සමාජජාලයේ සැරිසරන විට අපූරු පෝස්ට් එකක් මා දැක්කා. මෙහි ඉතාම සරල ගනිත ගැටලුවක් විසඳීමේදී සාමාන්‍ය (හෝ සයන්ටිෆික්) කැල්ක්‍යුලේටරයකිනුත් ෆෝන් එකක තිබෙන කැල්ක්‍යුලේටරයකිනුත් විසඳන විට වෙනස් පිළිතුරු දෙකක් ලැබී තිබේ. මාද සයන්ටිෆික් කැල් එකකිනුත් සැම්සුන් ෆෝන් එකක ඇති කැල් එකකිනුත් එම ගනන සුලු කළ විට එවිටත් ඉහත රූපයේ මෙන්ම වෙනස් පිළිතුරු දෙකකි ලැබුණේ. බැලූබැල්මට මෙය නොසලකා හැරිය හැකි තත්වයක් සේ සිතා යම් විනෝදයක් ලැබිය හැකි අවස්ථාවක් සේ සලකා සිටීමට බැරිය. ඊට හේතුව, විවිධ ඉදිකිරීම්වලදී හෝ නිර්මානවලදී හෝ මෙවන් ගනනය කිරීමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී වැරදි විසඳුමක් මත ඒවා සිදු කිරීමෙන් සිදු විය හැකි හානි අතිමහත්ය. සාමාන්‍යයෙන් අප ගනිත ප්‍රකාශයක් සුලු කරන ක්‍රමවේදයක් ඇත. වම් අත පැත්තේ සිට දකුනත පැත්තට යන සේ විසඳීම සිදු කළ යුතුය. ඊටත් ප්‍රමුඛව "වන්බෙගුඑඅ" (bodmas) අනුපිලිවෙල පිලිපැදිය යුතු වේ. ඒ රීති දෙකම පිලිපැද්ද විට ඉහත ගැටලුව විසඳීම මෙසේ විය හැකිය. 6/2(2+1) -> 6/2(3) = 6/2x3 -> (6/2)x3 -> 3x3 = 9 ඉහත රූපයේ වම්පස ඇති කැල්ක්‍යුලේටරයෙන් සිදු කර තිබෙන්නේ එයයි. එහෙත් දක...