Skip to main content

Posts

Showing posts from 2016

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 23

FM Stereo එෆ්එම් ක්‍රමය ප්‍රචලිත වූයේ රේඩියෝ සේවාවන් ( චැනල් ) විසුරුවාලීමටය . පැරණි ඒඑම් ක්‍රමයට වඩා උසස් ගුණාත්මක හඬක් ඉන් ලබා ගත හැකියි ( හඬ සඳහා වැඩි සංඛ්‍යාත පරාසයක් වෙන් කෙරෙන බැවින් හා ඝෝෂාවට ඔරොත්තු දෙන බැවින් ). එමඟින් සංගීත වැඩසටහන් හොඳින් රස වින්දනය කිරීමට අවස්ථාව උදා විය . මෙලෙස හඬෙහි ගුණාත්මය තවත් වැඩි දියුණු කිරීමේ ක්‍රමයකි ස්ටීරියෝ එෆ් එම් කියන්නේ . මෙතෙක් ඉහත කතා කළේ එක් හඬක් පමණක් සම්ප්‍රේෂණය කිරීමකි . එනම් ( සාමාන්‍ය ) මයික් එකකින් ලබා ගත් “තනි” හඬයි එහිදී විසුරුවාලූයේ . එනිසා එම ක්‍රමය FM Mono ලෙස හැඳින්විය හැකියි . ස්ටීරියෝ ක්‍රමයේදී යමක් රෙකෝඩ් කරන්නේ මයික් දෙකකින්ය . හැමවිටම වාගේ මෙම මයික් දෙක ඔබට වෙන වෙනම දක්නට නොලැබේ . ඒ වෙනුවට මයික් දෙකම එකම housing/cover එකේ රඳවා ඇත . එවිට එය ස්ටීරියෝ මයික්‍රෆෝනයක් ලෙස හැඳින්වේ ( අග්‍ර 3 ක් එහි ඇත ). මෙම මයික් දෙක වෙන වෙනම ගලවා ගැනීමට බැරිය . තවද , වෙන වෙනම මොනෝ මයික් දෙකක් වුවද යොදා ගත හැකියි . ඉහත කුමන ක්‍රමයකින් හෝ ලැබෙන හඬ සංඥා චැනල් කියා හැඳින්වෙන අතර , ඒ අනුව ස්ටීරියෝ රෙකෝඩිං එකකදී චැනල් දෙකක් ( සාමාන්‍යයෙන් l

රටම හිටං තමයි...

තොවිලෙ නැටුවහම අප හිතුවේ දැන් යකා ගියා කියාය. එහෙත් බලන් ගියාම ලබ්බ ඇතුලෙ නටපු තොවිලෙ වගේ එලියේ එතරම් යහපත් වෙනසක් දක්නට නැත. දිනෙන් දින රට අරාජික වෙන බවක් පෙනේ. මහා විසකුරු සර්පයෙක් සේ වැඩෙමින් සිටි දුර්දාන්ත වනචර පාලකයා එලවා දැමුවේ විධායකයේ දොසක් නිසා නොව, විධායක බලතල අතිදුෂ්ට ලෙස හා අයුතු ලෙස භාවිතා කළ නිසාය. එහෙත් මයිල් ගහක් තරම්වත් පන නැති මෛයිත්‍රී පිනට ලැබුණු ජනපතිකම පිනෙක් සේම බුක්ති විදිමින් සිටිනු මිස රටේ යහපත වෙනුවෙන් තමන්ට නෛතිකව ලැබුණු විධායක බලතල හසුරුවන බවක් නොපෙනේ. රටකට විධානයක් අවශ්‍ය වේ. එය ක්‍රියාත්මක කෙරෙන්නේ විධායක ජනපති විසින්ද, විධායක අගමැති විසින්ද යන්න හා ඒ දෙක අතරින් වඩා යෝග්‍ය කුමන ක්‍රමයද යන්න ශාස්ත්‍රිය මෙන්ම දේශපාලන විද්‍යා තර්කයකි. කුමන ක්‍රමයකින් හෝ රටට සුදුසු විධායකයක් අවශ්‍ය වේ. අප කැමති වුවත් අකමැති වුවත්, තවමත් ලංකාවේ නෛතික විධායකය ජනපති ධුරයයි. එහෙත් අභාග්‍යයකට ජනපති පඹයෙක් සේ හිටං හිටං හිඳිනු මිස එම විධායක බලය රට නිසි ආකාරයෙන් ගෙන යන්නට මෙහෙයවන්නේ නැත. ජාත්‍යන්තරයේ හුරතලා බවට ඔහු පත්ව ඇත. කාගේත් බබා හුකුං බවට ඔහු පත් වීමට ඔහු ලොල්ය. රට කොට උඩය. ප

ලංකාවේ දේශපාළන පිම්පියෝ (political pimps)

ඊයෙ පෙරේදා ටීවී නිවුස්වල ගිය කතාවක් දැක හද කම්පා විය. ජීවිතය ගොඩ නඟා ගැනීමට දුප්පත්කමින් තරමක් හෝ මිදීමට මැදපෙරදිග රටවලට යන කාන්තාවන් එහිදී මුහුණ දෙන අතිශය දුක්බර අවස්ථාවන් ගැන කතා දැන් දිනපතා වාගේම අසන්නට ලැබේ. එක් අතකින් යම් වැරැද්දක් කාන්තාවන් කෙරෙහිද ආරෝපණය කළ හැකිය. පවුලේ බැඳීම් හුය ලෙස සිටිය යුතු ඇය තම කිරිකැටියන් දමා පිටරට යෑමට සිතීමම වැරැද්දේ ආරම්භයයි. ඒ හැරත්, තම පතිනියන් පිටරට යවන පිම්පි ස්වාමිවරුන්ද සිටීම මහත් ඛේදවාචකයකි. මේ සියල්ලටම වඩා රාජ්‍යයට අත්‍යන්ත වගකීමක් තිබෙනවා මෙම පවතින වටපිටාව වඩා යහපත් අයුරුන් පවත්වාගැනීමට. අපේ ජීවිත කාලය තුල අප දුටුවේ නිරන්තර මෙම ප්‍රශ්නය උග්‍රවීමක් මිස සමනය වීමක් නොවේ. බුරුතු පිටින් අපේ කාන්තාවන් පිටරට යැවීමට සියලු පරිසරය සැදුවේ අපේ දේශපාලුවන්මය. එම දේශපාලුවන් හා කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන අධම පිරිමින් (පිම්පි යනුවෙන් හඳුන්වන්නේ එවුන්ය) අතර කිසිදු වෙනසක් නැත. ඇත්තටම වෙනසක් නැතිවාද නොවේ. මෙම දේශපාලු පිම්පින් සමාජයේ ප්‍රභූන් ලෙස උජාරුවට වැජඹේ. උන්ට එය කිරීමට නීතිමය බාධාද නැත. ඒ හැරෙන්නට නීතිඥයන්, දත් දොස්තරයන්, දොස්තරයන්, ඉංජිනේරුවන්, වරලත

විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වී මා මගේම වී ඔබ...

අද මා බසයේ යද්දී බොහෝ කාලයකට පසු ඇසුනු ඉතා රසවත් ගීතයකින් හද කුල්මත් වූයේද වල්මත් වූයේද හරිහැටි වටහගැනීමට නොහැකි තරමට සිත වෛකල්‍ය විය. එක් අතකින් එහි ගේයපදවල තිබූ අපූර්වත්වයත්, තවත් පසෙකින් එහි කියවෙන කතාව පෞද්ගලිකව අත් විඳ තිබීම ඊට හේතුව විය හැකියි. වරක් නොව දෙතුන් වරක්ම (තව ඉදිරියටත් සමහරවිට) එම එකම අත්දැකීම ලබා ඇත්තෙමි. " අසුරු සැනින් එක මොහොතක දී කාලය නැවතී යලි ඇරඹී විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල ගෙයි පතිනිය වන්නට මතු යම් දවසක හැකි වේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා සෙනෙහෙ විමානේ කිරුල දරන දා සිඟිති තොලට කිරි හිනා දකින්නට එක සෙවනක දී හමුවේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා " https://www.youtube.com/watch?v=uTZvsXE7jXQ පසුව එම ගීතයේ අක්මුල් සොයා යන විට අන්තර්ජාලයේ ඒ ගැන තිබූ විස්තරයක් සොයා ගත හැකි විය. ඉන් කොටසක් උපුටා දැක්වීමටද සිත් වේ. " ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ල

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි සේවය (Amateur radio) 22

Angle Modulation කෝණ මූර්ජනය යනු සංඛ්‍යාත මූර්ජනය හා කලා මූර්ජනය යන දෙකටම කියන පොදු නමයි . ඇත්තටම මෙම මූර්ජන ක්‍රම දෙකම ඉතා සමානය ( ඉතා සමාන මිස සර්වසම නොවේ ). තරංගයක් ( රේඩියෝ හෝ වෙනත් ) Asin( θ ) යන සරල සූත්‍රයෙන් ( හෝ ඉන් ව්‍යුත්පන්න කළ Asin( ω t) හෝ Asin(2 π ft) යන සූත්‍රයකින් ) නිරූපණය කළ හැකි බව ඉගෙන ගත්තනෙ . එහි A යනු උපරිම විස්තාර අගය වන අතර කෝණ මූර්ජනයේදී ( එනම් , සංඛ්‍යාත මූර්ජනයේදී හෝ කලා මූර්ජනයේදී ) එය නියතව පවතින අතර , සයින් ශ්‍රිතය තුල පවතින කෝණය ( θ ) බුද්ධි සංඥාවට අනුරූපව විචලනය කෙරේ . කෝණ අගයම ( θ ) සංඛ්‍යාතය සහිත ප්‍රකාශයක් බවට පත් කළ හැකියි θ = 2 π ft ලෙස . එවිට කෝණය වෙනස් වෙනවා යනු සංඛ්‍යාතය (f) වෙනස්වීමක් ලෙස දැක්විය හැකියිනෙ . මෙන්න මෙම අවස්ථාව තමයි සංඛ්‍යාත මූර්ජනය ලෙස හැඳින්වෙන්නේ . තවද , කෝණ අගයම θ = 2 π ft + ϕ ලෙස අමතරව කලාව හඟවන පදයක් ( ϕ) සහිතවත් ලිවිය හැකියි . එවිට , කෝණය වෙනස් වෙනවා යනු කලාව (ϕ) වෙනස්වීමක් ලෙස දැක්විය හැකියිනෙ . එය තමයි කලා මූර්ජනය ලෙස හැඳින්වෙන්නේ . ඉදිරියේදී සංඛ්‍යාත හා කලා මූර්ජන දෙක ගැන වෙන වෙනම සලකා බලන විට තවදුරටත් එය පැහැදි