Skip to main content

ලංකාවේ දේශපාළන පිම්පියෝ (political pimps)

ඊයෙ පෙරේදා ටීවී නිවුස්වල ගිය කතාවක් දැක හද කම්පා විය. ජීවිතය ගොඩ නඟා ගැනීමට දුප්පත්කමින් තරමක් හෝ මිදීමට මැදපෙරදිග රටවලට යන කාන්තාවන් එහිදී මුහුණ දෙන අතිශය දුක්බර අවස්ථාවන් ගැන කතා දැන් දිනපතා වාගේම අසන්නට ලැබේ. එක් අතකින් යම් වැරැද්දක් කාන්තාවන් කෙරෙහිද ආරෝපණය කළ හැකිය. පවුලේ බැඳීම් හුය ලෙස සිටිය යුතු ඇය තම කිරිකැටියන් දමා පිටරට යෑමට සිතීමම වැරැද්දේ ආරම්භයයි. ඒ හැරත්, තම පතිනියන් පිටරට යවන පිම්පි ස්වාමිවරුන්ද සිටීම මහත් ඛේදවාචකයකි.

මේ සියල්ලටම වඩා රාජ්‍යයට අත්‍යන්ත වගකීමක් තිබෙනවා මෙම පවතින වටපිටාව වඩා යහපත් අයුරුන් පවත්වාගැනීමට. අපේ ජීවිත කාලය තුල අප දුටුවේ නිරන්තර මෙම ප්‍රශ්නය උග්‍රවීමක් මිස සමනය වීමක් නොවේ. බුරුතු පිටින් අපේ කාන්තාවන් පිටරට යැවීමට සියලු පරිසරය සැදුවේ අපේ දේශපාලුවන්මය. එම දේශපාලුවන් හා කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන අධම පිරිමින් (පිම්පි යනුවෙන් හඳුන්වන්නේ එවුන්ය) අතර කිසිදු වෙනසක් නැත. ඇත්තටම වෙනසක් නැතිවාද නොවේ. මෙම දේශපාලු පිම්පින් සමාජයේ ප්‍රභූන් ලෙස උජාරුවට වැජඹේ. උන්ට එය කිරීමට නීතිමය බාධාද නැත. ඒ හැරෙන්නට නීතිඥයන්, දත් දොස්තරයන්, දොස්තරයන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරිවරුන් ආදී ලෙස විවිධ වෘත්තික සුදුසුකම් ලබාගෙනයි මුං එම පිම්පි රැකියාවේ නිරත වන්නේත්.

ඊටත් වඩා මෙම දේශපාලුවන් තමන් අවජාතකයන් යැයි ලොවටම ඔප්පු කරන අවස්ථා එමට දක්නට ලැබේ. ඉතා දුක්ඛිත ජීවිත ගත කරමින් විදේශ ශ්‍රමික කාන්තාවන් එවන ඩොලර් තුට්ටු දෙක මෙවුන් විනාශ කර දමන්නේ හරියට උන් හම්බු කරපු සල්ලි මෙන්ය. මුන් පවුල් පිටින් රට සවාරි යන්නේ එම විදෙස් මුදල් උජාරුවට වියදම් කරමින්ය. වරක් රාජපක්කයාගේ ඇබෙනිය (ආර්යාව) ප්‍රංශ සවාරි ගොස් කරපු වියදම් ගැන මාධ්‍ය වාර්තා පළ විය. එම මුදලින් හෙම්බිරිසාවටත් පිටරටට ගොස් (අපේ සල්ලිවලින්) බෙහෙත් කරගත් අධම දේශපාලුවන් අපේ රටේ සිටී. නයිට් රේස්වලට රජ පුතුන් රුසියන් ගනිකාවන් ඉම්පෝට් කළේද එම මුදලින්මය.

දැන් මෑතක සිට කතා වෙන මන්ත්‍රී ඇමති වාහන ගැන තත්වයද එසේමය. මුංට අඩුම ගානේ ලක්ෂ 300කවත් වාහනයක් නැතිව ගමන් කළ නොහැකිය. ලක්ෂ 300 බැරිනම් කෝටි 300ක් වියදම් කරගත්තත් අපට කමක් නැත, ඒ උන්ගේ පෞද්ගලික මුදලින් මිලදී ගන්නවා නම්. ජනතාවගේ වීරයා ලෙස කලක් චරිතය රඟපෑ "වෙලේ විඳානෙ" (ෆිල්ඩ් මාර්ෂල්) පවා ඌට තඩි ගණන් වාහනයක් ඉල්ලා විලාප දෙනු මාධ්‍යයේ දක්නට ලැබීමෙන් තමන්ටද දැන් විලි ලැජ්ජා නැති බව පෙන්වා දුනි.

දත් දොස්තර පරාජිතද තවත් දේශපාලුවෙකි. තමන් විසින්ම කයිවාරුවෙන් තමන්ව වීරයෙක් කරන්නට පොරකන ඒකා රජුන්ගේ ජංගි හෝඳන්නට නම් දක්ෂය. මන්ත්‍රීන්ට ලැබෙන වරප්‍රසාද තව වැඩි කළ යුතු යැයි පවසන ලැජ්ජාව කියන වචනයවත් දන්නේ නැති එකෙකි. ඉංදියාවේ මන්ත්‍රින්ට ප්ලේන් (පර්සන්ල් ජෙට්) පර්මිට් ලැබෙන බවත් ලංකාවේ දේශපාලුවන්ට තවත් දිය යුතු බව පවසන්නේ එනිසාය.

මොනරාගල පැත්තේ සොයිසාගේ ඇටේ අවුල් වුණාම උගේ ඇටේ සුව වෙන්න ලොකු සුඛෝපභෝගි වාහනයක් අරන් දිය යුත්තේද අපේ මුදලින්ය. උගේ ඇටේ අමාරුවට තමන්ගේ ගැහැනිට කියා තෙලා ගා අතගා ගන්න යැයි කියන්නට කෙනෙක් රටේ නැත.

මන්ත්‍රින්ට අපේ මුදලින් විශාල ඩියුටි ෆ්‍රී එලවන්ස් එකක් ලබා දේ (සෑම වසර 5කට සැරයක්ම). එසේ තිබියදීම මුංට යම් වගකීමක් පවරන විට, තවත් වාහනයක් රජයෙන් ලබා දෙන්නට සැරසෙන්නේ හරියට උගේ කඳ එක වාහනයකත් හිස තවත් වාහනයකත් යවන නිසාද? මේවායේ කිසි ලොජික් එකක් නැත.

මේ ආදී ලෙස "හිටං හිටං ඉන්න" ජනපති පඹයාගේ සිට අගමැති නරියාගේ සිට ඇමති මන්ත්‍රි සත්තම්රාළලා (ලොක්කන්ගේ පස්ස හෝදන එවුන්) දක්වා සිටින්නේ රටට හිතැති දේශපාලකයන් නොවේ. මුංට විලි සංගයක් නැත. සමහරවිට අවජාතකයන්ද විය හැකියි. එනිසා මුංට බැන හඬගා වැඩක්ද නැත. රටේ ජනතාවගේ විවේචන ඇසීම මුංට දැන් වදයකි. එනිසා තමන් දැන් අන්තර්ජාලයේ යන දේවල් බලන්නේ නැති බව රටේ මහා එකා ප්‍රසිද්ධියේ කියයි. එය හරියට වාහනයක යම් දෝෂයක් පෙන්වන රතුපාට ඉන්ඩිකේටර් බල්බ් එක කඩා ඉවත් කරනවා බදුය (වරද එලෙසමය). නූගතුන් රජ කරන විට මෙවැනි දේවල් අසන්නට ලැබීම ස්වාභාවික බව සිතට ගත යුතුය. කතිර වරණයකදී මෙවැනි සක්කිලින්ව ගෙදර යැවිය යුතුය. එහෙත් එයද කරන්නට බැරි තණකොල කන ගොන් තඩි ඡන්දදායකයන් රොත්තක් සිටින නිසාය.

කප්පරයකට කියන්නට ලියන්නට හිතුනත්, මුං ගැන කතා කරන එකම වැඩක් නැති වැඩකි (එහෙත් රට ගැන ඇති කැක්කුම නිසා මේ තරම්වත් ලියා දමන්නට සිතුණි). අහිංසක කාන්තාවන් හම්බ කරල එවන විදේශ විනිමය සල්ලාලයන් සේ තමන්ගේ ඕනෑ එපාකම්වලට කාබාසිනියා කරනවාට වඩා තමන්ගේ අම්මාව විකුණගෙන කාපල්ලා කියා මා යෝජනා කරමි.

Comments

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...