdJz4UmV&hc_ref=ART0Bq0RIayjmkDG4fBNdKBra44dxFLf5U3glM86FCIArPRpwDG-6Sx_7JRklwoN8Ps

    මේකේ ප්‍රාඨක ප්‍රතිචාර කියවලා බලපල්ලා :D

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...