තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්
සමනල (සමලිංගික) අගමැත්තා හා උගේ කොලු කැබිනෙට්ටුව ඉවත් කිරීම බොහෝ කාලයකින් අසන්නට ලැබුනු ලංකා දේශපාලනයේ සිදු වූ සිත පිනා යන පුවතකි. එය මාද සැමරුවේ ගෙදර පරන වෙමින් තිබූ රතිංඥා පැකට්ටුව එම පුවත බ්‍රේකින් නිවුස් එකේ යන අතරේමය. මීට පෙර මා රතිංඥා පත්තු කළේ රාජපක්කව ජනපතිවරණයෙන් පැරදී ගෙදර ගොස් උලුවස්සේ නැඟ කතා කරපු මොහොතේය... රටක් වශයෙන් ගත් කල, ව්‍යවස්ථාදායකයට ජනපති විසින් බලපෑම් කළ හැකි ප්‍රමානය හැකි තරම් අවම විය යුතුය. එනම්, පාර්ලිමේන්තුව කල් දැමීම, විසුරුවීම, එහි අගමැති පත් කිරීම හා ඉවත් කිරීම වැනි දෑ ජනපතිට සිදු කළ නොහැකි විය යුතුය. පොදු අදහස එය වුවත්, ලංකාවේ මීහරක් ඡන්දදායකයන් සිටිනා තාක් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ පැවැතීම ඇත්තටම සුදුසුදැයි රනිල් වික්‍රමසිංහ තම රටට හැර ලොව අන් සියලු රටවලට තම යටභාගේ පිරිනමන දේශද්‍රෝහි සමනලයා විසින් යම් පාඩමක් ඉගැන්නුවාදැයි සිතේ. ඒ ඒ දේශපාලුවා විසින් ඒ ඒ තීරණ ගැනීමට හේතු වූ සාධක හා උන්ගේ මනෝභාවයන් කෙබදු ආකාරයෙන් තිබෙන්නට ඇත්දැයි අවශ්‍ය නම් පිටු ගණන් ලියන්නටත් වරු ගණන් කතා කරන්නටත් හැකිය. එහෙත් ඒ එකක්වත් අපට වැදගත් නැත. රටවැසියන් ලෙස අපට වැදගත් වන්