Skip to main content

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 92

මීට පෙරත් සඳහන් කර ඇති පරිදි, ISS නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට sstv ක්‍රමයට රූප එවනවා. එහිදී චන්ද්‍රිකාව 145.800MHz සංඛ්‍යාතය ඔස්සේ Robot Color 36 යන sstv mode එක යොදා ගන්නවා. R0ISS, NA1SS යන කෝල්සයින්වලින් එම විකාශය සිදු කරනවා.

ඩිජිටල්කරණයට පැවති අනෙක් තාක්ෂණයන් සේම sstv ද හසු විය. එහි ප්‍රතිපලය Digital SSTV (DSSTV) ලෙස අලුත් ඩිජිටල් sstv mode එකක් ඇති වීමයි. ඇනලොග් sstv ට වඩා ඉතා අගනා ලක්ෂණ මෙහි ඇත. කොලිටිය කිසිසේත්ම අඩු නොවී රූප යැවිය හැකිය. මීට හේතුව, යවන දත්තවල වැරදි නිවැරදි කිරීමේ ක්‍රම (error detection and correction) එහි අන්තර්ගත වීමයි. තවද, දත්ත හකුලුවා යැවිය හැකි නිසා, ඉතා කොලිටි රූප පවා අඩු කාලයකින් යැවිය හැකිය. ඇනලොග් sstv තරම් තවමත් ප්‍රචලිත නැති වුවත්, ITU ආයතනයද නිරන්තරයෙන්ම දිරිගන්වන්නේ ඩිජිටල් තාක්ෂණය හැකි තරම් භාවිතා කරන්න කියාය.

DSSTV හි ක්‍රමවේද කිහිපයක් මේ වන විට භාවිතා වේ. HamDRM නම් ඩිජිටල් ක්‍රමවේදය සමහරුන් භාවිතා කරනවා. HamDRM යනු ශබ්දය ඩිජිටල් ආකාරයෙන් සම්ප්‍රේෂණය කිරීමට (radio broadcasting) සාදා ගත් Digital Radio Mondiale නම් ජාත්‍යන්තර සම්මතය පදනම් කර ගෙන සාදා ගත්තකි. HamDRM විසින් OFDM මූර්ජන ක්‍රමය භාවිතා කරනවා. ඇත්තෙන්ම DSSTV ගැනද ආධුනික ගුවන් විදුලියේදී යොදා ගන්නා අනෙක් ඩිජිටල් සන්නිවේදන ආකාරයන් (digital modes) යටතේම කතා කළ හැකිය.

ෆැක්ස් ක්‍රමය එතරම් බහුලවම ආධුනික ගුවන් විදුලියේදී භාවිතා නොවේ. එහෙත් මෙම තාක්ෂණය තවමත් බෙහෙවින් භාවිතා වෙනවා කාලගුණය ගැන දත්ත සොයන චන්ද්‍රිකාවලින් කාලගුණයට සම්බන්ද රූප ඉතා හොඳ කොලිටියෙන් ලබා ගැනීමට.

Fast Scan TV

මීළඟ රූප/වීඩියෝ යවන ආධුනික ගුවන් විදුලි තාක්ෂණය Fast Scan TV (FSTV) ලෙස හඳුන්වමු. මෙයම Amateur TV (ATV) ලෙසද හැඳින්වේ. රූප මෙන්ම ශබ්දද යැවිය හැකිය. SSTV මෙන් නොව, සාමාන්‍ය රූපවාහිනි සේවාවල මෙන්ම හොඳ වේගවත් වීඩියෝ මින් යැවිය හැකිය.

ඇත්තටම මේ සඳහා යොදා ගන්නේද සාමාන්‍ය රූපවාහිනි තාක්ෂණයන්ම තමයි. ලොවපුරා භාවිතා වන ප්‍රචලිතම රූපවාහිනි තාක්ෂණයන් වන්නේ ඇමරිකාව වැනි රටවල භාවිතා වූ NTSC, ප්‍රංශය වැනි රටවල භාවිතා වන SECAM, ලංකාව වැනි රටවල් භාවිතා කරන PAL වේ. ඉතිං, මේ තාක්ෂණ 3න් ඕනෑම එකක් භාවිතා කළ හැකිය ඇමචර් ටීවී සඳහා. පහත දැක්වෙන්නේ ලෝකයේ විවිධ රටවල්/කලාප ඉහත මූලික රූපවාහිනි තාක්ෂණයන් භාවිතා කරන ආකාරයයි.

ඇත්තටම බොහෝ රටවල් දැන් මෙම ඇනලොග් ක්‍රම නවතා ඩිජිටල් ක්‍රමවලට ගොස් ඇති අතර, තවත් බොහෝ රටවල් ඩිජිටල් වෙමන් පවතී. මෙනිසා පහත රූපය තවත් කාලයකට පසුව අර්ථකථනය කිරීමට සිදු වන්නේ ඇනලොග් ටීවී තිබූ සමයෙහි භාවිතා කළ ඇනලොග් ටීවී සම්මතයන් භාවිතා කළ රටවල් ලෙසයි.


ඇනලොග් ටීවී මූලික තාක්ණයන් 3ක් ඇති අතර, මූලික ඩිජිටල් ටීවී තාක්ෂණද 3ක් පමණ ඇත. ඇමරිකාව වැනි රටවල් ATSC , ජපානය වැනි රටවල ISDB , ලොව බොහෝ රටවල් DVB තාක්ෂණයද භාවිතා කරනවා. මීට අමතරව, චීනය DTMB නම් වෙනත් ඩිජිටල් තාක්ෂණයක් යොදා ගන්නවා.

ලංකාවද ඩිජිටල් රූපවාහිනි තාක්ෂණයට යෑමට තීරණය කළේ දැන් වසර ගණනාවකට පෙරයි. එහිදී ලොව ජනප්‍රියතම ඩිජිටල් තාක්ෂණය වන DVB-T යොදා ගැනීමට මුලින් තීරණය වූ බව වාර්තා විය. ඉන්පසු නැවත DVB-T2 නම් ඊටත් වඩා දියුණු ක්‍රමය යොදා ගන්නට තීරණය විය. එහෙත් නැවත මෑතකදී ආරංචි වූයේ එයත් අත් හැර ISDB ක්‍රමය යොදා ගැනීමට තීරණය කළ බවයි (ජපානයෙන් ලැබුණු ආධාර කුට්ටියකට අපේ දේශපාලුවන් යට විය). අද වන තුරු නිශ්චිත දිනයක් නැත ඩිජිටල් ටීවී අරඹන්නේ කවදාද කියා.

සරලවම FSTV යනු ඇමචර් බෑන්ඩ්වල විසුරුවා හරින රූපවාහින සේවයක් ලෙස සිතිය හැකිය. එනිසාම HAM TV කියාද මේවා හැඳින්විය හැකිය. මේ සඳහා රූපවාහිනි චැනලයක් සඳහා අවශ්‍ය වන 6MHz ක් වැනි විශාල බෑන්ඩ්විත් එකක් අවශ්‍ය කරනවා. එනිසා හැම්ටීවී විසුරුවා හැරීමට අවසර තිබෙන්නේ UHF හා ඉහල ඇමචර් බෑන්ඩ්වලයි (ඇමචර් බෑන්ඩ්ප්ලෑන් එක බැලුවොත් පෙනේවේ 6MHzක සංඛ්‍යාත පරාසයක් 70cm බෑන්ඩ් එකට පහලින් කිසිදු ඇමචර් බෑන්ඩ් එකක හමු නොවේ). ATV repeater ද ඇත. ISS අභ්‍යවකාශ මධ්‍යස්ථානයේද ATV ට්‍රාන්ස්මීටරයක් තිබෙන බව මීට පෙර අප ඉගෙන ගත්තා.

සමහර රටවල හැකි වුවත්, ලංකාවේ රෙගුලාසි බලන විට 70cm බෑන්ඩ් එක තුල වීඩියෝ එමිෂන් ටයිම් එකට අවසර නැත. ලංකාවේදී 13cm, 9cm, 4mm, 2mm, 1.2mm යන බෑන්ඩ්වල ඇමචර් ටීවී විසුරුවා හැරිය හැකිය.

70cm බෑන්ඩ් එකේ විශේෂත්වය වන්නේ, බොහෝවිට සාමාන්‍ය ගෙදර රූපවාහිනි යන්ත්‍රයෙන්ම ඇමචර් ටීවී බැලීමට ඉන් හැකියාව තිබීමයි. උදාහරණයක් ලෙස මා ටීවී බලන LG RT29FP55 රූපවාහිනිය විසින් Cable Hyper S21 සිට S41 දක්වා චැනල් ග්‍රහනය කළ හැකි අතර, එම සංඛ්‍යාත පරාසය 302MHz සිට 470MHz දක්වා වේ. ඒ කියන්නේ 70cm ඇමචර් බෑන්ඩ් එකේ මෙගාහර්ට්ස් 430 – 440 පරාසයද ඉන් ආවරණය වේ. මෙවිට ඇන්ටනා වයරය කෙලින්ම ටීවී ඇන්ටනා ජැක් එකට සවි කර එම සංඛ්‍යාත පරාසය තුල ටියුන් කළ විට ඇමචර් චැනලය බැලීමට හැකි වනු ඇත (සංඥාව ප්‍රබල නම්).

කෙසේ වෙතත් ලංකාවේ අපට එම හැකියාව අහිමිය. එනිසා ඉහත සඳහන් කළ ඉහල සංඛ්‍යාතයන් යොදා ගැනීමට සිදු වේ. මෙවිට සාමාන්‍ය රූපවාහින් යන්ත්‍රයකින් ඇමචර් ටීවී නැරඹීමට නොහැකිය. එවැනි සංඛ්‍යාත සඳහාම සැකසූ ටෙලිවිෂනයක් අවශ්‍ය වේවි. එහෙත් ඒ වෙනුවට සරල උපක්‍රමයක් යෙදිය හැකියි. එනම්, සංඛ්‍යාත පරිවර්තක පරිපථයක් සවි කළ හැකියි ටීවී එකත් ඇන්ටනා වයරයත් අතරට. ඇත්තටම මෙම ක්‍රමය දැනටත් යොදා ගන්නවා satellite tv සඳහා. සැටලයිට් ඇන්ටනාවේ සවි කරනවා යම් පරිපථයක් සැටලයිට් සංඥා එන අධිසංඛ්‍යාතයන් ටීවී එක භාවිතා කරන අඩු සංඛ්‍යාතයක් දක්වා පරිවර්තනය කිරීමට. මෙවැනි උපකරණයක් downconverter ලෙස හැඳින්වෙනවා.


දැන් ඇන්ටනාවේ සිට එන අධිසංඛ්‍යාත සංඥාව ඩවුන්කන්වර්ටර් එකෙන් ටීවී එක සපෝට් කරන අවසංඛ්‍යාත සංඥාවක් බවට පත් කරනවා. එම සංඥාව දැන් සාමාන්‍ය රූපවාහිනි යන්ත්‍රයට ඇතුලු කරනවා. මෙමඟින් අපට හැකියි ඇමචර් ටීවී සංඥා ග්‍රහනය කර ගන්නට.

ඇමචර් ටීවී සංඥා විසුරුවා හැරීමට වෙනම ට්‍රාන්ස්මීටරයක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඒ සඳහා ඔබේ සාමාන්‍ය ඇමචර් ට්‍රාන්ස්මීටර් යොදා ගැනීමට බැරිය. ඊට හේතුව සාමාන්‍ය ට්‍රාන්ස්මීටර්වලට හැකියාව තිබෙන්නේ කුඩා බෑන්ඩ්විත් සහිත සංඥා සම්ප්‍රේෂනය කිරීමටයි. එහෙත් සාමාන්‍ය ටීවී සංඥා සඳහා 6MHz තරම් විශාල බෑන්ඩ්විත් එකක් අවශ්‍ය වේ. ඒ සඳහාම සැකසූ ට්‍රාන්ස්මීටරයක් අවශ්‍ය වේ. මෙවැනි ට්‍රාන්ස්මීටර්වල පරිපථ අන්තර්ජාලයේ තිබෙන අතර, කැමති නම් එකක් තමන්ටම සාදා ගත හැකියි. පහත දැක්වෙන්නේ ඇමචර් ටීවී සඳහා යොදා ගන්නා එබදු ටීවී ට්‍රාන්ස්මිටරයකි.


සාමාන්‍ය රූපවාහිනි තාක්ෂණයම භාවිතා කරන නිසා, රූප AM/VSB ක්‍රමයටද ශබ්දය FM ක්‍රමයටද සාමාන්‍යයෙන් මූර්ජනය කෙරේ. එහෙත් මේ හැර වෙනත් මූර්ජන ක්‍රමද තමන්ට භාවිතා කිරීමට හැකි අතර, එවිට එය සම්මත ක්‍රමයක් නොවූවොත් ඔබ විසුරුවා හරින වීඩියෝ අනෙක් අයට ග්‍රහනය කර ගැනීමේ අපහසුතා ඇති වෙනවා.

මෙහිදීද සුපුරුදු ලෙසම දෙදෙනෙකු (හෝ කිහිප දෙනෙකු) ATV ක්‍රමයට සංවාද කරනවා නම්, එකම සංඛ්‍යාතය ඔස්සේ එය සිදු කළ යුතු වෙනවා (දෙදෙනා හෝ කිහිප දෙනා මාරුවෙන් මාරුවට විකාශය සිදු කරනවා). තවද, තමන්ගේ කෝල්සයිනය දර්ශනය කළ යුතු වෙනවා. පරිගනකයකින් පෙර සංස්කරණය කරපු වීඩියෝ නම් යවන්නේ පහසුවෙන්ම තමන්ගේ කෝල්සයිනය ආදිය ඊට ඇතුලත් කළ හැකිය. එහෙත් යම් කැමරාවකින් සජීවීව නම් වීඩියෝ යවන්නේ, තමන්ගේ කෝල්සයිනය ආදි විස්තර වීඩියෝ දර්ශන මත ලිවීමට(overlay text) හැකි විය යුතුය. එක්කෝ තමන්ගේ කැමරාව තුල එම හැකියාව තිබිය යුතුය; නැතහොත් ඒ සඳහා වෙනම overlay circuit එකක් භාවිතා කිරීමට සිදු වේ. මෙවිට කැමරාවෙන් එන සංඥා ඕවර්ලේ සර්කිට් එක හරහා යවා (මෙවිට අක්ෂර එහි ලිවිය හැකිය), අක්ෂරද සහිත වීඩියෝව ට්‍රාන්ස්මීටරය මඟින් සම්ප්‍රේෂනය කෙරේ.


ඇත්තටම ඕවර්ලේ පරිපථයක් නැතිවත් තමන්ගේ කෝල්සයිනය දැක්වීමේ රීතිය අනුගමනය කළ හැකිය. ඒ සඳහා ඇමචර් ටීවී සංවාදය ආරම්භයේදී හා සෑම විනාඩි 5කට සැරයක් හා සංවාදය අවසානයේදීත් කටහඬින් කෝල්සහිනය කිව හැකියි.

අවශ්‍ය නම්, වීඩියෝ යවන ගමන්ම වෙනත් සංඛ්‍යාතයක් ඔස්සේ වොයිස් (හෝ මෝස්කෝඩ්) සංවාදයක්ද පැවැත්විය හැකියි. එහෙමත් නැතිනම්, රූපවාහිනි වීඩියෝවටම තමන්ගේ ශබ්දය ඇතුලත් කළ හැකියි (ඉහත ට්‍රාන්ස්මීටරයේ mic පෝට් එකට මයික් එකක් සම්බන්ද කරමින් එය සිදු කළ හැකිය).

ඇමචර් ටීවී විකාශය කරන කෙනා භාවිතා කරන ඇන්ටනා පොලරයිසේෂන් එක (vertical horizontal ද යන වග) කුමක්දැයි දැනගත යුතුය. සම්ප්‍රේෂක ඇන්ටනාවේ පොලරයිසේෂන් එකට සමානව රිසීවර් ඇන්ටනාවේ පොලරයිසේෂන් එක තැබිය යුතුය (පොලරයිසේෂන් ගැන ඇන්ටනා පාඩමේදී ඉගෙන ගමු). තවද, හැකි තරම් සම්ප්‍රේෂක හා ආදායක ඇන්ටනා උස්ව පිහිටුවන තරමට හොඳය. ඩිරෙක්ෂනල් ඇන්ටනා භාවිතා කිරීම සුදුසුය (මේ ගැනත් ඇන්ටනා පාඩමේදී බලමු).

තවද, සංඥා නැති විටදී හෝ සංඥා ප්‍රබලතාව යම් මට්ටමකට වඩා අඩු වන විටදී නිල්පාට තිරයක් දිස් වෙනවා බොහෝ ටීවීවල. මෙවැනි ටීවී එකක් ඇමචර් ටීවී සඳහා භාවිතා කරන විට, සෙටිංස්වලට ගොස් එසේ නොකරන්නැයි සෙට් කළ යුතුය. නැතිනම් ඇමචර් ටීවී සංඥා දුර්වල වන විට රූප වෙනුවට නිකංම නිල්පාට තිරයක් පැමිණේවි.

ඇමචර් ටීවී දර්ශන විවිධ විය හැකිය. තමන්ගේ සජීවී දර්ශන වීඩියෝ කැමරාවකින් ගෙන යැවිය හැකිය. නැතිනම්, තමන් කැමති දේවල් පිළිබඳ රෙකෝඩ් කරපු දර්ශන යැවිය හැකිය. Drone/Quadcopter මත තැන්පත් කළ වීඩියෝ කැමරාවකින් ගත් දර්ශන යැවිය හැකිය. ප්‍රදේශයේ විශේෂ අවස්ථා විකාශය කළ හැකිය.

ප්‍රායෝගිකව මෙවැනි උපකරණ භාවිතා කරන විට තාක්ෂණික ගැටලු ඇති විය හැකියි. විශේෂයෙන් සාමාන්‍ය කැමරාවක් ඇන්ටනාව අසල තිබෙන විට, ඇන්ටනාවේ සිට එන ප්‍රබල විකිරණ නිසා, කැමරාවේ දර්ශන විකෘති විය හැකිය. මෙවිට ඇන්ටනාව හා කැමරාව අතර පරතරය වැඩි කළ යුතුය (ඇන්ටනාව වහලෙටත් උඩින් සවි කිරීමෙන්). තවද, කැමරාවට විකිරණ එන්නේ නැති වෙන විදියට ෆැරඩේ කේජ් එකක් ඇති කළ හැකිය; සුදුසු ෆිල්ටර්ද (කැපෑසිටර් හෝ කොයිල්) සවි කළ හැකියි. SSTV මෙන්ම ATV ද ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදු කළ හැකියි දැන්.

සටහන

Online Channels හා Videocasting

අද වන විට අන්තර්ජාලය හරහා තමන්ගේම රේඩියෝ හා රූපවාහිනි සේවයක් නොමිලේම ඕනෑම කෙනෙකුට පහසුවෙන් සාදා ගත හැකියි. Youtube වැනි සේවා මේ අතර ප්‍රමුඛ වේ (Youtube channel). පටිගත කළ ශබ්ද/වීඩියෝ මෙන්ම සජීවි ශබ්ද/වීඩියෝද ඉන් යැවිය හැකියි. මෙම සේවා online radio channel හෝ online video/TV channel ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් යූටියුබ් යනු වීඩියෝ සේවාවක් වුවත්, ඔබට සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය වන්නේ ඕඩියෝ එකක් නම්, නිකංම එක් පිංතුරයක් (poster) පමණක් ඇති විදියට ඕඩියෝ ෆයිල් එක වීඩියෝ ෆෝමැට් එකක් බවට පත් කර යූටියුබ් එකට අප්ලෝඩ් කළ හැකිය. එවිට යූටියුබ් චැනලය බලන කෙනාට රූපය ලෙස පෙනෙන්නේ අර තනි පෝස්ටර් එක වන අතර, ශබ්ද පටය දිගටම ඇසේවි.

තවද, මේ ඔන්ලයින් චැනල් සඳහා කාගෙන්වත් අවසර ලබා ගැනීමටද අවශ්‍ය නැත. චැනලය විසුරුවා හරින අතරේම, Skype, Viber, Hangout වැනි VOIP සන්නිවේදන ක්‍රම හරහා ලොව පුරා විසිරී සිටින “ප්‍රේක්ෂකයන්” හා සම්බන්ද විමේ හැකියාවද තිබේ (එයත් නොමිලේ).

තවද, වීඩියෝ සේවා සම්ප්‍රේෂණය කිරීමේ Videocasting වැනි වීඩියෝ සේවාද අන්තර්ජාලය තුලින්ම නොමිලේම සිදු කළ හැකියි. වීඩියෝකාස්ටිං යනු podcasting වැනි සේවාවකි. පොඩ්කාස්ටිං වලදී යම් ශබ්ද පටයක් (බොහෝවිට MP3 ෆෝමැට් එකෙන්) අන්තර්ජාලයේ සර්වර් පරිගනකයක සේව් කර, එම ෆයිල් එක සේව් කළ බව RSS නම් ක්‍රමයෙන් මුලු ලොවටම දැනුම් දෙනවා (ඒ කිරීම සඳහා තත්පර ගණනක කාලයකි ගත වෙන්නේ). එවිට, එම පොඩ්කාස්ටිං සේවාවට RSS හරහා සම්බන්ද වී සිටින (subscribe) අයට ස්වංක්‍රියව දැනුම් දීමක් අන්තර්ජාලය හරහා සිදු කරනවා අලුත් ඕඩියෝ එකක් තිබෙනවා කැමති නම් ඩවුන්ලෝඩ් කරගෙන අසන ලෙස (RSS reader නම් පරිගනකයේ/ෆෝන් එකේ තිබෙන ප්‍රේග්‍රෑම් එකකින් එය සිදු කරනවා). වීඩියෝකාස්ටිං වලදී සාමාන්‍ය ඕඩියෝ ෆයිල් එකක් වෙනුවට වීඩියෝ ෆයිල් එකක් තමයි තිබෙන්නේ. සම්මන්ත්‍රණ, සාකච්ඡා ආදිය ලොව පුරා විසුරුවා හැරීමට මෙම ක්‍රම ඉතා යෝග්‍ය වේ.

මාද පොඩ්කාස්ටිංවලට ප්‍රියතාවක් දක්වනවා. තමන් කැමති බොහෝ විෂයන් ගැන ඉතා වටිනා සාකච්ඡා ආදිය ලෝකයේ විවිධ රටවල අය මේ ක්‍රමයෙන් අනෙක් අයට නොමිලේම ලබා දෙනවා. අපේ රටෙත් විවිධ ක්ෂේත්‍රවලට ලැදියාවන් තිබෙන අය මෙම ක්‍රම භාවිතා කරමින් ලංකාවේද පොඩ්කාස්ටිං සංස්කෘතියක් ඇති වෙනවා නම් එය සමාජයේ ප්‍රගමනයට ඉහවල් වනු ඇති. ඇමරිකාව වැනි රටවල බොහෝ විශ්ව විද්‍යාල දේශන පවා දැන් මෙවැනි ක්‍රම ඔස්සේ අන්තර්ජාලයට එක් කරනවා බොහෝ දෙනෙකුගේ හිතසුව පිනිස.

එහෙත් අවාසනාවකට මෙන් එවැනි තත්වයක් ලංකාවේ තවම නැත. වරක් මා මහාචාර්ය කොටගම විසින් පවත්වපු කුරුල්ලන් පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීමට ආශාවෙන් සිටියත්, එම වෙලාවෙහි ඊට සහභාගි වීමට නොහැකි තත්වයක් ඇති වූ හෙයින් යූටියුබ් එකට එම වටිනා සම්මන්ත්‍රණය දමන ලෙස සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියත් (මා කතා කළේ සම්මන්ත්‍රණයට දින දෙකකට පෙරයි), උන්ට ඒ ගැන ඕනකමක් තිබුණේ නැත. සංරක්ෂණය කර තවත් බොහෝ පිරිසකට නැරඹීමට අවස්ථාවක් ලබා දීමේ වටිනාකම තේරුම් ගැනීමට බැරි ටිකිරි මොල තිබෙන ටිකිරාලා ලංකාවේ සෑම තැනම සිටින බව පෙනේ.

Comments

  1. "ටිකිරි මොල තිබෙන ටිකිරාලා ලංකාවේ සෑම තැනම සිටින බව පෙනේ. " :D
    වෙනදා වගේම බොහෝම අගෙයි..ගොඩාක් පිං..(මම පවුද්ගලිකව මේ තාක්ශනික දැනුමට අමතරව දේශපාලුවන්ට අමතන ආකරයටත් මනාප වෙලා..සිනහවක් එනවා..ඒකත් රසවත්.. ):D :D :)

    ReplyDelete
    Replies
    1. :) hahaha... මට හැකි නම් ලංකාවේ දේශපාලුවන් හා උන්ට වහල්කම් කරන නිලපනුවන් ඔක්කෝටම වෙඩි තියල මරනවා... not kidding...

      Delete
    2. එක ඇත්ත..උන් වග කියන්න ඕන මේ සමාජේ සිදුවන සියලුම කරදර වලට :D :D :)

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...