Posts

Showing posts from January, 2017

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 36

Image
Wavelength Division Multiplexing (WDM) ප්‍රකාශ තන්තු ඔස්සේ සන්නිවේදනය කරන විට , එකම තන්තුව ඔස්සේ ලේසර් ආලෝක කිහිපයක්ම යැවිය හැකිය . මෙවිට , ඒ විවිධ ආලෝකයන්ගේ තරංග ආයාමයන් විවිධ විය යුතුය . එය හරියට එකම වයරයක් හරහා සංඛ්‍යාතය වෙනස් විදුලි තරංග ගමන් කරනවා වැනිමය . එනිසා , එම මල්ටිප්ලෙක්සිං ක්‍රමය WDM වේ . මෙමඟින් දත්ත යැවීමේ ධාරිතාව කිහිප ගුණයකින් වැඩි කර ගත හැකියි . එය අතිවිශාල ලාභයකි . ඇත්තටම WDM යනුද තාක්ෂණිකව බැලුවොත් FDM ම තමයි . ඊට හේතුව ආලෝකයේ ( හෝ ඕනෑම විද්‍යුත්චුම්භක තරංග වර්ගයක ) තරංග ආයාමය හා සංඛ්‍යාතය එකිනෙකට බැඳුණු ඒකක දෙකකි ; එකක් දන්නේ නම් පහසුවෙන්ම අනෙක සෙවිය හැකියි c = 3x10 8 ms -1 =f λ යන සූත්‍රයට අනුව (c යනු ආලෝකයේ වේගය වන අතර , f යනු සංඛ්‍යාතද , λ යනු තරංග ආයාමයද වන බව මීට පෙර අප ඉගෙන ගත්තනෙ ). විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු ආලෝකය යනු විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුතු ආලෝකය කියන එකමයි ( එම ආලෝකයන්ගේ සංඛ්‍යාත / තරංග ආයාම පවතින්නේ දෘෂ්‍යාලෝක කලාපයේ නම් , විවිධ තරංග ආයාම අපට පෙනෙනු ඇත්තේ විවිධ වර්ණ ලෙසයි ). එය සංඛේතවත් කිරීමටයි සාමාන්‍යයෙන් ඉහත ආකාරයේ රූපවල එක් එක

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 35

Image
Multiplexing මල්ටිප්ලෙක්සිං යනු සන්නිවේදනයේ නැතිවම බැරි තාක්ෂණික උපක්‍රමයකි . එකිනෙකට වෙනස් / ස්වාධීන සංඥා කිහිපයක් එකම සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සම්ප්‍රේෂනය කිරීම මින් සිදු වේ . උපමාවකින් එය වඩා හොඳින් පැහැදිලි කළ හැකිය . මහා මාර්ගයක් සලකන්න . එහි එකවර විවිධ අයගේ වාහන ගමන් කරනවා නේද ? එය තනි පාරකි ; එහෙත් විවිධ අය එකවර ඒ හරහා ගමන් කරනවා . මල්ටිප්ලෙක්සිං වලද තත්වය එසේමය . එකම මාධ්‍යයක විවිධ සංඥා කිහිපයක් එකවර ගමන් කරනවා . මෙහි ඇති වාසිය වන්නේ සම්පත් ඉතාම කාර්යක්ෂමව භාවිතා කිරීමයි . පාරේ උපමාව නැවත සැලකුවොත් , තනි තනි කෙනාට වෙන වෙනම පාරවල් සාදන්නට ගියොත් එය කොතරම් නාස්තියක්ද ? එලෙසම , විදුලිසන්දේශවලදී රේඩියෝ සංඥා යනු ඉතාම සීමිත සම්පතකි . එනිසා බොහෝ දෙනෙකුට එම සීමිත සම්පත සාධාරණව භාවිතා කිරීමට හැකි සෑම උත්සහයක්ම ගත යුතුය . ඉතිං , මල්ටිප්ලෙක්සිං යනු ඒ සඳහා යොදා ගන්නා අනර්ඝතම උපක්‍රමයකි . මෙමඟින් වැඩි දෙනෙකුට අඩු වියදමකින් උපරිම සේවාවක් ( ඉක්මන් හා විශාල දත්ත සම්ප්‍රේෂණ වේගයක් ) සපයා දේ . multiplexer ( MUX යනු එහි කෙටි නමයි ) උපකරණයට ඇතුලු කරන තනි තනි සංඥා baseband si

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 34

Image
අතිරේකය – 1 ශබ්ද , ශ්‍රවනය , හා ඩෙසිබෙල් මිනිස් කන හර්ට්ස් 20 සිට 20,000 දක්වා පරාසයකට සංවේදී බවත් වයසත් සමඟ මෙම පරාසය දෙපැත්තෙන්ම පටු වන බවත් මීට පෙර අප ඉගෙන තිබෙනවා . තවද , ශබ්දය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය බවත් , ඝන , ද්‍රව , වායු යන පදාර්ථයේ අවස්ථා 3 දීම ශබ්දය ගමන් කරන බවත් , අංශු ළඟින් ළඟ පිහිටන විට ශබ්දය වඩ වඩා වේගයෙන් ගමන් කරන බවද ඔබ දන්නවා ( එනම් , වායු මාධ්‍යයකට වඩා වැඩි වේගයකින් ද්‍රවයකද , ඊටත් වඩා වැඩි වේගයෙන් ඝන මාධ්‍යක ශබ්දය ගමන් කරනවා ). තවද , යම් ශබ්දයක් අංශු වැඩි ප්‍රමාණයක් හරහා ගමන් කරන විට , ඉක්මනින් ශබ්දය හායනය වෙනවා ( එනිසයි ඝන ද්‍රව්‍යයක් හරහා වැඩිම වේගයෙන් ශබ්ද ගමන් කළත් , ශබ්ද ඉතා ඉක්මනින්ම දුර්වල වන්නේ ). කන් දෙකක් තිබීම නිසා ශබ්දය ත්‍රිමානව ඇසිය හැකිය ( එනම් ශබ්දය කොහෙන්ද එන්නේ කියා සොයා ගත හැකිය ). ශබ්දයක් කනට ඇසෙන “සැර” වැදගත් සාධකයකි . ශබ්දයේ සැර ට ( loudness ) හේතුව ශබ්ද තරංගයේ විස්තාරයයි . විස්තාරය වැඩි විට සැර වැඩිය . ශබ්ද වර්ධක විසින් සිදු කරන්නේ යම් ශබ්ද තරංගයක විස්තාරය විශාල කිරීමයි . කනට සැර දැනෙන්නේ ලඝු ආකාරයෙනි . ඉන් අදහස් වන්නේ මෙයයි . ඔ