Skip to main content
සමාජජාලයේ සැරිසරන විට අපූරු පෝස්ට් එකක් මා දැක්කා.


මෙහි ඉතාම සරල ගනිත ගැටලුවක් විසඳීමේදී සාමාන්‍ය (හෝ සයන්ටිෆික්) කැල්ක්‍යුලේටරයකිනුත් ෆෝන් එකක තිබෙන කැල්ක්‍යුලේටරයකිනුත් විසඳන විට වෙනස් පිළිතුරු දෙකක් ලැබී තිබේ. මාද සයන්ටිෆික් කැල් එකකිනුත් සැම්සුන් ෆෝන් එකක ඇති කැල් එකකිනුත් එම ගනන සුලු කළ විට එවිටත් ඉහත රූපයේ මෙන්ම වෙනස් පිළිතුරු දෙකකි ලැබුණේ.

බැලූබැල්මට මෙය නොසලකා හැරිය හැකි තත්වයක් සේ සිතා යම් විනෝදයක් ලැබිය හැකි අවස්ථාවක් සේ සලකා සිටීමට බැරිය. ඊට හේතුව, විවිධ ඉදිකිරීම්වලදී හෝ නිර්මානවලදී හෝ මෙවන් ගනනය කිරීමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී වැරදි විසඳුමක් මත ඒවා සිදු කිරීමෙන් සිදු විය හැකි හානි අතිමහත්ය.

සාමාන්‍යයෙන් අප ගනිත ප්‍රකාශයක් සුලු කරන ක්‍රමවේදයක් ඇත. වම් අත පැත්තේ සිට දකුනත පැත්තට යන සේ විසඳීම සිදු කළ යුතුය. ඊටත් ප්‍රමුඛව "වන්බෙගුඑඅ" (bodmas) අනුපිලිවෙල පිලිපැදිය යුතු වේ. ඒ රීති දෙකම පිලිපැද්ද විට ඉහත ගැටලුව විසඳීම මෙසේ විය හැකිය.

6/2(2+1) -> 6/2(3) = 6/2x3 -> (6/2)x3 -> 3x3 = 9

ඉහත රූපයේ වම්පස ඇති කැල්ක්‍යුලේටරයෙන් සිදු කර තිබෙන්නේ එයයි. එහෙත් දකුනත පැත්තේ ඇති කැල්ක්‍යුලේටරයෙන් සුලු කර තිබෙන්නේ පහත අනුපිලිවෙලටය.

6/2(2+1) -> 6/2(3) = 6/(2x3) -> 6/6 = 1

බැලූබැල්මට 9 යන පිලිතුර නිවැරැදි යැයි මට සිතේ (මොකද එතැන අර කියූ රීතින් දෙක අකුරටම පිලිපැද ඇත). එහෙත් වඩා නිවැරදි විය යුත්තේ 1 යන පිලිතුරයි. ඊට හේතුව, සුලු කිරීමකදී වරහන් තුල තිබෙන ප්‍රකාශ සුලු කිරීම පලමුවෙන්ම සිදු කළ යුතු සේම, ඉන්පසු සමස්ථ ගනිත ප්‍රකාශය තුල තිබෙන සියලු වරහන් ඉවත් කිරීමද කළ යුතුය. එනිසා, "වරහන් තුල ඇති දේ පලමුව සුලු කරන්න" යනුවෙන් එම රීතිය මතක තබා ගන්නවා වෙනුවට "වරහන් ඉවත් කරන්න" යනුවෙන් එම රීතිය මතක තබා ගැනීම සුදුසුය.

Comments

  1. හ්ම්ම්...මේ විදිහට කළොත්... මං හිතන්නෙ සම්මත ක්‍රම නැතුව ස්වභාවික ක්‍රමයට හිතුවොත් හොඳයි කියල... :)

    https://drive.google.com/file/d/1xW0tBaCGnTdRazeYmcICtr9tlCzfHQ2a/view?usp=drivesdk

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...