Skip to main content

වනජීවියේ වැඩ බැරි ටාසන්ලා

වගා බිමකට ඇද වැටී සිටි අහිංසක අලින් හතර දෙනෙකු ප්‍රදේශවාසින්ගේ දැනුම්දීම මත උන් මුදා ගැනීමේ මෙහෙයුමකදී එක් අලියෙක් කලබල කිරීමෙ හේතුවෙන් ඌට වෙඩි තබා ඝාතනය කරන දර්ශනයක් අද ප්‍රවෘත්තිවල දක්නට ලැබුණි. අනිවාර්යෙන්ම මේ සම්බන්දව පරීක්ෂණයක් කළ යුතුය. ඒ සඳහා පාරිසරික ආරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මැදිහත් වේ යැයි අපේක්ෂා කරමි.

මීට පෙර ගම්පහ ප්‍රදේශයේදී ගම්වාසින් විසින් නිරුපද්‍රිතව අල්ලා බැඳ තබන ලද හඳුන් දිවියෙකු වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් උගේ බෙල්ල සිර කර මැරෙන අයුරුද අප දුටුවා. නොදැන තවත් මෙවැනි සිද්ධි සිදු වෙනවා ඇත්ද?

අලි මෙහෙයුමකට යන විට, අලියාගේ හැසිරීම් රටා හා සිදු විය හැකි විභවතා ගැන කිසිදු හැඟීමක් නැතිව පතොරම් තුවක්කුව මතද වනජීවි නිලපනුවන් විශ්වාසය තබා තිබෙන්නේ? මා අලි ගැන හෝ වනජීවින් ගැන විශේෂඥයකු නොවූවත්, වෙඩි තැබීම හැර තවත් බොහෝ විකල්ප මෙවැනි පෙර තියා සංවිධානය කළ මෙහෙයුම් සඳහා යොදා ගත හැකි බව නම් ස්ථිරය.

එහෙත් බැලූබැල්මට පෙනී යන්නේ මේ මෙහෙයුමට ගිය මුග්ධයන් ගොස් තිබෙන්නේ ගැහැනිත් එක්ක බුදියං ඉන්න අතරේ නැගිට විත් වගේය. අලියාට වෙඩා තබාපු එකාගේ ලිංගය කපා දමා නපුංසකයෙකු කර මන්ද බුද්ධිකයක් සේ නොසැලකිල්ලෙන් අපරාද කරන අනෙක් වැඩ බැරි වනජීවි ටාසන්ලාටද පාඩමක් ඉගැන්විය යුතුය.

වරදට සරිලන දඬුවම් නොදීම ලංකාවේ මෝස්තරය වී තිබේ. රාජකාරි ඉටු කිරීමේදී වගකීම් විරහිතවීම රාජකාරියේ කොටසක් තරමට පත්ව ඇත. ලංකාව හැදෙන්නේ නැත. මීතොටුමුල්ල කුනු කන්ද පිපිරී යෑමෙන් මිනිසුන් දුසිම් ගණනක් මියැදීම ගැන නොලියන්නේ කුනුහරුප වර්ෂාවක් ලියවෙන නිසාය. එතරම් සක්කිලි රටක් බවට ලංකාව පත් කර ඇත.

ලංකාවට වහම සන්නද්ධ අරගලයක් උවමනා කර තිබේ!!!

Comments

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Company Registration in Sri Lanka (සමාගම් ලියාපදිංචි කිරීම)

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගමක් (private limited company) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පියවරින් පියවර සිදු කරන අයුරු විස්තර කිරීමයි. ඇත්තටම මෙම කාරණය තරමක් කරදරකාරි දෙයක් වුවද, ආත්ම විශ්වාසය හා අවශ්‍ය කරන සුලු දැනුමක් තිබේ නම් තමන්ගේ ව්‍යාපාරය තමන්ටම පෞද්ගලික සමාගමක් ලෙස ලියා පදිංචි කර ගත හැකියි. මෙම ලිපියෙන් එම අවශ්‍ය සුලු දැනුම ලබා දීමට මා උත්සහ කරනවා. එය විස්තර කිරීමට පෙර ප්‍රවේශයක් ලෙස පොදු කාරණා කිහිපයක් මුලින්ම පැවසීමට ඇත. මිනිසුන්ට විවිධ අවශ්‍යතා (needs) හා උවමනාවන් (wants) තිබෙන අතර, ඒවා භාණ්ඩ (goods) හා සේවා (services) වශයෙන් ඔවුන් ලබා ගන්නවා. මේවා සැපයීමට මිනිසා විසින් නොයෙකුත් සංවිධාන (organizations) පිහිටුවනවා. ඇත්තටම සංවිධාන වර්ග රාශියක් තිබේ ( ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේන්තුව, උසාවි, දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි, කොමිෂන්, සමිති, සමුපකාර, තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් , ආදි ලෙස). මේ අතරින් තනි තනි පුද්ගලයන් වශයෙන් හෝ පුද්ගල කණ්ඩායමක් වශයෙන් ගත් විට, අපට වැදගත් වන්නේ ඉන් සමහර සංවිධාන ව්‍යුහයන් පමණි. ආණ්ඩුව, අමාත්‍යංශ, පාර්ලිමේ...