Skip to main content

මැයි දිනයට රතු එලියක්

නැකත්කරුවන් හරියටම අවුරුදු උදාව පුරෝකථනය කරන්නා සේ, ලංකාවේ මැයි දිනය ගැනද ඉතා නිශ්චිතව කළ හැකි පුරෝකථන රැසක් තිබේ. කම්කරුවන්ගේ දිනය වුවද එම දිනය ලංකාවේ සැමරෙන්නේ වැඩපොලේ නිවාඩු දමා අවිචාරවත් කම්කරුවන් විසින් වනචර දේශපාලුවන්ගේ පස්ස හෝදන දිනය ලෙසයි.

මහා සාරවත් දේශපාලනයක් ලබා දෙනවා යැයි ප්‍රතිඥා දෙන මතට තිත තබන්නට මීඩියා එකේ තතමන උගතුන් බුද්ධිමතුන් ලෙස තමන් ගැන සිතමින් සිටින දේශපාලුවාගේ සිට සබ්බ සකලමනාවම අපහරණය කරන අවජාතක දේශපාලුවා දක්වාම හැම එකාම මැයි දිනය යොදා ගන්නේ කම්කරුවන්ව තමන්ගේ දේශපාලන ආශාවන් සඳහා ගනිකාවන් බවට පත් කරමිනි.

කම්කරුවන් අවම වශයෙන් එක් දිනකට හෝ එක්සත්ව එක්සිත්ව තම බලය ඔය කොයි දේශපාලුවටත් දැනෙන්නට සමරන්න හිතන්නේ නැත්තේ මේ යහමින් කබල් ගහන අවුරුදු දහස් ගණනක මහාාාා සංස්කෘතිය තුල උන් ලබපු හික්මීම නිසා වෙන්න ඇති.

හෙටත් අපට දැක ගත හැකි වේවි තිතට මත තැබූ ප්‍රබුද්ධ කම්කරු පිරිසක් පාරවල් අවහිර නොකරමින් ගමන් කරනවා. උන් ඉදිරියෙන් දියවන්නා ගව මඩුවේ MP හංවඩුව ගසා ගත් තඩි ගොන් නාම්බන් හා නෑම්බියන්ද ගමන් කරනු ඇත. ඉන්පසුව ලොකු ස්ටේජ් එකකට නැඟි ගොන් වස්සන්ගේ උම්බෑ හඬට ඔල්වරසන් නඟන ප්‍රබුද්ධ කම්කරු පිරිසක්ද දැක ගත හැකි වේවි.

තමන් කම්කරු ඇමැත්තාව සිටි කල පොර ටෝක් දෙමින් බොරුවට ඔන්න ගේනවා මෙන්න ගේනවා කියා රඟපු කම්කරු ප්‍රඥප්තිය තමන් ජනපති ලෙස දෙවරක්ම සිටියදීත් නොගෙනාවේ ජනපති ආර්යාව එය කකුල් දෙක අස්සේ ගසාගෙන සිටි නිසාදැයි සැක සිතේ. හෙට ඌ අනිවාර්යෙන්ම ඊයේ උපන් එකෙකු සේ ප්‍රබුද්ධ කම්කරුවාව අන්දනු ඇත. ඊට ඌ රජ කරපු කාලයේ විදුලි බිල අඩු කරන්න එපා යැයි පෙලපාලි ගිය ප්‍රබුද්ධ කම්කරුවා හුරේ දමනු ඇත.

නංගිලා මල්ලිලාට රත්තරං බ්‍රේස්ලට් දීපු, එස්එම්එස් හා අන්තර්ජාල බදු හා ගාස්තු ඉවත් කර ඒවා නොමිලේ දීපු, සියලු දෙනාගෙන් විමසා මිස කිසිදු සම්මුතියකට අත්සන් නොකරන සම්මුතිවාදය දේව වාඛ්‍ය ලෙස අදහන ලිච්ඡවි රාජ්‍යයේ අගමැත්තාද කැම්බල් පිටියේ කතා කරන හැටි ඌ විසින් නොමිලේ ලබා දුන් උගේ වයිපයියෙන් අප ගෙදර සිට අන්තර්ජාලයෙන් නරඹනු ඇත.

පත් වෙච්චදා සිට හිටං සිටින ජනපති උතුමාණෝද නැවත හෙට දිනයෙත් ප්‍රසිද්ධියේම හිටං හිටං ඉන්නවා දක්නට ලැබේවි. රතු අලිපැටව් මාක්ස්, ඒන්ගල්ස් විකුණං කනු ඇත.

අවසානයේදී ප්‍රතාපවත් රතු මැයි දිනය දේශපාලුවන්ගේ මනදොල පිනවන දේදුණ්නක් වනු ඇත. සැබෑ සටන්කාමී කශේරුකා සහිත බුද්ධිමත් කම්කරුවා කොහේ හෝ තැනක සිටී නම් ඔහුට ජය වේවා!

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...