Skip to main content

නීතිය, වෛශ්‍යා වෘත්තිය, හා පයිත්තියංගරස්

නීතිය හා වෛශ්‍යා වෘත්තිය යන වචන දෙක ගැන කියැවෙන කොට එකවරම මේ දෙකෙහි තිබෙන පොදු ලක්ෂණය ලෙස මතක් වෙන්නේ මානවයා සතු පැරණිතම "වෘත්තින්" දෙක මේ බවයි. මේ ඊයෙ පෙරේදා බාර් ඇසෝසියේෂන් එකේ අභිනව සභාපති උදය සිල්වාගේ පදවි ප්‍රාප්ති උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අගමැත්තාද මේ බව ප්‍රහර්ෂණාත්මකව ඉඟි කළේය.

ලංකාවේ අද නීතිය ක්‍රියාත්මක වන හැටි දැක්කහම මට නම් සිතෙන්නේ දැන් කාලයක සිට එම වචන දෙකෙන් වෘත්තින් දෙකක් නොව එක වෘත්තියක් ගැන කියැවෙන බවයි.

නීතිය සාදන ඊනියා ව්‍යවස්ථාදායකයත්, එම නීති වනචාරි විධායකය විසින් බලාත්මක කරන විට සිදුවන තත්වයන් සාධාරණ අයුරින් සිදුවීම තහවුරු කිරීමට සිටින ඊනියා අධිකරණයත් යන දෙකම ගනිකා මඩම් හා සමාන තත්වයන් මෑත ඉතිහාසය පුරාව අපට නැවත නැවත පෙන්වා දේ. මුන් දෙගොල්ලන්ම වනචර විධායකය සන්තර්පණය කරයි.

මොහාන් පීරිස් සිටියේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලෙස නම් (නිල වාර්තාවල/මහාවංශයේ ඌ එවැනි නිලයක් දැරුවේද නැද්ද යන්න කෙසේ තිබේදැයි සොයා බැලිය යුතුය), උගේ අමන ක්‍රියාකලාපයන් අධිකරණයේ දෝෂ නොවේද? ගැහැනුන්නට බලහත්කාරකම් කරපු ආබෲ සිටියේද ශ්‍රේෂ්ඨාධිකරණයේය. මහින්දට හා උගේ ඇට ලෙව කෑ එවක අගවිනිසුරු පීරිස්ගේ අභිමතය පරිදි ක්‍රියා කළ අධිකරණ ලංකාවේ නොතිබුණේද?  අද පිස්සෙකු සේ වරින් වර වචන වෙනස් කරන සරත් සිල්වා සිටියේද උපරිමාධිකරණ අගවිනිසුරු ලෙස නොවේද? අලි හොරකම් කළ තවත් දූෂිත මහෙස්ත්‍රාත් කෙනෙකු වන ගමගේ සිටියේද අපට සාධාරණය ඉටු කරන පුටුවේය. ඌව ආරක්ෂා කිරීමට ක්‍රියා කළ අධිකරණ නිලධාරින් තවමත් අපට නීතිය කොරන්නේ එම පුටුවල සිටිමිනි.

යම් කාන්තාවක් එක් වතාවක් හෝ වෛශ්‍යා වෘත්තියේ යෙදී සිටි විට, එම කාන්තාව ඉන්පසු ඉන් ඉවත් වුවත්, ජීවිත කාලයේම එම පැල්ලම දරමින් සිටීමට සිදු වේ. අපේ අධිකරණ එතරම් දූෂිතය.

ලොව පුරාම මෙවැනි තත්වයන් අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. මොන මොන ශාස්තෘන් කෙසේ කීවත්, අනෙක් තිරිසන් සතුන් මෙන්ම මිනිසාද සත්ව ගතිගුණ ඔස්සේම හැසිරේ. එනිසා වෙලාවක මට සිතෙන්නේ නීතියේ ආධිපත්‍ය, පුරවැසි අයිතින්, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව ශිෂ්ඨාචාරය වැනි බර වචනවලින් කියන එකක්වත් සැබැවින්ම පොලොවේ නැති මිරිඟු විය හැකියි කියාය. එහෙත් ශාස්තාධ්‍යනයේදී හා සංහතික මාධ්‍යවල අපේ කන් පිරෙනකල්ම කියන්නේ එම ගුණයන් රකිනු කියාය. මේ සියල්ලම කටින් කරන කයිවාරුය. රාජ්‍ය නායකයන්ගේ සිට අගවිනිසුරුවන්ගේ සිට බලයක්/අධිකාරයක් ඇති හැම එකාගේම හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්ය.

මහා ලොකු මූලික නීතිය යැයි වන්දනාමාන කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බොහෝ ව්‍යවස්ථාවන් අමුඅමුවේ උල්ලංඝනය වේ. ඇත්තටම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව, පාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.

එක් ව්‍යවස්ථාවකින් කියන්නේ උසාවියකින් වරදකරුවකු වන තෙක් ඕනෑම කෙනෙකුට දඩුවම් දිය නොහැකියි කියාය. එහෙත් නඩුවක් කඩිනමින් අසා ඉවර කරන්නේ නැතිව, දිගින් දිගටම රිමාන්ඩ් කිරීමෙන් සත්‍ය ලෙසම සිදු වන්නේ චූදිතයා දඩුවම් විඳීමකි. රිමාන්ඩ් කරන්නේ චූදිතයා උසාවි මඟහරීවි හෝ නඩු කටයුත්තට බාධා එල්ල කරාවි යන සාධාරණ පදනම් මතයි. එසේ නොකරතැයි සිතිය හැකි අයවලුන් පවා හුදු කාලකන්නි දේශපාලුවන්ට ඕනෑ විදියට රිමාන්ඩ් කරන බවක් පෙනේ. දේශපාලුවන් කුමක් කීවත්, අඩුම වශයෙන් අධිකරණයට ඍජුව සාධාරණ තීරණ ගත හැකිව තිබුණත්, වෛශ්‍යා කාන්තාවන් සල්ලිවලට ඇඟ විකුනන්නා සේ තීන්දු ලබා දෙන බවක් පෙනේ. එක් එක් නඩුකාරයා සතුව යම් අභිමතයක් තිබුණත්, තමන් දෙන තීන්දු සෙසු අධිකරණවල හා පෙර තීන්දු සමඟ සාම්‍යකරණයක් (harmonized) තිබිය යුතුය; යුක්තියුක්ත විය යුතුය.

සෑම පුරවැසියෙකුටම සමානව සලකන්න යැයි තවත් ව්‍යවස්ථාවක් නමට පමණක් පාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත. එහෙත් තත්කාලයෙහි පොදු දේපල අපහරණය නම් නඩුවේදී එය තඹදොයිතුවකට මායිම් කර නැත. විමල් පෛත්තියංගරස් වීරවංශව එම චෝදනාවට රිමාන්ඩ් කර ඇතත්, එම වරදටම එකට හවුල්කාරිත්වය දරන තවත් දේශපාලුවෝ දෙදෙනෙකු වන ආශු මාරසිංහ හා ලසන්ත අලගියවන්න යන අයට අඩුම ගානේ චෝදනාවක්වත් නැතිව වැජඹේ. මා හැමදාමත් කියන්නා සේ මේක මුංගෙ අම්මගෙ නීතියයි. ඊටත් වඩා දසදහස් ගුණයකින් රටට බලපාන බැඳුම්කර සිද්ධියේදී චෝදනා ලැබ තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් හා උගේ නල්ල මලේ බෑණාට විරුද්ධව එක වචනයක්වත් *පුංසක අගමැත්තා එල්ල කරන්නේ නැත.

චෝදනාවක් එල්ල කිරීමට බැලූබැල්මට (prima facie)  කාරණා තිබීමයි එකම කොන්දේසිය වන්නේ. ඒ අනුව විමල් පයිත්තියංගරස් වීරවංශට එල්ල කළ චෝදනාව ඉතාම නිවැරදිය. ඌව නිකංම රිමාන්ඩ් කර චෝදනාලාභියෙකු ලෙස තැබීමෙන් පලක් නැත. කඩිනම් නඩුවිභාගයක් තබා දඩුවම් දිය යුතුය. උගේ වෙනත් වත්කම් ලබා ගත් හැටිද සොයා බැලිය යුතුය. තමන්ගේ හා අඹුවගේ හොර පාස්පෝට් ගැනද සොයා බැලිය යුතය. මේ සියල්ලට පෙර ඌව සීගිරි බැලීමට එක්කගෙන යා යුතුය.

එලෙසම ආශුට, අලගියවන්නට, ඇලෝසියස්ට, අර්ජුන්ටද නඩු පැවරිය යුතුය. විරුද්ධවාදින්ට නීතිය වනචර විදියට ක්‍රියාත්මක කරමින්, තමන්ගේ ඇට උරන එවුන්ට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමත්ම තවත් අපරාධයකි. මේ සියල්ලම බලමින් ජනපති හිටං සිටී. බාලගිරි දෝෂය මෙන් මේවා සොයා බලා ලබා දෙනවා යැයි කියන උගේ සහන එන්නේ ගොලුබෙල්ලෙකු පිට උඩය.

හැමදේටම ජංගි ගලවගෙන සටන් වදින ජවිපෙ අලුත්ම ආකාරයට වෛශ්‍යා නිරූපණයක යෙදේ. ඇත්තටම රටේ තිබෙන ප්‍රශ්න ගැන කතා කරන්න එකෙක් නැති වීමම රටේ තිබෙන සමස්ථ බංකොලොත්බව කියා පාන්නකි.

අවසාන වශයෙන් විමල් පෛත්තියංගරස් වීරවංශ ගැන වචනයක් කීමට තිබේ. බොහෝ අය සිතන් සිටියේ උන්වහන්නේ ජාතියේ මහා විරුවෙකු ලෙසයි. එස් මහින්ද හිමිගේ කවියක් පවා ඔහු වෙනුවෙන් යොදා ගනු දුටුවා. තවද, "දෙක දෙකෙන් බෙදා 0යි" යන නව ගණිත සිද්ධාන්තය ලොවට දායාද කළ පෛත්තියංගරස් යන ගරු නමින් පිදුම් ලද ශ්‍රේෂ්ඨ ගනිතඥයෙකි හේ. එවැනි පෞරෂයක් තමන්ගේ දරුවන්ව බඩගින්නේ තබා තමන්ව රිමාන්ඩ් එකෙන් අනේ එලියට දාන්න යැයි සොටු පෙරාගෙන ඇඬීම උන්වහන්සේගේ අනුගාමිකයන්ට නම් විලි ලැජ්ජා උපදවනු ඇතැයි සිතේ. ගල් පිලිම හා බොල් පිලිම අතර වෙනස එයයි. එහෙත් එය වටහාගැනීමට තරම් සමත් බුද්ධිමත් ජනතාවක් ලංකාවේ නැත.

Comments

  1. Me ඊනියා පෛත්තියන්ගරස්ව අභිමානයෙන් අදහන eunge wachana mge kanata ehenakota ape patte,mun wage harak handa tawat harak rottak ව්‍යවස්ථාදායකයේ putu wala inna eka gana mokata puduma wenawada kiyala hitenawa.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...