Skip to main content

අන්තර්ජාලයෙන් රේඩියෝ ඇසීම

අන්තර්ජාලය ඔස්සේ ටීවී චැනල් බැලීමට හා රේඩියෝ චැනල් ඇසීමට පරිගණක වැඩ සටහන් නිපදවා තිබේ. මෙවැනි සමහර සොෆ්ට්වෙයාර් නොමිලේ මෙන්ම මුදල් ගෙවා ලබා ගත හැකියි. ලිනක්ස් (විශේෂයෙන් ලිනක්ස් මින්ට් හා උබුන්ටු) සඳහාද මෙවැනි සොෆ්ට්වෙයාර් ගණනාවක්ම තිබෙනවා. ඒ අතරින් Radio Tray නම් වැඩසටහන නොමිලේම ඉන්ස්ටෝල් කර ගත හැකියි.

මින්ට්වල package manager ඕපන් කර radio tray ලෙස ටයිප් කළ විට මෙම වැඩසටහන පෙනේවි. එය ඉන්ස්ටෝල් කර ගන්න. එය ඉන්ස්ටෝල් කර ගත් පසු, All Applications -> Sound and Video යන මෙනුවේ මෙම වැඩසටහන රන් කිරීමට ෂෝට්කට් එක පිහිටනු ඇත. එය රන් කළ විට සිස්ටම් ට්‍රේ එකේ අයිකනයක් පෙනේවි.

එය මත ක්ලික් කළ විට, දැනටමත් ඉබේම ඇතුලත් කර තිබෙන රේඩියෝ චැනල් ලිස්ට් එකක් පෙනෙනවා. රේඩියෝ ලිස්ට් එක කාණ්ඩවලට බෙදා ඇත. මෙම කාණ්ඩ වෙනස් කිරීම හා අලුතින් කාණ්ඩ ඇතුලු කිරීමටද ඔබට හැකියි. කාණ්ඩ (ගෘප්/කැටගරි) තුළ තිබෙන රේඩියෝ චැනල් මැකීමට, වෙනස් කිරීමට (edit), හා අලුත් චැනල් එකතු කිරීමටත් (add) හැකියි. කාණ්ඩයක් තුළ තිබෙන චැනලයක් මත ක්ලික් කළ විට, ඉබේම එම චැනලය ඔන් වේවි (ඇසේවි).

රන් වෙන චැනලයක් රන් වන විට, එම චැනලය ඕෆ් කිරීමට මෙනු අයිටමයක් ඉබේම මෙනු එකේ උඩින්ම එකතු වේ (turn off <channel name>). එය ක්ලික් කළ විට දැනට රන් වෙන චැනලය ඕෆ් වේ. ඊට අමතරව වෙනත් චැනලයක් තෝරන විට, ඉබේම දැන් ප්ලේ වෙන චැනලය නතර වේවි.

සාමාන්‍යයෙන් මෙම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කළ විට, එහි ශ්‍රී ලංකාවේ චැනල් දක්නට ලැබෙන්නේ නැත. ඇත්තටම අන්තර්ජාලය තුළ දහස් ගණනක් රේඩියෝ චැනල් තිබුණත්, ඉබේම එම සියලුම චැනල් මෙම සොෆ්ට්වෙයාර් එකට එකතු වෙන්නේ නැත. එවැනි අවස්ථාවකදී, ඔබ සොයන චැනලය ඉන්ටර්නෙට් එක හරහා විසුරුවා හරිනවාද කියා සොයා බැලිය යුතුයි. ඉන්ටර්නෙට් එකේ දැනටමත් එය විසුරුවා හරින්නේ නැති නම්, මෙම සොෆ්ට්වෙයාර් එකෙන් හෝ වෙනත් ඕනෑම සොෆ්ට්වෙයාර් එකකින් ඊට ඇහුම්කන් දිය නොහැකි බවද මතක තබා ගන්න.

දැන් ඔබට අවශ්‍ය චැනලය ඔනලයින්/ඉන්ටර්නෙට් එකේ විසුරුවා හරිනවා නම්, එම ඔන්ලයින් චැනලයේ URL එක හා port එක සොයා ගත යුතුයි. පහත දැක්වෙන්නේ ලංකාවේ චැනල් කිහිපයක url හා port ය (පෝට් එක සාමාන්‍යයෙන් url එකේ අගට එකතු කර ලිවිය යුතුයි කෝලන් එකකින්; පෝට් එකක් ලියන්නේ නැති නම් ඉන් කියන්නේ පෝට් අංකය 80 බවයි).

පහත දැක්වෙන්නේ එවැනි ඔන්ලයින් චැනල් කිහිපයක url වේ.

ශ්‍රි ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවය : http://220.247.227.1/live
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවය: http://220.247.227.2/live
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දෙමළ සේවය (thendral): http://220.247.227.3/live
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සිටි එෆ් එම්: http://220.247.227.6/live
සිරස එෆ් එම්: http://76.164.217.100:7024
Gold FM: http://209.95.39.46:8020
හිරු එෆ් එම්: http://209.95.39.46:8010
Lite FM: http://192.99.99.195:8020
නෙත් එෆ් එම්: http://66.55.144.67:8104
Sun FM: http://37.130.229.188:8090
Yes FM: http://76.164.217.100:7030
Y FM: http://76.164.217.100:7036
BBC Word Service (NEWS): http://bbcwssc.ic.llnwd.net/stream/bbcwssc_mp1_ws-einws
BBC Radio 1: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio1_mf_p
BBC Radio 2: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio2_mf_p
BBC Radio 3: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio3_mf_p
BBC Radio 4: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio4fm_mf_p
BBC Radio 5: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio5live_mf_p

මෙවැනි චැනලයක් add කිරීමට ඉහත සොෆ්ට්වෙයාර් එක මත ක්ලික් කර එහි Preferences -> Configure radios... යන්න ක්ලික් කරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝ එකක් එනවා.


එහි තමන් කැමති කැටගරි එක තෝරාගන්න. අවශ්‍ය නම් අලුත් නමකින් කැටගරි එකක් පළමුව සාදා ගන්න. ඒ සඳහා Add Group යන්න ක්ලික් කර නමක් ලබා දෙන්න. දැන් Add යන්න ක්ලික් කරන්න. එහි URL යන්නට රේඩියෝ එකේ url එක ලබා දෙන්න. Radio name යන්නට තමන් කැමති නමක් (චැනල් එකේ නම) දෙන්න. Group යන්නෙන් මෙම චැනලය ඇඩ් කරන ගෘප් එක තෝරන්න. එච්චරයි

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...