Skip to main content

Posts

Showing posts from April, 2017

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මැයි දිනයට රතු එලියක්

නැකත්කරුවන් හරියටම අවුරුදු උදාව පුරෝකථනය කරන්නා සේ, ලංකාවේ මැයි දිනය ගැනද ඉතා නිශ්චිතව කළ හැකි පුරෝකථන රැසක් තිබේ. කම්කරුවන්ගේ දිනය වුවද එම දිනය ලංකාවේ සැමරෙන්නේ වැඩපොලේ නිවාඩු දමා අවිචාරවත් කම්කරුවන් විසින් වනචර දේශපාලුවන්ගේ පස්ස හෝදන දිනය ලෙසයි. මහා සාරවත් දේශපාලනයක් ලබා දෙනවා යැයි ප්‍රතිඥා දෙන මතට තිත තබන්නට මීඩියා එකේ තතමන උගතුන් බුද්ධිමතුන් ලෙස තමන් ගැන සිතමින් සිටින දේශපාලුවාගේ සිට සබ්බ සකලමනාවම අපහරණය කරන අවජාතක දේශපාලුවා දක්වාම හැම එකාම මැයි දිනය යොදා ගන්නේ කම්කරුවන්ව තමන්ගේ දේශපාලන ආශාවන් සඳහා ගනිකාවන් බවට පත් කරමිනි. කම්කරුවන් අවම වශයෙන් එක් දිනකට හෝ එක්සත්ව එක්සිත්ව තම බලය ඔය කොයි දේශපාලුවටත් දැනෙන්නට සමරන්න හිතන්නේ නැත්තේ මේ යහමින් කබල් ගහන අවුරුදු දහස් ගණනක මහාාාා සංස්කෘතිය තුල උන් ලබපු හික්මීම නිසා වෙන්න ඇති. හෙටත් අපට දැක ගත හැකි වේවි තිතට මත තැබූ ප්‍රබුද්ධ කම්කරු පිරිසක් පාරවල් අවහිර නොකරමින් ගමන් කරනවා. උන් ඉදිරියෙන් දියවන්නා ගව මඩුවේ MP හංවඩුව ගසා ගත් තඩි ගොන් නාම්බන් හා නෑම්බියන්ද ගමන් කරනු ඇත. ඉන්පසුව ලොකු ස්ටේජ් එකකට නැඟි ගොන් වස්සන්ගේ උම්බෑ හඬට ඔල්වරසන් නඟන

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 98

Antenna Efficiency Radiation Efficiency ලෙසද හැඳින්වෙන ඇන්ටනා කාර්යක්ෂමතාව හෙවත් ඇන්ටනා එෆිෂන්සි යනු ඇන්ටනාවට ( ට්‍රාන්ස්මීටරයෙන් ) සපයන විදුලි ජවයට සාපේක්ෂව කොතරම් ජව ප්‍රමාණයක් රේඩියෝ තරංග / විකිරණ ලෙස පිට කරනවාද යන අනුපාතයයි . මෙම අර්ථ දැක්වීම ට්‍රාන්ස්මිටිං ඇන්ටනාවක් ආශ්‍රයෙන් සිදු කිරීම පහසුය . එහෙත් රිසීවිං ඇන්ටනා හා ට්‍රාන්ස්මිටිං ඇන්ටනා හැම අතින්ම සමාන නිසා , ට්‍රාන්ස්මිටිං ඇන්ටනාවක් සේ සලකා සොයා ගන්නා ඇන්ටනා කාර්යක්ෂමතා අගය එලෙසම රිසීවිං ඇන්ටනාවටත් අදාල වේ . antenna efficiency = (radiated power) / (input electrical power) මේ අනුව හැමවිටම ඇන්ටනා කාර්යක්ෂමතා අගය 0 ත් 1 ත් අතර අගයකි . මෙම අගය 1 නම් ඒ කියන්නේ ඇන්ටනාවට සපයන සියලුම විදුලි ජවය රේඩියෝ තරංග බවට පත් වේ . එය කිසිදා ප්‍රායෝගිකව සිදු නොවන අතර , හැකි තරම් කාර්යක්ෂමතාව 1 ට ළං කිරීමට උත්සහ කළ යුතුය . අනුපාත අගය දශම අගයක් ලෙස දැක්විය හැකි වුවත් , බොහෝවිට එය ප්‍රතිශතයක් හෝ ඩෙසිබල් අගයක් ලෙස දක්වනවා . ප්‍රතිශතයක් බවට පත් කිරීමට නිකංම එම අනුපාත දශම අගය 100 න් වැඩි කර % සලකුන සමඟ යෙදීමයි කරන්නට තිබෙන්නේ . උ

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 97

Antenna Fields සම්ප්‍රේෂක ඇන්ටනාවක් අවට ප්‍රදේශය කළාප 3 කට බෙදිය හැකියි එම කලාපවල විකිරණය පවතින ස්වරූපය අනුව . 1. Reactive Near Field 2. Radiating Near Field (Fresnel ( ෆ්‍රේනල් ) region හෝ Transition Region ) 3. Far Field (Fra u n hofer Region) මින් වැඩිපුරම කතා කරන කලාපය ෆාර්ෆීල්ඩ් වේ . සාමාන්‍ය රේඩියෝ සන්නිවේදනය පදනම් වන්නේ මෙම කලාපයයි ; එනම් , රිසීවිං ඇන්ටනා පිහිටුවන්නේ මෙම කලාපයේය . මීට ඉහතදී රේඩියේෂන් පැටන් ගැන කතා කිරීමේදී එම පැටන් පිහිටා තිබෙන්නේද ෆාර්ෆීල්ඩ් එකේය . විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාව ඇන්ටනාවේ සිට ඈතට යන විට ප්‍රතිලෝමව සමානුපාතික වේ ; එනම් , විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රීව්‍රතා අගය 1/R යන වේගයෙන් අඩු වේ (R යනු ඇන්ටනාවේ සිට ඇති අරීය දුර වේ ). එලෙසම සංඥා ජවය 1/R 2 වේගයෙන් අඩු වේ . ෆාර්ෆීල්ඩ් එක ඇන්ටනාව පිහිටි තැන සිට පටන් ගන්නා දුර (R) වන්නේ පහත සූත්‍ර 3 ම තෘප්ත කරන දුරකින් පසුවයි . මෙහි λ යනු රේඩියෝ තරංගයේ තරංග ආයාමය වන අතර , D යනු ඇන්ටනාවේ / ඩයිපෝලයේ / රේඩියෝ තරංග නිකුත් කරන කොටසේ සයිස් එකයි (aperture size). සාමාන්‍යයෙන් ඇන්ටනා ඇපර්චර් සයිස් එක