Skip to main content

ලංකා කැබිනෙට්ටුවේ සාමූහික වගකීම

ඕනෑම රටක මෙන් ලංකා රජයේද මධ්‍ය විධායකය ක්‍රියාත්මක කිරීමේ දේශපාලන ව්‍යුහය කැබිනෙට්ටුවයි. අප දන්නා කාලයේ සිට ලංකාවේ කැබිනෙට්ටුව තුල සිටියේ කුස්සියේ කැබිනෙට්ටුව තරම්ම විච්චූර්ණ බඩුය. ඒ අතර දේශපාලන පක්ෂ ආදි ඕලාරික ලැදියාවන්ගෙන් ඉක්මවා ගිය ලක්ෂ්මන් කදිරගාමර් වැනි උත්තුංග ඇමතිවරුන් ගැන ආදර මතකයන් සිහිපත් වේ.

රාජ්‍ය ප්‍රතිපත්තිවල සංතුලනතාව පවත්වාගෙන යෑම, පුද්ගල අභිමතය හික්මවීම, සද්භාවයෙන් ගත් තීරණවල වගකීම පිරිසක් අතරේ බෙදා ගැනීම ආදී වැදගත් අවශ්‍යතා නිසා කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම (collective responsibility) නම් නීතිමය හා දේශපාලනමය බැඳීමට යටත් කර තිබේ. ඒ කියන්නේ රටට වැදගත් වන කාරණා ආරම්භ කිරීම (initiation) හා ඒවා ක්‍රියාත්මක කිරීම (execution) තනි තනි ඇමැත්තා විසින් නොව සියලුම ඇමැත්තන්ගේ තීරණ ලෙස ගත යුතුය.

සද්භාවයෙන් හා යුක්තිගරුකව හා නීත්‍යානුකූලව ක්‍රියාවෙහි යෙදවිය යුතු කැබිනෙට්ටුවේ සාමූහික වගකීම ලංකාවේ ජනපතිගෙ සිට අගමැතිගෙ සිට ඇමතියා දක්වා බොහෝම අවලම් ආකාරයෙන් භාවිතා වන බවක් පෙනේ. එය මුන් යොදා ගන්නේ එක් එක් ඇමතියන්ගේ දූෂන හා වංචා වසාගැනීමේ ක්‍රමයක් ලෙසයි. උදාහරණයක් ලෙස, යම් ඇමැතියෙකු විසින් රාජ්‍ය මුදල් වංචා කළ බවක් හෙලි වූ විට, එය කැබිනෙට්ටුව විසින් සාමූහිකව ගත් තීරණයක් කියා එම වැරැද්දෙන් ඌ නිදහස් වේ. දැන් ඌට දඩුවම් නැත. සාමූහිකව වගකියනවා යැයි කියන කැබිනෙට්ටුවට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයකුත් නැත. විල්පත්තුව ආදී පරිසර ගැටලුවලදී මේ තත්වය තවත් කැපී පෙනේ.

ඇල්වතුරත් නිවලා බොන ධර්ම රාජ්ජයේ වැඩසිටින සමහර දීගගාමිණිලා හා තම වරුණයම කියවන දත් ගලවන කාලගෝලයන් සිටි කැබිනෙට්ටු තුල රටට අහිතකර බොහෝ තීරණ ගෙන ක්‍රියාත්මකව ඇති අතර, ඒවා හෙලි වූ විට දූෂනයට හවුල් වූ ඇමතියන් කැබිනෙට්ටුවෙන් එම තීරණ ගත් බවක් කියා අත පිහදා ගන්නා විට, අර නිවට දීගගාමිණිලා හා කාලගෝලයන් කියන්නේ තමන් එම තීරණවලදී කැබිනෙට්ටුවේදී විරුද්ධව කතා කළ නිසා ඒවාට වගකියන්නට තමන් බැඳී නැති බවයි. රටට අහිතකර නම්, එය එම මොහොතේම නතර කළ යුතුය. නැතහොත් කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස් විය යුතුය. ඒ දෙකම නොකර සිටීමෙන් සාමූහික වගකීම ඉෂ්ට කරන්නේ කෙසේද?

එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමූහික වගකීම යන ව්‍යවස්ථාව ඉවත් කළ යුතුය. සුපුරුදු ලෙසම කැබිනෙට්ටුව විසින් තීරණ ගත්තත්, තමන් කළ සියලු දෑ තනියම වගකියන තත්වයට පත් කළ යුතුය. කොම්පැනිවල අධ්‍යක්ෂ මණ්ඩලවලට බලපාන සම්ප්‍රදායවල් කැබිනෙට්ටුවට හැමවිටම හරි යන්නේ නැත. කොම්පැනි තීරණ ගන්නේ උන්ගේ සල්ලි ගැනය. කැබිනෙට්ටුව තීරණ ගන්නේ අපේ සල්ලි ගැනය.

අද ලංකාවේ කැබිනෙට්ටුව දේශපාලනමය ගනිකා මඩමකි. මා හැමදාමත් දකින්නේ ජනපතියා, අගමැත්තා, අමැතියා, මන්ත්‍රියා යන මේ සියලුම වර්ගයේ දේශපාලුවන් වෛශ්‍යාවන්ගේ පුතුන් බවයි. උන්ගේ කල් කිරියාවෙන් ඊට වඩා දෙයක් උන් ගැන කිව නොහැකිය. බලවත් එකෙක් දෙන්නෙක්ගේ ඕනෑ එපාකම් එහිදී හැමවිටම සැපිරෙන අතර, අනෙක් එවුන් සිටින්නේ එම ඇමතියන්ට "ආතල්" සපයා දෙන්නටය (පිම්පි වැඩ කිරීමට). ඒ අතර, එම පිම්පි නෝන්ජල් ඇමතියන්ටද ඉඳහිට රටේ දේපලක් විකුණාගෙන කෑමට හෝ වෙනත් අවලම් ක්‍රියාවන්ට ඉඩ සලසා දේ. මේ හැම එකාගෙම වනචර කාලකන්නි දූෂන හෙලි වූ විට විතරක්, සාමූහික වගකීම පෙරට එයි.

මේ අතර තටු නොකැපූ විගණන පනත එන තුරුත්, හැම ප්‍රකාශයක්ම "වගකීමෙන් ප්‍රකාශ කරන" ජනපති නීතිඥ මුස්තාෆා ඇමතියා පලාත්පාලන මැතිවරණය තබන තුරුත් දේශපාලුවන්ගේ අවකල් රති කෙලි නරඹමින් ජනතාව මුසපත්ව ප්‍රීති වෙති.

Comments

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...