Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ.


හැඳින්වීම

දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “මෝහනය” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා.

සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම් උගත හැකියි. ඔව්, එය එතරම්ම සරල ක්‍රියාවක්. එහෙත් ඒ පිළිබඳව ඉතා හොඳ දැනුමක් ඇති කර ගැනීමට ඊට වඩා කාලයක් හා බුද්ධිමය ශ්‍රමයක් වැය කළ යුතු වෙනවා. ඉතිං අන්තර්ජාලය හා රූපවාහිනි ජනමාධ්‍යය ඔස්සේද මෝහනය ගැන කතා කරන ඉහත සඳහන් දෙවර්ගයේම අය සිටිනවා. අභාග්‍යයකට මෙන් බොහෝ අය විසින් දැනුවත්ව (ඔවුන් ගාවට වැඩියෙන් සේවාලාභින් ගෙන්වා මුදල් හම්බ කිරීමේ අදහසින්) හෝ නොදැනුවත්ව මෝහනය ගැන සමාජයට වැරදි දැනුමක් ලබා දෙනවා. එය මෝහනයට චිත්‍රපටි විසින් සිදු කර ඇති හානියට වඩා කිහිප ගුණයකින් වැඩි බරපතල හානියකි. එම වැරදි තොරතුරු මොනවාද හා ඒවා වැරදි කියා පැවසීමට හේතුද සහිතව මා මෙම පොතින් පැහැදිලි කරනවා. ඒ විතරක් නොව, කෙනෙකුව මෝහනය කරන ආකාරය පියවරින් පියවර මා පැහැදිලි කරනවා. මෙම පොතින් මෝහනය ඉතා පුළුල් පරාසයකින් ආවරණය කෙරෙනවා. වැරදි ක්‍රියාවන් සඳහා මෝහනය යොදා නොගන්නා ලෙසද මා ඉල්ලා සිටිනවා.

මෝහනය “මෝහනය” ලෙස මින් විස්තර කෙරෙන අතර, එය අනවශ්‍ය හා සාවද්‍ය ආකාරයට ආගමික කාරණා (විශේෂයෙන් බුදු දහම හා භාවනාව) හා වෙනත් පුද්ගල අභිමතයන් හා දර්ශන සමග පාහන්නට උත්සහ කරන්නේ නැත.

මෝහනයෙන් කළ හැක්කේ මොනවාද කියා කෙනෙකු ඇසුවොත්, ඊට සරල කෙටි පිළිතුර ලෙස පහත සඳහන් දේවල් කිව හැකිය.

       ·         දුම් බීම වැනි ඇබ්බැහිවීම් (addiction) වලින් ඈත් කිරීම
       ·         නියපොතු සැපීම වැනි (කරදරකාරි) පුරුදු (bad habits) ඉවත් කිරීම
       ·         හොල්මන්වලට ඇති බිය ආදී භීතිකා/පුහුබිය (phobia) ඉවත් කිරීම
       ·         කළබලකාරි හා වැඩ වැඩි අවස්ථාවන්ට මුහුණ දෙන විට, සිත හා කය සැහැල්ලු කිරීම (relaxation) හා ආතතිය අඩු කිරීම (stress relief)
       ·         මානසික ගැටලු නිසා ශාරීරිකව (භෞතිකව) සිදුවන බඩේ කැක්කුම, හිසරදය, සමේ රෝග ආදී රෝග (somataform disorders) සුව කිරීම
       ·         සිතේ පවතින යම් යම් ඍණාත්මක හැඟීම් හා තත්වයන් දුරුකර ආත්ම විශ්වාසය, කැපවීම, අනලස්බව ආදී ධනාත්මක තත්වයන් සිතේ ඇති කිරීම
       ·         නිදන්ගත ශාරීරික වේදනා (chronic pains) සමනය කිරීම

ඇත්තටම ඉහත එක් එක් කාරණාව යටතේ තවත් උපකාරණා ගණනාවක් බැගින් තිබේ. ඒ අනුව මෝහනයෙන් කළ හැකි බොහෝ දේවල් ඇත. උදාහරණයක් ලෙස, සභාවක් ඉදිරියේ කතා කිරීමට ඇති බිය, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට ඇති බිය, මකුළුවන්ට ඇති බිය, කෙනෙකුගේ ඇස් දෙක බලාගෙන කතා කිරීමට ඇති අපහසුතාව, රෑට ලයිට් එකක් නැතිව නිදාගැනීමට නොහැකියාව, සමහර ලිංගික බෙලහීනතා, පාඩම් කිරීමට ඇති කම්මැලිකම, “යක්ෂ/භුත” ආරූඪ වීම් (demonic possession), අනවශ්‍ය හා අසාධාරණ ලෙස බිරිඳ/ස්වාමියා (හෝ වෙනත් කෙනෙකු) සැක කිරීම ආදී ලෙස මෝහනයෙන් සහනයක් ලැබිය හැකි සිය දහස් ගාණක වට්ටෝරුවක් කියාගෙන යා හැකියි.

මෝහනය යන වචනයේ යම් ඍණාත්මක් හැඟීමක් ඇතිකරන ගතියක් තිබෙන නිසා, සමහරුන් ‍එය “මෝහනවේදය” (“වේදය” යනු ශාස්ත්‍රය යන්නයි) නමින්ද හැඳින් වේ. “ස්වාපනවේදය” යන තවත් ලස්සන වදනක්ද හඳුන්වා දී තිබෙනවා (“ස්වාපන” යනු සිහිනයි. එය නින්දට සම්බන්දයි. මෝහනයේදිත් බොහෝ අයට පෙනෙන්නේ ඇස් වසාගෙන නිදන් සිටින ‍සේයාවක් නිසාද, ඉංග්‍රිසි නමෙහි හිප්නො යන කොටසින්ද ඉඟි කරන්නේ නින්ද බැවින් ස්වාපනවේදය යන්න හරියමට ඉංග්‍රිසි හිප්නොසිස් යන්නෙහි පදානුගත තේරුමද වේ). ඉංග්‍රිසියෙන් එය hypnosis (හිප්නෝසිස්) හෝ hypnotism හෝ hypnology යනුවෙන් හැඳින් වෙනවා. මෝහනය කරන පුද්ගලයා මෝහනවේදියා/ස්වාපනවේදියා (hypnotist/hypnologist) ලෙස හැඳින්වෙන අතර, මෝහනයට “ලක්වෙන” තැනැත්තා සේවාලාභියා (client) වේ (ඉංග්‍රිසියෙන් subject යන වදනද සේවාලාභියාට යෙදුවත් එය එතරම් සුදුසු වචනක් නොව).


මෝහන‍ය යන වචනය භාවිතා කළත් කිසිසේත් එය “වශීවීමක්” හෝ ඉන් ළඟින්වත් යන දෙයක් නොවේ. තවද, නින්ද හා මෝහනය අතරද ඓන්ද්‍රිය සම්බන්ද කමක් නැත. මෙය යන්ත්‍ර මන්ත්‍ර, භාවනාව, දේව හාස්කම් හා සම්බන්දද නොවේ. “විද්‍යාත්මක” (scientific) යන්නෙහි “දැඩි අර්ථය” (rigidity) ගත් කළ, ඇත්ත වශයෙන්ම මෝහනය යන්න විද්‍යාත්මකද නොවේ. එහෙත් එය විද්‍යාත්මක තර්කන ක්‍රමය මගින් හා ආකෘති මගින් පැහැදිලි කළ හැකි නිසා බොහෝ විට විද්‍යාත්මක යන හැඟීම පවතී. පොත කියවාගෙන යන විට මේ සියල්ල ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වේ.

සේවාලාභියාට කිසිවිටක “රෝගියා” (patient) යන වචනය භාවිතා කරන්නට එපා. ඒ වගේමයි කිසිවිටක තමනුත් දැන් වෛද්‍යවරයක් යන ඉතාම වැරදි ආකල්පය ඇති කර ගන්නත් එපා. තමන් “රෝගින්ගේ මානසික ව්‍යාධින්/රෝග (mental disorders) සුව කරනවා” යැයි සිතීම හෝ ප්‍රචාරය කිරීමද නොකළ යුතුයි. එය නීති විරෝධිද වේ.

මෝහනය මනස (mind) හා බැඳී පවතින විෂයකි. මනස යන්න සෞඛ්‍යයේ (health/well-being) ප්‍රධාන අංගයකි. එමනිසා බැලූ බැල්මට මෝහනය සෞඛ්‍යය හා වෛද්‍ය විද්‍යාවට අදාලව පවතින වැදගත් අංශයකි. එහෙත්, මෝහනය වෛද්‍යවරුන් (physician) හෝ මනෝවෛද්‍යවරුන් (psychiatrist) හෝ මනෝවිද්‍යාඥයන් (psychologist) හෝ මනෝඋපදේශකයන් (counsellor) විසින් පමණක් සිදු කළ යුතු හා සිදු කළ හැකි දෙයක් ලෙස අනිවාර්ය කර නොමැත (ලොව සෑම රටකම පාහේ තත්වය එයයි).

ඔබ දන්නවා වෛද්‍යවරුන් යනු MBBS හෝ MD වැනි උපාධියක් සමත්ව රෝගින්ට බෙහෙත් (medicine) නියම කිරීමට (prescribe) (හා අවශ්‍ය නම් සුදුසු සැත්කම් (surgery) කිරීමට) නීතියෙන් අවසර ඇති අයයි.

මනෝවෛද්‍යවරයා යනු එවැනි සාමාන්‍ය දොස්තර‍ කෙනෙකු ලෙස වසර කිහිපයක් වෘත්තියේ නියැලී සිට වැඩි දුරටත් “මනෝ විද්‍යාව(psychology) ඉගෙන‍ ‍එම විෂයෙන් විශේෂඥතා දැනුමක් ලැබූ විශේෂඥ වෛද්‍යවරයෙක් (specialist). ඔහු දැනටමත් වෛද්‍යවරයෙක් නිසා බෙහෙත් නියම කිරීමට බලයක් ඔහුට නිතැතින්ම හිමිවෙනවා. තවද, ඔහු මනෝවිද්‍යාව ඉගෙන ගන්නේ “මනස යනු මොලයේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි” යන පදනමේ සිටයි. එවිට, මනසේ අර්බුදවලට හේතුව මොලයේ රසායනික ක්‍රියාවලියේ ඇති වන යම් යම් අක්‍රමිකතා ලෙස ඔහු දකියි. රසායනික අක්‍රමිකතා සමනය කිරීමට ඔහු බොහෝ විට ඒ සඳහාම (මානසික ලෙඩ සඳහාම) නිපදවා ඇති බෙහෙත් නියම කරයි.

මනෝවිද්‍යාඥයා ‍මනෝවෛද්‍යවරයා මෙන් පළමුව සාමාන්‍ය වෛද්‍ය උපාධියක් ලබා සිටින කෙනෙකු නොවේ. යම් කෙනෙකු මනෝ විද්‍යාව ගැන පිළිගත් (උපාධියක් හෝ උසස් ඩිප්ලෝමාවක් වැනි) අධ්‍යාපනයක් ලබාගත හොත් ඔහුට මනෝවිද්‍යාඥයකු විය හැකියි. ඔහු වෛද්‍යවරයකු නොවේ. එමනිසා බෙහෙත් නියම කිරීමට අයිතියක් ඔහුට නොමැත. බොහෝ විට, ඔහු ඉගෙන ගන්නා මනෝවිද්‍යාව බෙහෙත් නොව වෙනත් උපක්‍රම මගින් මානසික ගැටලු නිරාකරණය කිරීමට (therapy) සකස් කර ඇත. එහෙත්, සමහර රටවල මනෝවිද්‍යාඥයන්ට සීමිත බෙහෙත් ප්‍රමාණයක් නියම කිරීමට බලයද ලබා දීමට කටයුතු කරනවා.

මනෝ උපදේශකයන්ද මනෝවිද්‍යාඥයන් බදුය. සමහරවිට ඔවුන් ලබා ගන්නා අධ්‍යාපනික සුදුසුකම්වල වෙනස්කමක්ද නොමැත. පාසල්, විශ්ව විද්‍යාල, විශාල කර්මාන්ත කළාප, රෝහල් ආදී ආයතනවල මනෝ උපදේශකයන් හා මනෝවද්‍යාඥයන් සේවයේ යෙදෙනවා. මානසික ප්‍රශ්න අදාල පුද්ගලයන් සමග කතා බහ කර ඒවා විසඳීමට විද්‍යාත්මක කෝණවලින් බලා සුදුසු චර්යා වෙනස්කම් ආදිය යෝජනා කිරීමට ඔවුන් ක්‍රියා කරනවා.

ඉහත ඕනෑම කෙනෙකුට මෝහනවේදය ඉගෙන එය තමන්ගේ වෘත්තයට අවශ්‍ය ප්‍රමාණෙට උදව් කරගත හැකියි. එහෙත් ඒකෙන් කියවෙන්නෙ නැහැ ඔවුන් පමණක් මෝහනය කළ යුතු බව. ඇමරිකාවේ පවා බොහෝ වෛද්‍යවරුන් එදා සිටම අද දක්වාත් මෝහනය වෛද්‍යවරුන් විසින් පමණක් සිදු කළ යුතු දෙයක් බවට නීති පනවා ගැනීමට උත්සහ දරනවා. එහෙත් එම රටේ ප්‍රබල මෝහනවේදී වෘත්තියක් තිබෙන නිසාත්, එහි වැඩිම පිරිසක් වෛද්‍යවරුන් නොවන නිසාත් වෛද්‍යවරුන්ගේ එම ව්‍යායාමයට විරුද්ධව ඔවුන් සටන් කරනවා. ඇත්තටම කරුණු සොයා බලන විට, වෛද්‍යවරුන් විසින් මෝහනය තමන්ට පමණක් අයිතිකර ගන්නට බලන්නේ ඊර්ෂ්‍යාව නිසා හා ආර්ථික වාසි නිසාය (ලංකාවේ වෛද්‍යවරුන් වෘත්තිය සටන් කර ස්ට්‍රයික් ආදිය සිදු කරන්නේද ඊර්ෂ්‍යාව හා තමන්ගේ වාසී තකාය. බැලුවාම කොහෙත් තත්වය එකමයි නේද?)


එමනිසා, ඔබටද පහසුවෙන්ම මෝහනවේදියෙක් (සමහරුන් මෝහන විද්‍යාඥයා යන නමද භාවිතා කළත්, එම නම ඇත්තටම බරපතල වැඩියි) විය හැකියි ප්‍රාමාණික දැනුමක් ලබාගෙන. නීතිවිරෝධි හෝ සදාචාර විරෝධි වැඩ සිදු කර අනවශ්‍ය දැඩි නීති ‍රීති මෝහනය ක්ෂේත්‍රයට නොපනවා ගැනීමටත්, මොන තත්වය යටතේ වුවත් මෝහනය වෛද්‍යවරුන්ට හෝ කුඩා විශේෂිත කණ්ඩායමකට පමණක් සීමා කිරීමට උත්සහ කරන විටදී ඊට විරුද්ධව දැඩිව නැගී සිටීමත් ඔබගේ යුතු කමක් වේ. මෙතැන් සිට අප මෝහනය ක්‍රමානුකූලව ඉගෙන ගමු.

Hypnosis (mohanaya) ...


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/B0851MHRSM