Skip to main content

රේඩියෝ විකිරණය දැනෙන්නේ කෙසේද?

මා මීට දින කිහිපයකට පෙර දීර්ඝ වශයෙන් රේඩියෝ විකිරණය ගැන ලියා තිබේ. රේඩියෝ විකිරණයෙන් තාප උත්සර්ජනයක් පේශි තුල ඇති විය හැකි බවත්, ඉන් ප්‍රෝටීන් විකෘති වී ඌනතා රෝග ඇති විය හැකි බවත් අද විද්‍යාවෙන් හොඳින් තහවුරු කර ඇති මතයකි.

මෙම කුඩා ලිපිය ලියන්නට හේතුව මීට සුලු වෙලාවකට පෙර මා පෞද්ගලිකව ලබපු අත්දැකීමකි. එක්තරා රූපවාහිනි වැඩසටහනකට ප්‍රේක්ෂකයෙක් ලෙස මා සම්බන්දවීමට එක දිගටම පැයක් පමණ එම වැඩසටහනේ ටෙලිෆෝන් අංකය මාගේ ජංගම දුරකතනයෙන් (3G නොවන දුරකතනයක්) ඩයල් කරමින් සිටියා. ලයින් බිසි නිසා දිගටම ට්‍රයි කළා (එක දිගටම 200 වතාවකට වැඩිය කෝල් අරන් තිබේ). එහෙත් පැයක් විතර ගිය පසු ෆෝන් එක රඳවාගෙන සිටි අතේ ඇඟිලි සියල්ලම පිච්චෙනවා සේ දැනුනා. මෙම ලිපිය ලියන මොහොත වන විටත් එම දැවිල්ල තරමක් අඩුවෙන් දැනෙනවා. මීට හේතුව අනිවාර්යෙන්ම රේඩියෝ විකිරණය නිසා ඇති වූ තාප උත්සර්ජනයක් විය යුතු යැයි සිතේ.

මෙවැනි අත්දැකීම් ලබපු අය සිටිත් නම්, කොමෙන්ට් එකක් හෝ ඊමේල් පනිවුඩයක් එවන්නේ නම් අගය කොට සලකමි (මාගේ අධ්‍යයනය සඳහා).

A nice report on low level ionizing radiation

How you feel radio frequency radiation...

I am writing this short English version of the above Sinhala post in case somebody who can't read sinhala text happens to visit this page.

Today I kept dialing a certain busy telephone number continuously (in order to join in a tv program), and after an hour or so, I felt my fingers where my cellular phone was held  kind of burning and tingling. I am positive I felt so because of thermal dissipation due to RF radiation. I could of course do the same to double-check it, but I am reluctant to do so consciously, and I do urge you not to try it yourself. However, if you have had this same kind of experience someday before, please let me know with a short description. It would help my studies.

Comments

  1. හරිම වටිනවා.දැනුම දානයක් කියන්න පුලුවන්.තෑන්ක්ස් .

    ReplyDelete
  2. මට සාමානයෙන් පැයකට වඩා සමහරවිට පැය බාගයකට වඩා පෝන් එක කනේ තියන් ඉන්න බෑ..ඔලුව රිදෙනවා..කැරකෙනවා..මත්වෙනවා වගේ වෙනවා..මං ඵෝන් පාවිච්චිකරන්නේ නෑ දැන් අතයවශය දෙයකට හැර..එක්කෝ ඉයර්පෝන් එකකින් තමයි..ඒත් එපාවෙනවා..මටත් හිතෙන්න් මගේ තත්වයත් විකිරන නිසා මට ඔරොත්තුදෙන්නේ නෑ වගේ කියල..වෙන හේතු වෙන්නත් පුලුවන්..නමුත් ගර්ල් එක්ක කෝල්කරනකොට (මල් කඩන වෙලාවට) ඒක හොදටම තේරෙනවා..

    ReplyDelete
    Replies
    1. :) ඔව් විකිරණය නිසා වෙන්න පුලුවන්... පරිස්සමින් මල් කඩන්න... නැතිනම් මල්වඩමක හිමිකාරයෙකු වෙන්නත් බැරි නැහැ ෆෝන් එක නිසා... hahaha...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...