Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

සිල්ලර සමනලුන්

සමනල (සමලිංගික) අගමැත්තා හා උගේ කොලු කැබිනෙට්ටුව ඉවත් කිරීම බොහෝ කාලයකින් අසන්නට ලැබුනු ලංකා දේශපාලනයේ සිදු වූ සිත පිනා යන පුවතකි. එය මාද සැමරුවේ ගෙදර පරන වෙමින් තිබූ රතිංඥා පැකට්ටුව එම පුවත බ්‍රේකින් නිවුස් එකේ යන අතරේමය. මීට පෙර මා රතිංඥා පත්තු කළේ රාජපක්කව ජනපතිවරණයෙන් පැරදී ගෙදර ගොස් උලුවස්සේ නැඟ කතා කරපු මොහොතේය...

රටක් වශයෙන් ගත් කල, ව්‍යවස්ථාදායකයට ජනපති විසින් බලපෑම් කළ හැකි ප්‍රමානය හැකි තරම් අවම විය යුතුය. එනම්, පාර්ලිමේන්තුව කල් දැමීම, විසුරුවීම, එහි අගමැති පත් කිරීම හා ඉවත් කිරීම වැනි දෑ ජනපතිට සිදු කළ නොහැකි විය යුතුය. පොදු අදහස එය වුවත්, ලංකාවේ මීහරක් ඡන්දදායකයන් සිටිනා තාක් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ පැවැතීම ඇත්තටම සුදුසුදැයි රනිල් වික්‍රමසිංහ තම රටට හැර ලොව අන් සියලු රටවලට තම යටභාගේ පිරිනමන දේශද්‍රෝහි සමනලයා විසින් යම් පාඩමක් ඉගැන්නුවාදැයි සිතේ.

ඒ ඒ දේශපාලුවා විසින් ඒ ඒ තීරණ ගැනීමට හේතු වූ සාධක හා උන්ගේ මනෝභාවයන් කෙබදු ආකාරයෙන් තිබෙන්නට ඇත්දැයි අවශ්‍ය නම් පිටු ගණන් ලියන්නටත් වරු ගණන් කතා කරන්නටත් හැකිය. එහෙත් ඒ එකක්වත් අපට වැදගත් නැත. රටවැසියන් ලෙස අපට වැදගත් වන්නේ නීතියේ ආධිපත්‍යය ඇති කාටත් වැදගත් ලෙස ජීවත් විය හැකි පරිසරයක් මුන් විසින් සකසන්නේද යන්නයි.

කිසිවෙකු මැරී නැවත ඉපදී නැති නිසා, රාජපක්ක රජ කාලය අමතක නැත. ඒ කාලයේ පාරවල් මීටර් 100න් 100 ලකුනු කලේ රාජපක්ක පිංතූරවලිනි. පාරවල කොන්ක්‍රිට් කුලුනු බදාගෙන සිටියෙ රාජපක්ක බහිරවයාය. අපේ මුදලින් සාදන සෑම පොදු ඉදිකිරීමක්ම නම් කෙරුනේ රාජපක්ක නාමයෙනි. සමස්ත රටම තමන්ගේ පවුලේ බූදලයක් සේ සිතා උන් වැඩ කරපු හැටි අමතක නැත. ජන අරගලවලදී ජනතාවට වෙඩි තියා ඝාතනය කළ හැටිත් අමතක නැත. ඇත්තටම රාජපක්කගේ පාලනය ගැන සිතන විට මට හැමවිටම සිහියට එන්නේ The Dictator නම් විකට චිත්‍රපටයයි. තිරිසන් ප්‍රබාකරන්ගෙන් බේරාගත් ලක් මව රාජපක්කවරුන් විසින් සමූහ දූෂනයට ලක් කළේ මිනිසෙක් දෙවියෙකු ලෙස ආරෝහනය වීමට හැකියාව තිබියදී මිනිසෙක් පෙරේත වනචර යක්ෂයකු ලෙස අවරෝහනය වීමෙනි. ඊට පාඩමද බොහෝ අමාරුවෙන් අප ඌට ලබා දුනි.

කවුරු මොනව කිව්වත් මෙතෙක් පහල වූ අවංක ජන නායකයා මෛත්‍රීපාලය. අපට තිබූ එකම ගැටලුව වූයේ ඌ නපුංසකයකු සේ වැඩ කිරීමයි. රට රනිල් විසින් පිටරැටියන්ට වෛශ්‍යා වෘත්තියේ යොදවන විට එය බලාගෙන හිටං සිටි පිම්ප් ඌය.

රනිල් හිවලෙකු බව අප කියා සිටියේ ඌ නිකංම නිකං විපක්ෂනායකව සිටි සමයේ සිටය. එය දැන් ඉතා හොඳින් පෙනේ. මහා බෞද්ධ උපාසකයකු සේ පෙනී සිටින චම්-පක රනවක වැන්නවුන්ගේ හෙලුව අද පෙනේ. රනිල්ට මෙච්චර ළැඳියාවක් රණවක විසින් දක්වන්නේ චම්-පකට අවශ්‍ය විදියට තම දේශපාලනය තගයකු සේ කරගෙන යෑමට අවශ්‍ය සියලු නිදහස රනිල් ලබා දී තිබූ නිසාය. දත් දොස්තර රාජිත ගැනද එසේමය. රාජිත මෙම ඇම කොතරම් තදින් ගිල්ලාද කියන වග මේ වන විට සමාජජාලවල උෟත් ගයන්තත් අතර සිදුවන සාකච්ඡාවෙන් පෙනේ. එහිදී රාජිත කියන්නේ ආණ්ඩුව තමන් කරගෙන යන බවයි. රනිල් කොතරම් සූර කපටියෙක්ද යත් මෙවැනි එවුන්ව මුරුංග අත්තේ තබමින් බැරෑරුම් දේවල් තමන්ගේ ඕන එපාකම්වලට සියුම්ව සිදු කළේය. අක්කගේ ආරක්ෂාවට මල්ලිවත් අක්කා සමඟ පාරේ යවන විට, අක්කට කෙලහලන එකා මල්ලිට චොකලට් එකක් දී ෂේප් කර ගන්නවා වැඩකි රනිල් කර තිබෙන්නේ.

රටේ අභාග්‍යකටත් වඩා ලාංකිකයන්ගේ ගොන්කම් නිසා, රට භාර දිය හැකි දේශපාලන නායකයකු පේන තෙක් මානයක නැත. එවැනි තත්වයක් තුල මෛත්‍රිට තිබූ එකම විකල්පය සමහරවිට පවතින තත්වය අනුව මෙය විය හැකිය. එහෙත් ඉදිරියේදී අපට රටේ නීතියේ ආධිපත්‍යය කෙලෙසෙන දේවල් බොහෝ විට දැකිය හැකි වේවි. නීතියේ දෙවඟන සමඟ යහන්ගත වීම රාජපක්ක සම්ප්‍රදාය වේ. දූෂන චෝදනා ලැබූවන් යලි ඉහල රාජ්‍ය සේවාවලට පත් වේවි. එවිට උන්ට එදිරිව තිබෙන නඩු ක්‍රමයෙන් යට යාවි. රාජපක්ක පුත්තු යලි රටේ පිස්සු කෙලීවි. විශේෂ අධිකරණය අහෝසි වේවි. සරන ගුනවර්ධන වැනි අධමයන් යලි කරලියට ඒවි. දැන් තිබෙන බරපතල ගැටලුව වන්නේ මේ කිසිවක් ඉදිරියේ ජනපතිට නිවැරදි තීරණ ගැනීමට කොන්දක් තිබේවිද යන්නයි.

ලංකාවේ පවතින තත්වය ගැන පිටරැටියන්ට ඇත්තටම කතා කිරීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. එය අප පිලිගත යුතුය. එහෙත් කතා කළ යුතු බොහෝ අවස්ථාවලදී කතා නොකර උන්ගේ සැඟවුනු න්‍යායපත්‍රවලට අනුව පමනක් ප්‍රතිචාර දැක්වීම හෙලා දැකිය යුතුය. එංගලන්ත පාර්ලිමේන්තුවට ඔච්චර කැක්කුමක් තිබේ නම් රනිල් ගැන එංගලන්තයේ තරුන සුද්දෙකුට රනිල්ව කසාද බන්දා අවශ්‍ය නම් එම රටේ අගමැත්තා කර ගත්තාට අපගේ කිසිදු විරෝධයක්ද නැත. ඒ සමඟම අකිල, මංගල, මලික් වැනි අනෙක් සමනලයන් ටිකත් ඌ සමඟම පටවා යැවිය හැකිය.