Skip to main content

කන්‍යාභාවය කැඩී ලේ ගලන ලංකාවේ නීතිය

විමල් පයිත්තියංගරස් වීරවංශට අද දින ඇප ලබා දී තිබෙන පුවත ඇසීමෙන් ඇත්තෙන්ම මා සතුටටත් කෝපයටත් පත් වූවා.

මොනම හේතුවක් නිසාවත් වැරැද්ද ඔප්පු නොකර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම (රිමාන්ඩ්) කිසිසේත් මානව අයිතින් හා සාධාරණත්වය ගැන සිතන කෙනෙකුට අනුමත කළ හැකිදැයි සැක සහිතය. මා පෞද්ගලිකව ඊට තදින්ම විරුද්ධය. එය අවිචාරවත් ශාරීරික වද හිංසනයකි. වරද ඔප්පු වූ පසුව, වරද ඉතා බැරෑරුම් නම් මරණ දඬුවම වුවද දිය යුතුය. ඔප්පු වන තෙක් සියලු මානව අයිතින් රැකිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක (එහි රිමාන්ඩ් කිරීම දඩුවමක් ලෙස නොසලකන්න කියයි) හෝ පනතක තිබෙන වචන ටිකක් නිසා කෙනෙකුගේ ජීවිතයෙන් නැවත ඌනපූරණය කළ නොහැකි අලාභයක් සිදු කිරීම එලෙස පොතක තිබෙන වාඛ්‍යයකින් දෙකකින් ශුද්ධ කළ හැකිද?

උසාවිවල නඩු ගොඩ ගැසී තිබීම නිසා නඩු කල් යෑම හෝ සාක්ෂි සොයන තුරු නඩු කල් දැමීම හෝ මේ කිසිවක් යම් චූදිතයෙකුට විරුද්ධව තිබෙන තත් කාරණයට සම්බන්ද පදාර්ථමය (substantive) කාරණා නොවේ. චූදිතයා ඇත්තටම වැරැද්ද කළත් නැතත් එය නිශ්චය කිරීමට පූර්වයේම බලු කූඩුවක ලඟින්නට සිදු වීම කොතරම් තිරිසන් ක්‍රියාවක්දැයි නීති හදන හා පසිඳලන පරයන්ට නොතේරෙන එක කනගාටුවකි.

විමල් පයිත්තියංගරස් පමණක් නොව, රිමාන්ඩ් හි සිටින සියල්ලන්ම වහම නිදහස් කිරීම කළ යුතුය. මුන්ට කඩිනමින් නඩු අහන්න බැරි නම් උසාවි වසා දමා නීතිපති දෙපාර්තමේන්තුව විසුරුවා හැරිය යුතුයි. අවුරුදු දශක ගණන් රට කරපු කාලකන්නි පාලකයන් තමන් අච්චර අවුරුදු ගණනක් දේශපාලනය කළා මෙච්චර කාලයක් කළා කියමින් උඩබුරමින් තප්පුලමින් සිටින විට අපට උන්ගෙන් අහන්නට සිදු වන්නේ එච්චර කාලයක් සිටි තොපි නීතිය කාර්යක්ෂමව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අදටත් නොහැකි වී තිබීම ගැන විලිලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද කියාය.

යම් නඩුවකට චෝදනා ලැබ උසාවියේ පෙනී සිටීමම මොහොතකට හෝ උසාවි බලු කූඩුවේ (රිමාන්ඩ් එකේ) සිටීමේ වරප්‍රසාදය ලැබේ. පුද්ගල පෞරුෂත්වය ගැන තඹ දොයිතුවකට මායිම් වෙන්නේ නැත. පුද්ගල අභිමානය උසාවි දොරකඩ පාපිස්ස බවට පත්වේ. හැම මඟුලකටම රිමාන්ඩ් කරනවා (ඉන්පසු ඇප දීම) වෙනුවට ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි වෙනත් දේවල් මුන්ට සිතා ගන්නවත් බැරි තරම් මන්ද බුද්ධිකයන්ද? එහෙත් වඩුවා නොකියා වඩු කාර්මිකයා කියන්නැයි අපට ශීලාචාරකම (euphemism) උගන්වන්න නම් එවුන් එමට සිටී.

නීතිය කාටත් පොදු විය යුතුය. එයයි නීතියේ ආධිපත්‍ය වන්නේ. එක එකාට විවිධ විදියට සලකන උසාවි තිබීම ගැන අසූචි ගඳට ඇති වන අපුලට වඩා විශාල අපුලක් ඇති වේ. විමල්ගේ ළමයා පමණද ළමයි? තවත් බොහෝ රිමාන්ඩ්හි සිටින අයගේ දරුවන් චූන් එකේ සිටිනවා කියාද මහේශාක්‍ය සමන්තභද්‍ර ප්‍රඥාවට වල්ලභ නඩුකාර කන්‍යාවියට සිතෙන්නේ?

තවද, රටේ අගමැත්තා අනුන්ගේ නඩුවලට හොට දමා තීන්දු වෙනස් කරන තැනට වැඩ කිරීම උගේ අවජාතක ගතිය ප්‍රදර්ශනය කිරීමකි. එවැනි දේ කළ පජාත රජෙකු පන්නා දමා නව ආණ්ඩුවක් පත් කර ගත්තේ නැවත එම දේම සිදු කර ගන්නටද? ඇවන්ගාඩ් සිද්ධියේදී ජඩ අධිකරණ ඇමැත්තා චෝදනාලාභි දූෂිතයා වෙනුවෙන් පෙනී සිටිනුද අප මීට පෙර දැක තිබෙනවා. හැමදාමත් වාගේ මේ සියල්ල සිදු වෙද්දී ගැහැනි මළ මිනිහා සේ ජනපති හිටං හිටං සිටී.

Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...