Skip to main content

Posts

Showing posts with the label විචාර

ඉරාන යුද්ධය හා ප්‍රවාද

සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියා​ව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...

සුභ පැතුම් යැවීමේදී මේ ගැනත් සිතන්න

අලුත් අවුරුද්ද, වෙසක් හා පොසොන් පොහොයන්, නත්තල, උපන්දිනය, යම් යම් ජයග්‍රහණ ලැබීම්වල ආදීයේදි ඔබට සුභ පැතුම් බොහෝ ලැබී ඇති; ඔබත් බොහෝ අයට සුභ පැතුම් යවා ඇති. ඉස්සර නම්, වෙසක් සුභපැතුම් පත් (වෙසක් කාඩ්) ආදි සුභ පැතුම් පත් තැපෑලෙන් යැව්වත්, අද වන විට ඊමේල්, එස්එම්එස්, ෆේස්බුක් හෝ විවිධ "මැසෙන්ජර්" ඇප් හරහා මෙම සුභපැතුම් හුවමාරු වේ. එය එක්තරා විදියක දුක්ඛිත තත්වයකි. තැපැලෙන් යම් සුභපැතුමක් ලැබෙන විට දැනෙන සතුට ඇත්තෙන්ම විද්‍යුත් වශයෙන් ලැබෙන ඒවායෙන් ලැබෙන්නේ නැත. ඒ නිසා අඩුම ගණනේ අපට ඉතාමත්ම හිතවත් අයට හෝ තැපෑලෙන් සුභපැතුම් යැවීමට හැකි නම් එය වැදගත් වේ. වසරක් තුල අප විවිධ දෑ වෙනුවෙන් වියදම් කරන ප්‍රමාණය බැලුවහම මේ සඳහා වැය වන මුදල සොච්චමකි. බොහෝ දෙනා එතරම් නොතැකුවත්, සුභපැතුම් යැවීමේ විශාල දෝෂයක් නොදැනුවත්වම සිදු වේ. එනම්, අර ගෙවල්වලට අවුරුදු කෑම අහල පහල ගෙවල්වලින් එවන විට, එම කෑම පිඟන්ම මාරු කර වෙනත් ගෙවල්වලට යවන්නා සේ සුභපැතුම්ද එසේ "ෆෝවර්ඩ්" කරයි. ඇත්තටම එය කිසිසේත් නොකළ යුත්තකි. සුභපැතුමක් යනු යමෙකු වෙනුවෙන් තම සිතේ අවංක සතුටු සිතින් හට ගත් අදහසක් විය යුතුය. අප සුභ...

මෝහනය, මිථ්‍යාව, හා යථාරූපය

රූපවාහිනියේ නොවැම්බර් 16 වැනිදා ගිය බ්‍රහස්පතින්දා විකාශය වූ යථාරූප වැඩසටහන තුල මෝහනය යනු මිථ්‍යාවකි කියා එහි සිටි වෛද්‍යවරුන් කියන ලදි. මාද මෝහනය ගැන පොතක් ලියා ඇති අතර, ඒ නිසාදෝ http://blog.tekcroach.top/2015/06/hypnosis-1.html?showComment=1511065849381#c6278351186215924679 හි කමෙන්ටුවක් දමා ඒ ගැන කවුරුන් හෝ මාගෙන් විමසාද ඇත. ඊට දිය යුතු පිලිතුර දිගු වන බැවින් එහි කමෙන්ට් නොකර මා මෙම ලිපිය ලියමි. පළමුව කිව යුත්තේ යථාරූප වැඩසටහන් මාලාව කාලීන හා වැදගත් බවයි. ඕනෑම හොඳ දෙයක නරක පොඩ්ඩක් හෝ තිබිය හැකියි යන්න සනාථ කරමින් යථාරූප වැඩසටහනේ දෝෂ ගණනාවක් තිබේ; මා මීට පෙරත් ඒ ගැන ලියා තිබේ. එනිසා සමස්ථ වැඩසටහන පෙල තුලම ඇති එම දෝෂ ගැන මා කතා කරන්නට යන්නේ නැත. එම දෝෂවලට වඩා වැඩි ප්‍රයෝජනවත්කමක් හා වැදගත්කමක් ඉන් ඉස්මතු වේ. තවද, උක්ත වැඩසටහනත් ඊට මාස දෙකකට පමණ ඉහතදී විකාශය වූ මොලය හා කුඩා ළමුන් හදා වඩා ගත යුත්තේ කෙසේද යන්න පිලිබඳ කියා දුන් වැඩසටහනත් ඉතාම වැදගත් (විශේෂයෙන් කුඩා ළමුන් සිටින හෝ ළමුන් හැදීමට සිතා සිටින දෙමාපියන්ට) බවද සිහිපත් කළ යුතුය. එම වැඩසටහන් මා සිතන්නේ රූපවාහිනි සංස්ථාවේ වෙබ් ...

මානවචාරය (Humanity)

ලොවපුරා ආගමික හා වෙනත් දර්ශන මතවාද දහස් ගණනින් ඇත. මේ අතරින් මිනිස් ජීවිතයට ඉතාම තදින් හා ළඟින් බලපාන්නේ ආගමික දර්ශනයි. බොහෝ යුද්ධ හා නොසන්සුන්තාවන් මේ නිසා ඉතිහාසය පුරාම පැවති බව පෙනේ. ලෝකප්‍රකට ආගමික දර්ශන තුල යුද්ධ හෝ ගැටුම්වලින් තොරව සාමකාමිව සතුටින් වෙසෙන්නට උගන්වන නමුත් ඒ සියල්ල පසෙකලා ආගම්වල නාමයෙන් ගැටුම් උත්සන්න වීම අදහගත නොහැකිය. මේ අතර ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය මිනිසෙකුට ආගමක් ඇදහීම හෝ පිලිපැදීම හෝ අත්‍යවශ්‍යද යන්නයි. මිනිසුන් දැන් අනාගමික වුවොත් (කිසිදු ආගමක් විශ්වාස නොකර සිටියොත්) ලෝකය අපායක් වී සමාජය තිරිසන් වී යනු ඇතිද? සමහරෙකු එසේ තර්ක කරනු මා දැක ඇත. ආගම්වල විවිධත්වය අපූර්ව වේ. මූලිකව මේ ආගම් බොහෝමයක්ම නිර්මාණවාදි (එනම් සර්වබලධාරියකු විසින් සියල්ල මවා ඇත යන මතය) වේ (ක්‍රිස්තියානි/කතෝලික, හින්දු, ඉස්ලාම් මෙවැනි ප්‍රමුඛතම ආගම් වේ). විශ්වය, ලෝකය, ජීවින්, හා සියල්ල ගැන අප දැන ගත් හා ගනිමින් සිටින තොරතුරු බලන විට එහි ඉතා පුදුමසහගත අයුරින් සංවිධානාත්මක බවක් පෙනේ. උදාහරණයක් ලෙස, ඩීඑන්ඒ අණුව ජීවී ගුණාංග මතු කරන අයුරු බලන්න. එනිසා කවුරුන් හෝ කරපු අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙස මු...

ශබ්ද ශාස්ත්‍රය හා අපේ නම් විගඩම්

ශබ්ද ශාස්ත්‍රය කියා ලොකුවට කතා කරන විෂයක් හෙවත් දැනුම් පද්ධතියක් ලංකාවේ ඇත. දන්නා තරමින් වෙනත් සමහර රටවල මීට සමාන තත්වයන් ඇත. යන්ත්‍ර මන්ත්‍ර, ඇස්වහ කටවහ, වස්කවි සෙත්කවිවල සිට යමෙකුට හෝ යමකට නමක් තැබීම දක්වා එහි බලපෑම තිබේ. මින් මා අක්ෂරවල ගුණාගුණ හා ගන පිහිටුවීම ගැන පමණක් කෙටි සටහනක් ලියන්නටයි සැරසෙන්නේ. මා මෙවැනි ලිපි පෙලක් සමහරවිට ඉදිරියටත් ලිවීමට බලාපොරොත්තු වන අතර, එහි අරමුණ වන්නේ මෙම දැනුම සමාජගත කර, ඒ ගැන ඇති කර ගන්නා දැනුමින් මෙම විෂයෙහි තිබෙන අසත්‍ය නිරර්ථක මිථ්‍යා ස්වභාවය පෙන්වා දීමටයි. මෙම ශාස්ත්‍රයන්ගෙන් හම්බ කරන සමාජය පල්ලම් බස්සන අය වැජඹෙන්නේ පොදු ජනයා අතර මේ ගැන තිබෙන අවබෝධය ඉතාම අල්ප බැවිනි. ඔබ අසා ඇති බබෙකුට නමක් දැමීමේදී, එම නමේ ගනය හොඳයිද කියා සොයා බලන සම්ප්‍රදායක් සමහර මෝඩ දෙමාපියන්ට ඇත. දෙමාපියන්ට එම අවශ්‍යතාව නැතත් සමහරවිට ඔවුන්ගේ මව්පියන්ට එම රුදාව ඇත. මොකක්ද ගනයක් කියන්නේ? එය ඉතාම සරල දෙයකි. එහෙත් ඊට පෙර මාත්‍රා යනු කුමක්දැයි දැනගත යුතුය. ඔබ දන්නවා අප කටින් විවිධ ශබ්ද නිකුත් කරනවානේ (කතා කිරීමේදී). එම ශබ්ද දෙයාකාරයකට බෙදිය හැකියි - කෙටි ශබ්ද හා දිගු ශබ්ද ල...

යථාර්ථය හා අධ්‍යාත්මය

මානවයා තම වටපිටාව ගැන තේරුම් ගැනීමට උත්සහ කළ පලමු මොහොතේ සිට යථාර්ථය යනු කුමක්දැයි කල්පනා කරන්නට ඇති . අද පවතින දියුණු දැනුම් සම්භාරයක් නොතිබූ කාලයේ ඒ ගැන සිතීම සංකීර්ණ තත්වයක නොපවතින්නටත් ඇති මොකද කරුණු වැඩි වන තරමටනෙ සංකීර්ණත්වයත් ගොඩනැඟෙන්නේ . එසේ වුවත් , යමක් සංකීර්ණ වීම හෝ නොවීම මත යථාර්ථයට ඇති සමීපත්වය ගැනද හැඟිය නොහැකිය . යථාර්ථය අවබෝධ කර ගන්නේ යම් දිනකද , එදින සිට ලොව සියලු ආගම් , දර්ශනවල උරගල බවට එය පත්ව බොහෝ දර්ශන මතවාද ඉතිහාසයේ කුනු කූඩයට වැටෙනු ඇත . එහෙත් භාග්‍යයකට හෝ අභාග්‍යයකට කිසි දිනෙක එය සිදු නොවනු ඇති මොකද යථාර්ථය කිසිදා අපට ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නොලැබෙන නිසා . මේ ගැන පතපොත කියවමින් හා සිතමින් , වාද විවාද සංවාද කරමින් ආදි ලෙස සතත අධ්‍යාපනික චාරිකාවක බොහෝ කලක් ගෙවා දමමින් අවසානයේ ඉතා සරල සාධාරණ නිෂ්ඨාවකින් සංචාරය අවසන් කළෙමි . එම සංචාරයේ කෙටි සටහනකුයි මේ . මෙම චාරිකාවේ මා ලබපු ඉතාම අප්‍රසන්නම අත්දැකීම වනුයේ වචන භාවිතාවේදී හා තර්ක කිරීමේදී බොහෝ අය පෙන්නුම් කළ සාවද්‍ය අශාස්ත්‍රීය හැසිරීමයි . උදාහරණයක් ලෙස , යමෙකු දෙයක් ගැන කතා කරමින් යන විට වචනවල ...