බ්ලූටූත් අයිකනය මත ක්ලික් ( හෝ රයිට් ක්ලික් ) කර , එහි උඩින්ම තිබෙන Turn Bluetooth On යන්න එබූ විට බ්ලූටූත් සක්‍රිය කෙරේ . සක්‍රියව තිබෙන විට , එය Turn Bluetooth Off ලෙස පෙනෙන අතර , එවිට එය තේරීමෙන් බ්ලූටූත් ඕෆ් වේ . එම මෙනු එකේම Setup New Device… යන්න තේරීමෙන් පරිගණකය සමග යම් බ්ලූටූත් උපකරණයක් සම්බන්ධ කරන්න (pair) අවස්ථාව ලැබේ ( ඒ සඳහා පහත ආකාරයේ වින්ඩෝ එකක් පෙනේවි ). මෙහි Forward යන්න ඔබන්න . එවිට පහත ආකාරයට එය දිස්වේවි . මෙහි මැද විශාල කොටුවේ දිස්වන්නේ පරිගණකය ස්කෑන් කළ විට ඊට සොයාගත හැකි වූ අහල පහල ඇති බ්ලූටූත් උපකරණ වේ . නැවත ස්කෑන් කිරීමට ඊට යටින් තිබෙන " ලොකු කර බලන කන්නාඩිය " (magnifying glass) රූපය සහිත අයිකන් එක මත ක්ලික් කරන්න . ඔබට කනෙක්ට් කිරීමට අවශ්‍ය බ්ලූටූත් උපකරණය මෙම ලිස්ට් එකේ තිබිය යුතුය . ( එය දිස් නොවේ නම් , එම උපකරණයේ බ්ලූටූත් ඔන් කර ඇත්දැයි බලන්න . තවද , එම උපකරණයේ Visibility එක Hidden කර ඇත්නම් , එය වෙනස් කරන්න (visible/show). තවද , එම උපකරණය පරිගණකයට ආසන්නව තබාගන්න .) එවිට එම උපකරණය මෙහි දිස්වනු ඇත . දැන් එය තෝරාගෙන Forward කරන්න . එවිට ...