Skip to main content

ආදර ක්වන්ටමය (love quantum)



බැඳීම් අහිමි අතථ්‍ය ආදරයක
සුවය විඳිනට ක්වන්ටම් උමගකින්
හයිසන්බරග් හා ෂ්‍රෝඩින්ගර්ට බැරි වූ
ඒ සමීකරණය මං සොයාගතිමි... යුරේකා!



To fall through a quantum tunnel
In a virtual love sans bondage
Nor did Heisenberg nor Shroedinger
But did I find the equation... Eureka!



සිංහල කවි English Poem

Comments

  1. යුරේකා... මමත් දෙයක් හොයාගත්තා. Tek croach කියන්නේ මොකක්ද කියලා. තුර්කි භාෂාවෙන් තනි කුරුසය කියන තේරුම. මං හරිද මන්දා :=}

    ReplyDelete
    Replies
    1. :( නැහැ... මේක මං හදපු සමාසයක් (portmanteau). tek (technology) + croach (cockroach) = tekcroach.

      Delete
    2. නේ සදන් සියොවැ
      එක සද අයුරක් වන සේ
      ගළපනු සමස්...

      කියොලන එක අරුත
      සබඳ වෑ සදන් නනරුන්
      එවි යු සමස් විදි නම්
      එහි බේ පවස්මෝ...

      හරි හරි. දැනුයි තේරුණේ. ඒක තමයි fb group එකට එන්න හැදුවම අහන්නේ මොන කෘමියා ද මතක් වෙන්නේ කියලා.

      තාක්ෂණික කැරපොත්තා. එක පිටිපස්සේ තියෙන තේරුම මොකක්ද කියලා කියන්න පුළුවන් ද? ඔබ රොබෝ කෙනෙක් නිර්මාණය කලාද කැරපොත්තෙක් වගේ.

      මටත් එහෙම සමාසයක් හදල දෙන්නකෝ. ඇතුළත් විය යුතුයි encyclopedia, math, science, information, තව මොනාහරි බර වචන ටිකක් දාලා සන්ධි කරලා හදල දෙන්නකෝ සමාසයක්.

      Delete
    3. haha... කැරපොත්ත යනු බොහෝ දෙනෙකුට අප්‍රියජනක සතෙක් වුවත්, ඕනෑම පරිසර තත්වයක් යටතේ පවතින්නට අපූරු හැකියාවක් ඌට තියෙනව"ලු".

      Scinfopedia (සින්ෆෝපීඩියා) හොඳ නැද්ද?

      Delete
    4. හොඳයි :)

      නමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සමාසයක් ( හරියට ඔබේ නම වගේ ) scinfopidia කියලා කොමෙන්ටුවක් දාන්නත් ටිකක් මොකද්ද වගේ. Math, science පැත්තට ටිකක් බර හොඳ ගතියට, ලස්සන නමක් හදල දෙන්නකෝ. ( හැමදාම අැනෝ කොමෙන්ටු දාලා හරියන්නෙත් නැනේ ) මට නම් ටිකක් හදල දෙන්න, මං හොඳ එකක් තෝරාගන්නම්.

      ලිපි ටික හොඳයි. දෙෙශික පොත, කලනය පොත් 2 මරු. පරිගණක එක්‌ෙ html ගැනත් ලියන්න. ව්‍යවහාරික ගණිතය ටිකක් cover වෙන්න පොතක් ලියන්න පුළුවන් නම් වටිනවා. දිගටම ලියන්න. ජය වේවා !!!

      Delete
    5. හදල දෙන්නකෝ... Plz

      Delete
    6. එකක් මං හදල දුන්නා... ඒක අනන්‍ය (unique) එකක් මොකද සර්ච් කළාමත් ඒ නම තිබුණේ නැහැ. තමන්ගේ හදවතට 100% ම හරියන නමක් හැදෙන්නේ එය තමන් විසින්ම හදාගත් විටයි.

      Delete
    7. ;{ මට තනිවම නමක් හදාගන්න තරම් භාෂා දැනුමක් නැති නිසයි මම ඔබට කිව්වේ එකක් හදලා දෙන්න කියලා. Math, finix හා ලඟින් යන එකක් හදල දෙන්න පුළුවන් නම් හොඳයි. හිතෙන නම් ටිකක් දාන්නකෝ...

      Delete
    8. Scinfopedia නම භවිතයට ගන්නේ නැත්නම් මන් ගන්නද?

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 9 (Electronics Lesson)

අතිරේකය  1 (විද්‍යාව) ‍ඉලෙක්ට්‍රොනික්ස් යනු තාක්ෂණික විෂයක් නිසා විද්‍යාව හා ගණිතය ගැන අවබෝධය වැඩිවන තරමට තාක්ෂණික විෂයන් අවබෝධ කර ගැනීම පහසුය. මෙම අතිරේකයෙන් ඉලෙක්ට්‍රොනික්ස්වලට අවශ්‍ය යම් යම් සරල විද්‍යාත්මක කාරණා කිහිපයක් ගැන සාක්ච්ඡා කෙරේ. මේ විශ්වයේ තිබෙන සියලුම දේවල් සරලව  පදාර්ථ   ( matter )  හා  ශක්ති   ( energy )  ලෙස දෙකොටසකට බෙදිය හැකියි. මේ සියල්ල පවතින්නේ “හිස්  අවකාශය ”  ( space )  තුළයි. පදාර්ථයට යම් ස්කන්ධයක් (බරක්) සේම අවකාශයෙන් යම් ඉඩක්ද අවශ්‍ය වේ. ඇසට ‍නොපෙනෙ තරමේ පවතින බැක්ටීරියාවක ස්කන්ධය හා එම බැක්ටීරියාව ගන්නා ඉඩ ප්‍රමාණය සිතා ගත නොහැකි තරම් ඉතා කුඩා වන අතර, ඈත තරුවක ස්කන්ධය හා අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය සිතාගත නොහැකි තරම් විශාලය. මෙම සියලු පදාර්ථ  ඝන   ( solid ) ,  ද්‍රව   ( liquid ),  වායු   ( gas )  යන ආකාරවලින් පවතී. මෙම ආකාර  පදාර්ථයේ   අවස්ථා   ( states   of   matter )  ලෙස හැඳින්වේ. මේ නානාප්‍රකාරයේ සියලු පදාර්ථ සෑදී ඇත්තේ මූලික ද්‍රව්‍ය ...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...