Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 86

ලංකාවේ රිපීටර්

ලංකාව තුලත් රිපීටර් කිහිපයක් ක්‍රියාත්මක වේ. ඒවා RSSL හා ARAL යන ආධුනික ගුවන් සංගම් විසින් පවත්වාගෙන යනවා. පහත දැක්වෙන්නේ එම රිපීටර් හා ඒවා පිහිටි ස්ථානයි. යටියන්තොට රිපීටරය 4S7RS-R යන කෝල්සයිනයෙන්ද, කිකිලියාමාන්න රිපීටරය 4S6ARA/R4 යන කෝල්සයිනයෙන්ද, හුන්නස්ගිරිය රිපීටරය 4S6ARA/R5 යන කෝල්සයිනයෙන්ද හැඳින්වේ. තවද, නුවර එලිය රිපීටරය 1750Hz tone burst යොදා ගනී. තවද, හුන්නස්ගිරිය හා කෝට්ටේ රිපීටර් දෙක එකිනෙකට ලින්ක් කර ඇති අතර, යටියන්තොට රිපීටරය EchoLink සේවාවට ලින්ක් කර ඇත.


රිපීටරයක් හරහා සංවාද කිරීම

රිපීටරයක් හරහා සන්නිවේදනය කරන විට පලමුවෙන්ම දිස්වන වෙනස තමයි සිම්ප්ලෙක්ස් සංවාදයකදී මෙන් සංඛ්‍යාත පරාස ස්කෑන් කර කර ඉන්නට අවශ්‍යතාව නැති වීමයි. කෙලින්ම රිපීටරයේ සංඛ්‍යාත නිශ්චිතය. රිපීටරය සක්‍රිය කිරීමට සමහරවිට ටෝන් බර්ස්ට් එකක් අවශ්‍ය විය හැකියි. මෙවිට ඔබ භාවිතා කරන ට්‍රාන්සීවරයේ සෙටිංස් සෑදිය යුතුයි ඒ සඳහා. තත්පර භාගයක පමණ කෙටි කාලයකට පමණයි එය අවශ්‍ය වන්නේ. එහෙමත් නැතිනම්, රිපීටරය CTCSS භාවිතා කරනවා නම්, නැවතත් ඔබේ ට්‍රාන්සීවරයේ සෙටිංස් සෑදිය යුතුයි නිවැරදි සබ්ටෝන් එක තේරීමට. ඕපන් රිපීටරයක් නම් එවැනි අමුතුවෙන් සෙටිංස් හදන්නට අවශ්‍ය නැත.

තවද, මෙහිදී තරයේ සිහිතබා ගත යුතු පළමු උපදෙස නම්, රිපීටරයක් හරහා සන්නිවේදනය කරන විට කිසිවිටක CQ call කරන්නේ නැත. පහත ආකාරයේ වැනි ප්‍රකාශයක් සිදු කර වෙනත් අයෙකුගෙන් පිලිතුරක් එන තුරු බලාගෙන සිටිය යුතුය. මෙය රිපීටරයට ඇහුම්කන් දෙමින් (monitoring) සිටින අයට දන්වනවා 4S7TEK යන අය සංවාදයට සූදානම් බව. Monitoring යන වචනය වෙනුවට listening යන වචනයද යෙදිය හැකිය. රිපීටරය හා සම්බන්ද වන්නේ mobile ආකාරයෙන් (වාහනයක සවිකර තිබෙන ට්‍රාන්සීවරයකින් නම්), මොනිටරිං හෝ ලිස්නිං වෙනුවට mobile යන්න ආදේශ කළ හැකියි.

This is 4S7TEK monitoring”

ටික වෙලාවක් බලාගෙන සිටියාට පසු පිලිතුරක් නැතිනම් නැවත වතාවක් එය කිව හැකිය. දෙතුන් සැරයක් කීමෙන් පසුවත් කවුරුත් නැතිනම් ඉන් ඉවත් වීම සුදුසුය. ඉවත් වන විට, පහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ හැකියි. QRT යන කිවුකෝඩ් එකෙන් කියන්නේ තමන් දැන් සංවාදය නවතා රිපීටරයෙන්ද ඉවත් වන බවයි.

4S7TEK clear and QRT”

කෙනෙකු රිපීටරයෙන් කෙනෙකු සොයන විට, ඊට පහත ආකාරයට ප්‍රතිචාර දැක්විය හැකිය. මෙහි තමන් ගම්පහ ප්‍රදේශයේ සිටින්නේ කියාද කියයි. Returning යන කොටසින් අර්ථ ගන්වන්නේ කෙනෙකු කරපු ආරාධනාවකට ප්‍රතිචාර දක්වනවා කියාය (සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ මිස් කෝල් එකක් දුටු විට එම අංකයට අපි කෝල් එකක් ගන්නවනෙ; එවිටත් අප කියන්නේ “කෝල් එක රිටර්න් කරනවා” කියාය). ප්‍රකාශය අවසානයේ තමන්ගේ කෝල්සයිනය කියයි. හැමවිටම දිගට this is 4s7sum වැනි දිග ප්‍රකාශය අවශ්‍ය නැත.

4S7TEK, this is 4S7SUM in Gampaha returning. My name is so-and-so. Back to you. 4S7SUM”

කෙනෙකු සෙට් වුණාට පසු, සාමාන්‍ය පරිදි සංවාදය කරගෙන යා හැකියි. එහෙත් රිපීටරයක් බොහෝ දෙනෙකු අතරේ භාවිතා වන්නක් නිසා, අනිත් අයටත් සාධාරණව අවස්තාව ලැබිය යුතුය යන හැඟීමෙන් වැඩ කළ යුතුය. තවද, ඔබ බැරිවෙලාවත් දැනටමත් යම් සංවාදයක් සිදු වෙමින් තිබෙන අවස්ථාවක ඉහත ප්‍රකාශය සිදු කළා නම්, එය එම සංවාදයට බාධාවක් වූවා යැයි සිතේ නම් පහත ආකාරයට සමාව ඉල්ලා නිශ්ශබ්ද වන්න.

Sorry, 4S7TEK clear”

යම් සංවාදයක් අවසන් වූවාට පසුව ඔබ රිපීටරයෙන්ද ඉවත් වී යාවි. එවිට ඉහතදී පැවසූ ලෙස this is 4S7TEK clear and QRT” ලෙස කියයි. එහෙත් සමහර අවස්ථාවලදී සංවාදයක් අවසාන කළත් රිපීටරයෙන් ඉවත්ව නොගොස් තවත් කෙනෙකු සමඟ සංවාද කිරීමට අවශ්‍ය විය හැකිය. එවිට පහත ආකාරයට එය අදාල (ඉවර කරන) සංවාදය අවසානයේ කිව යුතුය.

this is 4S7TEK clear and monitoring”

ඔබට හිතෙනවා නම් මේ මොහොතේ යම් කෙනෙකු (කෝල්සයිනයක්) රිපීටරයට සම්බන්දව ඇතැයි කියා කෙලින්ම ඔහුගේ කෝල්සයිනය පවසා ඔහු දැන් සිටිනවාද කියා ඇමතිය හැකිය (නිතර එකම වෙලාවක රිපීටරයේ සෙට් වෙන අය).

සමහර වෙලාවට දෙදෙනෙකු රිපීටරයක් හරහා සංවාද කරන විට දෙදෙනාගේ සංඥා කෙලින්ම දෙදෙනාගේ ට්‍රාන්සීවර්වලට ප්‍රබලව හසුවන බව වැටහේවි. ඒ කියන්නේ රිපීටරය නැතිව සිම්ප්ලෙක්ස් සන්නිවේදනයක් කිරීමට දෙදෙනාට හැකිය (හැකි හැමවිට රිපීටරය නැතිව සිම්ප්ලෙක්ස් කිරීමට උත්සහ කළ යුතුය). එවිට එක් කෙනෙකුට යෝජනා කළ හැකියි රිපීටරයෙන් ඉවත්ව සිම්ප්ලෙක්ස් කරමුය කියා. එවැනි දෙබසක් පහත ආකාරයට සිදු කළ හැකියි.

4S7TEK:- “4S7SUM, this is 4S7TEK, are you there on this repeater please?”
(4S7SUMගෙන් අහනවා මේ වෙලාවේ රිපීටරයට කනෙක්ට් වෙලා ඉන්නවාද කියා)

4S7SUM:- “4S7TEK, this is 4S7SUM. Yes, I am. You are strong on the input. Let’s move to 146.55
simplex please”
(4S7SUM රිපීටරයට කෙනක්ට් වෙලා සිටී යැයි සිතමු. එවිට ඔහු කියනවා තමන් සිටින බවත්,
අනෙකාගේ සංඥා ප්‍රබලව එන නිසා 146.55MHz සංඛ්‍යාතය ඔස්සේ සිම්ප්ලෙක්ස් කරමු කියා)

4S7TEK:- “ok, I’ll meet you there on 146.55. 4S7TEK clear”
(එවිට අනෙකා සාමාන්‍යයෙන් ඊට අනුගත වේ. අවසානයට ක්ලියර් යනුවෙන් කියන්නේ තමන්
දැන් රිපීටරයෙන් ඉවත් වෙනවා කියාය)

4S7SUM:- “4S7SUM clear”
(මෙයත් දැන් රිපීටරයෙන් ඉවත් වන බව කියයි).

ඇත්තටම ඉහත දෙබස එලෙසම සිදු වෙන්නට අවශ්‍ය නැත. දෙදෙනාගෙන් ඕනෑම කෙනෙකුට එම යෝජනාව කළ හැකිය. තරමක් රිපීටරය හරහා සංවාද කළ පසුද සිම්ප්ලෙක්ස්වලට මාරු විය හැකියි. තවද, සිම්ප්ලෙක්ස්වලට මාරු වෙමු යැයි යෝජනා කරන කෙනා මුලින්ම ඒ සඳහා දැනට කවුරුත් භාවිතා නොකරන සංඛ්‍යාතයක්ද සොයා ගෙන සිටිය යුතුය. ඉහත උදාහරණයේ 146.55MHz ලෙස ඔහු යෝජනා කරන්නේ එලෙස මොහොතකට කලින් එලෙස සොයා ගත් නිදහස් සංඛ්‍යාතයකි.

සමහරවිට රිපීටරයෙන් සිම්ප්ලෙක්ස්වලට මාරුවීමට සුදුසු සංඛ්‍යාතයක් දැනටමත් නැතිනම්, ඉහත සංවාදය මෙසේ සිදු විය හැකියි.

4S7TEK:- “4S7SUM, this is 4S7TEK, are you there on this repeater?”

4S7SUM:- “4S7TEK, this is 4S7SUM. Yes, I am. You are strong on the input. Shall we do simplex?”
(අපි සිම්ප්ලෙක්ස් කරමුදැයි අසනවා)

4S7TEK:- “ok. Let’s go simplex”
(හා අපි යමු යැයි කියනවා)

4S7SUM:- “4S7TEK, this is 4S7SUM. If you would like to wait here I will go and find us a clear
frequency, 4S7TEK from 4S7SUM”
(ඔබ ටිකක් ඉන්න මං සුදුසු සංඛ්‍යාතයක් සොයා ගෙන එන්නම් යැයි පවසනවා)

4S7TEK:- “4S7SUM, this is 4S7TEK. Ok”
(මොහු හා කියනවා. කැමති නම් මෙයත් නොකියා නිශ්ශබ්දව සිටිය හැකියි අනෙකා සංඛ්‍යාතය
සොයාගෙන එන තුරු)

4S7SUM:- “4S7TEK, this is 4S7SUM. Please QSY to one four six decimal five five. Over”
(මොහු ගොස් මීට පෙර අප කතා කර තිබෙන සාමාන්‍ය ක්‍රමයට නිදහස් සංඛ්‍යාතයක් සොයාගෙන
එනවා. ඇවිත් එම සංඛ්‍යාතයට මාරු වන්නැයි පවසනවා. QSY යනු කියන සංඛ්‍යාතයට මාරු
වෙන්න කියා කියන කිවු කෝඩ් එකකි. කැමති නම් “කිවුසි” යන කෝඩ්වචනය වෙනුවට change
යන සාමාන්‍ය වචනයක් වුවද භාවිතා කළ හැකියි.)

4S7TEK:- “roger, I’ll meet you there on 146.55. 4S7TEK clear”
(එවිට අනෙකා සාමාන්‍යයෙන් ඊට අනුගත වේ. අවසානයට ක්ලියර් යනුවෙන් කියන්නේ තමන්
දැන් රිපීටරයෙන් ඉවත් වෙනවා කියාය)

4S7SUM:- “4S7SUM clear”
(මෙයත් දැන් රිපීටරයෙන් ඉවත් වන බව කියයි).

දැන් දෙදෙනාම අර සංඛ්‍යාතයට මාරු වේ. එවිටත් සුපුරුදු ලෙසම is this frequency in use? යන ප්‍රකාශය කළ යුතුය. එම සංඛ්‍යාතය නිදහස් බව සොයා ගත් මොහොතේ සිට එම සංඛ්‍යාතයට ඇත්තටම දෙදෙනා යෑමට ගත වූ කාලය තුල එහි කවුරුන් හෝ සංවාදයක් අරඹා තිබිය හැකියිනෙ (බොහෝවිට එසේ නොවී තිබේවි). නිකමට හෝ කවුරුන් හෝ එහි සංවාදයක් අරඹා ඇත්නම්, ඔබ කෙටියෙන් ඔබේ සඟයාට කියන්න නැවත රිපීටරයට යමු කියා (ඉන්පසු නැවත වෙනත් නිදහස් සංඛ්‍යාතයක් සොයා සිම්ප්ලෙක්ස් කරන්න ඉහත පිලිවෙලටම).

Calling Frequency

ආධුනික ගුවන් සංඛ්‍යාත පරාස රාශියක් තිබෙනවානෙ. ඉතිං යම් ශිල්පියෙකුට තවත් ශිල්පියෙකු සමඟ සංවාද කිරීමට අවශ්‍ය වූ විට, සංඛ්‍යාත පරාසයක්ම ස්කෑන් කර කර ඉන්නට සිදු වෙනවා. එය කාලය වැයවන වැඩක් විය හැකියි. එහෙත් මීට පිලියමක් ලෙස calling frequency/channel හඳුන්වා දී තිබෙනවා. meeting frequency, Center of Activity (CoA) ලෙසද මෙය හැඳින්වේ. හදිසි අවස්ථාවලදී භාවිතා කරන සම්මත සංඛ්‍යාත පරාසයන් හඳුන්වන්නේද Emergency Center of Activity යන නමින් බව මීට පෙර අප ඉගෙන තිබෙනවා. ඇත්තටම කෝලිං චැනල් තිබෙන්නේ බෑන්ඩ්ප්ලෑන් එක තුලයි.

බොහෝ සංඛ්‍යාත පරාසයකම එක් නිශ්චිත සංඛ්‍යාතයක්/චැනලයක් සම්මත කරගෙන තිබෙනවා කෝලිං සංඛ්‍යාතය ලෙස. එය සිම්ප්ලෙක්ස් කිරීමට යොදා ගන්නේ නැත. එහි ඇති එකම රාජකාරිය සංවාද කරන්නට කැමැති අයට පහසුවෙන් මුන ගැහෙන්න තැනක් සාදා දීමයි. ඉතිං කවුරුත් බෑන්ඩ්ප්ලෑන් එක අනුගමනය කරනවා නම් (බෑන්ඩ්ප්ලෑන් එක දන්නවා නම්), බොරුවට බෑන්ඩ් ස්කෑන් කර කර ඉන්නේ නැතිව, කෙලින්ම අදාල බෑන්ඩ් එකේ කෝලිං සංඛ්‍යාතයට ටියුන් වෙනවා.

එම කෝලිං සංඛ්‍යාතයට ටියුන් වූ පසු, ඔබට සීකියු කෝල් කළ හැකියි කෙනෙකුට සංවාදයකට ආරාධනා කරන්න. එම බෑන්ඩ් එකේ සංවාද කිරීමට කැමති හැම දෙනාම දැන් මෙම කෝලිං සංඛ්‍යාතයට ටියුන් වී සිටින නිසා ඉන් කෙනෙකු ඔබට පිළිතුරු දේවි. ඒ අනුව ඔබ සිකියු කෝල් නොකරත්, මෙම කෝලිං සංඛ්‍යාතයට ඇහුම්කන් දෙමින් ටික වෙලාවකදී තව කෙනෙකු කරන සීකියු කෝල් එකකට පිලිතුරු දීද සංවාදයක් ඇරඹිය හැකියි.

ඔබ කෝලිං සංඛ්‍යාතයකට ටියුන් වී පහත ආකාරයට සාමාන්‍ය විදියටම සීකියු කෝල් කළ හැකියි.

"CQ CQ CQ This is 4S7TEK, 4S7TEK calling CQ and standing by for any contact"

මෙවිට එම සීකියු කෝල් එකට කවුරු හරි පහත ආකාරයට පිලිතුරු දේවි.

"4S7TEK, this is 4S7SUM, returning to you. Over"

කෝලිං සංඛ්‍යාතය යනු සංවාද කරමින් සිටින තැනක් නොවේ. සගයෙක් සොයාගත් විගස හැකි ඉක්මනින් වෙනත් සංඛ්‍යාතයකට දෙදෙනා මාරු විය යුතුය අනෙක් අයටත් කෝලිං සංඛ්‍යාතය භාවිතා කරන්නට ඉඩ දෙමින්. එය හරියට මංගල සේවය වැනිය. එනිසා ඉහත ප්‍රතිචාරය ලැබුණු ගමන් මීට පෙර රිපීටර් කොටසේදී සිම්ප්ලෙක්ස්වලට මාරු වීමේදී සිදු කළ දෙබස් ආකාරයට සිදු කරමින් වෙනත් සංඛ්‍යාතයකට මාරු විය යුතුය.

සාමාන්‍යයෙන් FM voice, SSB voice, CW ආදී එක් එක් සන්නිවේදන ආකාරවලට වෙන වෙනම කෝලිං සංඛ්‍යාත සම්මත කරගෙන ඇත. උදාහරණයක් ලෙස, FM ක්‍රමයට කතා කිරීමට කැමති අය යා යුත්තේ FM calling frequency එකටයි.

HF බෑන්ඩ් එකේ තිබෙන කෝලිං සංඛ්‍යාතය තරමක් සුවිශේෂි වේ. ඊට හේතුව එය අයනගෝලයේ උපකාරයෙන් ලෝක වටේට සංඥා යැවිය හැකි කලාපය වීමයි. උදාහරණයකින් එය පැහැදිලි කරමු. මා දන්නවා නම් ඇමරිකාවේ බෑන්ඩ්ප්ලෑන් එකෙහි HF බෑන්ඩ් එකේ කෝලිං සංඛ්‍යාතය කුමක්ද කියා, මා ලංකාවේ සිට එම කෝලිං සංඛ්‍යාතයට ටියුන් වෙනවා. එවිට, මා දන්නවා ඇමරිකානු ආධුනික ගුවන් ශිල්පියෙකු හමු වීමේ වැඩිපුර සම්භාවිතාවක් තිබෙන බව. ඇමරිකානු ආධුනික ගුවන් ශිල්පින්ද මේ ගැන දැනගෙන (එනම් පිට රට අය මෙම සංඛ්‍යාතයට ටියුන් වෙනවා කියා දැනගෙන), ඔවුනුත් වැඩි වශයෙන් මෙම කෝලිං සංඛ්‍යාතයට පැමිණේ. මෙමඟින් DX සංවාදයක් පහසුවෙන් ඇති කර ගත හැකියි.

සංවාද සඳහා තවත් කෙටි උපදෙස්

ඝෝෂාකාරි පරිසරයක සිට ඔබ කතා කරන විට, ඔබ දන්නෙම නැතිව ශබ්ද නඟා කතා කරනු ඇත. එය ස්වාභාවික සංසිද්ධියක් වුවත්, එහි ගැටලුවක් ඇත. එනම් හයියෙන් මයික් එකට ළංව කතා කරන විට, අනෙකාට ඔබේ ශබ්දය බොහෝවිට විකෘති වී (clipped) ඇසෙන්නට පුලුවනි. එනිසා, මොන තත්ව යටතේ වුවද තමන්ගේ ශබ්දය පාලනයකින් යුතුව කතා කිරීමට පුරුදු විය යුතුය (බොරුවට පසුබිම් ඝෝෂාව අභිබවා කෑ ගැහීමෙන් පලක් නැත). සාමාන්‍යයෙන් මුඛයට අඟලක් පමණ දුරින් මයික් එක තබා ගෙන කතා කරන්න. මයික් එකේ ගේන් එක සුදුසු මට්ටමකට සීරුමාරු කරන්න.

සාමාන්‍යයෙන් ට්‍රාන්සීවරය ක්‍රියාත්මක වන්නේ රිසීවර් මෝඩ් එකෙනි (ඒ කියන්නේ අනෙක් අයගේ සංඥා අසමින්). තමන්ට කතා කිරීමට අවශ්‍ය විට, එහි ඇති PTT බට්න් එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරපු ගමන් කතා නොකර ප්‍රෙස් කර මොහොතක් සිට කතා කරන්නට පුරුදු විය යුතුය (විශේෂයෙන් රිපීටරයට කතා කරන විට). තවද, සමහර ට්‍රාන්සීවර් තිබෙනවා අමුතුවෙන් බට්න් එකක් ප්‍රෙස් කරන්නට අවශ්‍ය නැති. ඔබ ඊට කතා කරන විට ඉබේම ට්‍රාන්ස්මිට් මෝඩ් එකට එය පත් වේ. මෙය Voice Operated (VOX) කියා හැඳින්වේ. එහිදී සාමාන්‍යයෙන් සෙටිං එකක් තිබෙනවා කුමන මට්ටමේ අවම ශබ්දයකට සංවේදී වී ට්‍රාන්ස්මිට් මෝඩ් එකට පත් විය යුතුදැයි සැකසීමට. එය සුදුසු මට්ටමකට සෙට් කරන්න (හූනෙක් චික් චික් ගානකොට හෝ පාරේ වාහයනයක් යන කොටත් ආදි ලෙස පසුබිම් ඝෝෂාවලට සංවේදී නොවන මට්ටමකින් එය සැකසිය යුතුය).

සංවාදයක් කරමින් සිටින අතරතුර විවිධ හේතු නිසා කෙටි කාලයකට එතැනින් ඉවත්ව යෑමට හෝ වෙනත් වැඩකට අවධානය යොමු කිරීමට හෝ සිදු වෙන අවස්ථා තිබේ. සාමාන්‍ය ජීවතයෙත් අප කරමින් සිටින වැඩක් අතරේ මෙවැනි බාධාවීම් ඕන තරම් තිබෙනවානෙ. පවුලේ කෙනෙකු ඇවිත් කුමක් හෝ දෙයක් අසාවි; ෆෝන් එකට වැදගත් කෝල් එකක් පැමිනේවි; සංවාදය කරමින් ඉන්න අතරේ පොතක් වැනි යමක් සෙවීමට සිදු වේ. මෙවන් අවස්ථාවක අනෙකාට “පොඩ්ඩක් ඉන්න” කියා පහත ආකාරයට කිව හැකිය.

standby please”

අනෙකා ස්ටෑන්ඩ්බයි වෙන්නැයි කී විට, ඔබ කරන්නට තිබෙන්නේ මුකුත් නොකියා ඔහු නැවත එන තුරු නිශ්ශබ්දව සිටින්නයි. ඊට උත්තර දීම අනවශ්‍යයි; බොහෝවිට ඔබේ පිලිතුර ඔහුට ඇසෙන එකක් නැත මොකද ඔහු ඒ වන විටත් හදිසියෙන් එතැනින් ඉවත්ව ගොස් තිබිය හැකිය. එහෙත් ඊට පිලිතුරක් දීමට අවශ්‍ය යැයි සිතේ නම් ඉතා කෙටි පිලිතුරක් පහත ආකාරයට දිය හැකිය.

4S7TEK standing by”
(මෙම කෝල්සයිනය තිබෙන තමන් දැන් බලාගෙන ඉන්නවා කියා ඉන් කියයි)

සාමාන්‍යයෙන් සිදු කරන සංවාද එම දෙදෙනා කැමති කාලයක් පුරාවට පවත්වාගෙන යා හැකිය. එහෙත් සමහර අවස්ථා තිබෙනවා සංවාදය හැකි තරම් කෙටි කළ යුතු. ඇත්තටම මෙවැනි අවස්ථාවල දෙදෙනෙකු අතර හරවත් සංවාදයක් සිදු කිරීමට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. එවැනි අවස්ථා දෙකක් ගැන බලමු.

1. සමහර විශේෂ අවස්ථා (ජාතික හෝ ප්‍රාදේශික උත්සවයක්) (special events) සඳහා ආධුනික ගුවන් විදුලි සේවාවක් පවත්වාගෙන යා හැකිය. සමහර රටවල මෙවැනි අවස්ථාවලදී භාවිතා කරන ස්ටේෂන් එකට වෙනම කෝල්සයිනයක් පවා ලබා ගත හැකිය. මෙවැනි ස්ථානයක සිට එහි සිටින පිරිසට ආධුනික ගුවන් විදුලි සන්නිවේදන උපකරණ භාවිතා කරමින් එම අත්දැකීම විඳීමට අවස්ථාවක් ලබා දිය හැකිය. තවද, කුඩා විස්තර ප්‍රචාරයක්ද කළ හැකිය. මෙවන් විටක, මෙම ස්ටේෂන් එකෙන් අනෙක් අය සමඟ සිදු කරන සංවාද හැකි තරම් කෙටි විය යුතුය මොකද විශාල පිරිසකට ඊට සහභාගි වීමට අවස්ථාව සලසා දිය යුතු බැවින් (ප්‍රදර්ශනයක වුවද, එන අය එක තැන බොහෝ වේලාවක් රැඳෙන්නට ඉඩ දෙන්නේ නැහැනෙ).

2. බොහෝ තරග තිබෙනවා ආධුනික ගුවන් සේවය ආශ්‍රිතව. බොහෝවිට එම තරගවලදී එක්කෝ යම් නිශ්චිත කාලයක් තුල වැඩිපුර පිරිසක් සමඟ කතා බහා කළ යුතුය; නැතහොත් යම් කාලයක් තුල වැඩිපුරම DX stations ප්‍රමාණයක් සමඟ සංවාද කර තිබිය යුතුය (මේ හැර වෙනත් ආකාරයේ තරගද ඇත). ඉතිං කෙටිම කාලය තුල වැඩිම පිරිසක් සමඟ සංවාද කිරීමේදී එක් කෙනෙකු සමඟ කරන සංවාදය හැකි තරම් කෙටි විය යුතුයිනෙ. බොහෝවිට එම සංවාදය සිදු කළා යැයි ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරමේ තොරතුරු ටිකක් (මෙම තොරතුරු ටික exchange කියා හැඳින්වේ) පමණක් අනෙකාගෙන් ලබා ගැනීමයි සිදු කරන්නේ.

තරගයකදී සීකියු කෝල් කළ හැකි පහත ආකාරවලින්. පළමු කෝල් එකේදී නිකංම කොන්ටෙස්ට් යන වචනය කියමින් තමන් මේ තරගයක් සඳහා සීකිවු කෝල් කරන බව හඟවනවා. දෙවැනි ක්‍රමයේදී තරගයේ නමද සඳහන් කරනවා.

CQ contest CQ contest CQ contest from 4 Sierra 7 Tango Echo Kilo”

CQ <තරගයේ නම> from 4 sierra 7 tango echo kilo”

ඔබටත් මෙවැනි කෝල් එකකට ප්‍රතිචාර දැක්විය හැකියි. එහිදී ඔහුට සහය විය යුතුයි. ඔහු ඉල්ලා සිටින දේ කියන්න. ඊට වඩා වැඩි යමක් ඔහුට නොකියන්න. ඔහුව කතාවට අල්ල ගන්නත් එපා.

සාමාන්‍යයෙන් යම් සීකියු කෝල් එකකට හෝ QRZ? (“තව කවුද මා එක්ක කතා කරන්න ඉන්නේ?”) යන කිවුකෝඩ් එකට ප්‍රතිචාර කිහිපයක්ම පැමිනිය හැකියි. මෙවැනි තත්වයක් pile up ලෙස හැඳින්වේ. ඉතිං ඒ සියල්ලටම ප්‍රතිචාර දැක්විය නොහැකියිනෙ එකපාරටම. ඉන් එකක් (බොහෝවිට මුලින්ම ලැබුණු ප්‍රතිචාරය හෝ ඈතම රටේ සිටින කෙනාගේ ප්‍රතිචාරය) ඔබ තෝරා ගනීවි. එනම් එම තෝරාගත් කෙනාගේ කෝල්සයිනය පවසා සාමාන්‍ය පරිදි සංවාදය ඇරඹිය හැකිය.

දැනට සිදු වෙමින් යන සංවාදයකට හවුල් වීමටද (break) ඔබට හැකිය. හැමවිටම දෙදෙනෙකුට පමණක් සංවාදයක් සීමා විය යුතු නැහැ. කට්ටියක්ම එකට සංවාද කළ හැකියි. මෙවැනි කට්ටියක් එකට එකතු වී කරන සංවාදයක් roundtable ලෙස හැඳින්වේ. දැනට පවතින සංවාදයකට බේක් වීමට කරන්නට තිබෙන්නේ සංවාදය තුල තාවකාලිකව පවතින කුඩා නිශ්ශබ්දතාවකදී තමන්ගේ කෝල්සයිනය කීම පමනි. කැමති නම් කෝල්සයිනයට පසුව break කියාද කිව හැකිය. කෝල්සයිනය නැතිව බ්‍රේක් කියා විතරක් නොකිය යුතුය.

4S7TEK break”

එක් වරක් පමණක් එසේ කියා නිශ්ශබ්ද වන්න. මෙවිට දැනටමත් සංවාදයේ සිටින කෙනෙකු ඔබට 4s7tek, standby” කියා පොඩ්ඩක් ඉන්න කියාවි. නැතහොත් 4s7tek, this is 4s7sum. Go ahead” කියා ඔබට කතා කරන්නට ඉඩ දේවි.

සමහරවිට සංවාද තුල QSL යන කිවුකෝඩ් එක ඇසේවි. එහි එක් ජනප්‍රිය භාවිතාවක් වන්නේ “ඔව්” යන්න පැවසීමටයි. ඔබ කෙනෙකුගෙන් යම් ප්‍රශ්නයක් ඇසූ විට, ඔහු QSL යැයි කී විට ඉන් “ඔව්” යන්න හැඟවේවි. තවද, එය යොදා ගත හැකියි (ප්‍රශ්නාර්ථ ලකුණද සමඟ) යම් දෙයක් තහවුරු කර ගැනීමට (“නේද?” යන ප්‍රශ්නය සෑදීමට). උදාහරණයක් ලෙස, You are from Colombo. QSL? කියා ඇසුවොත් ඉන් අහන්නේ “ඔබ කොළඹ සිට නේද?” යන්නයි.

ඔබේ සන්නිවේදන උපාංග ටෙස්ට් කරන විට, කෙටි කාලයකට සංඥා නිකුත් කිරීමට සිදු වෙන අවස්ථා තිබෙනවානෙ (අර උත්සව අවස්ථාවලදී එහෙම සවුන්ඩ් උපකරණ ටෙස්ට් කරන්නේ “ටෙස්ටිං 1 2 3” ආදි ලෙස; අන්න ඒ වගේ). එහිදී පහත ආකාරයට එය සිදු කළ හැකියි කටහඬිනුත් මෝස්කෝඩ්වලිනුත් (v අකුරු 3ක් මෝස්වලින් යවන විට එහි තේරුම ටෙස්ටිං යන්නයි).

4S7TEK testing”

4S7TEK VVV”

ඔබ දැනටමත් යම් සංඛ්‍යාතයක් ඔස්සේ සිදු වෙමින් පවතින සංවාදයකට ඇහුම්කන් දෙමින් සිටිනවා නම්, ඔබට හැකියි එම සංවාදය අවසන් වන තුරු සිට, එය අවසාන වන විටම, එම සංවාදය කරමින් සිටින අයෙකුගේ කෝල්සයිනයට ඍජුවම කතා කරමින් සංවාදයක් අරඹන්නට. මෙය tail ending ලෙස හැඳින්වේ. එහිදී සාමාන්‍ය සීකිවු කෝල් එකකට පිලිතුරු දෙන ආකාරයට ඔහුත් සමඟ සංවාදය ඇරඹිය හැකියි.

“4S7SUM, this is 4S7TEK four sierra seven tango echo kilo.”

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,