Skip to main content

සය පුද්ගල ඕමි කාඩ් සෙල්ලම (Six-Player Omi Card Game)

මල ගෙවල්වල රාත්‍රිය ගෙවා දමන්නට හා නෑදෑයන් එකතු වූ මොහොතක අප කවුරුත් සෙල්ලම් කරන්නට පුරුදුව සිටින ඉතා ලස්සන කාඩ් සෙල්ලමක් තමයි ඕමි කියන්නේ. එහෙත් එය එකවර පුද්ගලයන් සතර දෙනෙකුට පමනයි සෙල්ලම් කල හැක්කේ.

අද මට මිතුරියක් පැවසූ දෙයක් නිසා, මට සිතුනා එය සය දෙනෙකුට සෙල්ලම් කරන්න බැරිද කියා. ඒ අනුව සුලු වෙනස්කම් කිහිපයක් සිදු කළ විට, අපූරුවට සය දෙනෙකුට එය සෙල්ලම් කල හැකි බව පෙනුනා. ඒ ගැන පිටු තුනක කුඩා ටියුට් එකක්ද සාදා මා ඇයටත් අන් මිතුරන්ටත් බෙදා හැරියා. ඒ අතරේ සිතුනා බ්ලොග් එකෙත් දමන්නට. බලන්න ඔබත් මෙය සෙල්ලම් කර.


සාමාන්‍ය ඕමි සෙල්ලම කරන්නේ පුද්ගලයන් 4 දෙනෙකු කන්ඩායම් දෙකකට බෙදීය. එම සෙල්ලම පුද්ගලයන් 6 දෙනෙකු විසින් කන්ඩායම් 3කට බෙදී කල හැකි ලෙස සකස් කර ඇති අතර, එහිදී එම වෙනස්කම්වලට අදාලව සිදු කල සරල රීති සංශෝධන හා අලුත් රීති පහත විස්තර කෙරේ.

 

මේ සඳහා 52 ක කොල කුට්ටම හා ජෝකර් කාඩ් 2ද අත්‍යවශ්‍ය වේ.

 

එක කන්ඩායමකට පුද්ගලයන් දෙදෙනකු සිටින අතර, එවැනි කන්ඩායම් 3ක් සිටී. ඒ අනුව පුද්ගලයන් 6 දෙනෙකුට මෙම සෙල්ලම කල හැකිය.

 

6 ඉලක්කමේ සිට (6ද ඇතුලුව) ඉහලට ඇති කොල 36ක් සෙල්ලම් කිරීම (බෙදීම) සඳහා ගත යුතු අතර, ඉතිරි කොල 18 කැට කොල ලෙස ගත හැකියි (ජෝකර් කොල 2ද ඇතුලුව).

 

කැට කොල සාම්ප්‍රදායික ඕමි සෙල්ලමේදි මෙන් එක් කන්ඩායමක් රතු කැට, අනෙක් කන්ඩායම කලු කැට ලෙස මෙහිදී වෙන් කල නොහැකි නිසා, කැට කොල 18 එක කන්ඩායමකට කැට 6 බැගින් කොලයේ වර්නය හෝ ඉලක්කම ගැන නොසිතා බෙදා දිය යුතුය. 

 

එවිට, ලැබෙන කැට දෙන කැට ලෙස වර්ග දෙකක් නැති අතර, තමන් සතු කැට සියල්ල එක ගොඩක් සේ සලකා පැරදුනු විට ඉන් කැට දීමද, දින්න විට ඊට කැට එකතු වීමද සිදු වේ.

 

සාම්ප්‍රදායික ඕමි සෙල්ලමේදි මෙන්ම මෙහිදිත් පුද්ගලයන් 6 දෙනා තම කන්ඩායමේ දෙදෙනා එකිනෙකට මුහුන බලා සිටින ලෙස වටේට වාඩි විය යුතුය.

 

දැන්, එක පුද්ගලයකු කුට්ටම පරන පුරුදු විදියටම අනා, තමාට වම් අත පැත්තේ සිටින පුද්ගලයා ලවා අනපු කුට්ටම කපා, පරන පුරුදු විදියටම තමාගේ දකුනු අත පැත්තේ සිටින පුද්ගලයාට කොල 3ක් බෙදිය යුතුය. එම කොල 3 බලා, ඔහු තුරුම්පු කිව යුතුය. ඉන්පසු, පරන පුරුදු ලෙසම, පිලිවෙලින් සියලු දෙනාටම වරකට කොල 3 බැගින් කොල සියල්ල බෙදා දිය යුතුය. එක පුද්ගලයකුගේ කොල අතේ කොල 6ක් තිබේ.

 

සාම්ප්‍රදායික ඕමි සෙල්ලමේ ආකාරයටම කොල සෙල්ලම කල යුතුය.

 

එලෙස අතේ ඇති කොල සියල්ල ඉවර වන තුරු වට 6ක් යයි. එම වට 6දී වැඩිපුර කොල අතවල් ගත් කන්ඩායම එම අත දිනයි. එවිට, එම අතේ අඩුම කොල අතවල් ගනනක් ගත් කන්ඩායම දිනපු අයට කැටයක් දිය යුතුය. පැරදුනු කන්ඩායම් දෙකම සමානව පැරදි නම්, එවිට කන්ඩායම් දෙකම කැටය බැගින් දිනපු අයට දිය යුතුය. බැරි වෙලාවත්, දිනපු කන්ඩායම අතවල් 6ම තමන් සතු කර ගත්තේ නම්, පැරදුනු කන්ඩායම් දෙකම කැට එක බැගින් දිනපු අයට දිය යුතුය.

 

එහෙත් හැම කන්ඩායමම අතවල් 2 බැගින් අරන් තිබුනොත් එම අත සෙපෝරු වේ. සෙපෝරුව නොසලකා ​හැරිය යුතු අතර, වැඩිපුර කැට දීමට අ​ව​ශ්‍ය නැත ඊළග වටයේදී.

 

මෙලෙස සෙල්ලම් කර ගෙන යෑමේදී එකවර කන්ඩායම් දෙකම අනෙක් කන්ඩායමට පැරදුනි නම්, එම දිනපු කන්ඩායම සමස්ථ තරගයේම ජයග්‍රාහකයා වේ.

 

එ​හෙත් බොහෝ විට සිදු වනු ඇත්තේ, කන්ඩායම් 3න් එක කන්ඩායමක් මුලින් පැරදීමයි. එවිට, එම කන්ඩායම සෙල්ලමෙන් ඉවත් වේ. ඉතිරි කන්ඩායම් දෙක ඉදිරියට සෙල්ලම් කරගෙන යයි. මෙවිට කොල බෙදන විට, කොල සියල්ල සම සේ 4 දෙනා අතරේ බෙදිය යුතුය; එක් කෙනෙකුට කොල 9 බැගින් ලැබේ. කොල බෙදන විට, පලමු වටේදී කොල 5 බැගින්ද, දෙවැනි වටේදි කොල 4 බැගින්ද බෙදිය යුතුය.

 

කොල 9ක් (ඔත්තේ ගනනක්) තිබෙන බැවින් කන්ඩායම් දෙකෙන් එකක් අනිවාර්යෙන් දිනනු ඇත (සෙපෝරු නැත). මෙලෙස එම කන්ඩායම් දෙකෙන් එකක් අවසානයේ දිනනු ඇත. 

 

කන්ඩායම් දෙක පමනක් සෙල්ලම් කරන අවස්ථාවෙදිත්, එක කන්ඩායම් කොල අතවල් 9ම තමන් සතු කර ගත්තොත් කැට 2ක් අනෙකා විසින් ගෙවිය යුතුය.

 

කන්ඩායම් 3ම හෝ 2ක් සෙල්ලම් කරන අවස්ථා දෙ​කෙහිදිම, යම් ක්‍රිඩකයෙකුට තනිවම කොල සියල්ල ගත හැකි යැයි ප්‍රකශ කල හැකිය  (ඉල්ලලා තනියෙන් ගහනවා). එවිට, ඔහු තම සගයාගේ කොල අත වසා, තමා විසින් අලුත් තුරුම්පු කියා, තමා විසින් පලමු කොලය ඉදිරිපත් කර සෙල්ලම කර ගෙන යා යුතුය. එලෙස, කොල අත් 6ම (හෝ 9ම) තමන් සතු කර ගත් විට, පැරදුනු කන්ඩායම් විසින් කොල 2 බැගින් දිය යුතුය. එහෙත් තමන්ට කොල අත් 6ම (හෝ 9ම) ගත නොහැකි වූ විට, තම කන්ඩායම තරගෙන් ඉවත් වී, අනිත් කන්ඩායම් දෙකට තරගය ඉදිරියට සෙල්ලම් කර ගෙන යෑමට සැලැස්විය යුතුය. මෙලෙස තරගයෙන් ඉවත් වන විට, තමන් සතු කැට ටික තරගයෙන් ඉවත් වේ (අනෙක් කන්ඩායමට ගෙවන්නෙ නැත).

 

තරගයේ ඕනෑම අවස්ථාවදී, යම් පුද්ගලයකු කොල හංගන් සෙල්ලම් කලහොත්, එම කන්ඩායම තරගයෙන් ඉවත් කර, අනෙක් කන්ඩායම් දෙකට අලුතින් කොල බෙදා එතැන් සිට ඉතිරිය සෙල්ලම් කර ගෙන යෑමට ඉඩ සැලැස්විය යුතුය. ඉවත්වන කන්ඩායමේ කැටද ඉවත් කෙරේ.

 

කන්ඩායම් තුන කන්ඩායම් දෙකක් බවට පත් වූ පසු, කන්ඩායම් දෙක සතුවම වෙනම වෙනම කැට කොල 4 ට වඩා වැඩිපුර ඇති විටදී, එතැන් පටන් ඉදිරියට සෙල්ලම කර ගෙන යෑමේදී ලැබෙන කැට වෙනමත්, දෙන කැට වෙනමත් ලෙස සැලකිය යුතු අතර, යම් කන්ඩායමක දෙන කැට ඉවර වුනු විට, අනෙක් කන්ඩායම ජයග්‍රහනය කල යුතුය. මෙම රීතිය නැති විට අනවශ්‍ය ලෙස තරගය ඉතා දිගු කාලයක ඇදෙමින් සෙල්ලම එපා වනු ඇත.


Comments

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...