GPS චන්ද්‍රිකා සම්බන්දයෙන් අන්තර්ජාලය ඔස්සේ රූප සොයන අතරේ, ඉතා අපූරු රූපයක් හමු විය. එය මා පහත දක්වා තිබෙනවා (හමු වුණේ කොතැනද යන්න මට මතක නැති නිසා, එම ඔරිජිනල් පෝස්ට් එකට ලින්ක් එක දැමීමට අවශ්‍ය වුවත්, එය කළ නොහැකිය). මුල් නිර්මාණකරුවාට පූර්ණ ගෞරවය හිමි විය යුතුය.
මෙම රූපය ත්‍රිමාණව දැකිය හැකිය. ඒ සඳහා කරන්නට තිබෙන්නේ පරිගනක ස්ක්‍රීන් එකේ සිට අඩියක් පමණ පස්සට හිස තබා ගන්න. ඉන්පසු ඇස් වපර කර (cross-eyed) මෙම රූපය දෙස බලන්න. වපරය තත්පර කිහිපයක් සීරුමාරු කරමින් යන විට ත්‍රිමාණ රූපයක් දිස් වේවි. එම රූපයෙන් දැක්වෙන්නේ GPS චන්ද්‍රිකා රඳවන කක්ෂ 6යි.
මෙම රූපය සඳහා වෙනමම මෙම පෝස්ට් එක ලිවීමේ තවත් හේතුවක් වූයේ, රූප ඇඳීම (graphics designing) ගැන අාශාවක් හා දක්ෂතාවක් තිබෙන අයට මෙවැනි ත්‍රිමාණ රූප ඇඳීමට ඇති හැකියාව ගැන මතක් කර දීමටයි. විද්‍යා සම්බන්ධ බොහෝ රූප සඳහා මෙම ක්‍රමය අනුගමනය කළ හැකි බව පේනවා. 100%ක්ම හරියටම මෙවැනි රූපයක් අඳින්නේ කෙසේද කියා මා සොයා නැති වුවත්, මට හිතෙන ලෙසට වම් හා දකුණු රූප දෙක අතර කුඩා කෝණ වෙනසක් සහිත විය හැකිය.
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Thanks for the comment made on blog.tekcroach.top