Skip to main content

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ.

රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ.

නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය.

න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ. 

තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත.

ආගමික සංස්ථා පවා ඉතා කිලිටි හෝ දූෂිත ආයතන බව රහසක් නොවේ. පැරනි යුරෝපයේ පල්ලිය හා රජු එක ලෙස දූෂිත වූවා සේ අද්‍යතනයේද ලොකු වෙනසක් එහි නැත.

අධිකරණය ගැන වුවද කාරණය එසේමය. උදාහරන ලෙස, හිටපු අගවිනිසුරු සරත් සිල්වා විසින්ම තමා කල අකටයුතුකම් ගැන ප්‍රසිද්ධ ප්‍රකාශ අපට සිහි වේ.

සෑමවිටම ඉතාම ඉතා වැදගත් දේ මේ සියලු උජාරු අධිකාරින් විසින් අමතක කරනු ලබනවා. ඒ තමයි පරමාධිපත්‍ය පවතින්නේ පුරවැසියා කෙරෙහි බව. මේ කවුරුත් බලාත්මක කරන්නේ එම පුරවැසියාට හිමි එම පරමාධිපත්‍යය බව අමතක නොකරනු. සාම්ප්‍රදායිකව කතා කරන විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන බල අධිකාරි ත්‍රිත්වය ජනතා පරමාධිපත්‍යය යන පදනම මත පිහිටුවා තිබෙන බල කනු වේ.

අප කවුරුත් විධායකය, ව්‍යවස්ථාදායකය හැම අයුරුන්ම විවේචනය කරතත්, අධිකරණයට එම විවේචනය වලංගු නොවිය යුත්තේ ඇයි? සාධනීය විවේචනය හා සංවාද විවාද උසස් මිනිස් සමාජයක අනිවාර්ය අංග විය යුතුය. 

අධිකරණයක සිටින එක් විනිසුරුවකු හෝ විනිසුරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු යම් නඩු තීන්දුවක් දිය හැකියි. එම විනිසුරුවන් සමන්ත භද්‍ර දෙවි වරුන් නොව; වැරදි සිදු විය හැකිය. එහෙත් සම්මත රාමුවක් තුල එම තීන්දුව අවශ්‍යයෙන්ම වලංගු වේ. එහි ගැටලුවක් නැත. 

එහෙත් නීතිය හා සාධාරණත්වය එම තීන්දුව සමග සමපාත නොවී තිබිය හැකි බව නීතියම පිලිගනී. එනිසයි නඩු තීන්දුවකට එරෙහිව ඇපීල් කිරීමට අවසර දී තිබෙන්නේ. එක සැරයක් නොව කිහිප සැරයක්ම ඇපීල් කිරීමට අවකාශය තිබේ.

ඇපීල් කරන විට, පෙර නඩු තීන්දුව දුන් නිසා, එම නඩුවේ දුන් තීන්දුවට එරෙහිව කරුනු ඉදිරිපත් නොකරන්නේද? එම තීන්දු අභියෝගයට ලක් නොකරන්නේද? එවිට කෙනෙකු පවසාවි, එය ඇපීල් ක්‍රියාදාමය තුල බලයලත් උසාවියක් (competent court) තුල සිදු කල යුතු බවත්, එය සමාජයේ අතන මෙතන කතා නොකල යුතු බවත්. ඒ කියන්නේ උසාවියක් තුල කරන සංවාද සමාජයේ වෙනත් තැන්වල කතා කිරීමට තරම් උසස් (parliamentary) නොවන බවද?

අධිකරණයක් යම් තීන්දුවක් දුන් විට, එම තීන්දුව පිලිගැනීමට එම අදාල චූදිත හා පැමිනිලිකාර පාර්ශව බැදී සිටිය යුතුය. ඊට විරුද්ධ නම්, ඇපීල් කර එම තීන්දු වෙනස් කර ගත යුතුය. එම තීන්දුවට හා ක්‍රියාවලියට අවනත නොවී කටයුතු කිරීම අධිකරණ අපහස නීතිය ලෙස සැලකිය යුතුය.

එහෙත් යම් තීන්දුවක් දුන් පසු, එම තීන්දුව ගැන කතා කිරීමට පුරවැසියාට අත්‍යවශ්‍යයෙන්ම හැකියාව තිබිය යුතුය. එය අධිකරණයට කරන බලපෑමක් නොවේ. 

උදාහරන ලෙස, කෙනෙකු ජීවිත තර්ජනයක් නිසා ඒ වෙනුවෙන් යමක් කල විට වුවද සලකා බලනවා එම ජීවිත තර්ජනය එම මොහොතේ ඇත්තටම තිබෙනවාද කියා. එහෙම නැතිව, මට අහවලා මරනවා කියලා හන්දියේදී තුවක්කුවක් පෙන්නලා තර්ජනය කලා, එනිසා එයා අපේ ගෙදරට ඇතුලුව වන විටම පොල්ලෙන් ගසා මරා දැමුවා කියා මට බේරීමට බැරිය. 

එබැවින් අප කිසිවෙකු නඩුකාරවයකුගේ දුරකතනයට කතා කර හෝ ඔහු සිටින තැනට ගොස් බල කිරීමක්, තර්ජනයක් කරන්නේ නැත. අමුතු බලපෑමක් කොහෙත්ම නැත. එම නිලධාරීන් තැන තැන කතා කරන දේවලට බය වන තරමේ තොත්ත බබ්බු නොවේ.

ඇත්තටම විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ විවිධ මත එම නිලධාරින්ද අසනවා නම්, මා සිතන්නේ ඔවුන්ට විවිධ පැතිකඩ තවත් පැහැදිලි වී තමන් ගන්නා ඉදිරි තීන්දු තව තවත් සාධාරන විය හැකි බවයි. විවිධ මත හැමවිටම අපට වඩා සාධාරණ හා සාධනීය තැනකට රැගෙන යනවා.

බාර් ඇසෝෂියේෂන් එක ගැනත් යමක් කිව යුතුය. තමන්ගේ සභාපතිව පත් කිරීමට කුලල් කා ගන්න හා මහත්මාගති නැති කර ගන්නා අය මුලු සමාජයටම යුක්තිය සාධාරනත්වය ගැන බන කීමත් ජීවිත කාලයක් ගනිකා වෘත්තියේ යෙදුනු කතක් මා තාමත් කන්‍යාවියක් යැයි පැවසීමත් අතර ලොකු වෙනසක් මට නොපෙනේ; වැද්දා බන කීම මීට වඩා හොද තත්වයකි.

බාර් එකේ සිටින රාලලා කරන්නේ ව්‍යාපාරයක් - මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක්. එහි පීසී හා ඉහල රාලලා කොතරම් ධන කුවේරයෝද කියා සොයා බලන්න. පවතින සිස්ටම් එක වඩා හොද වන විට, නඩු අඩු වන විට, අනවශ්‍ය නඩු කෘත්‍යයන් පැන නොනගින විට, පාඩුව කාටදැයි සිතා බලන්න. 

මට මතකයි දශකයකට පමන උඩදි ගාල්ලේ හෝ මාතර උසාවියක් තුල එක් නීතිඥයකුගේ දුරකතනය නාද වීම නිසා, එම නීතිඥවරයාව නඩුකාරවරයා විසින් රිමාන්ඩ් කෙරෙව්වා. එවිට, මුලු බාර් එකම ඩොගා නටා එම පුද්ගලයාව බේරා ගත්තා. (අද එම නීතිඥයා ජනාධිපති නීතිඥයකු වන අතර, වත්මන් ජනපතිගේ යටතේ පත්වීමක් ලැබ තිබෙනවා.) එයත් අධිකරණ අපහසය නඩු නිමිත්තක්. බාර් එකේ හැසිරීම කොහොමද? එහෙත් සාමාන්‍ය ජනයාට කියන බන කොහොමද? අසරන මිනිසුන්ට එවැනි දඩුවම් දුන් විට, බාර් එක කල බම්බුවක් නැත (සමහරවිට තවත් රුපියල් 500ක බිස්නස් එකක් බවට එය පත් වේ අර මනුස්සයට ඇප දෙන්න ගිහින්). කාක්කා කියන්නේ බැසිල්ට පමනක් නොවන බව සිහි වේ.

බාර් එක පැහැදිලිවම දේශපාලනික ව්‍යුහයක් වෘත්තිය ව්‍යුහයක් සේම. නඩුකාරවරුන් පත් වන්නේද එම ව්‍යුහය තුලින් බව අමතක නොකරමු. ඉන් මා කියන්න උත්සහ කරන්නේ නැහැ නඩුකාරවරුන්ද දේශපාලනිකයි කියා. එය මාගේ හෘද සාක්ෂියෙන් විමසා පමනක් නොලියා සිටිමි.

අවසාන කොටසේදි රනිල්ගේ අත්අඩංගුවට ගැනීම ගැනත් අදහසක් ලියන්නට සිතුනා. එය ඉතාම දුර්වල චෝදනාවක් බව සුපැහැදිලියි. 

ජනපතිවරයකු තම ධුරයෙහි සිටින කාලය තුල (පිට තැනක) කක්කුසිසියකට ගියත් ආරක්ෂයන් පිටුපසින් සිටියි. සැහැල්ලුවෙන් අධෝවාතයක්වත් යැවීමට බැරි තරමේ කරුමයකයි ජනපතිවරයකු සිටිනු ඇත්තේ කියා මට සිතේ. ඉතිං ජනපති යන ස්ථානය නිල වුවත් පෞද්ගලික වුනත් ජනපති ආරක්ෂාවට යන අයට වියදම රජයෙන් දැරිය යුතුය. දැන් අනුර අම්මාව හෝ පුංචම්මාව බලන්න යන විට, ආරක්ෂයෝ ගෙදර තියලද යන්නේ? එහෙම නැතිනම් එවැනි ගමන්වලට යන විට එම අයගේ දවසේ වියදම් පැලවත්ත කාර්යාලයෙන් කෙස් කලු රැවුල කලු ටිල්වින් මුත්තාගෙන් අරංද ගෙවන්නේ? මේ මොන විහිලු කතාද...

මෙම අත්අඩංගුවට ගැනීමේ කතාව තවත් රසවත් පැත්තක් තිබේ. රනිල්ට විරුද්ධව එම පැමිනිල්ල කර තිබෙන්නේ ජනපති ලේකම්ය. දැන් මුලු ලෝකයම දන්නවා ජනපති ලේකම් මහජන දේපලක් වන නිල රථයෙන් ඔහුගේ "පෞද්ගලික බිරිද" ෂොපිං යවා තිබෙන බව. එය හෙලි දරව් වූනේ එම රථය අනතුරකට පත් වීම නිසාය. නැතිනම්, අදටත් පෞද්ගලික බිරිද රජයේ දේපල අපහරනය කරනවා. එහෙත් ඒ ගැන පොදු දේපල පනත යටතේ පැමිනිලි නැත. සමහර විට එම කාන්තාව "කාගේත් (පොදු) බිරිද" විය හැකිය. පැරනි ඉන්දියාවේ එවැනි පොදු කාන්තාවන් සිට ඇත.

එවිතරක්ද නොවේ. ජනපති පිටරට (ජර්මනි?) ගිය විටකදී, ජනපති ආරක්ෂක නිලධාරින්ද කැටුව ඔහුගේ පාක්ෂිකයන් හමු වීමට ගොස් ඇත. එවිට, එයත් පොදු දේපල අවභාවිතා තත්වයකි. ජනපති නිකමට හෝ පොදු කක්කුස්සියකට ගියොත්, ආරක්ෂක නිලදාරින් පසුපස ගියොත් එයත් පොදු දේපල අවභාවිතාවකි.

රජය අද කරවන්නේ අන්දරේලාය. ඒ අන්දරේලා සමගම රජයෙන් පඩි ගන්නා අන්දරේ කක්ක කරන විට චූ ටික පොල්කට්ටට එකතු කර ගන්නා අතිරේක සිටර්ලාද සිටී (ඒ අන්දරේගෙ කතාවත් අසා දැනගන්න; රසවත්). රාජ්‍ය නායකයකු පිටරටකට ගියොත් ඉන් ලංකාවට යම් වාසියක් අත් වීම නිර්නායක ලෙස ඉදිරිපත් කරයි. අද සීඅයිඩී එකේ සිටින්නේ දේශපාලන පක්ෂයක මාධ්‍ය සාකච්චාවල පෙනී සිටි දේශපාලනය කරපු අයෙක්. මොන විහිලුද...

මා දූෂනය හා අල්ලසට දැඩිව විරුද්ධ කෙනෙකි. එහෙත් මා විශ්වාස කරන දෙයක් නම්, තමන්ගේ කලත්‍රයා, මව්පියන්, දරුවන් යන අය වෙනුවෙන් සාධාරන ලෙස පොදු දේපල වුවද පරිහරනය කිරීමට රාජ්‍ය නිලධාරින්ට අවසර තිබිය යුතුයි. 

ඒ අනුව, පොලිස් නිලධාරියෙක් තම රාජකාරියට බාධා නොවන අයුරුන් තම දරුවෙකුව පාසලකට තම නිල මෝටර් සයිකලයෙන් ඇරලුවාට වරදක් නැත. උසස් රාජ්‍ය නිලධාරියෙක් තම රාජකාරී මෝටර් රථයෙන් තම බිරිද හෝ ළමයි සමග ගමනක් ගියාට වරදක් නැත. එවැනි වටපිටාවක් ඒ අයට නීතිය මගින්ම ලබා දී ඔවුන්ගේ ජීවිත තවත් තෘප්තිමත් කර, එමගින් හොද මානසිකත්වයකින් උසස් රාජ්‍ය සේවයක් ලබා ගත හැකියි.

ජනපති ඇතුලු සියලු මැති ඇමතිවරුන්ට ඉහල වැටුප් ලබා දිය යුතුය. ජනපති අගමැති වැනි අය විශ්‍රාම ගිය පසුත් එම වැටපු විශ්‍රාම වැටුප් ලෙස ලබා දිය යුතුයි මොකද රටක අභිමානය කෙබදු වේවිද ඇත්තටම ජනතා සේවය සලකා දුප්පතකු (අනුර වැනි) ජනපති අගමැති වී විශ්‍රාම ගියොත්? එවැනි කෙනෙකු පිටකොටුවේ සිගා කෑ යුතුද? 

කවුදෝ පඩත්තර මාධ්‍ය ප්‍රකාශක ඇමතියෙක් කියනු දැක්කා එවැනි මුදල් ප්‍රශ්න තිබේ නම් අනෙක් මිනිසුන් වගේම රජයෙන් ඉල්ලුම් කර හිගන මුදල ලබා ගන්න කියා. ඉරිසියාව, කුහකකම, මූසලකම ඉහවහ ගිය සෙට් එකක් රට කිරීමම රටට සාපයක්. එසේ කියන එවුන්ම අපි පඩි ගන්නේ නැහැ කියමින් සියලු පඩි රජයේ ඒකාබද්ධ අරමුදලින් අරගෙන තම පක්ෂයේ ගිනුමටද දමා ගනී.

උන්ගේ තින්කිං එකට අනුව, උන්ගේ සියලු ඒවා පොදුය. උන්ගේ පක්ෂයත් පොදුය. උනුත් පොදුය. උන්ගේ ඇබනියන්ද පොදු දැයි දන්නා කෙනෙකු මට පවසනවා නම් ලොකු උදව්වකි.

Comments

Popular posts from this blog

අව් කන්නාඩියක් (sunglass) තෝර ගන්නා හැටි

මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා. සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ. පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ. එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය).  ඉති...

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...