Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

රටම හිටං තමයි...

තොවිලෙ නැටුවහම අප හිතුවේ දැන් යකා ගියා කියාය. එහෙත් බලන් ගියාම ලබ්බ ඇතුලෙ නටපු තොවිලෙ වගේ එලියේ එතරම් යහපත් වෙනසක් දක්නට නැත. දිනෙන් දින රට අරාජික වෙන බවක් පෙනේ. මහා විසකුරු සර්පයෙක් සේ වැඩෙමින් සිටි දුර්දාන්ත වනචර පාලකයා එලවා දැමුවේ විධායකයේ දොසක් නිසා නොව, විධායක බලතල අතිදුෂ්ට ලෙස හා අයුතු ලෙස භාවිතා කළ නිසාය. එහෙත් මයිල් ගහක් තරම්වත් පන නැති මෛයිත්‍රී පිනට ලැබුණු ජනපතිකම පිනෙක් සේම බුක්ති විදිමින් සිටිනු මිස රටේ යහපත වෙනුවෙන් තමන්ට නෛතිකව ලැබුණු විධායක බලතල හසුරුවන බවක් නොපෙනේ.

රටකට විධානයක් අවශ්‍ය වේ. එය ක්‍රියාත්මක කෙරෙන්නේ විධායක ජනපති විසින්ද, විධායක අගමැති විසින්ද යන්න හා ඒ දෙක අතරින් වඩා යෝග්‍ය කුමන ක්‍රමයද යන්න ශාස්ත්‍රිය මෙන්ම දේශපාලන විද්‍යා තර්කයකි. කුමන ක්‍රමයකින් හෝ රටට සුදුසු විධායකයක් අවශ්‍ය වේ. අප කැමති වුවත් අකමැති වුවත්, තවමත් ලංකාවේ නෛතික විධායකය ජනපති ධුරයයි. එහෙත් අභාග්‍යයකට ජනපති පඹයෙක් සේ හිටං හිටං හිඳිනු මිස එම විධායක බලය රට නිසි ආකාරයෙන් ගෙන යන්නට මෙහෙයවන්නේ නැත. ජාත්‍යන්තරයේ හුරතලා බවට ඔහු පත්ව ඇත. කාගේත් බබා හුකුං බවට ඔහු පත් වීමට ඔහු ලොල්ය. රට කොට උඩය. ප්‍රමුඛතම ඡන්ද පොරොන්දු ඉටු වී නැත. බැඳුම්කර මහා වංචාව ගැන වචනයක් කීමට ඌට කොන්දක් නැත. තවමත් විගණන පනත ගෙනාවේ නැත. පසුගිය කාලයේ සිදු වූ එකදු හොරමැරකමකට දඬුවම් දීමට බැරි විය. ඒ වෙනුවට දැන් සිදු වන්නේ ඒවා කරපු එවුන් නිදොස් කොට නිදහස් කිරීමයි. එහෙත් තවමත් උගේ කතාව නම් දෝලාවෙන්ය. කට තරමින් සියයට එකක්වත් වැඩත් තිබුණා නම් කොතරම් කළ හැකිව තිබුණාදැයි සිතේ.

සමහරවිට මෙම තත්වයට අප සැවොමත් වගකිව යුතුය. රාජපක්ෂ එලවා දැමීමට පඹයෙකුට වුවත් ඡන්දය දීමටයි අප (පෞද්ගලිකව මාත්) සැදී පැහැදී සිටියේ. මෛත්‍රී යන නම රටේ නායකයා වීමේ සමීකරණයේ කොතනවත් තිබුණේ නැත. තනිකරම එය ඔහුට පිනට ලැබුණු පදවියකි. රටක් කරගෙන යෑමට තරම් පෞරෂයක් නැති බව දැන් දැන් පැහැදිලිවම පෙනේ.

නැවත රටේ වනාන්තර දේශපාලුවන් විසින් කපා දමනු සාක්ෂි සහිතව (වීඩියෝ දර්ශනද සහිතව) ඇත. පරිසර ඇමතිකම දරන ජනපති නපුංසක ලීලාවෙන් තවමත් බලා සිටී. මීට පෙරත් ඔහු විසින් වනාන්තර වැනසීම නතර කිරීමට නියෝග දී තිබියදී නැවත නැවත එම දේ සිදු වන්නේ ජනපති පඹයා විසින් එය නැවැත්වීමට අල්පෙනෙති තුඩුක තරම්වත් බලයක් ක්‍රියාත්මක කරවීමේ හැකියාව නැති බව වංචනිකයන් දන්නා නිසාය. දැන් දැන් සිතෙන්නේ මේ රටට සන්නද්ධ විප්ලවයක අවශ්‍යතාව තිබෙන බවයි. අවසානයේ ඉඟුරු දී මිරිස් නොව, ඉඟුරු දී මුකුත්ම නොලැබුණු තත්වයකුයි රටට උදා වී තිබෙන්නේ. ජනපතිට පුරුෂ ශක්තිය ලැබේවා යැයි කොහේ හරි වැව් ඉස්මත්තක අපිටත් පිරිත් කියන්නට සිදුව ඇත.