Skip to main content
සමාජජාලයේ සැරිසරන විට අපූරු පෝස්ට් එකක් මා දැක්කා.


මෙහි ඉතාම සරල ගනිත ගැටලුවක් විසඳීමේදී සාමාන්‍ය (හෝ සයන්ටිෆික්) කැල්ක්‍යුලේටරයකිනුත් ෆෝන් එකක තිබෙන කැල්ක්‍යුලේටරයකිනුත් විසඳන විට වෙනස් පිළිතුරු දෙකක් ලැබී තිබේ. මාද සයන්ටිෆික් කැල් එකකිනුත් සැම්සුන් ෆෝන් එකක ඇති කැල් එකකිනුත් එම ගනන සුලු කළ විට එවිටත් ඉහත රූපයේ මෙන්ම වෙනස් පිළිතුරු දෙකකි ලැබුණේ.

බැලූබැල්මට මෙය නොසලකා හැරිය හැකි තත්වයක් සේ සිතා යම් විනෝදයක් ලැබිය හැකි අවස්ථාවක් සේ සලකා සිටීමට බැරිය. ඊට හේතුව, විවිධ ඉදිකිරීම්වලදී හෝ නිර්මානවලදී හෝ මෙවන් ගනනය කිරීමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී වැරදි විසඳුමක් මත ඒවා සිදු කිරීමෙන් සිදු විය හැකි හානි අතිමහත්ය.

සාමාන්‍යයෙන් අප ගනිත ප්‍රකාශයක් සුලු කරන ක්‍රමවේදයක් ඇත. වම් අත පැත්තේ සිට දකුනත පැත්තට යන සේ විසඳීම සිදු කළ යුතුය. ඊටත් ප්‍රමුඛව "වන්බෙගුඑඅ" (bodmas) අනුපිලිවෙල පිලිපැදිය යුතු වේ. ඒ රීති දෙකම පිලිපැද්ද විට ඉහත ගැටලුව විසඳීම මෙසේ විය හැකිය.

6/2(2+1) -> 6/2(3) = 6/2x3 -> (6/2)x3 -> 3x3 = 9

ඉහත රූපයේ වම්පස ඇති කැල්ක්‍යුලේටරයෙන් සිදු කර තිබෙන්නේ එයයි. එහෙත් දකුනත පැත්තේ ඇති කැල්ක්‍යුලේටරයෙන් සුලු කර තිබෙන්නේ පහත අනුපිලිවෙලටය.

6/2(2+1) -> 6/2(3) = 6/(2x3) -> 6/6 = 1

බැලූබැල්මට 9 යන පිලිතුර නිවැරැදි යැයි මට සිතේ (මොකද එතැන අර කියූ රීතින් දෙක අකුරටම පිලිපැද ඇත). එහෙත් වඩා නිවැරදි විය යුත්තේ 1 යන පිලිතුරයි. ඊට හේතුව, සුලු කිරීමකදී වරහන් තුල තිබෙන ප්‍රකාශ සුලු කිරීම පලමුවෙන්ම සිදු කළ යුතු සේම, ඉන්පසු සමස්ථ ගනිත ප්‍රකාශය තුල තිබෙන සියලු වරහන් ඉවත් කිරීමද කළ යුතුය. එනිසා, "වරහන් තුල ඇති දේ පලමුව සුලු කරන්න" යනුවෙන් එම රීතිය මතක තබා ගන්නවා වෙනුවට "වරහන් ඉවත් කරන්න" යනුවෙන් එම රීතිය මතක තබා ගැනීම සුදුසුය.

Comments

  1. හ්ම්ම්...මේ විදිහට කළොත්... මං හිතන්නෙ සම්මත ක්‍රම නැතුව ස්වභාවික ක්‍රමයට හිතුවොත් හොඳයි කියල... :)

    https://drive.google.com/file/d/1xW0tBaCGnTdRazeYmcICtr9tlCzfHQ2a/view?usp=drivesdk

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 9 (Electronics Lesson)

අතිරේකය  1 (විද්‍යාව) ‍ඉලෙක්ට්‍රොනික්ස් යනු තාක්ෂණික විෂයක් නිසා විද්‍යාව හා ගණිතය ගැන අවබෝධය වැඩිවන තරමට තාක්ෂණික විෂයන් අවබෝධ කර ගැනීම පහසුය. මෙම අතිරේකයෙන් ඉලෙක්ට්‍රොනික්ස්වලට අවශ්‍ය යම් යම් සරල විද්‍යාත්මක කාරණා කිහිපයක් ගැන සාක්ච්ඡා කෙරේ. මේ විශ්වයේ තිබෙන සියලුම දේවල් සරලව  පදාර්ථ   ( matter )  හා  ශක්ති   ( energy )  ලෙස දෙකොටසකට බෙදිය හැකියි. මේ සියල්ල පවතින්නේ “හිස්  අවකාශය ”  ( space )  තුළයි. පදාර්ථයට යම් ස්කන්ධයක් (බරක්) සේම අවකාශයෙන් යම් ඉඩක්ද අවශ්‍ය වේ. ඇසට ‍නොපෙනෙ තරමේ පවතින බැක්ටීරියාවක ස්කන්ධය හා එම බැක්ටීරියාව ගන්නා ඉඩ ප්‍රමාණය සිතා ගත නොහැකි තරම් ඉතා කුඩා වන අතර, ඈත තරුවක ස්කන්ධය හා අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය සිතාගත නොහැකි තරම් විශාලය. මෙම සියලු පදාර්ථ  ඝන   ( solid ) ,  ද්‍රව   ( liquid ),  වායු   ( gas )  යන ආකාරවලින් පවතී. මෙම ආකාර  පදාර්ථයේ   අවස්ථා   ( states   of   matter )  ලෙස හැඳින්වේ. මේ නානාප්‍රකාරයේ සියලු පදාර්ථ සෑදී ඇත්තේ මූලික ද්‍රව්‍ය ...