සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 75

Radio Beacon බීකන් යනු යම් සන්නිවේදන කාර්යක් සපුරාලන ඉතා පැරණි තාක්ෂණික උපක්‍රමයකි . යම් පනිවුඩයක් / සංඥාවක් ශබ්ද මාර්ගයෙන් හෝ දෘෂ්‍ය මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ වෙනත් අයට පොදුවේ ලබා දිය හැකි ඕනෑම උපක්‍රමයක් බීකනයකි . ඒ අනුව අතීතයේදි ගිනි දැල් බීකන් ලෙස භාවිතා කර තිබෙනවා ( කඳු මුදුන්වල ගැසූ ගින්දරින් පිටවන දුම්වලින් යම් පනිවුඩ ලබා දී තිබෙනවා ). මීට අමතරව අප කවුරුත් දන්නා බීකනයක් තමයි නැව් ගමනාගමනයට උපකාරිවන lighthouse කියන්නෙත් . ඇම්බ්‍යුලන්ස් රථ , ගිනි නිවන රථ , පොලිස් රථ ආදියෙහි ඇති සයිරන් ශබ්ද හා / හෝ “වර්ණවත් සැලෙන එලි” ආදියද බීකන් වේ . විශාල කන්ටේනර් රථ ආදියෙහිද මෙවැනි බීකන් තිබෙනවා . Airport හා heliport ( හෙලිකොප්ටර් බස්සන තැන් ) වලත් මෙවැනි ආලෝකමත් බීකන් තිබෙනවා . එම බීකනයෙන් පිටවන වර්ණය අනුව පයිලට්ට පණිවුඩයක් ලැබෙනවා කුමන ජාතියේ යානා එහි බැස්සිය හැකිද කියාත් . එහෙත් අප මෙම පාඩමින් වැඩි විස්තර සොයන්නට යන්නේ ඉහත ආකාරවල බීකන් ගැන නොව . රේඩියෝ තරංග උපයෝගි කරගන්නා බීකන් හෙවත් radiobeacon ගැනයි . මීට පෙර හදිසි ආපදා සන්නිවේදනය ගැන කතා කරන විට හමු වූ EPIRB, ELT, PLB ද