Skip to main content

ඉරාන යුද්ධය හා ප්‍රවාද

සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි.

විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියා​ව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල).

බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ.

1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තමන්ගේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය හා ත්‍රස්තවාදය "අහිංසක ඉරානය" වෙත යොමු කර ඇත. ඔවුන්ට අනුව, ඉරාන තෙල් තමන් සතු කරගැනීමේ කූට ප්‍රයත්නයක් තමයි මෙම යුද්ධයත්.

2. තවත් අය මෙම යුද්ධය විග්‍රහ කරන්නේ විනාඩියෙන් විනාඩිය සිදුවන දේ අනුව තමන් එලඹෙන නිගමන හා පුරෝකථන අනුවයි. දැන් ඇමරිකාව ඉරානයට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඉරාන/ඉස්ලාමික නායකයකු මරා දමන විට, යුද්ධය ඇමරිකාවට වාසිදායක බවත්, ඉරාන මිසයිලයක් ඊශ්‍රාලයට වැටුනු විට, ඉරානයේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල යකඩ පලිහ කුඩුපට්ටම් වී හොම්බෙන් යන බවත් පවසයි.

ඇත්තටම මෙම දෙවැනියට කියූ, විනාඩියෙන් විනාඩිය අනුව විග්‍රහ කරන එවුන් සත පහකට වැඩක් නැත. අර සාම්ප්‍රදායික ඇමරිකානු විරෝධී කන්ඩායම අර්ධ-සත්‍යයක් පවසයි. එනම්, ඇමරිකාව හැමවිටම තම ආධිපත්‍යය පවත්වාගෙන යෑමට ඕනෑම ව්‍යසනයක් කිරීමට සූදානම්ය. එය කැලෑ නීතිය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වීමකි. 

අරුමයක් වන්නේ මෙම කැලෑ නීතිය රාජතාන්ත්‍රික ස්වරූපයක් (diplomacy) ලෙස බොහෝ දෙනා දකින්නට පුරුදු වීමයි. ඇමරිකානු ලෝක මැදිහිත් වීම හැමවිටම වාගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමකි. එහිදි මොහාන්ලා වැරදි නැත. එහෙත් මොහාන්ලා ඔවුන්ගේ කඳවුරෙන් කැලෑ නීති ක්‍රියාත්මක වීම දකින්නට බැරි පොට්ටයෝය. රුසියාව, චීනය, යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආදී ලෙස කැලෑ නීතිය අමු අමුවේ භාවිතා කරන තැන් එමට තිබේ. රටවල් දෙසිය ගනනක් සහිත ලෝකයක පූර්ණ නිශේධ බලයක් සහිත රටවල් 5ක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ තිබෙන්නේ කෙලෙසද? දෙශීයව කැලෑ නීතය රටේ පොදු නීතිය බවට පත් කල රාජපක්කලාගේ ජංගි සෝදන ඩෝබියෙක් වී සිටි(න) මොහාන්ලා ලෝකයේ එවැනිම තගයන් විවේචනය කිරීම විහිලුවකි.

රටක නායකයකු තම රට වෙනුවෙන් කරන සියලු දෑ සාධාරනය යන පදනම මම විශ්වාස කරනවා. ට්‍රම්ප් එම වැඩේ කරන්නේ තම රට වෙනුවෙන්. එනිසා දේශපාලුවකු ලෙස ඔහු නිවැරදිය. අපත් කල යුත්තේ අප රට ගැන සිතා වැඩ කරන නායකයකු පත් කර ගැනීමටයි. 

එහෙත් අපේ "හුන්ඩුවේ" පාන්ඩු නායකයෝ එසේ නොවේ. එක්කෝ එවුන් තම විස්තීරන පවුලට මූලිකත්වය දී රජ පවුල් සේ ක්‍රියා කරයි; රාජපක්කයන් කලේ එයයි. නැතහොත් තමන්ගේ නොහැකියාව හා දේශපාලන නපුංසකභාවය නිසා අර කියූ විවිධාකාරයේ භාහිර බලවේගවලට (විවිධාකාරයේ අධිපතිවාදින්ට) අපේ රටේ ඉරනම ගැටගසා පහසුවෙන් පාලනයක් සිදු කරගෙන යයි. රනිල් සීයා කලේ එයයි; අනුර මුනුබුරා කරන්නෙත් එයමයි. කොච්චරවත් අපනයනය, සංචාරක කර්මාන්තය, තෙල් මත ආර්ථිකය හැසිර වීම, සේවා අංශයට මුල් තැන දීම ගැන කතා කරන්නේ එවුන්ය.

අපට ජාත්‍යන්තර බලවතුන් සමඟ සටන් කිරීමට බැරි නම්, උන් ඇති කරන අර්බුදවලට මුහුන දීමට ශක්තියක්ද නැති නම් කල යුත්තේ කුමක්ද? රට භාහිර සමාජආර්ථික ක්‍රියාවලින්ට තිබෙන බැඳියාව ක්‍රමයෙන් ලිහිල් කර ඉන් මුක්ත වීමට බැලීමයි. එහෙත් මුන් කරන්නේ ජාත්‍යන්තර කුනුහරුපයේ තව තවත් රට හිර කරන ජාතියේ ප්‍රතිපත්ති ගැනීමයි. 

බලශක්තිය යනු නූතන ලෝකයේ ප්‍රබලතම හා අත්‍යවශ්‍යම දෙයක්. එහි වැදගත්කම හා ඉන් ජීවිතයට ඇති කරන බලපෑම මේ මොහොතෙත් ප්‍රායෝගිකව අපි විඳිනවා. එහෙත් අපේ රටේ මූසල පාලකයන්ට තවමත් බැහැ සූර්ය බලශක්තිය, මුහුදු බලශක්තිය, ජල බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති සුලභ කරන්නට. වත්මන් හුන්ඩුවේ නායක පුංචම්මගේ කොලුවත් ඉංදියාව හා ලංකාව තෙල් බටයකින් සම්බන්ද කරන්නට පිඹුරුපත් සකසමින් සිටී. තව තවත් ඛනිජ තෙල් මතම යැපෙන්නට උන් සිහින මවයි. මුං ඇත්තටම ට්‍රම්ප්ගේද මුනුපුරන්ය. 

ට්‍රම්ප් ඛනිජ තෙල් වලට ප්‍රමුඛතාව දෙන්නේ උන්ට ඉන් ලැබෙන අති දැවැන්ත වාසිය නිසාය. එක අතකින්, තෙල් කර්මාන්තය ඇමරිකාවේ ධන උල්පතක්. තව අතකින්, උන්ටද තෙල් සම්පත රට තුල තිබේ. තවත් පසෙකින්, පෙට්‍රොඩොලර් ජැක්පොට් එක උන්ට දේවාශිර්වාදයකි. ඉතිං, උන් ඛනිජ තෙල් වෙත ආකර්ශනය වීමට හේතු තිබේ. අපේ කපේ කයිතාන්ලාට තිබෙන වාසි මොනවාද? 

ලංකාවේ පොලව මත සෑම වර්ගමීටරයකටම සූර්යපතන ශක්තිය වොට් 1000කි. සූර්යකෝශ මගින් අඩුම ගානේ 10% කට වඩා විදුලි ශක්තියක් ඉන් උකහා ගත හැකියි. ඒ අනුව, සූර්යාලෝකය අපට තිබෙන ප්‍රමුකතම "තෙල් නිධියයි". අමුතුවෙන් කැලෑ හෙලි කර පරිසරය මරා සූර්ය පැනල ඉදි කල යුතු නැත. එය කල යුතු ආකාරය ගැන පරිසර හිතකාමි මෙන්ම බහුකාර්ය ලෙස කල හැකි ආකාරය ගැන අපට ඉතා දීර්ග ලෙස විස්තර කල හැකිය. 

මුහුදු තරංග අපේ අනෙක් "තෙල් නිධියයි". ඒ අනුව, අපට "උතුරන්න" විදුලි බලශක්තිය නිශ්පාදනය කල හැකි ශක්‍යතාවක් තිබෙන රටක්. එහෙත් මූසල දේශපාලුවන් හා මූසල විදවතුන් රට ඒ දෙසට රැගෙන යන්නේ නැත. 

සම්පූර්න ගමනාගමනය විදුලියෙන් සිදු කල හැකියි (විදුලි දුම්රිය, විදුලි වාහන). ඉවුම් පිවුම් අතිකාර්යක්ම ඉන්ඩක්ෂන් කුකර්වලින් සිදු කර ගෑස් භාවිතාව නැති කල හැකිය. අප කවුරුත් දන්නවා ඉන්ධනවලට වඩා විදුලිය ඉතාම අඩු අපතේ යෑමක් සහිත ස්මාට් ශක්ති ප්‍රභේදයක්. නැව් හා ගුවන් යානා වැනි සීමිත යෙදවුම් කිහිපයකට පමනක් තෙල් සීමා කල හැකිය. එමගින් ලංකාව බලශක්තියෙන් ස්වයංපෝශිත වනවා පමනක් නොව, අධික පිරිවැය අඩු වේ; විදෙස් විනිමය පිටතට යෑම අවම වේ; පරිසර දූශනය අවම කරයි. 

එහෙත් අපේ ගොං ආන්ඩු කලේ රට වෙනුවෙන් තීරන ගන්නවා වෙනුවට උන්ට කොහොමහරි එදා වේල ටුවර්ස් ක්‍රමයට රට ගෙන යෑමට ගත හැකි තීරන ගැනීමයි. රට තුල විදුලි වාහනයක් නිපදවීමට සිහින හෝ සැලසුම් උන්ට නැත. ඒ වෙනුවට උන් කලේ ඕසෙට පිටරටින් වාහන ගෙන්වා ඉන් රුපියල් ට්‍රිලියනයක් මිනිසුන්ගෙන් මංකොල්ල කෑමයි. තව වසරක් හෝ වාහන ආනයන තහනම පවත්වාගෙන ගොස්, රට තුල විදුලි වාහනයක් සෑදීමට කටයුතු කලේ නැත. රට තුල ඉතා ඉක්මනින් පුනර්ජනනීය බලශක්තිය සුලභ කිරීමට කටයුතු කලේ නැත. එසේ කිරීමට නිර්මානශීලි බවක් හෝ එඩිතරකමක් වත්මන් හිල්ජොක්කුන්ට බිග්කුච්චන්ලාට කයිතන්ලාට නැත.

ලංකාව වගේ නොව, දරුනු අර්බුද හමුවේ (එම අර්බුද ඇති කරන්නේද එවුන්මය) රටට අවශ්‍ය දේ ලබා ගැනීමට ඇමරිකාව සූදානම්ය. ඇමරිකාව (එම රටේ දෘශ්ටිකෝනයෙන්) නපුංසක වී තිබුනේ ඔබාමා, බයිඩ්න් වැනි දියාරු නායකයන් සිටි සමයන්දී එම රටට විශාල ආර්ථික පරිහානි නිසාය. එහෙත් ට්‍රම්ප් තරමක සූදූකාරයකු බදු එකෙකි. උගේ ජානවලින්ම කිසි දේකට බයක් නැති, අනෙක් එවුන්ව සත පහකට කෙයාර් නොකරන චරිතයකි. දැන් මේ ට්‍රම්ප් කරන්නේ කුමක්ද යන්නයි මා මූලිකව ලියන්නතට සිතුවෙත්.

දැන් පවතින තත්වය මත ආපස්සට ඇමරිකාවේ ස්ට්‍රැටජි හා සැලසුම් මොනවාද යන්න ගැන අභ්‍යන්තරයට යෑම සුදුසු නැත. ඇමරිකාව පත් වන්නට සිටි කඩා වැටීම මත මේ සියල්ල විශ්ලේශනය කල යුතුය. 

අප කවුරුත් දන්නවා ඇමරිකාව යනු ලෝකයේ විශාලතම ආර්ථිකය හා යුධ ශක්තිය බව. එහෙත් කාලයක් තිස්සේ ඇමරිකාවේ එම ආධිපත්‍යයට තර්ජන එල්ල වෙමින් පවතී. එය එකවරම චීනයේ නැගිටීමම නොවේ. චීනය තවමත් ගව් ගනනක් ඇමරිකාවට පිටුපසින් සිටී. එහෙත් ඇමරිකානු ඩොලරය ක්‍රමයෙන් බැහැර වන තත්වයක් (dedollarization) පැහැදිලිව තිබේ. 

එම තත්වය එකවරම උග්‍ර අතට හැරුනේ රුසියාව යුක්රේනයට පහර දීම නිසා, ඇමරිකාව රුසියාවට පැනවූ සම්බාදක නිසාය. ඇමරිකානු ඩොලරය ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස භාවිතා වෙනවා නම්, එය දේශපාලන අවියක් නොවිය යුතුය. එහෙත් ඇමරිකානු සම්බාදක නිසා, රුසියාවට හා රුසියානුවන්ට ඇමරිකන් ඩොලර්වලින් ගනුදෙනු කල නොහැකි විය. රුසියාව පවා ජාත්‍යන්තර වෙලදාම සිදු කලේ ඩොලර්වලිනි. ඉතිං, අච්චර බලවත් රුසියාවට පවා ඇමරිකාව තම මුදල් ඒකකය භාවිතා කිරීම වැලැක්වූවා නම්, අපිටත් එසේ කරාවි යන බිය චීනය වැනි ඩොලර් බිලියන ට්‍රිලියන ගනනින් භාවිතා කරන රටවලට දැනුනි. එනිසා බොහෝ බලවත් රටවල් රූබල්, ඉන්දියානු රුපියල්, චීන යුආන් වැනි මුදල් ඒකක වලට යොමු වන්නට ප්‍රවනතාවක් ඇති විය. තවද SWIFT වෙනුවට ඉතා කාර්යක්ම, වේගවත් හා ලාභ ජාත්‍යන්තර මුදල් ගනුදෙනු පද්ධති චීනය (හා රුසියාවත්) හඳුන්වා දුන්නා. මෙම පද්ධතිය CIPS ලෙස හැඳින් වෙනවා. මේ වන විටත්, ඩොලරයට හිමිව තිබූ තැන ඩොලර් ට්‍රිලියන ගනනකින් අඩු විය. මෙම ප්‍රවනතාව ඇමරිකාවට දරා ගත නොහැකි අලාභානියක් සිදු කරනවා.

අනෙක් අතට, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය හා තවත් රටවල් වීසා, මාස්ටර් වැනි ඇමරිකානු සමාගම් විසින් අයිතිය දරන ක්‍රෙඩිට් කාඩ් වෙනුවට දේශීය හෝ ඔවුන්ගේම කලාපීය කාඩ් වර්ග හදුන්වාදෙමින් යනවා. එවැනි ප්‍රවනතාවන් නිසාත් ඇමරිකානු ඩොලරයට ඉල්ලුම අඩු වී යනවා. මාත් මාගේ විද්‍යුත් රාජ්‍ය යෝජනාවලිය මේ රජයට ලබා දුන් අතර, එම යෝජනාවලියේද දේශීය තනි ඩෙබිට්කාඩ් එකක් හා ඉන් ගත හැකි ප්‍රයෝජන පැහැදිලි කර තිබුනා (එහෙත් මෙම ආන්ඩුව අපට කිසිදු අවස්ථාවක් දුන්නේ නැත).

මේ සියල්ලටම වඩා ඇමරිකාවේ රත්තරං බිජු දමන කිකිලිය (එනම් පෙට්‍රොඩොලර්) ඇමරිකාවට අහිමි වෙමින් යනවා. 

සමහර අය පෙට්‍රොඩොලර් ගැන නොදන්නා නිසා, ඉතා කෙටියෙන් ඒ ගැන විස්තර කරන්නම්. 1974 දී මුලින්ම ඇමරිකාව හා සවුදිය අතර මෙම ගිවිසුම අත්සන් කෙරුනේ. ඉන් මූලිකව කියන්නේ සවුදිය විසින් විකුනන සියලු ඛනිජ තෙල් විකිනිය යුත්තේ ඇමරිකානු ඩොලර්වලින් බව. ඊට ප්‍රතිඋපකාරයක් ලෙස, ඇමරිකාව විසින් සවුදිය යුධමය වශයෙන් ආරක්ෂා කල යුතු වෙනවා. ඒකයි අදටත් ඇමරිකානු යුද කදවුරු සවුදියේ තියෙන්නේ. පසුව වෙනත් තෙල් නිපදවන රටවල් පවා ඩොලර්වලින් තම තෙල් අලෙවි කලා. මෙලෙස හුවමාරුවෙන ඩොලර් තමයි පෙට්‍රොඩොලර් ලෙස හැදින්වෙන්නේ.

එහෙත් මෙම 50 වසරක ගිවිසුම 2024 ජුනි මාසයේදී කල් ඉකුත් වූවා. මේ වන විටත්, ඇමරිකානු ඩොලරය භාවිතා කරන්නට බියෙන් සිටින නිසාත්, ඉන්ධන විකුනන රටවල් (රුසියාව, ඉරානය වැනි) බොහොමයකට ඩොලර් භාවිතා කරන්නට බැරි විදියට සම්භාදක පනවා තිබෙන නිසාත්, දැන් පෙට්‍රොඩොලර් ගිවිසුම අවලංගු වී ඇති නිසාත්, ඇති වන තත්වය ඔබට සිතා ගත හැකියි. ඔව්, ඒ ඒ රටවල් වෙනත් මුදල් ඒකක වලින් ගනුදෙනු කරන්නට පටන් ගත්තා.

ඉතිං ඇමරිකාව දැන් දශක ගනනක් තිස්සේ වැජවෙමින් තිබුනේ තම මුදල් ඒකකයට ලෝකයේ ඉල්ලුමක් තිබුනු නිසාය. ලෝකයේ කිසිම රටකට නැති වාසියක් ඇමරිකාව සතුව පමනක් පැවතියා. එනම්, රටේ උද්ධමනයට බල නොපාන පරිදි මුදල් අච්චු ගැසීමට හැකියාව ඔවුන්ට තිබුනා. ඒ කෙසේද? 

මොහොතක් සිතන්න අපේ රට ගැන. අපිත් තෙල් ආදිය ගේන්නේ ඇමරිකානු ඩොලර්වලින් නේද? ඒ වගේමයි බොහෝ රටවල්. ඉතිං, ඩොලරයට හැමදාම ඉල්ලුමක් තිබෙනවා. එවිට, චීනය, ජපානය, සෞදිය වැනි රටවලට ඩොලර් අතිරික්ත තිබෙනවා මොකද ඒගොල්ලන් තෙල්, ගල් අඟුරු, හා වෙනත් බඩු අපනයනය කර ඩොලර් උපයනවා. ඒගොල්ලෝ කරන්නේ, එම අතිරික්ත ඩොලර් නැවත ඇමරිකාවට ණයට දෙනවා (ඇමරිකානු බැදුම්කර හරහා). එවිට, චීනය වැනි රටවලට බැදුම්කර පොලියක් ලැබෙනවා. මෙය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. 

ඇමරිකාව කරන්නේ සෑම වසරකට වැඩිපුර සල්ලි අච්චු ගාන එක අර පොලිය ගෙවීමට ආදිය. ඔවුන්ට එම ණය වාරික ගෙවීමට ලොකු අවශ්‍යතාවක් මෙන්ම හැකියාවක් නැත. ඒ වෙනුවට කරන්නේ තමන්ගේ රටේ දල ජාතික නිශ්පාදන අගය හැම වසරකම ඉහල යන පරිදි ආර්ථිකය මෙහෙයවීමයි. එවිට, එම වැඩිවන අගයට සමානුපාතිකව සල්ලි අච්චු ගැසීමට හා අර ණයවලට පොලී ගෙවීමට ඇමරිකාවට හැකි වේ. කෙනෙකු අසාවි, එවිට, ඇමරිකාවේ ණය එන්න එන්න වැඩි වෙනවා නේද කියා. ඔව්. එහෙත් අර කියූ ක්‍රමයට එය හැමවිටම දිගින් දිගටම චිරාත් කාලයක් කර ගෙන යා හැකි බවට විශ්වාසයක් ඒ රට කරවන බොහෝ අයට තිබේ. එහෙත් මෑතදී සිදු වූයේ එම සාම්ප්‍රදායික පද්ධතිය කඩා වැටෙන බවට ලකුනු පල වීමයි. රත්තරංවල අගය ඉහල ගියෙත් චීනය වැනි රටවල් තමන් සතු ඩොලර් ඇමරිකානු බැදුම්කරවලට ආයෝජනය නොකර රත්තරං මිල දී ගැනීම නිසාය. 

තම රටේ ඇත්තටම භාන්ඩ හා සේවා නිශ්පාදනය වුවත් නැතත්, ඇමරිකාවට මෙතෙක් කාලයට (දශක කිහිපයක් තිස්සේ) ලොකු ගැටලු තිබුනේ නැත මොකද මෙම චක්‍රය ලස්සනට ගලාගෙන ගියා. එහෙත් දුර්වල ඇමරිකානු නායකයන් නිසා, ඇමරිකාව තුල නිශ්පාදන පහත ගියා. උදාහරන ලෙස, බයිඩ්න්ගේ වසර හතරක කාලය මුලුල්ලේ ඇමරිකාව තුලට ගලා ආ ආයෝජනවල වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් වැනි කුඩා අගයකි. වැඩි වැඩියෙන් චීනය වැනි රටවලින් ආනයනය කරන්නට ගත්තා. එවිට, නිකමට හරි අර කියූ චක්‍රය නැවතුනොත් ඇමරිකාවට යන එනමං නැති වී හිගන මට්ටමට වැටෙන එක වැලැක්වීමට බැරි වෙනවා. 

ට්‍රම්ප්ට බොහෝ අය බැන්නත්, ඒ මනුස්සයා ඒ යකාගෙ තරුන කාලේ සිටිම කිව්වේ ඇමරිකාව භාන්ඩ නිශ්පාදනය කල යුතු බවයි. Made in USA යන සටන් පාඨය මෙවරත් ඔහුව ජනපති ධුරයට පත් කරන්නට එක හේතුවක් වූවා. මතකද, ලංකාවෙත් මේඩ් ඉන් ශ්‍රී ලංකා සටන් පාඨය ගෙන ආවා. එහෙත් ට්‍රම්ප් හා අපේ රටේ මූසල දේශපාලුවන් අතර කැපී පෙනෙන වෙනස්කම් තිබෙනවා. අපේ එවුන් එම සටන් පාඨය ගෙනාවේ ඡන්දය ගැනීමට මිනිසුන් රැවටීමට පමනයි. ට්‍රම්ප් එසේ නොවේ. ඔහු කර්මාන්ත දිරි ගැන්නුවා. ඔහු ජනපති වී තවම කෙටි කාලයක් වුවත් එම කාලය තුල ඩොලර් ට්‍රිලියන දහයකට වඩා ඔහු ඍජු ආයෝජන රට තුලට ගෙන තිබෙනවා. කඩා වැටෙමින් තිබුනු ඛනිජ තෙල් කර්මාන්තයට නව පනක් දුන්නා. ආනයන සීමා කිරීමට අධික බදු පැන වූවා. 

බදු දැමීමේදී මුලු ලෝකයම ට්‍රම්ප්ට් විරුද්ධ වුනා. එහෙත් ඒ යකා කලේ තම රටේ බද්දක් ගැසීම බව මේ බනින එවුන්ට අමතකයි. ලංකාවේ එවුන් පවා ට්‍රම්ප්ට බැන්නේ හරියට උන්ගේ ගැහැනුන්ගේ ජංගි ට්‍රම්ප් හොරකම් කරපු ගානටය. 

චීනයට බදු පැනවූ එක ගැන ට්‍රම්ප් නායක සමුලුවකදි හාස්‍යයෙන් කතා කරනවා මෑතකදි මා දුටුවා. චීනයට විශාල බදු ගසා එම බදු නැවත හකුලා ට්‍රම්ප් කිච වුනු බව ලංකාවේ ආතල් ඔස්තාර්ලා ජනමාධ්‍ය ඔස්සේ දේශන තියනවා මා දුටුවා. ට්‍රම්ප්ගේ උගුලට චීනයත් මුලු ලෝකයත් හසුව, නමුත් තමන් උගුලට හසු වූ බවක් තමන්ට නොදැනෙන විදියට තමයි දැන් එම සිද්දී මිනිසුන් තේරුම් ගත්තේ. ඇමරිකාවට අවශ්‍ය දේ ලබා ගෙනත් සෙසු ලෝකයාට සිතෙනවා නම් ට්‍රම්ප් පැරදුනු බවක්, මා සිතන්නේ එය තමයි ඇමරිකාවේ ලොකුම ජයග්‍රහනයත්. 

ඇත්ත, ඇමරිකාව එතෙක් කල් බන කිව්වේ එවැනි අධික තීරු බදු ආදිය නොගැසිය යුතු බවටයි. ඇමරිකානු එම මතය ලෝකය පුරා ජාත්‍යන්තර සම්මුතියක් ගානට පිලිගැනුනා. එහෙත් තම රට බලන් සිටියද විනාශ වන විටත්, තම මතයන් හා උපාය මාර්ග වෙනස් කිරීම අනිවාර්යෙන්ම කල යුතුය. අපේ මූසල පාලකයන්ට එය කිරීමට කොන්දක් නැත. උන් දේශපාලන නපුංශකයන්ය. ඉතිං ට්‍රම්ප් උන්ට () ඇරපු එකේ ගැටලුවක් මා දකින්නේ නැත. 

හරිනම්, අප වැනි රටවලුත් කල යුතුව තිබ්බේ බටහිර ආර්ථික සම්මුති වැටෙන එකට සතුටු වීම නොවේද? එහෙත් වූයේ, සොටු පෙරාගෙන ඇමරිකාව ඉදිරියේ වැලපීමයි. ඒ කියන්නේ, අපේ රටේ කයිවාරු රතු දේශපාලුවන්ගේ සැබෑ තත්වය දැන් හෙලි වී තිබේ. උන් ඇමරිකාවේ කුක්කෝය. ජවිපෙ පංති 5න් එකකදී ඉංදියානු විරෝධය උගන්වන එවුන් මෝඩිගේ ජංගි හෝදන කුක්කෝ විය.

ඒ අතර, ඊශ්‍රාලයට හා ඒ අවට අරාබි රටවල් අතර ආගමික-දේශපාලනික ගැටුමක් කවදත් තිබුනා. ඒ අනුව, ඊශ්‍රාලයටත් යුද්ධයක් අවශ්‍ය වී තිබුනා. ඇමරිකාව කඩන් වැටීම නතර කිරීමට ඇති එකම විකල්පය යුද්ධය බව ඇමරිකාවත් අනිවාර්යෙන් සිතන්නට ඇති. මෙම යුද්ධ එන්නට බොහෝ කාලයකට උඩදී මා පවා ලියා තිබුනා ඇමරිකාව වැටීම වැලැක්වීමට ගත හැකි එකම විසදුම ලෝක පරිමාන යුද්ධයක් කිරීම බව. එය මගේ ඔබේ කැමැත්ත නොවුනත්, කැලෑ නීතිය යහමින් තිබෙන ලෝකයක එය සිදු වීම වැලැක්වීමට ඔබට මට නොහැකිය.

එම අදහසේ සිට මෙම යුද්ධය දෙස බලන්න. එවිට, එලියේ බොහෝ පන්ඩිතයන් පෙන්වන පිංතුරයට වඩා වෙනස් යථාර්ථයක් ඔබට දිස් වේවි. ඉරානය සතුව ඇත්තටම එන්රිච් කරපු යුරේනියම් තිබෙනවාද නැද්ද ගැන ප්‍රශ්නයක් ඇත්තටම මෙහි නැත. එහෙත් වලිය අවශ්‍ය එකා මොකක් හෝ බොරු හේතුවක් ඉදිරියට දා වලිය දා ගන්නවා. මීට කලින් වෙනිසියුලාව ගැනත් වචනයක් කියන්න ඕන.

ඇමරිකාව පලමුවෙන්ම වලිය ඉල්ලුවේ වෙනිසියුලාවෙනි. එහිදි ඔවුන්ගේ ඔට්ටුව දෙස මදක් බලමු. වෙනිසියුලාවට ගහලා පහසුවෙන් ඇමරිකාව දින්නොත්, එවිට ඇමරිකාවට වාසිය; එහි තෙල් ටික ඇමරිකානු පිරිපහදුවලට යනවා විතරක් නොව, ඇමරිකානු අවශ්‍යතාවේ හැටියට එහි නිශ්පාදන ධාරිතාවන්ද තීරනය කරනවා. නිකමට හරි, චීනය, රුසියාව ඇතුලු රටවල් ඇමරිකාවට විරුද්ධව නැගී සිටිය නම්, එවිටත් ඇමරිකාව දිනුම් මොකද ඇමරිකාවට අවශ්‍ය ලෝක පරිමාන ගැටුමක්. එහෙත් බොහෝවිට ඇමරිකානු බුද්ධි සේවා පවසා ඇති, එවැනි ගැටුමක් ඇති නොවන බවත්. 

මාත් කැට තියලා කියනවා ඇමරිකාව කුමක් කලත්, චීනය හෝ රුසියාව ඍජුව මැදිහත් වන්නේ නැත. හිඟන ඉංදියාවට කිසිසේත් එම හැකියාව නැත. ඔවුන් ජාත්‍යන්තර මන්ඩපවල සංවාද කරනු ඇති; සැඟවී උදව් කරනු ඇති. එහෙත් කිසිම විටක ලෝක යුද්ධයක් එන්නේ නැති බව මගේ හැඟීමයි. මෙලෙසටම බොහෝවිට ට්‍රම්ප් ග්‍රීන්ලත්නයටත් අත තියාවි; නපුංසක ලෝකය බලං ඉඳීවි.

අද මෙම ඉරාන යුද්ධයෙන් ඇමරිකාවට ඇත්තටම තෙල් අර්බුදයක් ඇත්තේම නැත. ඇමරිකාන සතුව හදිසි තෙල් ගබඩා ඇත; ඇමරිකාව සතුව තෙල් නිධි ඇත; ඇමරිකාව සතුව වෙනිසියුලාවද ඇත.

ඉරාන යුද්ධය නිසා, චීනය, ඉංදියාව හා සෙසු රටවලට විශාල ගැටලු ඇති කර තිබේ. ඔවුන් සැලසුම් කර තිබෙන ක්‍රියා මාර්ග හකුලා ගැනීමට හෝ වෙනස් කිරීමට හෝ කල් දැමීමට සිදු වේ. ඒ සැලසුම් බොහෝමයක් ඇමරිකානු ඩොලරය අවතක්සේරු කරන ජාතියේ ඒවාය. දැන් ඇමරිකාව රුසියාවට, ඉරානයට ඩොලර් තහංචි (තාවකාලික යැයි පවසමින්) ඉවත් කර ඇත. එමගින් නැවත ඩොලරය දෙසට ලෝකය ඇදේ. ඉරානය සිතාගත නොහැකි ලෙස, සවුදිය, කටාර්, ඩුබායි රටවලට පහර දෙයි. මා සිතන පරිදි, ඇමරිකානු සැලසුමට ඉරානය හසුව එය සිදු කල බවයි. දැන් එම කලාපය ආරක්ෂා කිරීමට නැවත ඇමරිකාවේ අවශ්‍යතාව සෞදියට දැනේ. එවිට, අමරිකාව ආරක්ෂාව දීමට නැවත පෙට්‍රොඩොලර් ගිවිසුමකට යෑමට බල කෙරේවි.

මේ සිද්ධි අපේ මෝඩ විචාරකයින් ඇමරිකාවට විසුලු කරමින් විස්තර කරන්නේ ඇමරිකාවට කර කියා ගන්නට දෙයක් නැතිව දැන් තමන්ම පැන වූ සම්බාදක ඉවත් කරමින් සිටින බවයි. බුද්ධි මෙහෙයුම් අමුතුය. සමහර විටක, ඔවුන් උවමනාවෙන් නෝන්ඩි වේ; උවමනාවෙන් යම් පාඩු විදියි; උවමනාවෙන් දුශ්ටයාට රගපායි. එහෙත් ඒ සියල්ල මැද්දේ ඔවුන්ගේ අවසන් බල්පොරොත්තුව විශාල දෙයකි. එම විශාල දෙය අනෙක් අයට වසං කිරීමට අවශ්‍ය සියලු චූං කිරිලි ටික උන් කරයි.

කවුරු කෙසේ කීවත්, ඉරානය යනු ත්‍රස්තවාදී රටකි. ඔවුන් කියන තරමක් කියන්නේ බොරුය. අතීත පර්සියාව ප්‍රසංසනීය විය හැකි වුවත්, වත්මන් ඉරානය ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ච රටකි. ඔවුන් න්‍යශ්ටික අවි සාදන්න උත්සහ කරනවාට සැකයක් නැත. අද ඉරානය ලෝකයේ තහනම් කරපු ක්ලස්ටර් බෝම්බ් පවා පුපුරුවනවා. කිලෝමීටර් 2000 ට අඩුවෙන් යා හැකි බැලිස්ටික් මිසයිල පමනයි තමන් සාදන්නේ තමන්ගේ ආරක්ෂාවට කියා, කිලෝමීටර් 4000ක යා හැකි මිසයිල දෙකකින් ඉංදියානු සාගරයට පහර දුන්නේද එම ත්‍රස්තවාදීන්ය. මෙම යුද්ධය නොමැති වූවා නම්, ලෝකයම සිතන්නේ ඉරානය ඇත්තටම උන් කියූ පරිදි කිලෝමීටර් 2000ට අඩු මිසයිල පමනක් ඇති බවයි. මෙලෙසම, න්‍යශ්ටික බෝම්බයක් සාදා පහර දෙන තුරු අප ඉරානය විශ්වාස කරමු. හිස්බුල්ලා ත්‍රස්ථවාදීන් බෝ කරන්නේද ඉරානයයි. එහෙත් බොහෝ මෝඩයන්ට ඒවා නොපෙනේ. 

දේශීයව ඉස්ලාම් ත්‍රස්ථවාදින් සමග ගේම ඉල්ලන එවුන් ජාත්‍යන්තර ඉස්ලාම් ත්‍රස්ථවාදින්ට සහය පල කරයි. ඉන් සමහරක් පියර් ප්‍රෙශර් එකට ලියන මොඩ වාහේලාය. සමලිංගිකත්වය සාධාරනයි කියා කියන වාහේලාද හැසිරෙන්නේ ඒ විදියටමය. අනෙක් එවුන් තර්කයක් නැති ඊනියා උගතුන්ය.

ඇත්තටම කුමක්ද වන්නේ කියා එලියේ සිටින අප කිසිවෙකුට සහසුද්දෙන්ම කිව නොහැකිය. එහෙත්, බොහෝ අය පෙන්වා දෙන පරිදි ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි රේඛීය සිදු වීම් දාමයක් නම් නොවන බව ස්ථිරය. කොල්ලෙක් කෙල්ලෙක් දපනෙ දාගන්නත් මාර ගේම් දෙන ලෝකයක, ලෝකයේ ප්‍රබලතම බුද්ධි අංශ හා පහසුකම් සහිත රටවල් අපේ බක පන්ඩිතයන් පවසන සරල ආකාරයට සිද්ධි හසුරුවයි කියා සිතන්න තරම් මොන්ටිසෝරි මට්ටමට වැටීමට මට නම් අපහසුය. 

ඉරානය, ලෙබනනය, යෙමනය ෆ්ලැට් කල යුතුය. එහෙත් ඇමරිකාවට එවැනි ලස්සන ලෝකයක් පවත්වාගෙන යන්නට හෝ ඇති කරන්නට රුදාවක් නැතිවා පමනක් නොව, එසේ කිරීමට ඔවුන්ගේ හෙජමිනිය විනාශ කර ගැනීමකි. එනිසා චිරාත් කාලයක් මෙම ගැටුම් අඩු වෙවී වැඩි වෙවී පවතීවි. එවිටයි ඇමරිකාවට තම රටවල ප්‍රශ්න විසදා ගැනීමට මෙම ගැටුම් මෙහෙය විය හැක්කේ. 

එනිසා ලංකාවේ අප අනිවාර්යෙන්ම පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයං පෝෂිත විය යුතුය. ආහාර හා අත්‍යවශ්‍ය ඖශධ රට තුලම නිපදවිය යුතුය බොරු බටහිර ආර්ථික දර්ශන මත නොපිහිටා. එසේ නැතිව, බටහිර ආර්ථිකයේ සිටින තුරු, අප වැනි රටවලට සිදු වන්නේ ඇමරිකාව වැනි රටවල් අධෝවාතයක් යැව්වත්, මෙහේ සුලි කුනාටු ඇති වීමයි. එහෙත් එය තේරුම් ගත් එකෙකු මේ ආන්ඩුව තුලද නැත. බටහිර ආර්ථිකයේ කාරක බලකාය ​ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙලද සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, "ආර්ථික විද්‍යාව" හා එම විෂයේ ආචාර්ය මහාචාර්ය වරුය. වත්මන් කයිවාරු වනචර ආන්ඩුවද පෙර ආන්ඩු සේම සිර වී සිටින්නේ මෙම කාරක බලකායනු තුල නොවෙද?

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...