විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ . මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026

යුරේකා... මමත් දෙයක් හොයාගත්තා. Tek croach කියන්නේ මොකක්ද කියලා. තුර්කි භාෂාවෙන් තනි කුරුසය කියන තේරුම. මං හරිද මන්දා :=}
ReplyDelete:( නැහැ... මේක මං හදපු සමාසයක් (portmanteau). tek (technology) + croach (cockroach) = tekcroach.
Deleteනේ සදන් සියොවැ
Deleteඑක සද අයුරක් වන සේ
ගළපනු සමස්...
කියොලන එක අරුත
සබඳ වෑ සදන් නනරුන්
එවි යු සමස් විදි නම්
එහි බේ පවස්මෝ...
හරි හරි. දැනුයි තේරුණේ. ඒක තමයි fb group එකට එන්න හැදුවම අහන්නේ මොන කෘමියා ද මතක් වෙන්නේ කියලා.
තාක්ෂණික කැරපොත්තා. එක පිටිපස්සේ තියෙන තේරුම මොකක්ද කියලා කියන්න පුළුවන් ද? ඔබ රොබෝ කෙනෙක් නිර්මාණය කලාද කැරපොත්තෙක් වගේ.
මටත් එහෙම සමාසයක් හදල දෙන්නකෝ. ඇතුළත් විය යුතුයි encyclopedia, math, science, information, තව මොනාහරි බර වචන ටිකක් දාලා සන්ධි කරලා හදල දෙන්නකෝ සමාසයක්.
haha... කැරපොත්ත යනු බොහෝ දෙනෙකුට අප්‍රියජනක සතෙක් වුවත්, ඕනෑම පරිසර තත්වයක් යටතේ පවතින්නට අපූරු හැකියාවක් ඌට තියෙනව"ලු".
DeleteScinfopedia (සින්ෆෝපීඩියා) හොඳ නැද්ද?
හොඳයි :)
Deleteනමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් සමාසයක් ( හරියට ඔබේ නම වගේ ) scinfopidia කියලා කොමෙන්ටුවක් දාන්නත් ටිකක් මොකද්ද වගේ. Math, science පැත්තට ටිකක් බර හොඳ ගතියට, ලස්සන නමක් හදල දෙන්නකෝ. ( හැමදාම අැනෝ කොමෙන්ටු දාලා හරියන්නෙත් නැනේ ) මට නම් ටිකක් හදල දෙන්න, මං හොඳ එකක් තෝරාගන්නම්.
ලිපි ටික හොඳයි. දෙෙශික පොත, කලනය පොත් 2 මරු. පරිගණක එක්ෙ html ගැනත් ලියන්න. ව්‍යවහාරික ගණිතය ටිකක් cover වෙන්න පොතක් ලියන්න පුළුවන් නම් වටිනවා. දිගටම ලියන්න. ජය වේවා !!!
හදල දෙන්නකෝ... Plz
Deleteඑකක් මං හදල දුන්නා... ඒක අනන්‍ය (unique) එකක් මොකද සර්ච් කළාමත් ඒ නම තිබුණේ නැහැ. තමන්ගේ හදවතට 100% ම හරියන නමක් හැදෙන්නේ එය තමන් විසින්ම හදාගත් විටයි.
Delete;{ මට තනිවම නමක් හදාගන්න තරම් භාෂා දැනුමක් නැති නිසයි මම ඔබට කිව්වේ එකක් හදලා දෙන්න කියලා. Math, finix හා ලඟින් යන එකක් හදල දෙන්න පුළුවන් නම් හොඳයි. හිතෙන නම් ටිකක් දාන්නකෝ...
DeleteScinfopedia නම භවිතයට ගන්නේ නැත්නම් මන් ගන්නද?
Delete