ලාංකිකයන් විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවි සඳහා, ඉන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වසරේ හොඳම බ්ලොග් ලිපි තෝරා ගිය සෙනසුරාදා වෝටර්ස් එඩ්ජ් හි පැවැත් වූ සම්මාන පිරිනැමීමේ උත්සවයකදී (nelumyaya.com) මා විසින් ලියන ලද තාක්ෂණනික ලිපි පෙලක් වෙනුවෙන්ද සම්මානයක් ලැබී තිබෙන බව ආරංචි විය. එය දැනගැනීමෙන් සතුටක් ලැබූ අතර, එය පිරිනැමූ අයට ස්තූතියද පිරිනමනවා. ඊට මා හට සහභාගි වීමට නොහැකි වීම ගැන කනගාටුවද පළ කරනවා.
හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...
Comments
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top