එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025

යුරේකා... මමත් දෙයක් හොයාගත්තා. Tek croach කියන්නේ මොකක්ද කියලා. තුර්කි භාෂාවෙන් තනි කුරුසය කියන තේරුම. මං හරිද මන්දා :=}
ReplyDelete:( නැහැ... මේක මං හදපු සමාසයක් (portmanteau). tek (technology) + croach (cockroach) = tekcroach.
Deleteනේ සදන් සියොවැ
Deleteඑක සද අයුරක් වන සේ
ගළපනු සමස්...
කියොලන එක අරුත
සබඳ වෑ සදන් නනරුන්
එවි යු සමස් විදි නම්
එහි බේ පවස්මෝ...
හරි හරි. දැනුයි තේරුණේ. ඒක තමයි fb group එකට එන්න හැදුවම අහන්නේ මොන කෘමියා ද මතක් වෙන්නේ කියලා.
තාක්ෂණික කැරපොත්තා. එක පිටිපස්සේ තියෙන තේරුම මොකක්ද කියලා කියන්න පුළුවන් ද? ඔබ රොබෝ කෙනෙක් නිර්මාණය කලාද කැරපොත්තෙක් වගේ.
මටත් එහෙම සමාසයක් හදල දෙන්නකෝ. ඇතුළත් විය යුතුයි encyclopedia, math, science, information, තව මොනාහරි බර වචන ටිකක් දාලා සන්ධි කරලා හදල දෙන්නකෝ සමාසයක්.
haha... කැරපොත්ත යනු බොහෝ දෙනෙකුට අප්‍රියජනක සතෙක් වුවත්, ඕනෑම පරිසර තත්වයක් යටතේ පවතින්නට අපූරු හැකියාවක් ඌට තියෙනව"ලු".
DeleteScinfopedia (සින්ෆෝපීඩියා) හොඳ නැද්ද?
හොඳයි :)
Deleteනමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සමාසයක් ( හරියට ඔබේ නම වගේ ) scinfopidia කියලා කොමෙන්ටුවක් දාන්නත් ටිකක් මොකද්ද වගේ. Math, science පැත්තට ටිකක් බර හොඳ ගතියට, ලස්සන නමක් හදල දෙන්නකෝ. ( හැමදාම අැනෝ කොමෙන්ටු දාලා හරියන්නෙත් නැනේ ) මට නම් ටිකක් හදල දෙන්න, මං හොඳ එකක් තෝරාගන්නම්.
ලිපි ටික හොඳයි. දෙෙශික පොත, කලනය පොත් 2 මරු. පරිගණක එක්‌ෙ html ගැනත් ලියන්න. ව්‍යවහාරික ගණිතය ටිකක් cover වෙන්න පොතක් ලියන්න පුළුවන් නම් වටිනවා. දිගටම ලියන්න. ජය වේවා !!!
හදල දෙන්නකෝ... Plz
Deleteඑකක් මං හදල දුන්නා... ඒක අනන්‍ය (unique) එකක් මොකද සර්ච් කළාමත් ඒ නම තිබුණේ නැහැ. තමන්ගේ හදවතට 100% ම හරියන නමක් හැදෙන්නේ එය තමන් විසින්ම හදාගත් විටයි.
Delete;{ මට තනිවම නමක් හදාගන්න තරම් භාෂා දැනුමක් නැති නිසයි මම ඔබට කිව්වේ එකක් හදලා දෙන්න කියලා. Math, finix හා ලඟින් යන එකක් හදල දෙන්න පුළුවන් නම් හොඳයි. හිතෙන නම් ටිකක් දාන්නකෝ...
DeleteScinfopedia නම භවිතයට ගන්නේ නැත්නම් මන් ගන්නද?
Delete