Skip to main content

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 90

SSTV මඟින් සංවාද කිරීම

SSTV සංවාද බොහෝ ආධුනික ගුවන් විදුලි බෑන්ඩ්වල සිදු කර ගත හැකි බව බෑන්ඩ්ප්ලෑන් බැලීමෙන් පෙනෙනවා. ඇත්තටම මේ සඳහා සාමාන්‍ය SSB සංඥා සඳහා අවශ්‍ය වන බෑන්ඩ්විත් එකක් පමණක් අවශ්‍ය කරන නිසා, SSB අනුමත ඕනෑම බෑන්ඩ් එකකට sstv අනුමත කිරීමේ කිසිදු බාධාවක්ද නොමැත. ඔබට sstv සංවාදයක් ඇරඹීමට හැකියි සාමාන්‍ය ආධුනික ගුවන් විදුලි සංවාදයක් අරඹන ආකාරයෙන්ම. එනම්, සීකියු කෝල් කළ කිරීමෙන් හෝ එවැනි කෝල් එකකට ප්‍රතිචාර දැක්වීමෙන් සංවාදය ඇරඹිය හැකියි. මෙවැනි සංවාදවලද සාමාන්‍ය රීති පිළිපැදිය යුතුය. ඒ ගැන බලමු.

SSTV සංවාදද සාමාන්‍ය simplex සංවාද මෙන් එකම සංඛ්‍යාතය මත සිදු වන්නකි. එනම්, ඔබ යම් වේලාවක් පුරාවට රූපයක් යම් කෙනෙකුට යවනවා යම් සංඛ්‍යාතයකින්; ඉන්පසු ඔබ ට්‍රාන්ස්මිට් මෝඩ් එකෙන් ඉවත්ව (එනම්, ට්‍රාන්ස්මිට් කිරීම නවතා), රිසීව් මෝඩ් එකට (එනම්, එන සංඥා අල්ලා ගැනීමට සූදානමින්) පත් වෙනවා. රිසීව් මෝඩ් එකේ සිටින අනෙකා එම රූපය බලා එය තේරුම් ගෙන, ට්‍රාන්ස්මිට් මෝඩ් එකට පත්ව ඊට ප්‍රතිචාර ලෙස රූපයක් එවනවා එම සංඛ්‍යාතය ඔස්සේම. මෙලෙස මාරුවෙන් මාරුවට රූප මඟින් සංවාදය සිදු කරනවා.

මෙම රූපවල තිබිය යුත්තේ මොනවාද? අසභ්‍ය නොවන වානිජමය තොරතුරු නොවන ඕනෑම සාමාන්‍ය දෙයක් යැවිය හැකිය. ඔබ දෙදෙනා තාරකා විද්‍යාවට කැමති නම්, තාරකා, මන්දාකිනි, වල්ගාතරු ආදී රූප හුවමාරු කර ගත හැකියි. ඔබ දෙදෙනා පරිසරය, විද්‍යාව, හෝ වෙනත් ඕනෑම විෂයක් සම්බන්දව උනන්දු වෙනවා නම්, ඒ සම්බන්ද රූප යැවිය හැකියි. ඒ හැරත් තමන්ගේ රූපද යැවිය හැකිය. පරිගනකයේ වෙබ්කෑම් එකක් තිබේ නම් එවෙලෙහි ගත් රූප යැවිය හැකිය.

මෙම රූපවලට අමතරව, විශේෂයෙන්ම සංවාදය ආරම්භයේදී හා අවසානයේදී අකුරු/වචනවලින් යුතු පනිවුඩද යැවීමට සිදු වෙනවා (මොහොතකින් ඒ ගැන පෙනේවි). එවැනි අක්ෂරද මෙම රූප මත ලියා යැවිය හැකියි පහසුවෙන්ම. කෝල්සයිනය හා වෙනත් වචන ලිවීමට සිදු වෙන නිසා තමයි MMSSTV සොෆ්ට්වෙයාර් එකේ ටෙම්ප්ලේට් හඳුන්වා දී තිබුණෙත්.

යවන රූප ඉතා සියුම් තොරතුරු තිබෙන ඒවා නම්, එම සියුම් තොරතුරු/රේඛා/හැඩතල විකෘති වීමට ඉඩ තිබේ. අක්ෂර හැකි තරම් කියවිය හැකි සරල ඒවා වීම සුදුසුය (cursive, decorative font types භාවිතා කිරීම නුසුදුසුය).

කෙනෙකු අසන්නට ඉඩ තිබෙනවා රූප හෝ වෙනත් ඕනෑම තොරතුරක් හුවමාරු කර ගැනීමට ඊමේල් හා වෙනත් අන්තර්ජාල පහසුකම් ඉතාම ලාභෙටත් පහසුවෙනුත් තිබෙනවානෙ කියා. එය සත්‍යයකි. එහෙත් අන්තර්ජාල පහසුකම් ලැබුණේ මෑතකදීය. ඒ කිසිවක් නොතිබූ කාලයේ මෙම ක්‍රමය කොතරම් වැදගත්කමක් තිබෙන්නට ඇත්දැයි සිතා බලන්න. අනෙක, ආධුනික ගුවන් විදුලියෙන් සිදු කරන සියලුම සන්නිවේදනයන් කිරීමට අන්තර්ජාල හා වෙනත් සන්නිවේදන පහසුකම් අද තිබුණත්, විනෝදාංශයක් ලෙසත්, සමහර විශේෂිත අවස්ථාවලත් මෙම පහසුකම්වල වටිනාකම අතිමහත්ය.

යවන සෑම SSTV දර්ශනයක්/රූපයක් මතම තමන්ගේ කෝල්සයිනය පැහැදිලිව පෙනෙන පරිදි තිබිය යුතුය. ඔබ යවන රූප ලස්සනට (stylish) තිබීමට කැමතියිනෙ. ඉතිං කෝල්සයිනය (හා ඔබ ලියන වෙනත් තොරතුරු) දර්ශනයේ කොතැන කොතැන රඳවනවාදැයි තීරණය කරන්න. සාමාන්‍යයෙන් රූපවාහිනි දර්ශනවල මෙන්, තිරයේ/දර්ශනයේ උඩු වම් හෝ දකුණු කෙලවර logo එක වශයෙන් තමන්ගේ කෝල්සයිනය තැබිය හැකිය.

1. SSTV සංවාදයක් සඳහා කෙනෙකු සෙට් කර ගැනීමට අවශ්‍යයිනෙ. මේ සඳහා සීකියු කෝල් කළ යුතුයි. සාමාන්‍ය පිලිවෙත අනුගමනය කරන්න. එනම්, sstv අනුමත බෑන්ඩ් එකක යම් සංඛ්‍යාතයක් ටියුන් කරන්න ට්‍රාන්සීවරයේ සංඛ්‍යාත ඩයල් එකෙන්. ඊට ටික වෙලාවක් ඇහුම්කන් දෙන්න දැනටමත් සංවාදයක් එහි සිදු වෙනවාද කියා බැලීමට. සංවාදයක් නැතිනම්, සුපුරුදු ලෙසම “කවුද ගෙදර?” වාඛ්‍යය අසන්න.

Is this frequency free for SSTV?”

කවුරුත් සිටී නම් සංඛ්‍යාතය බිසී කියාවි. එවිට වෙනත් සංඛ්‍යාතයකට මාරු වෙන්න සිදු වෙනවානෙ. කවුරුත් නැතිනම්, දැන් හැකියි sstv ක්‍රමයෙන් සීකියු කෝල් කරන්නට.

2. ඔබ කැමති රූපයක් ගෙන, ඒ මත CQ SSTV හා ඔබේ කෝල්සයිනය ලියන්න (ටෙම්ප්ලේට් සාදා තබා ගන්න මෙම අක්ෂර සහිතව; මෙවිට අමුතුවෙන් ලිය ලිය ඉන්නට අවශ්‍ය නැහැ අවශ්‍ය රූපය හා ටෙම්ප්ලේට් එක මත ඩබ්ල් ක්ලික් කිරීමට පමණයි තිබෙන්නේ). පහත දැක්වෙන්නේ එබඳු sstv CQ call එකකි. ඉන්පසු එය අර සංඛ්‍යාතය ඔස්සේ ට්‍රාන්ස්මිට් කරන්න.


දැන් යම් කෙනෙකු මීට ප්‍රතිචාර දක්වාවි. සමහරවිට කෙනෙකු ප්‍රතිචාර නොදක්වාවි (කවුරුත් එම අවස්ථාවේ නැතිනම් හෝ sstv ක්‍රමය යොදා නොගන්නා අය ඇති විට). මෙවිට, සුපුරුදු ලෙසම ටික වෙලාවක් පිලිතුරක් එවන තෙක් බලා සිට, නැවත පෙර පරිදිම sstv cq call කළ හැකිය. මෙලෙස දෙතුන් පාරක් කළ පසුත් කෙනෙකු නැතිනම් වෙනත් සංඛ්‍යාතයකට මාරු වී නැවත ඉහත පියවරවල් අනුගමනය කරන්න.

දැන් කෙනෙකු ඔබට ප්‍රතිචාර දක්වනවා යැයි සිතන්න. ඔහුත් sstv ක්‍රමයෙන්ම එය සිදු කරාවි. සාමාන්‍ය ප්‍රතිචාරයක තිබිය යුතු දේවල් මෙහිදී රූපය මත ලිවිය යුතුය - අනෙකාගේ කෝල්සයිනය හා තමන්ගේ කෝල්සයිනය. මීට අමතරව අනෙකාගේ සිග්නල් රිපෝට් එකත් එහි ලියා තිබේවි. ඔබත් කාගේ හෝ sstv cq call එකකට ප්‍රතිචාර දක්වන විට එලෙසම එම තොරතුරු සහිත රූපයක් යවන්නට වගබලා ගත යුතුය.


ඉහත රූපයේ සිග්නල් රිපෝට් එක 595 ලෙස ලියා ඇත. SSTV සඳහා භාවිතා වන්නේ RST ට සමාන RSV (Readability, Signal strength, Video) යන සම්මත ක්‍රමයයි. මෙහි මුල් ඉලක්කම් දෙක RST ක්‍රමයට සමාන වන අතර, අවසාන අංකය රූපය ගැන මිම්මකි.


පහත දැක්වෙන්නේ සිග්නල් රිපෝට් එකේ අවසාන ඉලක්කමින් කියවෙන වීඩියෝ පරාමිතිය දළ වශයෙන් තීරණය කරන රූප පෙලකි.


3. ඔබත් ඔහුට ඔහුගේ සිග්නල් රිපෝට් එක යවන්න. ඉන්පසු සංවාදය ඔබ කැමති පරිදි සිදු කරන්න. මේ යවන සෑම රූපයකම ඔබෙත් ඔහුගෙත් කෝල්සයින් ලියන්න. ඔබගේ ප්‍රශ්න මෙන්ම අනෙකා අසන ප්‍රශ්නවලට පිළිතුරු රූප මත ලියා යවන්න. සංවාදය අවසන් කරන විට, ඔහුට සුභ පතා පහත ආකාරයට රූපයක් යැවිය හැකිය.


බෑන්ඩ්ප්ලෑන් තුල sstv සංවාද සඳහා වෙනම කෝලිං ෆ්‍රීක්වන්සිද ඇත. කවුරුත් බෑන්ඩ්ප්ලෑන් එක ගැන අවබෝධයක් තිබේ යැයි උපකල්පනය කෙරෙන නිසා, sstv සංවාද කරන අය බොහෝවිට එතැනට එක්රැස් වීමට සම්භාවිතාව වැඩිය. එනිසා ඔබටත් එවැනි කෝලිං ෆ්‍රීක්වන්සි එකකට ගොස් සංවාදයට කෙනෙකු සොයා ගත හැකිය. කෝලිං ෆ්‍රීක්වන්සි එකකදී කවුද ගෙදර කියා අසන්නේ නැහැනෙ. සංඛ්‍යාතය ක්ලියර් නම්, කෙලින්ම sstv cq call කරන්න. කෙනෙකු ප්‍රතිචාර දක්වාවි. ඉන්පසු සුපුරුදු ලෙසම දෙදෙනාම වෙනස් සංඛ්‍යාතයකට මාරු වෙන්න (කෝලිං ෆ්‍රීක්වන්සි එකේ දිගින් දිගට සංවාද කරමින් සිටින්නේ නැහැනෙ).

ඉහත පැහැදිලි කළ සියලු සංවාද රූප (හා ඒ මත ලියූ පනිවුඩ) මඟින් සිදු කළ හැකියි. එහෙත් මීට අමතරව කටහඬ හා මෝස්කෝඩ්ද භාවිතා කළ හැකියි. රූපයක් යැවීමට අඩුම වශයෙන් තත්පර 8ක්වත් ගත වෙන නිසා සමහර සංවාද කටහඬින් සිදු කිරීම පහසු විය හැකියි. එනිසා දෙදෙනාට පහසු ආකාරයට රූප හා ශබ්ද/මෝස්කෝඩ් දෙකම යොදා ගෙන එය සිදු කළ හැකිය.

MMSSTV සොෆ්ට්වෙයාර් එකේ මෝස්කෝඩ් යැවීමට පහසුකමද ඇත. එහි TX ටැබ් එකේ යට CW ලෙස බට්න් එකක් ඇති අතර, එය රයිට්ක්ලික් කළ විට නිතර භාවිතා වෙන මෝස්කෝඩ් පනිවුඩ කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තෝරාගත් විට එම මෝස් සංඥාව සම්ප්‍රේෂනය වේ. දැනටමත් තිබෙන එම පනිවුඩවලට අමතරව තවත් පනිවුඩ එම ලිස්ට් එකට ඇතුලු කිරීමට අවශ්‍ය නම්, CW බට්න් එක මත රයිට්ක්ලික් කර එහි Edit menu තුල ඇති Add menu යන සබ්මෙනු එක ක්ලික් කර තමන්ට අවශ්‍ය මෝස්කෝඩ් එක එහි ඉංග්‍රිසි අකුරින් ලිවිය හැකියි.

SSTV සඳහා රිපීටර්ද තිබෙනවා. එම රිපීටර් ඕපන් හෝ ක්ලෝස්ඩ් වර්ගයට අයත් විය හැකිය. ක්ලෝස්ඩ් වර්ගයේ එකක් නම්, එය tone burst ක්‍රමය අනුගමනය කරාවි. එවිට සෑම රූප සම්ප්‍රේෂනයකට පෙරම 1750Hzක ටෝන් බර්ස්ට් එක යැවිය යුතුය. MMSSTV සොෆ්ට්වෙයාර් එකින් මෙම ටෝන් බර්ස්ට් එක යැවිය හැකිය. එහි TX ටැබ් එකේ යට 1750 යන බට්න් එක පෙනේ. එය එබූ විට ටෝන් බර්ස්ට් එකක් සම්ප්‍රේෂනය වේ.

Comments

  1. සුපර්..ස්තුතී ..බොහොම වටිනවා..ජය වේවා..

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF