Skip to main content

අන්තර්ජාලයෙන් රේඩියෝ ඇසීම

අන්තර්ජාලය ඔස්සේ ටීවී චැනල් බැලීමට හා රේඩියෝ චැනල් ඇසීමට පරිගණක වැඩ සටහන් නිපදවා තිබේ. මෙවැනි සමහර සොෆ්ට්වෙයාර් නොමිලේ මෙන්ම මුදල් ගෙවා ලබා ගත හැකියි. ලිනක්ස් (විශේෂයෙන් ලිනක්ස් මින්ට් හා උබුන්ටු) සඳහාද මෙවැනි සොෆ්ට්වෙයාර් ගණනාවක්ම තිබෙනවා. ඒ අතරින් Radio Tray නම් වැඩසටහන නොමිලේම ඉන්ස්ටෝල් කර ගත හැකියි.

මින්ට්වල package manager ඕපන් කර radio tray ලෙස ටයිප් කළ විට මෙම වැඩසටහන පෙනේවි. එය ඉන්ස්ටෝල් කර ගන්න. එය ඉන්ස්ටෝල් කර ගත් පසු, All Applications -> Sound and Video යන මෙනුවේ මෙම වැඩසටහන රන් කිරීමට ෂෝට්කට් එක පිහිටනු ඇත. එය රන් කළ විට සිස්ටම් ට්‍රේ එකේ අයිකනයක් පෙනේවි.

එය මත ක්ලික් කළ විට, දැනටමත් ඉබේම ඇතුලත් කර තිබෙන රේඩියෝ චැනල් ලිස්ට් එකක් පෙනෙනවා. රේඩියෝ ලිස්ට් එක කාණ්ඩවලට බෙදා ඇත. මෙම කාණ්ඩ වෙනස් කිරීම හා අලුතින් කාණ්ඩ ඇතුලු කිරීමටද ඔබට හැකියි. කාණ්ඩ (ගෘප්/කැටගරි) තුළ තිබෙන රේඩියෝ චැනල් මැකීමට, වෙනස් කිරීමට (edit), හා අලුත් චැනල් එකතු කිරීමටත් (add) හැකියි. කාණ්ඩයක් තුළ තිබෙන චැනලයක් මත ක්ලික් කළ විට, ඉබේම එම චැනලය ඔන් වේවි (ඇසේවි).

රන් වෙන චැනලයක් රන් වන විට, එම චැනලය ඕෆ් කිරීමට මෙනු අයිටමයක් ඉබේම මෙනු එකේ උඩින්ම එකතු වේ (turn off <channel name>). එය ක්ලික් කළ විට දැනට රන් වෙන චැනලය ඕෆ් වේ. ඊට අමතරව වෙනත් චැනලයක් තෝරන විට, ඉබේම දැන් ප්ලේ වෙන චැනලය නතර වේවි.

සාමාන්‍යයෙන් මෙම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කළ විට, එහි ශ්‍රී ලංකාවේ චැනල් දක්නට ලැබෙන්නේ නැත. ඇත්තටම අන්තර්ජාලය තුළ දහස් ගණනක් රේඩියෝ චැනල් තිබුණත්, ඉබේම එම සියලුම චැනල් මෙම සොෆ්ට්වෙයාර් එකට එකතු වෙන්නේ නැත. එවැනි අවස්ථාවකදී, ඔබ සොයන චැනලය ඉන්ටර්නෙට් එක හරහා විසුරුවා හරිනවාද කියා සොයා බැලිය යුතුයි. ඉන්ටර්නෙට් එකේ දැනටමත් එය විසුරුවා හරින්නේ නැති නම්, මෙම සොෆ්ට්වෙයාර් එකෙන් හෝ වෙනත් ඕනෑම සොෆ්ට්වෙයාර් එකකින් ඊට ඇහුම්කන් දිය නොහැකි බවද මතක තබා ගන්න.

දැන් ඔබට අවශ්‍ය චැනලය ඔනලයින්/ඉන්ටර්නෙට් එකේ විසුරුවා හරිනවා නම්, එම ඔන්ලයින් චැනලයේ URL එක හා port එක සොයා ගත යුතුයි. පහත දැක්වෙන්නේ ලංකාවේ චැනල් කිහිපයක url හා port ය (පෝට් එක සාමාන්‍යයෙන් url එකේ අගට එකතු කර ලිවිය යුතුයි කෝලන් එකකින්; පෝට් එකක් ලියන්නේ නැති නම් ඉන් කියන්නේ පෝට් අංකය 80 බවයි).

පහත දැක්වෙන්නේ එවැනි ඔන්ලයින් චැනල් කිහිපයක url වේ.

ශ්‍රි ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවය : http://220.247.227.1/live
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවය: http://220.247.227.2/live
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ දෙමළ සේවය (thendral): http://220.247.227.3/live
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සිටි එෆ් එම්: http://220.247.227.6/live
සිරස එෆ් එම්: http://76.164.217.100:7024
Gold FM: http://209.95.39.46:8020
හිරු එෆ් එම්: http://209.95.39.46:8010
Lite FM: http://192.99.99.195:8020
නෙත් එෆ් එම්: http://66.55.144.67:8104
Sun FM: http://37.130.229.188:8090
Yes FM: http://76.164.217.100:7030
Y FM: http://76.164.217.100:7036
BBC Word Service (NEWS): http://bbcwssc.ic.llnwd.net/stream/bbcwssc_mp1_ws-einws
BBC Radio 1: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio1_mf_p
BBC Radio 2: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio2_mf_p
BBC Radio 3: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio3_mf_p
BBC Radio 4: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio4fm_mf_p
BBC Radio 5: http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio5live_mf_p

මෙවැනි චැනලයක් add කිරීමට ඉහත සොෆ්ට්වෙයාර් එක මත ක්ලික් කර එහි Preferences -> Configure radios... යන්න ක්ලික් කරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝ එකක් එනවා.


එහි තමන් කැමති කැටගරි එක තෝරාගන්න. අවශ්‍ය නම් අලුත් නමකින් කැටගරි එකක් පළමුව සාදා ගන්න. ඒ සඳහා Add Group යන්න ක්ලික් කර නමක් ලබා දෙන්න. දැන් Add යන්න ක්ලික් කරන්න. එහි URL යන්නට රේඩියෝ එකේ url එක ලබා දෙන්න. Radio name යන්නට තමන් කැමති නමක් (චැනල් එකේ නම) දෙන්න. Group යන්නෙන් මෙම චැනලය ඇඩ් කරන ගෘප් එක තෝරන්න. එච්චරයි

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත ...