Skip to main content

Posts

Showing posts from 2019

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

දෙවියකු ජනපති වීම

තවත් ඡන්දයක් අවසන් විය. සමහරෙකුට අනුව එය ලංකාවේ පැවති ඉතාම යහපත් ඡන්දයකි. පෝස්ටර් අඩුවෙන්, කලකෝලහල අඩුවෙන් තිබූ ඡන්දයකි. වේදිකාව මත අඩුවෙන්ම මඩ ගසාගත් ඡන්දයකි. ලංකාවේ බහුතරයක් ඉතා සතුටින් ඉපිලී ගිය ඡන්දයකි. එම ඡන්දයෙන් ජයගත් ගරු ගෝඨාබය රාජපක්ෂ ජනපතිතුමාට සුභ පැතුම්!!! එසේ වුවත් එවන් සාධනීය ලක්ෂණ සමඟම ඉතා අයහපත් ලක්ෂණද මා එහි දුටිමි. පිලිවෙලකට නැතත් ඒ ගැන අතරින් පතර කරුණු කිහිපයක් ගැන පමනක් කෙටි සටහනක් තබමි. ජනපති අපෙක්ෂකයකු නොව රජෙකුටත් එහා ගොස් මෙවර දෙවියකුද තරග බිමේ සටන් වැදිනි. වසර පන්දහකට පමන පෙර මිසරයෙන් අතුරුදහන් වූ රටේ පාලකයා දෙවියා වූ සම්ප්‍රදාය ලංකාවෙන් නැවත මතු වී ඇත. උසස් උගත් බුද්ධිමත් මානව සමාජයකට කොතරම් එය උචිතදැයි සිතා බැලීම වටී. තවත් සමහරෙකුට එම අපේක්ෂකයා ඉපැරනි ලංකාවේ විසූ ගෝඨාභය රජතුමාම විය; මෙය ඔහුගේ පුනුරුත්පත්තිතයයි. තවත් සමහරෙකුට අතීත ලංකාවේ රාජාවලියේම සිටි දුටුගැමුනු, පැරකුම් ආදි සියලු ශ්‍රේෂ්ට රජවරු සියල්ලගේම තනි පුනුරුත්පත්තියයි; බුදු දහම අනුවද එය කෙසේ විය හැකිදැයි මා දන්නේ නැත. පලමු කරුන නම් ගෝටා ජය ගත්තේ අවිවාදයෙන්ම ඉතාම ඉහල සිංහල බෞද්ධ බහුතරයෙනි. එ

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 3

ඉහත ආකාරයට එක ගොඩට පරම අංශු දක්වා තිබුණත් මේවායේ යම් රටාවක් ඇති අතර පහසුවෙන්ම ඒවා මතක තබා ගත හැකිය. ඉහත රූපයෙන් දැක්වෙන පරම අංශු ගැන වෙන් වෙන්ව ඉගෙනගමු. අප්, ඩවුන්, ටොප්, ඉලෙක්ට්‍රෝන්, ඇන්ටිබොටම්, ෆෝටෝන් ආදි ලෙස මේ දී තිබෙන කිසිම නාමයක විශේෂත්වයක් නොමැත; ඒවා නිකංම නම් පමනි.   ඉහත රූපයේ up, down, charm, strange, top, bottom ලෙස නම් කර ඇති පරමඅංශු 6 quark ලෙස හැඳින්වේ . මෙම ක්වාර්ක් ගොඩේ/කණ්ඩායමේ (ගෲප් එකේ) ඇති පරම අංශු 6 තීරු 3කටත් පේලි 2කටත් බෙදා දක්වා තිබෙන්නේ හේතුවක් ඇතිවය. තීරු තුන generation ( පරම්පරාව ) හෙවත් family (පවුල) ලෙස හැඳින්වේ . ඒ අනුව පලමු පරම්පරාවට අයත් ක්වාර්ක් අංශු දෙක වන්නේ අප් හා ඩවුන් ක්වාර්ක් වේ. එලෙසම, දෙවැනි පරම්පරාවේ ක්වාර්ක් අංශු දෙක වන්නේ චාම් හා ස්ට්‍රේන්ජ් වන අතර, තෙවැනි පරම්පරාවේ ක්වාර්ක් අංශු වන්නේ ටොප් හා බොටම් වේ. එලෙසම, electron ( ඉලෙක්ට්‍රෝන්) , electron neutrino (ඉලෙක්ට්‍රෝන් නියුට්‍රිනෝ) , muon (මියුඕන්) , muon neutrino (මියුඕන් නියුට්‍රිනෝ) , tauon (ටවුඕන්) , tauon neutrino ( ටවුඕන් නියුට්‍රිනෝ) යන නම්වලින් ල