Skip to main content

රතුපස්වල වැනසූ පාදඩ හමුදාව

අද නැවත වතාවක් ගම්පහ උසාවියේ රතුපස්වලදී රාජ්‍ය හමුදාව විසින් අහිංසක පාසල් ළමුන්ද ඇතුලු තිදෙනෙකු මැරීමේ නඩුව විභාගයට ගැණිනි. කිසිදා සිතෙන් යටපත් නොවන ඒ මූසල අවස්ථාවන් පෞද්ගලිකවම ඇස් දෙකෙන් දැකපු අයෙකු ලෙස ඒ ගැන වචනයක් ලියන්නට සිතිණි.

ත්‍රිවිධ හමුදාව තිරිසන් ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තයන්ගෙන් රට බේරා ගත්තා. ඊට යුධ පෙරමුණෙන් නැතත් හදවතින් දේශප්‍රේමි ජනතාව තමන්ට පුලුපුලුවන් විදියට ආශිර්වාද හා සහායෝගය ලබා දුන්නා. ලක් මව ත්‍රස්තවාදයෙන් මුදාගෙන එපමණ අගයක් වටිනාකමක් ලබා දුන් හමුදාව විසින්ම ඇය දූෂ්‍ය වෙනවා නම් ඊට ඇස්කන් වසාගෙන සිටන එවුන් නිවට නපුංසකයින්ම වනු ඇත. රට හා රටවැසියන් ආරක්ෂා කිරීම පරම වගකීම ලෙස සලකා කටයුතු කරන නියම "සොල්දාදුවන්" හට පළමුව මාගේ ප්‍රණාමය පුද කරමින්, මින් මතු ලියන කිසිදු වචනයක් ඔවුන්ට අදාල නොවන බව සිහිපත් කරමි.

රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවල බොන ළිං වතුර බීමට නුසුදුසු තරමට "විෂ" වී තිබෙන විට, ඊට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසින් කරපු ඉතාම සාධාරණ හා මානුෂවාදී ඉල්ලීම්වලට විසඳුම් දීමට එකල වනචර රාෂ්ට්‍ර පාලක අද පන්සල් ගානේ බණ කියමින් අහිකුණ්ඨිකයෙකු සේ හැසිරෙන මහින්ද පර්සි රාජපක්කයත් උගේ යුවරජ රතුපස්වල ප්‍රදේශයද අයත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී රටේ දේපල මංකොල්ල කා අද උසාවි ගානේ බඩගාන බැසිල් රාජපක්කයත්, රාජපක්කයන්ගේ ඇට ලෙව කෑ ගැණු හොරකමේ හා යකඩ හොරකමේ යෙදුණු සරණ ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, නමවත් කීමට තරම් නොවටිනා නූගතෙකු වන රංජිත් ගුණවර්ධන ආදී හාල්පාරු පිම්පි දේශපාලුවන්ට බැරි විය.

ඒ වෙනුවට රාජපක්කයන්ට අත දිගහැර වියදම් කළ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාට සහායෝගය දෙනු වස් අනෙක් රාජපක්කයා වන එකල ආරක්ෂක ලේකම්, හුලුගල්ලේ වැනි ගෑනු සොරුන්ද, ලන්සා, දුමින්ද වැනි කුඩු ජාවාරම්වලට චෝදනා ලැබූවන් ආරක්ෂා කළ ගෝඨාභය කළේ ත්‍රස්තවාදී යුද්දයකදී පහර දෙන්නට සැරසෙන විලාසයෙන් හමුදා ආමඩ් ට්‍රක් හා යුධ ටැංකි පවා එම ප්‍රදේශයට එවා දහස් ගණනක හමුදා බැටෑලියන් එකක් එවා ඉවක් බවක් නැතිව වෙඩි තැබීමයි. එම වීඩියෝ දර්ශන ලෝකයාම දුටුවේය. මෙවැනි මානුෂික අවශ්‍යතාවක් වෙනුවෙන් හඬ නැඟූ අහිංසක පුරවැසියන්ට එරෙහිම යුද ටැංකි පවා එවීම ගැන උන්ට තවමත් කඩේ යන යම් කෙනෙකුට කුමන සාධාරණ ප්‍රතිචාරයක් ලබා දිය හැකිද?

එහිදී උද්ඝෝෂණය කළ මිනිසුන්ට පොලු හා විශේෂිත හම්/ලෝහ පටිවලින් මිනිසුන්ගේ පිටවල් ගැලවී යන පරිදි පහර දුන්නේ හා සිංහල බසෙහි තිබෙන සියලුම කුනු හරුප යොදා ගෙන මහලු බාල කාන්තා පිරිමි සියල්ලන්ටම හමුදා නිල ඇඳුමින් සන්නද්ධ "ලංකාවේ මහා විනයගරුක වෘත්තීය" හමුදා ක්‍රියා කළේ අනිවාර්යෙන්ම උන් වෛශ්‍යාවන්ගේ පුතුන් බව සනාථ කරමිනි. එහිදී අහල පහල සිටි ගම්වැසි කාන්තාවන්ට සිත් වේදනාව වැඩි නිසාම, යුද්ද කාලේ උඹලා වෙනුවෙන් බෝධි පූජා තැබූ අපට මෙහෙමද සලකන්නේ කියා ප්‍රදේශයේ තැන තැන සිටි කාන්තාවන් බොහෝ ගණනක් වැලපෙමින් ඇසූ විට "තොපේ බෝධි පූජා අපිට වැඩක් නැහැ" කියමින් හමුදා බල්ලන් පිළිතුරු දුන් හැටි තවමත් මට මැවී පෙනනවා. හමුදාවට ආදරයෙන් සිටි මාද ඇතුලු දසදහස් ගණනක පුරවැසියන් තුල හමුදාව පාදඩයන් වනචරයන් ලෙස සලකා වෛරයක් හට ගත් තැනකට පත් වූවාට සැකයක් නැත.

පාසලේ 8 පාස් නැති එම අමන හමුදාකාරයන් නිකංම එසේ හැසිරුණේ නැත. අද උසාවියේදී රිමාන්ඩ් කරපු කෝප්‍රල්ලා හා ස්ටාෆ් සාජ්ලා තුන් දෙනෙකු විතරක් ඊට වගකිව යුතු නැත. ස්ටාෆ් සාජ් කෙනෙකුට හැකිද සිවිල් ජනයා මරන්නට? උන්ට අණ දීම කළ කොමාන්ඩිං ඔෆිසර්ලා තවමත් නිදැල්ලේය. උසස්වීම් ලබා ගැනීමට හා වරදානවලට ප්‍රේත එම ඔෆිසර්ලා දේශපාලුවන් කිව්වොත් තමන්ගේ අම්මා එක්ක වුවද බුදියගන්නා තම ඇබේනිය වෙනත් උන් එක්ක බුදියන්නට සලස්වන ජාතියේ එවුන්ය. එදා ඊට අණදුන් දේශප්‍රිය නම් බ්‍රිගේඩියර් එවැනි තිරිසනෙකි. එදා මාද ඌට හමුදාව හැසිරෙන ආකාරය ගැන විරුද්ධත්වය පෑ විට, ඒ බල්ලා චන්ඩියෙකු මෙන් තමන්ගේ නිල ඇදුමේ පටි පෙන්වා කිව්වේ උන්ට එහෙම කරන්න පුලුවන් බවයි. අනිවාර්යෙන්ම උෟ එම මෙහෙයුමට වගකිව යුතුය. ඌට එසේ හැසිරෙන්නට කියූ ගෝඨාභයද වගකිව යුතුය. රාජපක්කයන්ගේ ජංගි සුප් බීපු එකල කාලකන්නි හමුදාපතිද වගකිව යුතුය. එහෙත් මෙම නඩුවේ මෙම වනචර පාදඩයන් එකෙකුවත් තවම රිමාන්ඩ් කර නැත. මිනිසුන් තුන්දෙනෙකු මැරී තිබීම දැන් පෙනෙන විදියට නම් නීතියට සුලු දෙයකි.

මේ දේට අනිවාර්යෙන්ම 100ක් වත් වැරදිකරුවන් විය යුතුය. ඒ අතර දේශප්‍රිය නම් වේස බල්ලාද සිටිය යුතුමය. මුන් සියල්ලම මිනී මැරීම හා මිනී මැරීමට අනුබල දීම යන චෝදනා යටතේ එල්ලා මැරිය යුතුය. සරත් ෆොන්සේකාට යුධ අධිකරණ තැබූ හමුදාවට මේ තිරිසනුන්ට එරෙහිව පියවර ගැනීමට එතරම් අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට දේශප්‍රියට තවත් රාජතාන්ත්‍රික උසස්වීම පවා ලැබිණි. මුංගෙ අම්මගෙ හමුදාවකි ලංකාවේ තිබෙන්නේ. මේ සෑම දේකින්ම ව්‍යංගයෙන් අපට කියා සිටින්නේ අර උතුරේ දේශපාලකයන් කියන දේ සත්‍ය විය හැකි බවයි. මෙතරම් ආදරය කරපු සිංහල අහිංසකයන්ට සැලකුවේ මෙහෙම නම්, යුද්ධ කරන කාලේ මුං තාවකාලික රහත්බවකින් යුද්ධ කළා වන්නට බැහැනෙ. එහෙම නැතිනම්, රතුපස්වල සිද්ධියට සම්බන්ධ හැම හමුදා බල්ලෙක්වම එල්ලා මරා හමුදාව විනයගරුක ප්‍රොෆෙෂනල් හමුදාවක් බව ඔප්පු කළ යුතුය.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...