Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 89

ඉහත ආකාරයට සම්බාදක අගයන් නොගැලපේ නම් කෙලින්ම එම උපාංග සවි කිරීම නුසුදුසය. ඒ සඳහා සම්බාදක අගයන් සුදුසු පරිදි දස ගුණය හෝ ඊට වැඩි අනුපාතයට සකස් කරන අතරමැදි පරිපථයක් යොදා ගැනීමට සිදු වේ. මෙවැනි පරිපථයක් Terminal Node Controller (TNC) ලෙස හැඳින්වේ.


මෙවැනි TNC උපකරණයක් වෙළඳපොලෙන් මිලදී ගැනීමට හෝ සාදා ගැනීමටද හැකිය. ඇත්තටම ඉහත පැවසූ ආකාරයට සම්බාදක අගය සැකසීම සරල කාරණයකි. පහත දැක්වෙන්නේ එවැනි සරල පරිපථයකි. මෙහි සංඥා මාර්ග දෙකෙන් එක් මාර්ගයක (එනම් පරිගනකයේ සිට ට්‍රාන්සීවරයට සංඥා ගමන් කිරීම) පමණයි සම්බාදක අගයන් වෙනස් කර තිබෙන්නේ. අවශ්‍ය නම් අනෙක් සංඥා මාර්ගයටත් මෙවැනිම රෙසිස්ටර් දෙකේ පරිපථ කොටසක් සවි කළ හැකියි.


මෙලෙස අතරමැදි පරිපථයක් සාදන විට, ඒ සමඟම මෙම TNC උපාංගයට තවත් අමතර හොඳ ලක්ෂණ කිහිපයක් ඇතුලත් කළ හැකිය.

එකක් නම්, නොබ් එකක් කරකැවීමෙන් සම්බාදක අනුපාතය වෙනස් කළ හැකි පරිදි පරිපථය සකස් කළ හැකියි (හා ඒ සමඟම සංඥාවේ හායන මට්ටම වෙනස් කළ හැකියි). ඉහත රූපයක පෙන්වා තිබෙන කඩෙන් මිලදී ගත හැකි TNC එකේ නොබ් දෙකක් තිබෙන්නේ සංඥා ග්‍රහනය කිරීමට හා සම්ප්‍රේෂනය කිරීමට යන අවස්ථා දෙකෙහිම ඇති සම්බාදක අනුපාත සැකසීමටයි.

තවත් අමතර ලක්ෂණයක් නම්, පරිගනක පරිපථයේ ග්‍රවුන්ඩ් එක හා ට්‍රාන්සීවර් පරිපථයේ ග්‍රවුන්ඩ් එක මිශ්‍ර නොවන ලෙස සෑදීමයි. මේ සඳහා ට්‍රාන්ස්ෆෝමරයක් යොදා ගත හැකියි.  



මෙලෙස ට්‍රාන්ස්ෆෝමර් යොදා ගන්නා විට, ඒ සමඟම සංඥා හායනය හා සම්බාදක අගයද අවශ්‍ය පරිදි විචලනය කළ පරිදි නිර්මාණය කළ හැකිය.


සාමාන්‍යයෙන් ආධුනික ගුවන් විදුලියේ භාවිතා වන ට්‍රාන්සීවර් නිපදවා තිබෙන්නේ පරිගනක සමඟ ඒවා සම්බන්ද කළ හැකි පරිදිය. පරිගනක ප්‍රෝග්‍රෑම් එකකින් ට්‍රාන්සීවරයට සංඥා යවා එහි ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකිය. මේ සඳහා වෙනම කොන්ට්‍රෝල් පෝට් එකක් (අග්‍ර) ට්‍රාන්සීවර්වල තිබේ. මෙම පෝට්/අග්‍ර පරිගනකයේ serial port එකට සම්බන්ද කළ හැකියි (අවශ්‍ය නම් parallel port හෝ usb port එකකට වුවද සම්බන්ද කළ හැකි පරිදි සකස් කරගත හැකියි). නූතන පරිගනකවල සීරියල් පෝට් බොහෝවිට නැත. එහෙත් පිටතින් සීරියල් පෝට් සවි කරගත හැකියි (එහෙම නැතිනම් යූඑස්බී පොට් එකක් මේ සඳහා සකස් කර ගැනීමට සිදු වේ). පහත දැක්වෙන්නේ එවැනි විශේෂිත ට්‍රාන්සීවර් පෝට් එකක තිබෙන අග්‍ර හා ඒවා පරිගනකයට සවි කරන විට කනෙක්ට් කළ යුතු ආකාරයයි.


ඉහත රූපයේ දක්වා තිබෙන පෝට් එකේ PTT අග්‍රය භාවිතා කර නැත. මෙම අග්‍රයද පරිගනකයේ සීරියල් පෝට් එකට සවි කළ හැකියි පෙර ඡේදයේ සඳහන් කර ඇති පරිදි. මෙවිට නම් අනිවාර්යෙන්ම පරිගනකයේ සීරියල් පෝට් එක හා මෙම PTT අග්‍රය අතරට යම් ආරක්ෂක පරිපථයක් සවි කිරීමට සිදු වෙනවා. ඊට එක් හේතුවක් නම්, සීරියල් පෝට් එක වැඩ කරන වෝල්ටියතා අගය හා ට්‍රාන්සීවරයේ PTT අග්‍රය ක්‍රියාත්මක වන වෝල්ටියතා අගය බොහෝ අසමාන වීමයි (සීරියල් පෝට් වෝල්ටියතාව වැඩිය).

තවද, පරිගනකය (එනම් පරිගනකයේ සීරියල් පෝට් එක) හා ට්‍රාන්සීවරය අතර විදුලිමය වශයෙන් සම්බන්දතාවක් තිබුණොත් යම් උපකරණයක කුමක් හෝ දෝෂයක් හට ගත් විට අනෙක් උපකරණය පිලිස්සී යෑමක් වුවද සිදු විය හැකියි.

මෙම ගැටලු දෙකටම සුදුසු එක් ප්‍රචලිත පිලියමක් නම්, opto-isolator උපාංගයක් යොදා ගැනීමයි. මෙහිදී එක් උපාංගයකින් එන විදුලි සංඥාව ඔප්ටොඅයිසොලේටර් එකේ LED එකට ලබා දේ (සංඥාවට අනුව ඒ බල්බය නිවි නිවී පත්තු වේ). එම ඔප්ටොඅයිසොලේටර් එක තුල ඒ බල්බයට මුහුනලා ෆොටෝඩයෝඩයක්/ෆොටෝට්‍රාන්සිස්ටරයක් තිබේ. එවිට එම බල්බය පත්තු වෙන විට ඊට අනුපාතිකව මෙම ෆොටෝඩයෝඩය සක්‍රිය වී එම සංඥාව එහි නැවත උපදී. මෙම නැවත උපන් සංඥාව තමයි අනෙක් උපකරණය හා සම්බන්ද වන්නේ.  



මෙම ඔප්ටොඅයිසොලේටර් එක හරහා මෙලෙස සංඥාව ගමන් කළත් එහි සංඥාව ආලෝකය මඟිනුයි සම්බන්ද වූයේ; එනිසා විදුලිමය සම්බන්දතාවක් නැත (galvanic separation).


පහත දැක්වෙන්නේ ඉහත කතා කළ සියලු ආකාරයේම ලක්ෂණ සහිත සරල TNC පරිපථයකි. මෙවැනි පරිපථ ඕනෑ තරම් අන්තර්ජාලයේ ඇත. පහත දැක්වෙන සරල පරිපථයට වඩා හොඳ හා සංකීර්ණ පරිපථද තව තිබේ.


දැන් සුපුරුදු ලෙස ට්‍රාන්සීවරය සුසර කළ යුතුයි sstv සංඥා යවන යම් සංඛ්‍යාතයකට. මෙවිට කවුරුන් හෝ විසින් යවන sstv සංඥා ට්‍රාන්සීවරයෙන් ග්‍රහනය කර ගනී. සාමාන්‍යයෙන් ට්‍රාන්සීවරය විසින් එම සංඥා විමූර්ජනය කර ශබ්ද තරංග ලෙස ට්‍රාන්සීවරයේ ස්පීකරයෙන් ඇසේ. එහෙත් දැන් ස්පීකර් පෝට් එක කනෙක්ට් කර තිබෙන්නේ පරිගනකයේ මයික් පෝට් එකට නිසා, එම ශබ්දය පරිගනකය තුලට ඇතුලු වේ.

පරිගනකයට එම ශබ්දය ලැබූ පසු, එම ශබ්දය මඟින් කේතීකරණය කර තිබෙන රූප ලබා ගැනීමට (එනම් විකේතීකරණයට – decoding) යම් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගෙන තිබිය යුතුය. මේ සඳහා සොෆ්ට්වෙයාර් ගණනාවක් තිබෙන අතර, MMSSTV යන ප්‍රෝග්‍රෑම් එක ප්‍රචලිතය (එහි රූපයක් පහත දැක්වේ). අන්තර්ජාලයෙන් මෙම සොෆ්ට්වෙයාර් සියල්ල නොමිලේ ලබා ගත හැකිය.


ඉහත ආකාරයට සංඥා ග්‍රහනය කර ගෙන රූප බැලිය හැකියි සේම, මෙම සොෆ්ට්වෙයාර් එකෙන්ම sstv සංඥා සම්ප්‍රේෂනයද කළ හැකිය. මෙවැනි සොෆ්ට්වෙයාර් එකකින් අක්ෂර ලිවීම, ඉරි ආදිය යොදාගෙන සරල රූප ඇඳීම කළ හැකිය (එනම්, sstv දර්ශන/රූප මින් සෑදිය හැකිය). එසේ සාදපු රූප ඉන්පසු ශබ්ද තරංග බවට පත් කෙරේ (කේතීකරණය කෙරේ). සාමාන්‍යයෙන් පරිගනකයේ ශබ්දයක් සවුන්ඩ්කාඩ් එකේ ස්පීකර් පෝට් එක හරහා ඊට කනෙක්ට් කර ඇති භාහිර ස්පීකරයකින් ඇසිය හැකියි. එහෙත් දැන් ස්පීකරය වෙනුවට සවි කර තිබෙන්නේ ට්‍රාන්සීවරයේ මයික් පෝට් එක නිසා, පරිගනකයේ ශබ්ද ගමන් කරන්නේ ට්‍රාන්සීවරය තුලටයි (හරියට ට්‍රාන්සීවරයේ මයික් එකට ඔබ කතා කරනවා වැනිය). දැන් එම ශබ්දය ට්‍රාන්සීවරය හරහා සම්ප්‍රේෂනය වේ.

සාමාන්‍යයෙන් ට්‍රාන්සීවරය පවතින්නේ රිසීව් මෝඩ් එකේනෙ. ට්‍රාන්ස්මිට් මෝඩ් එකට යෑමට PTT බට්න් එක ඔබාගෙන සිටිය යුතුයි. ඉහත ක්‍රමයට sstv සන්නිවේදනයක් සිදු කරන විට ට්‍රාන්සීවරය අවශ්‍ය විටක ට්‍රාන්ස්මිට් මෝඩ් එකට යන්නේ කෙසේද? එය සිදුවිය හැකි ආකාර 3ක් තිබේ.

එකක් නම්, ට්‍රාන්සීවරයේ PTT බට්න් එක අතින් එබීමයි (මෙවිට පරිගනකයේ සීරියල් පෝට් එක හා ට්‍රාන්සීවරයේ PTT බට්න් එක අතර කනෙක්ෂන් එකක් නැත). මෙය ඉතාම සරල ක්‍රමයයි.

දෙවැනි ක්‍රමයේදී ට්‍රාන්සීවරයේ VOX (voice activation) පහසුකම තිබිය යුතුය. මෙවිට පරිගනකයේ සිට ට්‍රාන්සීවරයට ශබ්ද සංඥා ඇතුලු වන විට ඉබේම ට්‍රාන්ස්මිට් මෝඩ් එකට පත් වේවි. තවද පරිගනකයෙන් වෙනත් ශබ්ද ඇති වීම වැලැක්විය යුතුයි (නැතිනම් අනවශ්‍ය වෙලාවලදිත් ඉබේම ට්‍රාන්ස්මිට් මෝඩ් එක සක්‍රිය වේවි). ඔබ දැක ඇති පරිගනකයේ යම් යම් දේවල් සිදු වන විට විවිධ නාදයන් ඇසෙනවා. ඔබ එම ශබ්ද සියල්ල ඩිසේබල් කළ යුතුය. එය Windows 7 ඔපරේටිං සිස්ටම් එකක සිදු කරන්නේ මෙලෙසයි. පරිගනක තිරයේ වෙලාව දර්ශනය කරන ස්ථානයට වම්පසින් තිබෙන සවුන්ඩ්/ස්පීකර් අයිකනය මත රයිට් ක්ලික් කර ඉන් Sounds යන මෙනු එක තෝරන්න. එවිට මතුවන ඩයලොග් බොක්ස් එකේ Sound යන ටැබ් එක තෝරා ගන්න. එහි Sound Scheme යන කොටසින් No Sounds යන්න තෝරා OK කරන්න.
 

තෙවැනි ක්‍රමයේදී ට්‍රාන්සීවරයේ PTT බට්න් එක හා පරිගනකයේ සීරියල් පෝට් එක අතර සම්බන්දයක් තිබිය යුතුය. මෙවිට සොෆ්ට්වෙයාර් එකෙන් ට්‍රාන්සීවර් එකේ PTT බට්න් එක සක්‍රිය කරාවි. මේ ගැන මීට පෙර අප කතා කර තිබෙනවානෙ.
අන්න ඒ ආකාරයටයි sstv සංඥා ග්‍රහනය කරගන්නේ හා සම්ප්‍රේෂනය කරන්නේ. ඔබ යැවීමට බලාපොරොත්තු වන රූප ගණනාවක් සාදාගෙන සේව් කරගෙන තබා ගත හැකියි. මෙම සොෆ්ට්වෙයාර් එකේ ඇති සෙටිංස් සැකසීම හා එහි ඇති නොයෙක් ක්‍රියාකාරිත්වයන් ගැන වෙනම ඉගෙන ගන්න (ඒ සඳහා නොමිලේම ටියුටෝරියල් හා හෙල්ප් ෆයිල්ද සොෆ්ට්වෙයාර් එක සමඟම ලබා ගත හැකියි). එහෙත් කෙටියෙන් එම සොෆ්ට්වෙයාර් එක ක්‍රියා කරවන හැටි බලමු.

MMSSTV

මෙම ප්‍රෝග්‍රෑම් එක රන් කරන විට ඉහත ආකාරයේ ඉන්ටර්ෆේස් එකක් දක්නට ලැබෙනවා. එහි යටින්ම තිබෙන කොටස (S.pix) ඔබ යවන්නට සිටින රූප ගබඩාවයි. එහි කුඩා කොටු ගණනාවක් තිබේ. ඒ සෑම කොටුවකම ඇත්තේ යම් රූපයකි. ඔබට මෙම කොටුවකට රූපයක් ගබඩා කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. එකක් නම්, යම් කොටුවක් රයිට් ක්ලික් කර එහි Load from file… යන මෙනුව තොරා තමන්ගේ පරිගනකයේ තිබෙන යම් පිංතුරයක් තෝරා ගත හැකියි. එසේත් නැතිනම්, පරිගනකයේ යම් ෆෝල්ඩරයක තිබෙන රූපයක් drag කරගෙන විත් කොටුවකට දැමිය හැකිය.

මෙලෙස රූපයක් දමන විට, එම රූපය ඔබ භාවිතා කරන sstv රූප සම්මතයට අනුව (එනම් සයිස් එක) සකස් කිරීමට සිදු වේ. රූපය ලොකුයි නම් කුඩා කළ යුතු වෙනවා. රූපයේ aspect ratio (රූපයේ පළල හා උස අතර අනුපාතය) වෙනස් නම් එය ගැලපීමට සිදු වෙනවා (සාමාන්‍ය රූප 4:3 ඇස්පෙක්ට් රේෂියෝ එකකින් තිබෙන අතර, එනිසා බොහෝවිට මෙය සැකසීමට සිදු වේ). මෙනිසා රූපයක් ඉහත කුමන ආකාරයෙන් එක් කරන්නට හැදුවත්, තවත් වින්ඩෝ එකක් පහත ආකාරයට දිස් වී රූපය sstv රූප සම්මතයට හරවා ගත යුතු වෙනවා .


එකතු කරන රූපයේ ඇස්පෙක්ට් රේෂියෝ එක නොගැලපේ නම් අනිවාර්යෙන්ම පිලියම් දෙකක් තිබේ (ඉන් එකක් අනුගමනය කිරීමට සිදු වේ). එක්කෝ වැඩි කොටස කපා දැමිය යුතුය (cropping); මවුසය මඟින් රූපය මත අවශ්‍ය ප්‍රමාණයට කොටුවක් ඇඳිය හැකි අතර, කොටුව තුලට ඇතුලු නොවන කොටස මෙලෙස ක්‍රොප් වේ. මේ සඳහා ඉහත රූපයේ යට ඇති H/W යන බට්න් එක සක්‍රිය කරන්න (ප්‍රෙස් කර තබන්න). නැතිනම් වැඩි පැත්ත ඇතුලට එබිය යුතුය (scaling); මෙවිට රූපය උස වේ (රූපය දෙපැත්තෙන් ඇතුලට පොඩි කළොත්); හෝ රූපය මහත වේ (රූපය ඉහලින් හා පහලින් ඇතුලට පොඩි කළොත්). මේ සඳහා H/W ට දෙකක් දකුනු පසට වන්නට ඇති stretching බට්න් එක සක්‍රිය කරන්න.

තවද රූපය විවිධ පැතිවලට හැරවීමටද හැකිය. තවත් දේවල් මෙම වින්ඩෝ එක තුල සිදු කර ගත හැකිය. එම බට්න් සමඟ වැඩ කර හා හෙල්ප් ෆයිල්/ටියුටෝරියල් කියවා තව දුරටත් ඉගෙන ගත හැකියි. අවසානයේ ok බට්න් එක ඔබන්න. එවිට එම රූපය thumbnail (තම්නේල් යනු යම් රූපයක කුඩා පරිමානයේ රූපයකි) එකක් අර කොටුව තුල පෙනේවි. මෙලෙස ඔබට අවශ්‍ය රූප එම කොටු තුල සේව් කර ගත හැකියි. මෙලෙස රූප ගබඩා කර ගැනීමට මෙවැනිම කොටු තවත් ලබා ගත හැකියි 1/25 ලෙස පෙනෙන ස්ථානයේ ඇති ඊහිස් මත ක්ලික් කරමින්.

එලෙසම මෙම ප්‍රෝග්‍රෑම් එකෙන් අපට හැකියි templates සාදා ගන්නටත්. ටෙම්ප්ලේට් යනු “රූප අච්චුවකි”. එය රබර් සීල් එකක් යැයි සිතන්න. රබර් සීල් එකක තිබෙන්නේ යම් තොරතුරු ප්‍රමාණයක්නෙ. ඔබට හැකියි එම තොරතුරු ඕනෑම කොලයක්/මතුපිටක් මත සටහන් කරන්න “සීල් එක ගැහීමෙන්”. එලෙසම ටෙම්ප්ලේට් එකක යම් යම් තොරතුරු ප්‍රමාණයක් තිබේ. ටෙම්ප්ලේට් එකක් ඔබ මීට පෙර සේව් කළ ඕනෑම රූපයක් මත දර්ශනය කර ගත හැකියි. ඔබට හැකියි ටෙම්ප්ලේට් මෙම ප්‍රෝග්‍රෑම් එකෙන් ඩිසයින් කර රූප සේව් කළ පරිදිම ඒවා පසු ප්‍රයෝජනය සඳහා සේව් කර ගන්නට. එය කරන හැටි දැන් බලමු.

ටෙම්ප්ලේට් එකක් ඩිසයින් කිරීමට ඉන්ටර්ෆේස් එකේ වම් උඩ කෙලවරේ සිට බලාගෙන යන විට හමු වන Template නම් ටැබ් එක මත ක්ලික් කරන්න. දැන් එම වින්ඩෝ එකේ දැනටමත් ටෙම්ප්ලේට් එකක් ලෝඩ් වෙලා ඇත්නම් එය පෙන්වාවි. එවිට එහි ඇති රූප හෝ අක්ෂර “කෑලි” මත ක්ලික් කර ඩ්‍රෑග් කර බලන්න. ඒවා ඔබට කැමත තැනක ස්ථාන ගත කළ හැකිය. ඊට අමතරව අලුතින් දේවල් ලිවිය හා ඇඳිය හැකිය. දැනටමත් ටෙම්ප්ලේට් එකක් ලෝඩ් වෙලා නැතිනම් එම ලිවීමේ හා ඇඳීමේ ටූල්ස් (ටෙම්ප්ලේට් වින්ඩෝ එක යට පේලියේ එම ටූල් ඇත) භාවිතා කරමින් අලුතින් ටෙම්ප්ලේට් එකක් ඇඳිය හැකිය.


රූපයක් ඇන්දාට හෝ වචන ලිව්වාට පසු, ඒ මත ඩබ්ල් ක්ලික් කළ විට එහි යම් යම් වෙනස්කම් සිදු කිරීමට (වර්ණය වෙනස් කිරීමට ආදිය) ඩයලොග් බොක්ස් එකක් මතු වේ. ඇත්තටම සරලව පෙනුනත් මෙම ටූල්ස් ක්‍රියාත්මක කරන විට තෝරා ගැනීම් ගණනාවක්ම තිබෙනවා; එනිසා ඉතා ලස්සනට ටෙම්ප්ලේට් සාදා ගත හැකියි. පිටතින් රූපද මේ මතට පේස්ට් කර ගත හැකිය. ඔබ එලෙස සාදා ගත් ටෙම්ප්ලේට් එක යට ඇති S.templates1 යන ටැබ් එකේ ඕනෑම කොටුවක් මතට ඩ්‍රෑග් කළ විට එහි සේව් වේ.

දැන් ඔබට රූප හා ටෙම්ප්ලේට් එකට එකතු කර සම්ප්‍රේෂනය කළ හැකිය. ඒ සඳහා පලමුවෙන්ම TX නම් ටැබ් එක තෝරන්න. ඉන්පසු S.pix ටැබ් එකට ගොස් ඔබ කැමත රූපයක් මත ඩබ්ල් ක්ලික් කරන්න. එවිට එම රූපය TX වින්ඩෝ එක තුල පෙන්වාවි. දැන් S.templates1 ටැබ් එකට ගොස් ඔබ කැමති ටෙම්ප්ලේට් එකක් මතද ඩබ්ල් ක්ලික් කරන්න. එවිට අර රූපය මතට මෙම ටෙම්ප්ලේට් එකත් මතු වේවි. ඉන්පසු එම වින්ඩෝ එක යට ඇති TX නම් රතුපාට බට්න් එක ක්ලික් කරන්න. එවිට මෙම රූපය ට්‍රාන්ස්මිට් වේවි. ට්‍රාන්ස්මිට් වන අතරේ නැවත එම බට්න් එක එබුවොත් සම්ප්‍රේෂනය අතරමඟ නවතිනවා.


ට්‍රාන්ස්මිට් එක අවසන් වූ විගස ඉබේම ප්‍රෝග්‍රෑම් එක රිසීව් මෝඩ් එකට පත් වේ. ඒ හැරත්, ඔබට ඕනෑම වෙලාවකට රිසීව් මෝඩ් එකට යා හැකියි RX ටැබ් එක එබූ විට. දැනට යම් sstv සංඥාවක් සම්ප්‍රේෂනය වෙමින් පවතී නම් මෙවිට එය ග්‍රහනය කෙරේවි. ඔබට හැකියි එසේ එවන රූප පහල ඇති 2, 3, 4 යන ටැබ්වල කුඩා කොටු තුල සේව් කර ගන්නටත්.

ඔබට sstv සංඥා ලැබෙන්නේ නැතිනම් හෝ ඔබට තවම ආධුනික ගුවන් විදුලි පහසුකම් නැතිනම්, ඉහත ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන හැටි ඉගෙන ගැනීමට ක්‍රමයක් ඇත. එනම් අන්තර්ජාලයෙන් (මෙම ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝක් කිරීමට දෙන නිල වෙබ් අඩවියෙන් පවා) ටෙස්ටිං ෆයිල් ඩවුන්ලෝඩ් කර ගත හැකියි (ඒවා ඕඩියෝ ෆයිල් වේ). ප්‍රෝග්‍රෑම් එකේ File මෙනුවේ Play sound from the file… යන්න ක්ලික් කර, අර ඩවුන්ලෝඩ් කරපු ටෙස්ටිං ඕඩියෝ ෆයිල් එකක් ඕපන් කරන්න. මෙවිට ප්‍රෝග්‍රෑම් එක විසින් එම ෆයිල් එක සාමාන්‍ය රිසීව් මෝඩ් එකෙන් ඩිකෝඩ් කරන්නා සේම ඩිකෝඩ් කර රූපය පෙන්වාවි.